බීජ අවධිය (Ovum Stage)

by - June 09, 2016



ඉතින් කොහොමද යාලුවනේ, දැන් පුස්තකාලය වලට යන පිරිස අඩු වෙලා බහුතරයක් අන්තර්ජාලය හරහා තමයි දැනුම ලබා ගන්නේ.. ඒ වගේම තව කොටසක් අන්තර්ජාලය අනිසි විදිහට භාවිතා කරමින් තම කාලය නාස්ති කරගෙන ජීවිතය අසාර්ථක කරගන්නව.. අන්තර්ජාලය නිවැරදිව භාවිතා කරන්න, එයින් උපරිම ප්‍රයෝජන ගන්න. මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු සියලු දෙනාටම බොහෝම ස්තුතිවන්ත වෙනවා.. ඔබලාගේ සහය මට ගොඩාක් වැදගත්, නැවතත් බොහෝම ස්තූතියි සියල්ලන්ටම. හරි එහෙන්ම් අපි අද මාතෘකාව මොනවද තියෙන්නෙ කියල බලමු, පහලට කියවගෙන යන්නකෝ එහෙනම්.......................................


බීජ අවධිය

බීජ අවධිය කියල හදුන්වන්නේ දරුවෙකු පිලිසිඳ ගැනීමේ සිට මුල් දින 10 - 24 කාලයයි.. ඩිම්බය සංසේචනය වී මුල් පැය 24- 36 අතර යුක්තාණුව ද්විත්ව වී වේගයෙන් සෛල බෙදීමකට ලක් වේ. යුක්තානුව සෑදී දින 3ක් පමන වන විට සෛල 32ක් නිපද වේ. මේ ආකාරයට යුක්තාණුව සෛල වලට බෙදෙමින් පැලෝපීය නාලය දිගේ ගර්භාෂය කරා දින 4ක කාලයක් තිස්සේ ගමන් කරයි. ගර්භාශයට ළඟා වන මෙම යුක්තාණුව බ්ලාස්ටියුල අවස්ථාවේ පවතී.


මෙය ගර්භාෂය තුල දින තුනක් පමණ පාවෙමින් පවතින අතර බ්ලස්ටුලාවේ ඇති සෛල බෙදීම ආරම්භ කරයි.එම සෑදෙන සෛල වෙන වෙනම කන්ඩායම් ලෙස වෙන් වී එක් එක් කන්ඩායම ශරීරයේ එක් එක් කොටස් නිර්මාණය කරයි එක් සෛල කන්ඩායමක් ස්වසන පද්ධතිය ද, තවත් කන්ඩායමක් ආහාර ජීරණ පද්ධතිය ද ලෙස අනෙකුත් ඉන්ද්‍රියයන් නිර්මාණය කරයි. සෛල 150ක් පමණ වර්ධනය වූ විට එය ගර්භාෂයේ බිත්තියේ ඇලෙයි.. මෙම කලල මෝරුලව ලෙස හැදින් වේ. මේ ආකාරයට බ්ලස්ටියුලාවේ ඇති සෛල භාහිර හා අභ්‍යන්තර පටක වර්ධනය කරන අතර අභ්‍යන්තර සෛල, පටක එක් වී කලල බීජය වර්ධනය කරයි. බාහිර පටකය එම ජීව කලලය ගර්භාෂය තුළ දී ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට උපකාර වන වැදෑමහ, පෙකන්ණිවැල සහ සුරක්ෂිත කෝෂය නිර්මාණය කරයි.
සංසේචනය වූ ඩිම්බය වර්ධනයට අවශ්‍ය පරිදි හෝමෝන අඩුවීම හේතුවෙන් හෝ ගර්භාෂය නිසි පරිදි තවම යුක්තාණුව පිළිගැනීමට සූදානම් නොමැති වූ විට යුක්තානුව මිය යාමට ඉඩ ඇත එවැනි අවස්තාවක එම මිය ගිය යුක්තානුව පැලෝපීය නාලයේ ඇලුනහොත් කුඩා සැත්කමකින් එය ඉවත් කල යුතු වේ. මේ ආකාරයට සංසේචනය වූ බීජය තුල සෛල බෙදී ශරීරාංග නිර්මාණය වී ගර්භාෂය තුලදී කලලයක් බවට පත් වේ.. කලල අවධියේ වර්ධනය වන ආකාරය අපි ඊලග ලිපියෙන් කතා කරමු..


ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝



You May Also Like

2 comments

The Life (PSYCHOLOGY UNIVERSE)