Behaviorism (චර්යාවාදය)
ඉතින් කොහොමද ඔබට, අරමුණක් ඇතිව වර්තමානයේ සතුටින් ජීවත් වෙනව නේද? මනෝවිද්‍යා විශ්වයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හරි අද මනෝවිද්‍යා ලෝකයේ වැදගත් මාතෘකාවක් තමා, මනෝවිද්‍යාව ඉගෙන ගන්න, දැනගන්න, දැනගෙන මනෝවිද්‍යාව ප්‍රායෝගික ජීවිතයට බද්ධ කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කැමති ඔබට අරගෙන ආවේ.. ටික දවසක් ගියා කරුණු එකතු කරගන්න. ලිපිය දිග වැඩි ඇති නමුත් එක මාතෘකාවක් එක ලිපියකින් අවසන් කිරීමේ මාගේ අරමුණ නිසා සහ බලාගෙන ඉදීමකින් තොරව එක මාතෘකාවත් අධ්‍යයනය කිරීමට හැකි වීම නිසා දිග වැදි වුනත් එක ලිපියකින් දෙන්න හිතුවෙ. සංකීර්ණ ගතිය අඩු කරන්න අදාල පරීක්ෂන වෙනම ම ලිපියකින් ඔයාලට බලන්න පුලුවන් ඒ සදහා ඒ තැන් වලින් යාමට සලස්වා ඇත.
හරි එහෙනම් අපි මාතෘකාව ගැන බලමු. ඔහොම්ම ම පහලට එන්නකෝ
J.B වොට්සන් පමණක් නොව එහි වර්ධනයට E.L තොන්ඩයික් ( E.L Thorndike 1874-1949), ඉවාන් පැව්ලෝ ( Ivan petrovich Pavlov 1849-1936) යන අය ප්‍රධාන කොටගෙන ඔවුන්ගේ න්‍යායන් සහ එකිනෙකට වෙනස් වාදයන්, ගුරුකුලයන් රැසක් උපයොගී කරගනිමින් චර්යාවාදී මනෝවිද්‍යා ගුරුකුලය මනෝවිද්‍යා ලෝකයට හදුන්වාදී ඇත. අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය, E.L තොන්ඩයික් ගේ සංඝටන න්‍යාය, B.F ස්කිනර්ගේ ප්‍රකාරක ආරෝපණ වාදය, ප්‍රජානන ඉගෙනුම් වාදය, සමාජ ඉගෙනුම් වාදය ඇතුලු න්‍යායන් ප්‍රධාන කොටගෙන තවත් නියායන් රාශියකගේ අදහස් සමගින් චර්යාවාදී සංකල්පය මනෝවිද්‍යා ලෝකයට පැමිණ ඇත. මොවුන් සිදුකළ පර්යේෂණ චර්යාවාදී න්‍යායේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් විය.
චර්යාවාදය යනු මිනිසුන්ගේ සහ සත්වයන්ගේ චර්යාවන් අධ්‍යයනය කරමින් ඒවායේ වෙනස් කම් වර්ධනයන් සිදු කිරීම සදහා යොදාගත් ක්‍රමවේදයකි. චර්යාවාදී සංකල්පය පොදුවේ ගත්කල, සෑම චර්යාවක්ම ඉගෙනුමකින් සිදුවන අතර සෑම පුද්ගලයෙකුම චර්යාවන් ඉගෙනගන්නා බව චර්යාවාදීන් පෙන්වාදී ඇත. වොට්සන් ව්යුහවාදයේන් හදුන්වාදුන් අන්තරාවලෝකන ක්‍රමය විවේචනයට ලක් කරමින් එය ප්‍රතිකේෂ්ප කළහ. ඒ වගේම මිනිස් මනස විද්‍යාත්මක පර්යේෂණ වලට ලක් කළ නොහැකිවීම හේතුවෙන් වොට්සන් මනස යන්න ප්‍රතිකේෂ්ප කොට මිනිස් චර්යා යන සංකල්පය යොදාගෙන ඇත. මිනිස් චර්යා නිරීක්ෂණ, පරීක්ෂණ වැනි විද්‍යාගාර ක්‍රම භාවිත කරමින් අධ්‍යයනයන් කළ හැකි බව වොට්සන්ගේ අදහසයි. සතුන් උපයෝගී කොටගෙන චර්යාවාදීන් වැඩිපුරම මිනිස් චර්යාවන් අධ්‍යයනය කිරීමට සදහා යොදාගෙන ඇත. වොට්සන් මෙම න්‍යායත් සමඟින් විද්‍යාත්මක පරීක්ෂණ සහ නිරීක්ෂණයට භාජනය කල නොහැකි සියලුම සංකල්පයන් ප්‍රතිකේෂ්ප කළහ. අන්තරාවලෝකනය, මනස, විඥානය, ආත්මය යන සංකල්ප උදාහරණ ලෙස දැක්විය හැකිය.
චර්යාවාදීන් මේ ආකාරයට මිනිසුන්ගේ සහ සතුන්ගේ චර්යාවන් උගත් චර්යාවන් සහ න- උගත් චර්යාවන් යනුවෙන් කොටස් දෙකකට වෙන්කොට දැක්වීය.
න- උගත් චර්යාවන් යනු - මිනියෙකු හෝ සත්වයෙකු සිතන්නේ නැතිව සිදුවන ක්‍රියා ය. උදාහරණ ලෙස හුස්ම ගැනීම, හෘද ස්පන්ධනය, ආහාර ජීරණය, ඇසිපිය ගැසීම වැනි චර්යාවන් දැක්විය හැකිය. මේවාට ප්‍රතීක ක්‍රියා, අනිච්ඡානුක ක්‍රියා යනුවෙන්ද හදුන්වයි. මිනිසෙකුගේ හෝ සත්වයෙකුගේ ජීවිතයේ 5%ක් පමණ ප්‍රමාණයක් මෙම චර්යාවන් ඇත.
උගත් චර්යාවන් යනු - කායික විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවන ඉපදීමෙන් පසුව හෝ මව් කුස තුලදී හෝ මිනිසුන් සහ සත්වයන් යම්කිසි ඉගෙනීමකින්, දැනුවත් වීමකින් සිදු වන චර්යාවන් ය. පුද්ගලයෙකුගේ ජීවිතයේ 95%ක් ම ඇත්තේ මෙම උගත් චර්යාවන් ය. මනෝවිද්‍යාවට වැඩියෙන්ම වැදගත් වන්නේ ද මෙම උගත් චර්යාවන් ය. එයට හේතුව වන්නේ මෙම චර්යාවන් විද්‍යාත්මකව පර්යේෂණ වලට ලක් කළ හැකි වීමයි.
ඉහතින් සදහන් කර ඇති ආකාරයට මෙම චර්යාවාදී න්‍යාය වොට්සන් විසින් හදුන්වාදීමෙන් පසුව මෙහි මූලික පියවර තබමින් මෙම න්‍යායේ වර්ධනයට සහ නිර්මාණයට රුසියානු ජාතික කායික විද්‍යාඥයෙකු වූ අයිවන් පැව්ලෝ දායක විය. මොහු විසින් ඉදිරිපත් කල සම්භාව්‍ය ආරෝපණ වාදය නැමැති සංකල්පය චර්යාවාදයේ මූලිය පියවර තැබීමට දායක කොටගෙන ඇත. සම්භාව්‍ය ආරෝපණ වාදයේ අනු න්‍යායක් ලෙස ප්‍රතීකවාදය දැක්විය හැකිය පැවිලෝ තම සොයාගැනීම් සහ පර්යේෂණ සිදුකලේ මෙම න්‍යාය යටතේ ය. ප්‍රතීකවාදය සඳහා ඉතා ඈත ඉතිහාසයක් ඇත. රෙනේ දේකාත් නැමැති දාර්ශනිකයා ප්‍රතීකවාදයේ පියා ලෙස හදුන්වයි. ඔහු මාංශපේශීන් ආශ්‍රිත කායික විද්‍යාත්මක යාන්ත්‍රණයක් මගින් ශරීරයේ තොරතුරු ගමන් කරන ගමන් මාර්ගය පැහැදිලි කලහ. ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ගෙන් පැමිනෙන තොරතුරු මාංශ පේශීන් හරහා මොළයටද එයට පිළිතුරු ලෙස මොළයෙන් නැවතත් ඉන්ද්‍රියයන්ටද ගමන් කරන බව පෙන්වාදුන්හ. මේ කාලයේ ස්නායු පද්ධතිය සොයාගෙන නොතිබූ හේතුවෙන් මාංශ පේශීන් යන්න යොදගෙන ඇත.
පසුව විවිධ දාර්ශනිකයන්, විද්‍යාඥයන් විසින් ස්නායු පද්ධතිය සහ ප්‍රතීක අතර යම් යම් පදනම් ගොඩනැගුව ද වැදගත්ම සම්බන්ධය ඉදිරිපත් කලේ පැව්ලෝ විසින් ය. ඔහු විසින් 1897දී බල්ලෙකු යොදාගෙන සිදුකළ පර්යේෂණය මනෝවිද්‍යා ලෝකයේ ඉතා සුවිශේෂී, සුප්‍රකට පර්යේෂණයක් විය. උත්තේජනය සහ ප්‍රතිචාරය අතර ඇති සම්බන්ධය පෙන්වාදුන්හ. මෙම න්‍යාය තුල වැදගත් සාධක දෙකක් වන්නේ උත්තේජන සහ ප්‍රතිචාරයයි. (බාහිර චර්යාව වෙනස්කළ හැකි ඕනෑම සාදකයක් උත්තේජකයක් වේ. එයට ලැබෙන පිළිතුර ප්‍රතිචාරය වේ.) මෙයින් ඔහු, උත්තේජන හේතුවෙන් ප්‍රතිචාර ඇති වන බවත්, ස්වාභාවික උත්තේජන විසින් සත්වයින්ගේ මානසික උත්තේජනයන් ඇති වන බව ද, එම උත්තේජනයන් මැදට බන්ධනීය උත්තේජනයන් ඇති කොට ප්‍රතිචාරය වෙනස් කළ හැකි බව පෙන්වාදී ඇත. පසුව වොට්සන් විසින්ද තම අදහස් ඉදිරිපත් කරමින් මෙම වාදය තව දුරටත් වර්ධනය කර ඇත. සමස්තයක් ලෙස ගත් කල ආරෝපනයකින් තොරව ඇති වන උත්තේජන ප්‍රතිචාර සම්බන්ධයක් මැදට උත්තේජයක් බන්දනය කරවා එය තුලින් ඉගෙනුමක් ඇත් කළ හැකි බව පැහැදිලි කලහ. පැව්ලෝ සිදුකල පරීක්ෂණයේදී බල්ල ආහාරය දුටු විට කෙල වැගිරීම ස්වාභාවික චර්යාවක් වන අතර සීනුව නාද කළ විට සිදුවන චර්යාව උගත් චර්යාවක් වේ. මෙය උත්තේජ ප්‍රතිචාර න්‍යායත් සමඟ වඩාත් පැහැදිලි කරගනිමු.
මේ තුලින් පැව්ලෝ උත්තේජනයට අනුව ප්‍රතිචාර ඇති වන යන වොට්සන් ගේ මතයත් උත්තේජනය බන්ධනීය කරමින් ප්‍රතිචාරය වෙනස් කල හැකිය යන ඔහුගේ අදහසත් සනාත කළහ. පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ වාදය මෙන් ම චර්යාවාදී සංකල්පය ගොඩනැගීම සදහා බෙහෙවින් දායක වූ තවත් න්‍යායක් වන්නේ ෆෙඩ්‍රික් ස්කිනර්ගේ (Burrhus Frederic Skinner 1904- 1990) ප්‍රකාරක ආරෝපණ වාදයයි. ස්කිනර් තම අදහස් පැව්ලෝගේ අදහස් වලට අබිබවා වෙනස්ව යමින් තමන්ගේම නව අදහස් සමූහයක් ඉදිරිපත් කළහ. මොහුට අනුව අපගේ සෑම චර්යාවක්ම ප්‍රතිඵලය වාසි හෝ අවාසි නම් ක්‍රමානුකූලව එම චර්යාවට බලපෑම් ඇත් කළ හැකිය යන්න තම න්‍යාය හරහා පැහැදිළි කොට ඇත. සරලව කියනවා නම් චර්යාව අයහපත් නම් චර්යාවන් වෙනස් කල හැකිය යන්න පවසා ඇත. ඒ සදහා පෙට්ටියක් භාවිතා කරමින් සුවිශේෂී පරීක්ෂණයක්ද ඔහු ඉදිරිපත් කළහ. ඔහු තවදුරටත් සමපාත වූ උත්තේජනයක් නොමැතිව වුව ද ප්‍රතිචාරයක් ඇතිවිය හැකි අතර ආරෝපණ ක්‍රියාවලිය සිදු වීම සදහා කල්තබා තීරණය කරණු ලැබූ උත්තේජන විශේෂයක් නොමැතිව ම අදාල ආරෝපණ ක්‍රියාවලිය සිදුවන බවත් ඒ සදහා අවැසි උත්තේජනය අවස්ථාවට අනුව පැහැදිලි වන බව පැවසූහ. ස්කිනර් ඒ සදහා "ප්‍රකාරකය" යනුවෙන් හදුන්වයි. එයින් ඇති වෙන චර්යාව ප්‍රකාරක චර්යාවක් වන බව සදහන් කොට ඇත. සම්භාව්‍ය ආරෝපණ වාදයට අනුව ප්‍රකාරකය උත්තේජනයට අනුව ප්‍රතිචාර දැක්වුව ද, ප්‍රකාරකය "උපස්ථම්භනයට" අනුව ප්‍රතිචාර දක්වන බව ස්කිනර් පැවසුවේය.
උපස්ථම්භන යනු - කිසියම් චර්යාවකට බලපෑම් කළහැකි එසේත් නැති නම් චර්යාව දුර්වල කිරීමට හෝ ශක්තිමත් කිරීමට හේතු විය හැකි එම චර්යාවේම ප්‍රතිඵලයයි. එයට බාහිර දෙයකින් එය සිදු නොවේ. උපස්ථම්භන ප්‍රධාන කොටස් 4කින් පෙන්වාදිය හැකිය
ධන උපස්ථම්භන (Positive Reinforcements) -
ධන උපස්ථම්භන යනු චර්යාව වෙනස් කිරීම සදහා යොදාගත හැකි හොදම ක්‍රමවේදයයි. තෑගි දීමක්, උනන්දු කිරීමක් යන ආකාරයට ක්‍රියාත්මක වේ. තෑගි දීමකින්, උනන්දු කිරීමක් තුලින් අපේක්ෂිත චර්යාව ලබාගත හැකිය. පැව්ලෝ පැවසූ ක්‍රමයන්ට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි මෙය.
උදා- පාසල් විභාග වලින් හොදින් සමත් වෙනවිට දරුවෙකුට ත්‍යාගයක් යම් වටිනා දෙයක් ලබා දීම.
හොද ක්‍රියාවක් කල විත ත්‍යාගයක් හෝ යම් වටිනා දෙයක් ලබා දීම.
හොදින් විස්වාසවන්තව සේවය කරන සේවකයෙකු හට දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කිරීම.
ආයතනයක සේවකයන් වසරක් පාසා විනෝද චාරිකාවක් රැගෙන යාම.
සෘණ උපස්ථම්භන (Negative Reinforcements) -
මෙය ද චර්යාව වෙනස් කිරීමට හැකි ක්‍රමයකි, මෙහිදී අපේක්ෂිත චර්යාව නොලැබෙන විට ඒ සදහා දඩුවම් දීම තුලින් අපේක්ෂිත චර්යාව ලබා ගැනීම පෙන්වුම් කරයි.
උදා - දරුවෙකු පාසලේ විභාග වලින් සමත් නොවන විට දීමට තිබූ ත්‍යාගයක් නොදී සිටීම.
වැරදි ක්‍රියාවේ යෙදෙන විට ලබාදුන් ත්‍යාගයක් නැවත ගැනීම.
සේවය නිවැරදිව සහ විස්වාසවන්තව නොකිරීම නිසා වැටුප් අඩු කිරීම.
ප්‍රාථමික උපස්ථම්භන (Primary Reinforcements) -
මෙයද චර්යාවන් වෙනස් කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයකි. මෙයින් සත්වයෙකුගේ හෝ මිනිසෙකුගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සාදක උපස්ථම්භන ලෙස ලබා දීම තුලින් අපේක්ෂිත චර්යාව ලබා ගැනීම සිදු වේ.
උදා - ජලය පිපාසය සන්සිදුවා ගැනීමට ලබාදීම.
ආහාර කුසගින්න නිවා ගැනීමට ලබාදීම.
උණුසුම සීතල වැනි උෂ්ණත්වය අවශ්‍ය ලෙස ලබා දීම.
ද්විතීයික උපස්ථම්භන (Secondary Reinforcements) -
මෙහිදී සත්වයෙකුගේ හෝ මිනිසෙකුගේ මානසිකව බලපාන සාධන මානසික අවශ්‍යතාවයන් උපස්ථම්භන ලෙස ලබා දීම තුලින් අපේක්ෂිත චර්යාව ලබා ගැනීමක් ඇති කිරීමක් දැකිය හැකිය.
උදා- ප්‍රශංසාව, ආදරය, නිදහස
ඒ අනුව ඉගෙනුමක් යනු චර්යාවේ ඇත භව්‍යතාවයන් වෙනස් කිරීමක් ලෙසත්, එය කල උපස්ථම්භනය උපයෝගී කරගෙන බව ස්කිනර් පවසා ඇත.
මේ ආකාරයට තවත් වාදයන් ගනනාවක් සංකලනය කරමින් පොදු න්‍යායක් ලෙස වොට්සන් තම චර්යාවාදය ගොඩනගා ඇත. ජීවියෙකුගේ සෑම චර්යාවක්ම නිරීක්ෂණයෙන් උත්තේජන ප්‍රතිචාර රටාවක් පිලිබිඹු වන අතර එම හේතුවෙන් යම්කිසි උත්තේජනයකට දෙනු ලබන ප්‍රතිචාර ගැන අනාවැකි පළ කළ හැකි වීමත් ඒවා ගණන් කීරීමටත් හැකි බවත් එම සෑම චර්යාවක්ම උගත් චර්යාවන් වන බව පවසා ඇත. ඒ වගේම ප්‍රොයිඩ් ආශා පිලිබදව ඉදිරිපත් කරපු සංකල්පය සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක් වන බව වොට්සන් පැවසූහ. ඔහුගේ මෙම මතය දැඩි ලෙස සනාත කරමින් අනෙක් මතයන් විවේචනය කරමින් සමකාලීන මනෝවිද්‍යාඥයන් සමග තර්ක, වාද කරමින් මනෝවිද්‍යාවේ නිර්වචනයන් අධ්‍යයන ක්ෂේත්‍රයන් හා අධ්‍යයන ක්‍රමවේදයන් වෙනස් කිරීමට දැඩි උත්සාහයක් ගත් හ. එය හුදෙක් උත්සාහයක් පමණක් නොව මනෝවිද්‍යා ලෝකයට ඉතා වැදගත් කරුණු රාශියක් චර්යා වාදය හරහා මනෝවිද්‍යාවේ වර්ධනයට උපයෝගී වී ඇත.
චර්යාවාදයට සාදාරණයක් ඉෂ්ට කලා කියල හිතනව. මගහැරුනු කරුණු මොනව හරි තියනවනම් තව ඇතුලත් විය යුතු කරුණු මොනවා හරි තියනවනම් මට දැනුම් දෙන්න. මන් update කරන්නම්. වැදගත් මාතෘකාවක් මේත් එක්ක ඉවර වෙනව. තවත් වැදගත් මාතෘකාවක් තියනවා කතා කරන්න "මනෝවිශ්ලේෂණ වාදය" ඉදිරියේදී ඒකත් ඔබට ලැබෙන්න සලස්වන්නම්. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු
හරි එහෙනම් අපි මාතෘකාව ගැන බලමු. ඔහොම්ම ම පහලට එන්නකෝ
චර්යාවාදය
20වන ශතවර්ෂය ආරම්භයේදී මනෝවිද්‍යාව තුල පෙරලියක් ඇති කරන්න මේ චර්යාවාදී සංකල්පයට හැකි විය. ව්යුහවාදය සහ කාර්යයබද්ධවාදයෙන් පසුව මනෝවිශ්ලේෂණ වාදය ආරම්භ විය. මනෝවිශ්ලේෂණ වාදය ටිකක් සංකීර්ණ නිසා ඊලඟ ලිපියෙන් මනෝවිශ්ලේෂණ වාදය ඔබට ලබාදෙන්නම්.. මනෝවිශ්ලේෂණ වාදයේ තිබූ දුර්වලතාවයන් මගහරවාලමින් නැතහොත් බැහැර කරමින් පසුව 1913 පමණකාලයේ ඇමරිකානු ජාතික J.B වොට්සන් ( J.B Watson 1878-1958) විසින් චර්යාවාදය සම්බන්ධයෙන පලවූ ලිපියත් සමඟව ම චර්යාවාදී සංකල්පයේ ආරම්භය සනිටුහන් කළහ. විද්‍යාත්මක මනෝවිද්‍යා ලෝකයේ පදනම සකස් වූයේ මෙම චර්යාවාදී ගුරුකුලය හේතුවෙනි. ඒ වගේම ඇමරිකාව තුල ඉතාමත් ඉක්මනින් ප්‍රචලිත වන්නට මෙන් ම මනෝවිද්‍යා ලෝකයේ පෙරලියක් ඇති කරන්නට මෙම න්‍යාය හේතු විය..J.B වොට්සන් පමණක් නොව එහි වර්ධනයට E.L තොන්ඩයික් ( E.L Thorndike 1874-1949), ඉවාන් පැව්ලෝ ( Ivan petrovich Pavlov 1849-1936) යන අය ප්‍රධාන කොටගෙන ඔවුන්ගේ න්‍යායන් සහ එකිනෙකට වෙනස් වාදයන්, ගුරුකුලයන් රැසක් උපයොගී කරගනිමින් චර්යාවාදී මනෝවිද්‍යා ගුරුකුලය මනෝවිද්‍යා ලෝකයට හදුන්වාදී ඇත. අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය, E.L තොන්ඩයික් ගේ සංඝටන න්‍යාය, B.F ස්කිනර්ගේ ප්‍රකාරක ආරෝපණ වාදය, ප්‍රජානන ඉගෙනුම් වාදය, සමාජ ඉගෙනුම් වාදය ඇතුලු න්‍යායන් ප්‍රධාන කොටගෙන තවත් නියායන් රාශියකගේ අදහස් සමගින් චර්යාවාදී සංකල්පය මනෝවිද්‍යා ලෝකයට පැමිණ ඇත. මොවුන් සිදුකළ පර්යේෂණ චර්යාවාදී න්‍යායේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් විය.
චර්යාවාදය යනු මිනිසුන්ගේ සහ සත්වයන්ගේ චර්යාවන් අධ්‍යයනය කරමින් ඒවායේ වෙනස් කම් වර්ධනයන් සිදු කිරීම සදහා යොදාගත් ක්‍රමවේදයකි. චර්යාවාදී සංකල්පය පොදුවේ ගත්කල, සෑම චර්යාවක්ම ඉගෙනුමකින් සිදුවන අතර සෑම පුද්ගලයෙකුම චර්යාවන් ඉගෙනගන්නා බව චර්යාවාදීන් පෙන්වාදී ඇත. වොට්සන් ව්යුහවාදයේන් හදුන්වාදුන් අන්තරාවලෝකන ක්‍රමය විවේචනයට ලක් කරමින් එය ප්‍රතිකේෂ්ප කළහ. ඒ වගේම මිනිස් මනස විද්‍යාත්මක පර්යේෂණ වලට ලක් කළ නොහැකිවීම හේතුවෙන් වොට්සන් මනස යන්න ප්‍රතිකේෂ්ප කොට මිනිස් චර්යා යන සංකල්පය යොදාගෙන ඇත. මිනිස් චර්යා නිරීක්ෂණ, පරීක්ෂණ වැනි විද්‍යාගාර ක්‍රම භාවිත කරමින් අධ්‍යයනයන් කළ හැකි බව වොට්සන්ගේ අදහසයි. සතුන් උපයෝගී කොටගෙන චර්යාවාදීන් වැඩිපුරම මිනිස් චර්යාවන් අධ්‍යයනය කිරීමට සදහා යොදාගෙන ඇත. වොට්සන් මෙම න්‍යායත් සමඟින් විද්‍යාත්මක පරීක්ෂණ සහ නිරීක්ෂණයට භාජනය කල නොහැකි සියලුම සංකල්පයන් ප්‍රතිකේෂ්ප කළහ. අන්තරාවලෝකනය, මනස, විඥානය, ආත්මය යන සංකල්ප උදාහරණ ලෙස දැක්විය හැකිය.
චර්යාවාදීන් මේ ආකාරයට මිනිසුන්ගේ සහ සතුන්ගේ චර්යාවන් උගත් චර්යාවන් සහ න- උගත් චර්යාවන් යනුවෙන් කොටස් දෙකකට වෙන්කොට දැක්වීය.
න- උගත් චර්යාවන් යනු - මිනියෙකු හෝ සත්වයෙකු සිතන්නේ නැතිව සිදුවන ක්‍රියා ය. උදාහරණ ලෙස හුස්ම ගැනීම, හෘද ස්පන්ධනය, ආහාර ජීරණය, ඇසිපිය ගැසීම වැනි චර්යාවන් දැක්විය හැකිය. මේවාට ප්‍රතීක ක්‍රියා, අනිච්ඡානුක ක්‍රියා යනුවෙන්ද හදුන්වයි. මිනිසෙකුගේ හෝ සත්වයෙකුගේ ජීවිතයේ 5%ක් පමණ ප්‍රමාණයක් මෙම චර්යාවන් ඇත.
උගත් චර්යාවන් යනු - කායික විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවන ඉපදීමෙන් පසුව හෝ මව් කුස තුලදී හෝ මිනිසුන් සහ සත්වයන් යම්කිසි ඉගෙනීමකින්, දැනුවත් වීමකින් සිදු වන චර්යාවන් ය. පුද්ගලයෙකුගේ ජීවිතයේ 95%ක් ම ඇත්තේ මෙම උගත් චර්යාවන් ය. මනෝවිද්‍යාවට වැඩියෙන්ම වැදගත් වන්නේ ද මෙම උගත් චර්යාවන් ය. එයට හේතුව වන්නේ මෙම චර්යාවන් විද්‍යාත්මකව පර්යේෂණ වලට ලක් කළ හැකි වීමයි.
ඉහතින් සදහන් කර ඇති ආකාරයට මෙම චර්යාවාදී න්‍යාය වොට්සන් විසින් හදුන්වාදීමෙන් පසුව මෙහි මූලික පියවර තබමින් මෙම න්‍යායේ වර්ධනයට සහ නිර්මාණයට රුසියානු ජාතික කායික විද්‍යාඥයෙකු වූ අයිවන් පැව්ලෝ දායක විය. මොහු විසින් ඉදිරිපත් කල සම්භාව්‍ය ආරෝපණ වාදය නැමැති සංකල්පය චර්යාවාදයේ මූලිය පියවර තැබීමට දායක කොටගෙන ඇත. සම්භාව්‍ය ආරෝපණ වාදයේ අනු න්‍යායක් ලෙස ප්‍රතීකවාදය දැක්විය හැකිය පැවිලෝ තම සොයාගැනීම් සහ පර්යේෂණ සිදුකලේ මෙම න්‍යාය යටතේ ය. ප්‍රතීකවාදය සඳහා ඉතා ඈත ඉතිහාසයක් ඇත. රෙනේ දේකාත් නැමැති දාර්ශනිකයා ප්‍රතීකවාදයේ පියා ලෙස හදුන්වයි. ඔහු මාංශපේශීන් ආශ්‍රිත කායික විද්‍යාත්මක යාන්ත්‍රණයක් මගින් ශරීරයේ තොරතුරු ගමන් කරන ගමන් මාර්ගය පැහැදිලි කලහ. ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ගෙන් පැමිනෙන තොරතුරු මාංශ පේශීන් හරහා මොළයටද එයට පිළිතුරු ලෙස මොළයෙන් නැවතත් ඉන්ද්‍රියයන්ටද ගමන් කරන බව පෙන්වාදුන්හ. මේ කාලයේ ස්නායු පද්ධතිය සොයාගෙන නොතිබූ හේතුවෙන් මාංශ පේශීන් යන්න යොදගෙන ඇත.
පසුව විවිධ දාර්ශනිකයන්, විද්‍යාඥයන් විසින් ස්නායු පද්ධතිය සහ ප්‍රතීක අතර යම් යම් පදනම් ගොඩනැගුව ද වැදගත්ම සම්බන්ධය ඉදිරිපත් කලේ පැව්ලෝ විසින් ය. ඔහු විසින් 1897දී බල්ලෙකු යොදාගෙන සිදුකළ පර්යේෂණය මනෝවිද්‍යා ලෝකයේ ඉතා සුවිශේෂී, සුප්‍රකට පර්යේෂණයක් විය. උත්තේජනය සහ ප්‍රතිචාරය අතර ඇති සම්බන්ධය පෙන්වාදුන්හ. මෙම න්‍යාය තුල වැදගත් සාධක දෙකක් වන්නේ උත්තේජන සහ ප්‍රතිචාරයයි. (බාහිර චර්යාව වෙනස්කළ හැකි ඕනෑම සාදකයක් උත්තේජකයක් වේ. එයට ලැබෙන පිළිතුර ප්‍රතිචාරය වේ.) මෙයින් ඔහු, උත්තේජන හේතුවෙන් ප්‍රතිචාර ඇති වන බවත්, ස්වාභාවික උත්තේජන විසින් සත්වයින්ගේ මානසික උත්තේජනයන් ඇති වන බව ද, එම උත්තේජනයන් මැදට බන්ධනීය උත්තේජනයන් ඇති කොට ප්‍රතිචාරය වෙනස් කළ හැකි බව පෙන්වාදී ඇත. පසුව වොට්සන් විසින්ද තම අදහස් ඉදිරිපත් කරමින් මෙම වාදය තව දුරටත් වර්ධනය කර ඇත. සමස්තයක් ලෙස ගත් කල ආරෝපනයකින් තොරව ඇති වන උත්තේජන ප්‍රතිචාර සම්බන්ධයක් මැදට උත්තේජයක් බන්දනය කරවා එය තුලින් ඉගෙනුමක් ඇත් කළ හැකි බව පැහැදිලි කලහ. පැව්ලෝ සිදුකල පරීක්ෂණයේදී බල්ල ආහාරය දුටු විට කෙල වැගිරීම ස්වාභාවික චර්යාවක් වන අතර සීනුව නාද කළ විට සිදුවන චර්යාව උගත් චර්යාවක් වේ. මෙය උත්තේජ ප්‍රතිචාර න්‍යායත් සමඟ වඩාත් පැහැදිලි කරගනිමු.
මේ තුලින් පැව්ලෝ උත්තේජනයට අනුව ප්‍රතිචාර ඇති වන යන වොට්සන් ගේ මතයත් උත්තේජනය බන්ධනීය කරමින් ප්‍රතිචාරය වෙනස් කල හැකිය යන ඔහුගේ අදහසත් සනාත කළහ. පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ වාදය මෙන් ම චර්යාවාදී සංකල්පය ගොඩනැගීම සදහා බෙහෙවින් දායක වූ තවත් න්‍යායක් වන්නේ ෆෙඩ්‍රික් ස්කිනර්ගේ (Burrhus Frederic Skinner 1904- 1990) ප්‍රකාරක ආරෝපණ වාදයයි. ස්කිනර් තම අදහස් පැව්ලෝගේ අදහස් වලට අබිබවා වෙනස්ව යමින් තමන්ගේම නව අදහස් සමූහයක් ඉදිරිපත් කළහ. මොහුට අනුව අපගේ සෑම චර්යාවක්ම ප්‍රතිඵලය වාසි හෝ අවාසි නම් ක්‍රමානුකූලව එම චර්යාවට බලපෑම් ඇත් කළ හැකිය යන්න තම න්‍යාය හරහා පැහැදිළි කොට ඇත. සරලව කියනවා නම් චර්යාව අයහපත් නම් චර්යාවන් වෙනස් කල හැකිය යන්න පවසා ඇත. ඒ සදහා පෙට්ටියක් භාවිතා කරමින් සුවිශේෂී පරීක්ෂණයක්ද ඔහු ඉදිරිපත් කළහ. ඔහු තවදුරටත් සමපාත වූ උත්තේජනයක් නොමැතිව වුව ද ප්‍රතිචාරයක් ඇතිවිය හැකි අතර ආරෝපණ ක්‍රියාවලිය සිදු වීම සදහා කල්තබා තීරණය කරණු ලැබූ උත්තේජන විශේෂයක් නොමැතිව ම අදාල ආරෝපණ ක්‍රියාවලිය සිදුවන බවත් ඒ සදහා අවැසි උත්තේජනය අවස්ථාවට අනුව පැහැදිලි වන බව පැවසූහ. ස්කිනර් ඒ සදහා "ප්‍රකාරකය" යනුවෙන් හදුන්වයි. එයින් ඇති වෙන චර්යාව ප්‍රකාරක චර්යාවක් වන බව සදහන් කොට ඇත. සම්භාව්‍ය ආරෝපණ වාදයට අනුව ප්‍රකාරකය උත්තේජනයට අනුව ප්‍රතිචාර දැක්වුව ද, ප්‍රකාරකය "උපස්ථම්භනයට" අනුව ප්‍රතිචාර දක්වන බව ස්කිනර් පැවසුවේය.
උපස්ථම්භන යනු - කිසියම් චර්යාවකට බලපෑම් කළහැකි එසේත් නැති නම් චර්යාව දුර්වල කිරීමට හෝ ශක්තිමත් කිරීමට හේතු විය හැකි එම චර්යාවේම ප්‍රතිඵලයයි. එයට බාහිර දෙයකින් එය සිදු නොවේ. උපස්ථම්භන ප්‍රධාන කොටස් 4කින් පෙන්වාදිය හැකිය
- ධන උපස්ථම්භන
- සෘණ (-) උපස්ථම්භන
- ප්‍රාථමික උපස්ථම්භන
- ද්විතීක උපස්ථම්භන
ධන උපස්ථම්භන (Positive Reinforcements) -
ධන උපස්ථම්භන යනු චර්යාව වෙනස් කිරීම සදහා යොදාගත හැකි හොදම ක්‍රමවේදයයි. තෑගි දීමක්, උනන්දු කිරීමක් යන ආකාරයට ක්‍රියාත්මක වේ. තෑගි දීමකින්, උනන්දු කිරීමක් තුලින් අපේක්ෂිත චර්යාව ලබාගත හැකිය. පැව්ලෝ පැවසූ ක්‍රමයන්ට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි මෙය.
උදා- පාසල් විභාග වලින් හොදින් සමත් වෙනවිට දරුවෙකුට ත්‍යාගයක් යම් වටිනා දෙයක් ලබා දීම.
හොද ක්‍රියාවක් කල විත ත්‍යාගයක් හෝ යම් වටිනා දෙයක් ලබා දීම.
හොදින් විස්වාසවන්තව සේවය කරන සේවකයෙකු හට දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කිරීම.
ආයතනයක සේවකයන් වසරක් පාසා විනෝද චාරිකාවක් රැගෙන යාම.
සෘණ උපස්ථම්භන (Negative Reinforcements) -
මෙය ද චර්යාව වෙනස් කිරීමට හැකි ක්‍රමයකි, මෙහිදී අපේක්ෂිත චර්යාව නොලැබෙන විට ඒ සදහා දඩුවම් දීම තුලින් අපේක්ෂිත චර්යාව ලබා ගැනීම පෙන්වුම් කරයි.
උදා - දරුවෙකු පාසලේ විභාග වලින් සමත් නොවන විට දීමට තිබූ ත්‍යාගයක් නොදී සිටීම.
වැරදි ක්‍රියාවේ යෙදෙන විට ලබාදුන් ත්‍යාගයක් නැවත ගැනීම.
සේවය නිවැරදිව සහ විස්වාසවන්තව නොකිරීම නිසා වැටුප් අඩු කිරීම.
ප්‍රාථමික උපස්ථම්භන (Primary Reinforcements) -
මෙයද චර්යාවන් වෙනස් කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයකි. මෙයින් සත්වයෙකුගේ හෝ මිනිසෙකුගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සාදක උපස්ථම්භන ලෙස ලබා දීම තුලින් අපේක්ෂිත චර්යාව ලබා ගැනීම සිදු වේ.
උදා - ජලය පිපාසය සන්සිදුවා ගැනීමට ලබාදීම.
ආහාර කුසගින්න නිවා ගැනීමට ලබාදීම.
උණුසුම සීතල වැනි උෂ්ණත්වය අවශ්‍ය ලෙස ලබා දීම.
ද්විතීයික උපස්ථම්භන (Secondary Reinforcements) -
මෙහිදී සත්වයෙකුගේ හෝ මිනිසෙකුගේ මානසිකව බලපාන සාධන මානසික අවශ්‍යතාවයන් උපස්ථම්භන ලෙස ලබා දීම තුලින් අපේක්ෂිත චර්යාව ලබා ගැනීමක් ඇති කිරීමක් දැකිය හැකිය.
උදා- ප්‍රශංසාව, ආදරය, නිදහස
ඒ අනුව ඉගෙනුමක් යනු චර්යාවේ ඇත භව්‍යතාවයන් වෙනස් කිරීමක් ලෙසත්, එය කල උපස්ථම්භනය උපයෝගී කරගෙන බව ස්කිනර් පවසා ඇත.
මේ ආකාරයට තවත් වාදයන් ගනනාවක් සංකලනය කරමින් පොදු න්‍යායක් ලෙස වොට්සන් තම චර්යාවාදය ගොඩනගා ඇත. ජීවියෙකුගේ සෑම චර්යාවක්ම නිරීක්ෂණයෙන් උත්තේජන ප්‍රතිචාර රටාවක් පිලිබිඹු වන අතර එම හේතුවෙන් යම්කිසි උත්තේජනයකට දෙනු ලබන ප්‍රතිචාර ගැන අනාවැකි පළ කළ හැකි වීමත් ඒවා ගණන් කීරීමටත් හැකි බවත් එම සෑම චර්යාවක්ම උගත් චර්යාවන් වන බව පවසා ඇත. ඒ වගේම ප්‍රොයිඩ් ආශා පිලිබදව ඉදිරිපත් කරපු සංකල්පය සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක් වන බව වොට්සන් පැවසූහ. ඔහුගේ මෙම මතය දැඩි ලෙස සනාත කරමින් අනෙක් මතයන් විවේචනය කරමින් සමකාලීන මනෝවිද්‍යාඥයන් සමග තර්ක, වාද කරමින් මනෝවිද්‍යාවේ නිර්වචනයන් අධ්‍යයන ක්ෂේත්‍රයන් හා අධ්‍යයන ක්‍රමවේදයන් වෙනස් කිරීමට දැඩි උත්සාහයක් ගත් හ. එය හුදෙක් උත්සාහයක් පමණක් නොව මනෝවිද්‍යා ලෝකයට ඉතා වැදගත් කරුණු රාශියක් චර්යා වාදය හරහා මනෝවිද්‍යාවේ වර්ධනයට උපයෝගී වී ඇත.
චර්යාවාදයට සාදාරණයක් ඉෂ්ට කලා කියල හිතනව. මගහැරුනු කරුණු මොනව හරි තියනවනම් තව ඇතුලත් විය යුතු කරුණු මොනවා හරි තියනවනම් මට දැනුම් දෙන්න. මන් update කරන්නම්. වැදගත් මාතෘකාවක් මේත් එක්ක ඉවර වෙනව. තවත් වැදගත් මාතෘකාවක් තියනවා කතා කරන්න "මනෝවිශ්ලේෂණ වාදය" ඉදිරියේදී ඒකත් ඔබට ලැබෙන්න සලස්වන්නම්. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු
ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya )

22 comments
Minisage charyawa kerehi uththejayange balapaama wisthara kara denna puluwanda sir
ReplyDeleteUththeja waraga ha uththeja kiyanne monawada kiyala wisthara denna puluwanda sir....

ReplyDeleteBest
ReplyDeleteI have red this whole article.It is an important one.I understood everything clear.
ReplyDeleteThankyou.
I havr red this whole.. it is very important my knowledge thank you sir
ReplyDeleteThis one is very important to us first thing is we are human and therefore we should learn psychology the best way to to study behaviourism in good manner.
ReplyDeleteGodaak wadagath una
ReplyDeleteGodaaak wadagath una sir
ReplyDeleteExcellent .. very important for my studies
ReplyDeleteThis was became very useful for assignment. Thank you sir
ReplyDeleteThank you
ReplyDeleteSanthathika, savirama kiyalath reinforcements patterns warga 2k thiyanawa neda.
ReplyDeleteස්තුති.හරියට වටිනව.තෙරුවන් සරණයි
ReplyDeleteThnk you veryy much..its a very important thing💫
ReplyDeleteThankyou so much.. this is very important to me for my assignment and exam
ReplyDeleteThis is very important to us....Thank you...very much ......🙏
ReplyDeleteබොහොම ස්තූතියි සර්🙏
ReplyDeleteහොඳින් පැහැදිලි වෙනවා අදහස, ස්තූතියි
ReplyDeleteගොඩාක් වැදගත් . ස්තූතියි
ReplyDeleteඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට විස්තර කරල තියෙනවා.. ස්තූතියි.
ReplyDeleteThank you very much. Godak saralawa pahadili karala thiyenawa. 🙏
ReplyDelete