පූර්ව ප්‍රසව අවධියේ බලපෑම්.

by - June 19, 2016


ඉතින් යාලුවනේ අද තවත් ලිපියක් ඔයාලට කියවල දැනුමට එකතු කරගන්න අරගෙන ආවා... මේ වෙනකොට අපි ලිපි 20ක් පමණ සාකච්ඡාකරල තියනව, මාස 6කට ආසන්න කාලයක් ඇතුලත Likes 780ක් අරගෙන තියනවා, මේ like 780 දුන්න අයටත් මාස 6ක් පුරාවට අපිත් සමඟ හිටපු අයටත් බොහෝම ස්තුතියි. මේ බ්ලොග් එකේ අඩුපාඩු මොනවා හරි තියනවා නම්, තව මොනවා හරි දැනුමක් ඔබලාට ඕනේ නම් සහ ඔබලාගේ අදහස් උදහස් සියල්ලම ඉදිරිපත් කරන්න.. හරි එහෙනම් අපේ මාතෘකාවට එමු. එන්නකෝ එහෙනම් මාත් එක්ක...

පූර්ව ප්‍රසව අවධියේ බලපෑම්.

රුවෙකු උපතින්ම යම් යම් දුර්වලතා, අඩුපාඩු, ආබාධ රැගෙන ඒමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු දෙකක් ඇත ඒ

  • ආරය හේතුවෙන් රැගෙන එන දුර්වලතා සහ
  • පූර්ව ප්‍රසව අවධියේ ඇතිවන බලපෑම් හේතුවෙන් රැගෙන එන දුර්වලතා

ලෙස හැදින්විය හැකිය ආරයෙන් රැගෙන එන දුර්වලතා මගහැරීමට අපහසු වුවත් පූර්ව ප්‍රසව පරිසරයේ ඇතිවන  බලපෑම් හේතුවෙන් රැගෙන එන දුර්වලතා හෝ ආබාධ අපට සම්පූර්ණයෙන් නැතත් සම්පූර්ණයට ආසන්නයෙන් හෝ මගහැරිය හැකිය.. ගැස්සීම්, සුළු කම්පන, උෂ්ණත්වයේ වෙනස්වීම්, සුළු රෝග මවට වැලදීම වැනි සුළු සුළු තත්වයන් වල මවගේ ගර්භාභයට ඔරොත්තු දීමේ නැතහොත් මගහැරිමට හැකියාවක් ඇත, ඒ සදහා කලලාවාරීය කෝෂය, ඉතා සුවිශේෂී කාර්යයක් ඉටු කරනව.

යම් යම් සුලු ගැස්සීම් වලට මෙන්ම උෂ්ණත්වයේ වෙනස් වීම් වලට කලලාවාරීය කෝෂයේ ඇති ජල තරය මගින් ඒවා කලලය වෙත එල්ල වීම් අවම කරනව.. ඒ වගේම මවට වැලදෙන සුළු සුළු රෝග වලින් ද කලලය ආරක්ෂා කිරීමේ හැකියාව මේ කලලාවාරීය කෝෂයට ඇත.. නමුත් සුළු කියන වචනයෙන් පොඩ්ඩක් එහාට ගිය යම් යම් ගැස්සීම් කම්පන වැනී දේවල් වලට කලලාවාරීය කෝෂයට මුහුණ දීමට අපහසු වේ.. රසායනික බෙහෙත් වර්ග වල බලපෑම්, සැර බෙහෙත් වර්ග වලබලපෑම්, විකිරණ වලට නිරාවරණය වීම්, මවගේ පෝෂණ තත්වය, මවට වැලදෙන් රෝග වල බලපෑම්, මවගේ චිත්තවේග වල ස්වාභාවය නිසා ඇති වන බලපෑම්, කම්පන තත්වයන්, හේතුවෙන් දරුවෙකු උපතින් දුර්වලතා, ආබාධ රැගෙන ඒමට හේතු වේ.. අපි එකින් එක බලපෑම් හේතුවෙන් දරුවාට විය හැකි සහ වන බලපෑම් ගැන කතා කරමු දැන්.

මවට වැලදෙන රෝග හේතුවෙන් දරුවෙකුට ඇති විය හැකිබ් අලපෑම.

පූර්ව ප්‍රසව අවධියේදී මවට වැලදෙන යම් යම් රෝග වලින් සමහරක් රෝග වලට ගර්භාෂයේ ඇති කලලයට බලපෑම් ඇති කළ හැකිය.. එම රෝග වල රෝග කාරක බැක්ටීරියා, වෛරස්, විෂ සහිත ජීවානු වැදෑමහ හරහා කලලයේ රුධිරය සමග එකතු විය හැකිය. පැපොල, මැලේරියාව, කම්මුල්ගාය, සමාජ රෝග, ජර්මන් සරම්ප වැනි රෝග සහ උපදංශය වැනි රෝග හෙතුවෙන් ද උපදින දරුවෙකුගේ ආබාධ ඇති කිරීමට හැකිය. ජර්මන් සරම්ප හෙවත් රුබෙල්ලා ( Rubella) රෝගය  දරුවෙකු පිලිසිඳගෙන පළමු  මාස 4 තුලදී වැලදුනහොත් එයින් ඇති වන බලපෑම් ඉතාමත් ප්‍රබල සෙල ඇති විය හැකිය.. මෙම රෝග කාරක වෛරසය වැදෑමහ හරහා කලලයේ රුධිරය සමග එකතු වීමෙන් වර්ධනය වෙමින් පවතින කලලයේ සෑම අංශයකම වර්ධනය අඩාල වේ.. මානසික වශයෙන් ද, ශ්‍රවණ සහ දෘශ්‍යයේ ද,  හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය වැනි අංශ වලට බලපෑම් ඇති කරයි. පළමු මාස 3 ඇතුලත මෙම රෝගය වැලදුනහොත් මළ දරු උපත් හෝ ගබ්සා වීම් ඇති විය හැකිය. මේ තත්වයෙන් මිදීම සදහා සෑම කාන්තාවක්ම ගර්භණීවීමට පෙර රුබෙල්ලා එන්නත ලබා ගැනීම අනිවාර්යය වේ..

මේ රෝගය මෙන්ම උපදංශය නැමැති රෝගයෙන් ද මේ අවදියේ වැලදුනහොත් මළ දරු උපත්, ගබ්සා වීම්, දරු උපදේදීම දරුවා මිය යාම, කෙසේ හෝ දරුවා ජීවත් කල ද කායික හෝ මානසික දුර්වලතාවයන්ගෙන් පෙළෙනු ඇත. සාමාන්‍යය පුද්ගලයන්ට ඉතා සුළු තත්වයෙන් බලපාන රෝගී තත්වයන් ගර්භණී සමයේ වැලදීමෙන් ඉතා ලොකු බලපෑමක් දරුවාට ඇති කළ හැකිය.

ක්ෂය රෝගය, දියවැඩියාව වැනි රෝගත්, Toxoplasmosia වැනි බැක්ටීරියා මගින් ඇති අන රෝගී තත්වයන් තුලින් ද දරුවාගේ මොළයට හානි ඇති කිරීමටත්, අන්ධ බව ඇති කිරීමටත්, මළ දරු උපත් පවා ඇති කරයි. මෙම රෝගය මස් වර්ග අමුවෙන් කෑමෙන් හෝ බාගෙට තම්බා කෑමෙන් සහ බළලුන්ගේ අසුචි ආශ්‍රයෙන් ඇති ඇති වන රෝගී තත්වයක් වන අතර මෙම රෝගය ද සාමාන්‍ය පුද්ගලයෙකුට ඉතාම සුළු රෝගී තත්වයක් වන නමුත් ගර්භණී සමයේ මවකට වැලදුනහොත් එයින් දරුවාට ඇති වන බලපෑම ඉතා ප්‍රබලය. ඒ හේතුවෙන් ගර්භණී මවුවරුන් එම සමයේදී බළලුන් සුරතල් කිරීම, බළලුන්ගේ අසූචි පිරිසිදු කිරීම වැනි ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් මෙන්ම කොටින්ම බළලුන් ගෙදරින් ඈත්ම කර සිටීම අලුත බිහිවන දරුවාට වඩාත් යහපත් වේ.

අදට මේ ලිපිය වසන්, තව කොටස් කිහිපයක් තියනවා ඒවා ඉදිරියේදී ඉක්මනින්ම ලැබීමට සලස්වන්නම්..
එහෙනම් එතෙක් ජීවිතයට අලුත් දේවල් එකතු කරගනිමින් අලුත් දෙයක් කරමින් වර්ථමානයේ ජීවිතය ජීවත් කරවන්න.. දැන් ජීවත් වෙන්න.. දැන් සතුටින් ඉන්න, කරන දෙයක් දැන් කරන්න.. ඊලග විනාඩිය මොනවා වෙයි ද කියල අපිට කියන්න බෑ ඒක නිසා අපිට ලැබෙන හොදම අවස්ථාව තම "දැන්"

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya ) 

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)