දරුවෙකු පිළිසිඳ ගැනීම.

by - June 01, 2016


මේ ලිපියෙන් අපි දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට ළමා සංවර්ධනයේ අවධීන් ගැන  සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මාතෘකාවෙන් මාතෘකාව වෙන එනමම ඔයාලට පැහැදිලි වෙන ආකාරයට තමා ලිපියක කරුණු ඉදිරිපත් කරන්නේ.. සංකීර්ණ කරුණු තිබෙන විට ලිපියේ ප්‍රමාණය අඩු වෙනව නමුත් ඉතුරු කොටස ඔබට නුදුරේදී ම ලැබෙයි..  එහෙනම් අපි අද මාතෘකාව ආරම්භ කරමු.

දරුවෙකු පිළිසිඳ ගැනීම.

පි හැමෝම දන්නවා දරුවෙක් පිළිසිඳ ගන්නේ පිරිමි ජන්මාණුවක් වන ශුක්‍රාණුවක් සහ ගැහැනු ජන්මාණුවක් වන ඩිම්බයක් සමග සංයෝග වීමෙන් පිළිසිඳ ගැනීම සිදු වෙන බව.  මේ ක්‍රියාවලිය සෑම මොහොතකම සිදු වෙන්නේ නෑ ඒකට ඩිම්බය ශුක්‍රාණුවකට ලඟාවිය හැකි ස්ථානයක තිබිය යුතුයි. සෑම මසකම මේ අවස්ථාව උදාවේ. ඒ වගේම මේ ආකාරයට ස්වාභාවිකව පිරිමියෙකු සහ කාන්තාවක් අතර ඇති වෙන මෙම සංවාසයෙන් පමනක් නොව කෘත්‍රිම ව ද මෙම ක්‍රියාවලිය අද වන විට සිදු කරයි. සෑම වැඩි වියට පත් කාන්තාවක් ගෙන් ම මසකට වරක් ඩිම්බ නිකුත්වීමක් සිදු වේ. ඩිම්බ කෝෂයෙන් නිකුත් වන මේ ඩිම්බය පැලෝපිය නායල ඔස්සේ ගර්භාෂය කරා ගමන් කරයි. එවැනි ඵල දැරිය ඇකි ඩිම්බ 400ක් පමන කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් නිකුත් වේ. දින 28ක පමණ කාලයක් ගර්භාෂය මෙම ඩිම්බය ගත කලත් පිළිසිඳ ගැනීමකට ඇත්තේ පැය 48ක කාලයක් පමණි. ඒ කියන්නේ පැය 48ක් ඇතුලත ශුක්‍රාණුවක් ඩිම්බය සමග සංසේචනය විය යුතුයි පිළිසිඳ ගැනීමක් සදහා. මාසිකව සිදුවන මාස් ශුද්ධය නම් ක්‍රියාවලියෙන් සිදු වන්නේ ඩිම්බ කෝෂයෙන් නිකුත් වූ ඩිම්බයක් පැය 48ක කාලයක් ඇතුලත සංසේචනය නොවීමෙන් ඵල දැරිය නොහැකිව ශරීරයෙන් පිට කිරීම නිසා ය..

ඩිම්බ කෝෂයේ සිට පැලෝපිය නාලය හරහා ගර්භාශයට යන අතරදී එම ඩිම්බය ශුක්‍රාණුවක් සමග මුණගැසීමෙන් එම ශුක්‍රාණුව ඩිම්බ කෝශයේ පිටත බිත්තිය පසාරු කරගෙන ඩිම්බය තුලට ඇතුළු වේ.  මේ ආකාරයෙන් සංසේචනය වන ඩිම්බය යුක්තානුවක් ලෙස හදුන්වනවා. ( ගොඩාක් අය මේ දේ දන්නවා, නමුත් මගේ පාඩම් මාලාව සම්පූර්ණ විය යුතු නිසා කෙටියෙන් දන්න ටික හදුන්වල දෙන්නම්) මෙම යුක්තානුව න්‍යෂ්ටියක් සහිතයි. මෙම න්‍යෂ්ටිය තුල ශුක්‍රාණුවක් මගින් රැගෙන ආ වර්ණදේහ 23ක් සහ ඩිම්බය මගින් රැගෙන ආ වර්ණදේහ 23ක් ද සහිතව වර්ණදේහ 46ක් අන්තර්ගත වේ. දරුවෙකුගේ හැඩරුව, වර්ධනය වැනි ලක්ශන මේ වර්ණදේහ මත රදා පවතී. මෙම වර්ණදේහ 46 යුගල් වශයෙන් එක්වීමෙන් යුගල් 23ක් නිර්මාණය කරයි. පිළිසිඳ ගැනීමෙන් පසුව පැය 24- 36 ත් අතර කාලය තුල පළමු සෛල බෙදීම සිදුවී සෛල බෙදීම ආරම්භ වේ. 

මෙම සෛල බෙදීමේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව නැවත නැවතත් සිදු වේ. සලරව කිවුවොත් සෛල යුගල යුගල වශයෙන් copy - paste කරන්න එක. ඒ වගේ දෙගුනයක් වෙනක්ල් මේම සෛල බෙදෙනව සෑම සෛලයක්ම මුල් සෛලයට සමානයි.. වැල් පොලී වගේ වැඩි වෙවී 1, 2, 4, 8, 16 වැනි ආකාරයට බෙදීම් සිදු වේ.. දින කිහිපයක් යන විට සෛල රාශියක් නිර්මානය කල ද එය ඇල්පෙනෙත්තක හිසකට සමාන ප්‍රමාණයක් ගනී.. මේ ආකාරයට මාස නවයක් යන විට සෛල දස ලක්ෂ දෙසීයක් තරම් වූ සෛල ප්‍රමානයක් ඇති කරයි. දින 266ක් යන විට ඇට, ලේ, නහර, ඉන්ද්‍රියයන් ගෙන් සමන්විත ක්‍රියාකාරී ජීවියෙක්යි බවට පත් වේ. දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට උපත ලැබීම දක්වා කාලය දින 266 - 280ක පමණ කාලයක් ගත වේ. මවගේ තත්වය, දේශගුනික මෙන්ම බාහිර හෝ අභ්‍යන්තර බලපෑම් හේතුවෙන් මෙම කාලය අඩු හෝ වැඩි විය හැකිය. මේ ආකාරයට අලුතින් බිහිවන ජීවියෙකු ගර්භාෂය තුල වර්ධනය වන අවධීන් 3ක් ඇත. 

  1. බීජ අවදිය ( පිළිසිඳ ගැනීමෙන් දින 10 - 14 )
  2. කලල අවධිය ( දින 14 - 56 )
  3. භ්‍රෑණ අවධිය ( දින 57 සිට උපත දක්වා )

මෙම අවධීන් පිළිබඳව අපි ඉදිරියේ දී වෙන වෙනම සාකච්ඡා කරමු. එහෙනම් අද මන් බලාපොරොත්තු වුන ටික ඔයාලට දුන්න.. ගොඩක් අය මේ දේවල් දන්නව ඒක නිසා මම වැඩි දේවල් කියන්නේ නැතිව ලිපි පෙනේ පිළිවෙල අවශ්‍ය වීම නිසා ලබා දුන්න.... එහෙනම් අපි තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබයේ අරමුණු බලාපොරොත්තුව සමග සාර්ථකව සතුටින් වර්ථමානයේ ජීවත් වෙන්න.. 


ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝





You May Also Like

1 comments

  1. වටිනා ලිපි පෙලක්..ඉතිරි ලිපි සියල්ලද බලාපොරොත්තු වෙමි..මමත් දරුවෙකු නොමැතිව පීඩා විදින මවක් වීමට පෙරුම් පුරන කාන්තාවක්..බොහොම පින් මෙ ලිපි පෙලට..

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)