Functionalism (කාර්යයබද්ධවාදය)

by - June 20, 2016


ඔන්න යාලුවනේ අපේ සාමාන්‍ය මනෝවිද්‍යාව ලිපි පෙලේ තවත් ලිපියක් තමා මේ.. අපි කලින් ලිපියෙන් ව්යුහවාදය ගැන කතා කලා මේ ලිපියෙන් අපි කාර්යයබද්ධ වාදය ගැන කතා කරන්න යන්නේ. හරි එහෙන්ම් කියවගෙන එන්නකෝ ...

කාර්යයබද්ධ වාදය

      විලියම් ජෙම්ස් සහ ජෝන් ඩුවී නම් ඇමරිකානු ජාතිකයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් ව්යුහවාදයේ පැවති දුර්වලතා මගහරවාලමින් කාර්යය බද්ද වාදය නැමැති ගුරුකුලය මනෝවිද්‍යා ලෝකයට ගෙන එන ලදී. මොවුන් ව්යුහවාදීන්ගේ මතයන්ට විරුද්ධව තම මතයන් ඉදිරිමත් කල ද ව්යුහවාදීන්ගේ අන්තරාවලෝකන ක්‍රමය මොවුන් ද භාවිතා කලහ. ව්යුහවාදීන්ගේ මනසේ ව්යුහය විශ්ලේෂණය කිරීමේ ක්‍රමය  ප්‍රතිකේෂ්ප කරමින් කාර්යයබද්ධවාදීන් මිනිසා තම අවට පරිසරය සමඟ ගැටෙන විට ඔවුන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කළ යුතු බවට ව්යුහවාදීන් පෙන්වදුන්හ. ඒ ආකාරයට මිනි මනසේ ස්වාභාවය අධ්‍යයනය කරන විට මිනිස් චර්යාව වැදගත් වන බව ද ඔවුන් පෙන්වා දුන්හ.

විලියම් ජෙම්ස් ව්යුහවාදීන් භාවිතා කල අන්තරාවලෝකන ක්‍රමයට සම්පූර්ණයෙන් විරුද්ධ වුව ද ව්යුහවාදීන් යොදා ගත් ආකාරයට වෙනස් ව මිනිස් මනසේ එක මොහොතක ස්වාභාවය පිලිබදව අධ්‍යයනය කිරීම සඳහා ජෙම්ස් මේ ක්‍රමය යොදාගත් හ. මිනිස් මනස පරිසරය අනුව වෙනස් වන ස්තථික ප්‍රපංචයක් නොවන හේතුවෙන් ජෙම්ස් ව්යුහවාදීන් අන්තරාවලෝකන ක්‍රමයබ් ආවිතා කළ අකාරයට විරුද්ධ විය. ඒ වගේම මුලින් චිත්තවේග ඇති වී පසුව ශරීරය එයට අනුව ප්‍රතිචාර දක්වනවා ය යන ව්යුහවාදීන් ගේ මතය  සම්පූර්ණයෙන් කණපිට හරවමින් මුලින් ඇති වන්නේ ශාරීරික චර්යාවන් බවත් එයන් පසුව චිත්තවේග ප්‍රතිචාර දක්වන බව පෙන්වා දී ඇත. (අනේ මන්දා..)

විලියම් ජෙම්ස් සහ ජෝන් ඩුවීට අමතරව ව්යුහවාදය ස්ටැන්ලි හෝල් නැමැති මනෝවිද්‍යාඥයා ද මෙම ගුරුකුලයේ වර්ධනයටත් ඇමරිකාව පුරා ප්‍රචාරය කිරීමටත් ලොකු කාර්යයබාරයක් ඉටු කලහ. කාර්යයබද්ධවාදයේ ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ ව්යූහවාදයේ පැවති දුර්වලතාවයමයි. (අන්තරාවලෝකන ක්‍රමයේ විද්‍යාත්මක නොවන ස්වරූපය සහ ආත්මීය දෝෂය අන්තර්ගත වීම හේතුවෙන් අන්තරාවලෝකන ක්‍රමයේ ඇති දුර්වලතාවය වේ) . ඒ වගේම ව්යූහවාදයේ පැවති බොහෝමයක් දුර්වලතා කාර්යයබද්ධවාදයේ ද දැකිය හැකිය.

Stanley Hall

William James

John Dewey 



























මේ ලිපිය පොඩි කොටසක් වුනත් ලිපි පෙලේ තිබිය යුතු ක්‍රමවත් බාවය සඳහා එක ලිපියකට එක් මාතෘකාවක් යෙදීමට සිදු වේ.. එත් කොහොම හරි අනිත් මාතෘකාත් ඉක්මනින්ම ඔයාලට ලැබෙන්න සලස්වන්නම්.. ඊලගට අපේ මාතෘකාව වෙන්නේ "මනෝවිශ්ලේෂණ වාදයයි". ලොකු මාතෘකාවක් අපි ටිකෙන් ටික හෙමීට කතාකරගෙන යමු හැමෝටම පැහැදිලිව තේරුම් කර ගත හැකි ආකාරයට. එහෙනම් එතෙක් ඔබගේ වැඩකටයුතු සාර්ථකව කරගන්න.


ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya ) 



You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)