පෞරුෂ සංවර්ධන න්‍යාය - 01 (මුඛ අවධිය)
මනෝවිද්‍යා විශ්වයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔබට. අපි මේ වෙනකොට ලිපි 46ක් යටතේ කරුණු සාකච්ඡා කරල තියනවා. තව ඉදිරියට අපිට කතා කරන්න ගොඩක් ලොකු වැදගත් මාතෘකා තියනවා. හෙමීට අපි එකින් එක කතා කරමු. හරි එහෙන්ම් අපි අද මාතෘකාව පැත්තට යමු.
පෞරුෂ සංවර්ධන න්‍යාය - 01
ළමා මනෝවිද්‍යාව යටතේ අපි මේ වෙනකල් නවජ දරුවා දක්වා කතා කරල තියනවා. ඒ වගේම කලින් අපි දරුවෙකු ඉපදෙන්න කලින් තියන අවධීන් ගැන කතා කලා දරුවෙකු ඉපදීමෙන් පසුව දරුවාගේ පෞරුෂත්වය සංවර්ධන වන අවධීන් ටික නැතහොත් පෞරුෂත්ව වර්ධන න්‍යායයන් ගැන තමා අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ..
ඉතින් මේ දරුවෙකු ඉපදීමෙන් පසුව දරුවෙකුගේ මොළය ඇතුලු ශරීරයේ අනෙකුත් කොටස් වර්ධනය වනවාක්ව මෙන්ම දරුවෙකුගේ පෞරුෂත්වයි සංවර්ධනය සදහා ද න්‍යායන් තියනවා. දරුවෙකුගේ මොළය සහ කායික කොටස් සම්පූර්ණවී තිබුණද සමහරක් දරුවන්ගේ පෞරුෂයේ යම් යම් අඩුපාඩුකම් දකින්න තිබේ ඉතින් මේ ගැන මනෝවිද්‍යාඥයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් විවිධ පර්යේෂණ කරමින් හේතු සොයන්න ගත්තා. මෙහිදී වැදගත්ම න්‍යායන් සොයාගෙන ලෝකයට ඉදිරිපත් කලේ අපි කවුරුත් දන්න සිග්මන් ෆ්රොයිඩ් සහ එරික් එරික්සන් යන දෙදෙනායි.
මානසික රෝගීන් සදහා ප්‍රතිකාර කරමින් ඔවුන්ගේ රෝග ගැන සොයමින් ඒවා ගැන පරීක්ෂන කරමින් සිටි ෆ්රොයිඩ් ට මේ වැඩිහිටියන්ගේ මානසික රෝග වලට කුඩා කාලයේදී ඇති වූ යම් හේතුවක් තුලින් හටගත්තා ද? යන ගැටලුව පිලිතුරු සෙවීමට දිගින් දිගටම පර්යේෂණ සිදු කළහ. එහිදී ඔහු සොයාගත් කරුණු තුලින් පුද්ගලයෙකුගේ පෞරුෂයේ අක්‍රමිකතා ඇති වීමට හේතු වන්නේ කුඩා කාලයේ දරුවෙකුගේ මානසික අවශ්‍යතාවයන් නිසි ආකාරව තෘප්ත නොවීම නිසා බව පෙන්වා දුන්හ. ඒ කරුණු එක්රැස්කොට ෆ්රොයිඩ් විසින් මනෝ ලිංගික අවධි හදුන්වා දී ඇත. එහිදී ෆ්රොයිඩ් පැහැදිලි කරන ආකාරයට දරුවෙකුගේ මුල් කාලයේ මනෝලිංගික ආශාවන් නිසි ආකාරව සම්පූර්ණයෙන් තෘප්ත විය යුතු වන අතර නිසි ආකාරව තෘප්ත නොවන විට පසු කාලයකදී පෞරුෂත්වයේ ගැටලු/ අසාමාන්‍ය චර්‍යා බිහි වීමට මූලික වන බව පවසා ඇත. සමාජ මනෝවිද්‍යාඥයන් ද මොහුගේ මෙම අදහසට එකඟ විය..මවුවරුන් මේ කාලයේ දරුවන්ගේ අවශ්‍යතාවයන් (ආශාවන්)ට සිමා මායිම් නොදා ඒවා ලබාදීම තුලින් සුබවාදී පෞරුෂයක් සමග යහපත් පුරවැසියෙක් බිහිකළ හැකිය.
ෆ්රොයිඩ්ගේ මේ පෞරුෂය සංවර්ධනය න්‍යාය තුලින් දරුවෙකු ඉපදීමෙන් පසුව අවුරුදු 5ක පමන කාලයක් තුලදී දරුවාගේ මොළයේ EGO සහ Superego යන කොටස් දෙක (Ego, Superego, Id, ගැන අපි ඉදිරියේදී සම්පූර්ණයෙන් කතා කරමු) වර්ධනය වන අතර Id පාලනය කරන්න ආරම්භ වන්නේ මේ ego, superego ගේ අර්ධනය තුලිනි. (Id ගැන පොඩි පැහැදිලි කිරීමක් තියනව මේ ලිපියේ) මේ කාලය වැඩිහිටි දරුවෙකුගේ පෞරුෂත්වය සමාන්‍ය/ අසාමාන්‍ය බව තීරණය වන බව පෙන්වාදී ඇත. මෙහිදී ෆ්රොයිඩ් දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනය වන අවධීන් 5ක් ඉදිරිපත් කොට ඇත. ඒවා මනෝලිංගික අවධීන් ලෙසද හදුන්වයි.
-මුඛ අවධිය-
Oral Phase
දරුවෙකුගේ උපතේ සිට අවුරුදු 1යි මාස 6ක් යන තෙක් දරුවෙකු මෙම අවදියේ සිටී. දරුවෙකුගේ මේ කාලය තුලදී බොහෝ සම්බන්ධතා ඇතුලු බොහෝ දෑ ඉටු කරගන්නේ මුඛය ආශ්‍රය කරගෙන ය. මන්ද ඒ දරුවාගේ අත් පා ශක්තිමත්ව වැඩී නොතිබීම හේතුවෙනි. ආහාර ගැනීම ආදී සාමාන්‍ය දේවල් පමනක් නොව මනෝලිංගික වශයෙන් තෘප්තියක් ලබාගන්නේද දරුවා තම මුඛය ආශ්‍රිත කරගෙනය. මුඛය මූලික වන නමුත් ස්පර්ශය, ආඝ්‍රාණය, දැකීම. තුලින් ද තෘප්තිය ලබා ගැනීමට දරුවා උපයෝගී කරගනී. මේ අවදිය ද කොටස් 2කින් පැහැදිලි කර ඇත, එනම්,
- පරායත්ත මුඛ අවධිය
- හිංසාකාරී මුඛ අවධිය
දරුවා ඉපදී පළමු අවුරුදු 1ක සම්පූර්ණ වනතෙක් ගෙවෙන්නේ පරායත්ත මුඛ අවධියයි. දරුවෙකුගේ මේ කාලය තුලදී මූලික ක්‍රියාකාරකම් ලෙස ආහාර ලබා ගැනීමට, සන්දනිවේදනය කිරීමටත්, දුක වේදනාව කියා පෑමට, විරෝදය පෑමට මුකය උපයෝගී කරගනී. මූලික වශයෙන් මේ කාලයේ දරුවෙකු සතුට ලබන එකම මාර්ගය වන්නේ මුඛය ආශ්‍රිත කරගෙනය. අතට අසුවන සෑම දෙයක්ම ඉරීමටත් (උරා ගැනීමට). අතේ ඇගිලි අපි අතක් දුන් විට අපේ අතේ ඇගිලි ඉරීමටත් (උරා ගැනීමට), සුප්පුව, මවගේ තනපුඩුව ආදී සෑම දෙයක්ම උරාගැනීමට උත්සාහ කරයි. උරාගැනීමේ ක්‍රියාවලියේ දී ආහාර ලබාගැනීමයි. එනම් මවගේන් කිරි උරා බීමයි වැදගත් වේ. මවගෙන් කිරි උරා බීමේදී දරුවා තොල්, දත්, දිව උපයෝගීකොට ගනී. ඉරීමේ (උරා බීමේ) ක්‍රියාවලිය හුදෙක් දරුවාගේ කුසගින්න නිවීම සදහා පමනක් නොව තොල්, මුඛ විවරය උත්තේජනය වීම තුලින් දරුවා ශෘංගාරාත්මක ආස්වාදයක් ලාබාගනී. මේ ශෘංගාරාත්මක ආශ්වාදය ලිංගික ආශ්වාදයකින් සංයික්ත වේ. ඒ වගේම දරුවා කුස පුරවාගෙන කුසගින්නෙන් තොරව සිටීමෙන්ද දරුවා සතුටක් ලබයි.
දරුවා මවගෙන් කිරි උරා බොන්නේ නිකන්ම කිරි ගොවිපොළක එළදෙනුන්ගෙන් යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් කිරි දොවා ගැනීමක් ආකාරයෙන් නොව.. මවගේ තනය මිරිකමින්, ස්පර්ශ කිරීම් වැනි ක්‍රියාකාරකම් ද මේ කිරි උරා බීමේ ක්‍රියාව තුල අන්තර්ගත වේ. මේ කිරි උරා බීමේ ක්‍රියාවලිය තුලින් දරුවෙකු ආශ්වාදයක් ලැබීමට නම් එම ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුයි. එසේ නැතිව දරුවා ඒ තුලින් ආශ්වාදයක් ලබන්නේද අඩු වශයෙනි.. අඩු ආශ්වාදයක් ලැබීම/ හෝ දරුවා බලාපොරොත්තු වන තෘප්තිය ලබා ගත නොහැකි වීම තුලින් ඇති විය හැකි ප්‍රතිඵල ගැන අපි ටිකකින් කතා කරමු.
හිංසාකාරී මුඛ අවධිය -
මුඛ අවධියේ අවසන් භාගය වන ටිට දරුවාගේ මුඛයේ යම් තරමකින් සැපීමට හැකි තරම් කිරි දත් මතු වී ඇත. ඉහත පරායත්ත අවධිය තුලදී සදහන් කළ පරිදි දරුවා අසු වන සියලු දෑ උරා ගැනීමට උත්සාහ දැරුවාක් මෙන් උරා ගැනීමට මුඛය තුලට දමාගත් දෑ සැපීක්ද සිදු කරයි. පරායත්ත අවධිය පසුවෙනවාත් සමගම දරුවා කලින් ඉරීම සදහා යොදාගත් දෑ සැපීමට ආරම්භ කරයි. සියලු ආක්‍රමණකාරී ක්‍රියාකාරකම් වල ආරම්භය සනිටුවහන් කරන්නේ මේ කිරි දත් වලින් සැපීමේ ක්‍රියාවලියත් සමඟයි. පරායත්ත අවදියේ දරුවා ලැබූ ශෘංගාරාත්මක ලිංගික ආශ්වාදයට හා සමානව දරුවා හිංසාකාරී මුඛ අවධිය තුලදී සැපීම, තලුමැරීම තුලින් තෘප්ත කරගනී.
ඉතින් මේ ආකාරයට දරුවෙකුගේ මුඛ අවධිය ගෙවී යයි. නමුත් සෑම මවක්ම පියෙක්ම සිතන වෙනත් ආකාරයටෛ. නමුත් දරුවෙකු ඉල්ලන්නේ අවශ්‍ය වූ විටයි. අවශ්‍ය වූ විට එය නොලැබෙන්නේ නම් එය නැවත ලැබීමකින් පළක් නොමැත නමුත් ඒ තුලින් ඔහු බලාපොරොත්තු වෙන දෑ ලබා ගැනීමට ඔහු වෙනත් මාර්ගයක් සොයාගනී.. මේ ආකාරයට මුඛ අවධියේ දරුවෙකු මවට තුරුළු වී මවගේ උණුසුම විදිමින් කිරි උරා බොමින් මවගේ තනය මිරිකමින් ස්පර්ශ කරමින්, මවගේ මුහුණ දිහා බලාගෙන අවගේ සිතුවිලි කියවමින්, තෘප්ත කරගන්න මනෝලිංගික් ආශාවන් නිසි ආකාරව තෘප්ත නොවන්නේ නම්, එනම් මවට හැකි විට දරුවාට කිරි ලබා දෙන්නේ නම්, මවගේ උණුසුම දරුවාට ඒ අවස්ථාවේ නොලැබෙන්නේ නම්. මවගේ සිතුවිලි සමග දරුවා සම්බන්ධ වන ඉට මව කරදර රාශියක කලබලයෙන් සිටින්නේ නම්, මුලු කිරි දීමේ ක්‍රියා වලියේම කිසිම පළක් නැත ඇත්තේ දරුවාගේ කුස පිරීමක් පමණි. දරුවෙකුගේ කිස පිරවීමට නම් ඕනෑ කෙනෙකුට හැකිය නමුත් ඉතුරු හැගීම්/ ආශාවන් තෘප්ත කිරීමට නම් කිසිවෙකුට කළ නොහැකිය. මව සහ දරුවා අතර උතු ආදරයක් ගොඩ නැගෙන්නේද ඒ තුලිනි. බටහිර රටවම බොහෝමයක් අපට දකින්න ලැබෙන්නේ මවට ගෞරවය/ ආදරය නොදක්වන්න හේතුවත් මම දකින ආකාරයට මෙය වේ..
මීට අමතරව මුඛ අවධිය නිසි ආකාරව තෘප්ත් නොවන විට දරුවෙකුගේ Super EGO හී වර්ධනය නිසි පරිදි සිදු නොවේ. ඒ වගේම අනවශ්‍ය ලෙස අධික සැලකිල්ලකින් යුතුව ආරක්ෂාව ලබන දරුවන්ගේ Super EGO අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වර්ධනය වේ.. දරුවෙකු වයසින් වර්ධනය වෙත්ම පමණට වඩා කෑම බීම නිතර නිතර ගැනීමට ආශා කිරීමත්, නිතරම මොනවා හෝ සපමින් සිටීමට ආශා කිරීමටත්,නියපොතු සැපීම, ඇඟිලි සූප්පු කිරීම, පෑනේ, පැන්සලේ කෙලවර සැපීම, දුම්පානය, උරා බොන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම වැනි ක්‍රියා මුඛ අවධිය දරුවා බලාපොරොත්තු වන අකාරයට තෘප්ත නොවීමේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.ඒ වගේම් ඉවසීමෙන් තොර සැරපරුෂ, නොසන්සුන් වාදශීලී පුද්ගල චරිත ලක්ෂණද මේ අවධිය නිසි ආකාරයෙන් තෘප්ත නොවීමේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය..
මේ අවධිය තුලදී දරුවෙකුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස ආදරනීය ලෙස සතුටින් ඉටු කිරීමෙන්, එනම් සතුටින් කැමැත්තෙන් වැඩි කාලයක් අරගෙන දරුවාට ඇති වන තෙක් කිරි උරාබීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාවලින් කිරීමට ඉඩ ලබා දිය යුතුයි. සර්ව සුභවාදී පෞරුෂයක් සහිත දරුවෙකු මෙලොව ඇති කල හැක්කේ ඒ තුලිණි// මේ පිළිබඳව ප්‍රසිද්ධ මානව විද්‍යාඥයයෙකු වන මාග්‍රට් මිඩ්ගේ සිදු කළ පර්යේෂණයෙන් ඉහත කරුණු තවත් සනාථකොට දැක්විය හැකිය. යම් ගෝත්‍රයක දරුවන්ට ආදරයෙන්, දයාවෙන්, වැඩි වේලාවක් කිරි උරාබීමට දුන් අරපේෂ් ගෝත්‍රයේ දරුවන් ප්‍රීතිමත්, කාරුණික, ත්‍යාගශීලී පෞරුෂයක් සහිත පුද්ගලයන් වූහ, ඊට ප්‍රතිවිරුද්ධ ලෙස අකාරුණිකව, ආදරයක් රහිතව ක්‍රියා අනුගමනය කල මුන්ඩුගුමාර් ගෝත්‍රයේ දෙමාපියන්ගේ දරුවන් ආක්‍රමණශීලී, සටන්කාමී, අවිනීත චර්යා සහිත පුද්ගලයන් වූහ..
ඉතින් මේ අවදියේදී එනම් දරු උපතේ සිට අවුරුදු 1.1/2 යන තෙක් දරුවාට ආදරයෙන්, වැඩි වේලාවක් මවගේ උණුසුම ලබාදෙමින් දරුවාගේ කිරි උරාබීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් තෘප්ත කරගැනීමට ඉඩ ලබා දෙන්න.. සර්ව සුභවාදී පෞරුෂයක් සහිත දරුවෙකු ඇති කිරීම සදහා..
එහෙනම් අද ලිපිය අවසන් වෙනවා. අපේ ඊලඟ ලිපියෙන් අපි පෞරුෂය වර්ධන අවධීන්ගේ දෙවන අවධිය ගැන සාකච්ඡා කරනවා..
එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author
Dushyantha Samarasinghe
11 comments
අනිත් නියායන් ටිකත් දාන්නකෝ
ReplyDeletehode wedak Anith niyayan tikath genna
ReplyDeleteExam passe pepper tikak denna
ReplyDeleteAnith awadi tikath danna.plz
ReplyDeleteKawadada sir ithuru tika danne
ReplyDeleteKawadada sir ithuru tika danne
ReplyDeleteKawadada sir ithuru tika danne
ReplyDeleteමට ලිංග රූප අවධිය නිසි ආකාරව සිදු නොවු විට සිදුවන බලපෑම පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගන්න පුලුවන්ද
ReplyDeleteපෞර්ෂ සංවර්ධනය පිලිබද බෞද්ධ න්‍යාය පැහැදිලි කරන්න පුලුවන්ද
ReplyDeleteඅපේ සර් හොඳයි ඇත්තට
ReplyDeleteවැඩක්ම නැහැ
ReplyDelete