ළමා මනෝවිද්‍යාව - හැදින්වීම.

by - May 30, 2016


Hi කොහොමද යාලුවනේ අපි උපදේශනය ප්‍රායෝගිකව ආරම්භ කලා ඉතින් එකේ අපි මුලින්ම seminar 2ක් පැවැත්තුවා පන්සල් දෙකක. ඒකෙන් පස්සෙ මගේ උපදේශනය සදහා පොඩි ප්‍රවනතාවයක් ඇති වුනා උපදේශනයට 3න් දෙනෙක් කතා කලා. අපිට දැන් ගම්පොල පුස්තකාලයේ උපදේශනය කරන්න ශාලාවක් තියනව බ්‍රහස්පතින්ද තමා අපිට දීල තියන දවස. ඔයාලටත් ඕනම ආකාරයේ උපදේශනයක් අවශ්‍ය නම් ගම්පොල නගර සභාවේ පුවත්පත් කියවීම් අංශයේ පොතක් තියනවා උපදේශනය සදහා ඒ පොතේ නම සහ දුරකතන අංකය ලියන්න අපි ඔබව සම්බන්ධ කරගන්නම්. ඉතින් ඒ වැඩත් එක්ක මගේ බ්ලොග් එකට පොස්ට් එකක් දාන්නත් බැරි වුනා.. අද මන් අලුත් මාතෘකාවක් ආරම්භ කලා. 2013 A/L කරල බාහිර උපාධිය කරන අයට තාම මේ මාතෘකාව ආරම්භක් කරල නෑ මන් දන්න විදිහට, එයාලට ගොඩක් වැදගත් වේවි. ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත පාඩම ඔලුවට දාගන්න. හරි අපි බලමු මොකක්ද අද කතා කරන්නෙ කියල..

ළමා මනෝවිද්‍යාව 

හැදින්වීම.

මා මනෝවිද්‍යාව යනු ළමයින් පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කරන විෂයයි.. නමුත් මෙහිදී ළමයින් පිළිබඳව පමනක් නොව වැඩිහිටියන්ගේ චර්යාව පිලිබදවද අධ්‍යයනයක් කළ හැකිය.. මිනිස් මනස සහ මිනිස් චර්යාවන් පිලිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන විශය මනෝවිද්‍යාව වෙනවා වගේම ළමයින්ගේ චර්යාවන් සහ ළමා මනස පිලිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන විශය හැටියට ළමා මනෝවිද්‍යාව හදුන්වාදිය හැකිය. ළමා මනෝවිද්‍යාව දෙමව්පියන්ට, ගුරුවරුන්ට, මනෝ උපදේශකයන්ට,  ගොඩාක් වැදගත් විෂයකි. මන්ද ඒ ළබයින්ගේ චර්යාව වැඩිහිටි චර්යාව නිර්මානය නිරීමටත් සාර්ථක පුරවැසියෙක් බිහි කිරීමටත් ගොඩාක් වැදගත් වෙනවා.. ළමා කාලයේ ඇති වෙන ඉතා සුලු දෙයකින් පවා තරුණ වියේ පෞරුෂත්ව අක්‍රමිකතා ඇත කිරීමට ඔකු බලපෑමක් ඇති කරනවා..

පොඩි උදාහරණයක් කියන්නම් ළදරු කාලයේදී මවු කිරි නිසි පරිදි නොදීමෙන් පසු කාලීනව අනවශ්‍ය ලෙස නිතරම කියවන, නිතරම එක එක දේ කෑමට ආශා කරන, පෑන අග හපන ඇගිලි සූප්පු කරන වැනි පෞරුෂත්ව අක්‍රමිකතා ඇති විය හැකී මේවා 100% ඇතිවේ යැයි කියන්නේ නෑ නමුත් ඉතාමත් වැඩි ප්‍රවනතාවක් තියනවා ඇති වෙන්න. ඒ ගැන අපි ඉදිරියේදී පුලුල් ලෙස සාකච්ඡා කරමු.. ( වැඩිය හිතන්න එපා සමහරක් අය stress එකටත් පෑනේ පැන්සලේ අග හපනව.) මනෝවිද්‍යාවේ වර්ධනය සදහා චාල්ස් ඩාවින්, සිග්මන් ප්‍රොයිඩ්, ජීන් පියාජේ යන විද්‍යාඥයන් මූලික ලෙස හැදින්විය හැකිය. ළමා මනෝවිද්‍යාව ගැන ලොකූවට ඉතිහාසයක් කතා කරන්න නම් නෑ නමුත් ඉතිහාසයක් තියනව ඒක වැඩිය වැදගත් වෙන්නෙ අම් නෑ. නියැන්ඩතාල් මානවයාගේ සිට ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේම බුදු රජාණන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ පවා ළමයින් පිලිබදව අවධානය යොමු කොට ඇත. ඇත්තටම මනෝවිද්‍යාවේ ඉතා වැදගත් ම සහ මුලින් ම කරුණු ඉදිරිපත් කලේ අප බුදු රජාණන්වහන්සේ ය. මනෝ විද්‍යාවේ වර්ධනයට සාපේක්ශවම ළමා මනෝවිද්‍යාවත් සංවර්ධනය වෙමින් අද වන තෙක් විකාශනය වී ඇත..

ඉතින් ඒ වගේ ළමා මනෝවිද්‍යාව කියන්නේ ඉතාමත්ම වැදගත් වගේම සංකීර්ණ විශයක් එක්සත්ජාතීන්ගේ ප්‍රඥප්තියට  අනුව ළමයෙක් ලෙස් හදුන්වන්නේ වයස අවුරුදු 18ට අඩු සියලුම පුද්ගලයන් ය. ඒ වගේම ළමයෙකුගේ වැඩිහිටියෙකු වෙන තෙක් අවදීන් රාශියක් පසු කරමින් ඒවා තුලදී යම් යම් සංවර්ධනයට භාජනය වෙමින් දරුවා වර්ධනය වේ.. දරුවෙකුගේ පෞරුෂත්වය නැති නම් දරුවෙකුගේ චර්යාව නිර්මාණය වීමට එම අවධීන් තුලින් ඉතාමත් වැදගත් වේ.. පිළිසිඳ ගැනීමේ සිට පූර්ව ප්‍රසව අවධියේ බීජ අවධිය, කලල අවධිය, භ්‍රෑණ අවධිය වගේම දරු ප්‍රසූතියෙන් පසුව මුඛීය අවධිය, ගුද අවධිය, ලිංග රූපික අවධිය, ගුප්ත අවධිය, වෘද්ධ කාම අවධිය වැනි අවධීන් තුලදී දරුවෙකුගේ වර්ධනයේ සුවිශේෂී සංධිස්ථානයන් ලෙස දැක්විය හැකිය. අපි ඒ අවධීන් පිලිබඳව අපි ඊලඟ ලිපියේ සිට සාකච්ඡා කරන්න ආරම්භ කරමු..

එහෙනම් අදට ලිපිය අවසන්. ඊලග ලිපියෙන් හමු වෙමු... ඔයාලගේ අදහස් මොනව හරි තියනවා නම්, දැනගන්න මොනව හරි තියනවා නම් පහලින් Comment කරන්න.  ඔයාලට තියන ගැටලු ජීවිතය සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව නව ව්‍යාපාර සදහා අදහස්, උපදේශන අවශ්‍ය නම්, ඔබගේ ගැටලුව කතා කරන්න කවුරුත් නැති නම් මගේ Email ලිපිනයට හෝ  Facebook එකට යොමු කරන්න..

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

8 comments

  1. Do you conduct any courses ?? Is it possible me to follow !!!
    Do reply me thnx

    ReplyDelete
  2. Good job... May you have long life

    ReplyDelete
  3. Anekuth lipiwala link denna puluwanda ..sthuthiy

    ReplyDelete
  4. Manovidyanukuulava pera pasalak sakasagnne kohomada denagnna puluvnda

    ReplyDelete
  5. Manovidyanukuulava pera pasalak sakasagnne kohomada denagnna puluvnda

    ReplyDelete
  6. මනෝ විදයාව හා පුනර්බ්හවය ගැන එකක් කරන්නකෝ...

    ReplyDelete
  7. මනොවිද්‍යාවේ වැදගත්ව වන කණ්ඩායම් කියන්නකෝ

    ReplyDelete
  8. K.A Thisara Gimhana 2020/ Nil/Mt/ S/M/ 017

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)