කුරුලෑ ඇති වෙලා මුහුණ අවපැහැ වෙලා ද??

by - July 18, 2016


ඉතින් කොහොමද ඔබට. ජීවිතයට වැදගත් වෙන තවත් ලිපියක් අරගෙන මනෝවිද්‍යා විශ්වය තුලින් ඔබව හමුවෙන්න ආවා. හරි එහෙන්ම් අපි සාකච්ඡාවට යමු.

කුරුලෑ ඇති වෙලා මුහුණ අවපැහැ වෙලා ද? 

කුරුලෑ ඇති වීමේ මනෝවිද්‍යාත්මක පැත්ත.

                Phone එකට Android, IOS, windows Operating system (OS) එකක් නැති නම් තියනව, පරිගණකයටත් Windows, Mac, Linux, වැනි Operating systems තියනවා අනෙකුත් තාක්ෂණික සෑම උපකරණයක්මත් OS එකකට අනුව තමා වැඩ කරන්නේ. ඉතින් මිනිසා වැඩ කරන්නෙ මොන OS එකෙන්ද? මිනිසාගේ මොළය තමා machine ඒක වැඩ කරන්න යොදල තියන OS එක තමා මනස. මනස කියන Operating system එකට අනුව තමා මිනිසාගේ මොළය ක්‍රියාත්මක වෙන්නේ. විඥානය කියලත් මනස හදුන්වනවා. මිනිසාට ඇති වෙන සෑම රෝගයක්ම ඇති වෙන්න 70% - 80%ක් පමණම් හේතු වෙන්නේ මේ මනසෙන් සිදු වෙන බලපෑම් ය. රෝග විතරක් නෙවේ චර්යාවේ වෙනස් කම්, ආකල්ප වල වෙනස්කම් පවා ඇති වෙන්න මේ මනස හේතු වෙනව. ඉතින් Os එකට අනුව  phone එක පරිගණකය වැඩ කරනවා වගේ අපේ මනසට අනුව අපේ ශරීරයේ සෑම කොටසක් ම පාලනය කරනවා. මනස දියුණු කරගත්තු අයට මනස තුලින් ඒවා පාලනය කරන්න පුලුවන් වෙනව.

පරිගණකයේ OS එක update එකක් එහෙම කරන්නේ නැතිවුනාම හරි, virus එකක් එහෙම ආවොත් machine එකම පිස්සු නටනව නේද එක පාරට restart වෙනව off වෙනව ඔය වගේ ඒවා වෙනව නේද. ඒ වගේ තමා අපේ මනස ලෙඩ වුනාම.  මනසේ යම් යම් තත්වයන් අපගේ ශරීරයෙන් එලියට දානවා. ප්‍රශ්ණයක් ආපුවාම මිනිස්සු වැහැරිලා වගේ වෙනව. සිතේ සතුටින් ඉන්නකොට මුලු ශරීරයම දිලිසෙනව වගේ, ප්‍රාණවත්, විකසිත ගතියක් තියනව. ඒ වගේම අපි අපේ ශරීරයේ අභ්‍යන්තරට වඩා වැඩි අවධානමක් යොදවන්නේ බාහිරට, බාහිර පෙනුම ආකර්ශනීය විදිහට තියාගෙන අන් අයගෙන් කැපිල පෙන්න එක එක දේවල් කරන්නේ මේ ශරීරයේ බාහිරට, එහිදී ගොඩක් ම වැදගත් වෙනව මුහුණ. මනසේ ඇති වෙන 80%- 90%ක් ම තත්වයන් මුහුණ තුලින් තමා එළියට දාන්නේ. තරහව, සතුට, දුක, ආදරය, ඇතුලි බොහෝ හැගීම්. ඒ හැගීම් මනස ඉල්ලන වෙලාවට නොලැබෙන විට එහි ප්‍රතිඵලය ද මුහුණ තුලින් දිස් වෙනවා. බහුතරයක් මානසික අක්‍රමතාවයන් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ අපේ මනස ඉල්ලන දේවල් දිගින් දිගටම නොලැබුනාම. සහ අවශ්‍ය දේවල් සිතේ තුල තද කරගෙන සිටීමෙන්. ඒ වගේම බාහිර සමාජ තත්වයන් තුලදී, බාහිර වෙනත් සාධකයන් හේතුවෙන් ද මානසික අක්‍රමතා ඇති වෙනව.

ඉතින් මේ මානසික අක්‍රමතාවයන් වලින් ප්‍රධාන ලෙස අපිට එදිනෙදා ජීවිතයේදී අපි දැනුවත්ව හෝ බෝහෝ විට නොදැනුවත්වම ඇති වෙන මානසික අක්‍රමතාවයන් වන්නේ stress, anxiety, depression මෙම තත්වයන් බරපතල වුවහොත් එය අපට ඉක්මනින්ම දැනගත හැකිය නමුත් මේ තත්වයන්ගේ මූලිකඅ වස්තා අද සමාජයේ බොහෝ දෙනා දන්නේ නෑ සහ පිළිගන්නේ නෑ. ඉතින් මේ එක පාරට ඇති වෙන පහසුවෙන් සුව නොවන කුරුලෑ, කිසිම හේතුවක් නැතිව මුහුණ අවපැහැ ගැනීම්,ඇස් යට කලු වීම, අකලට හිස කෙස වැටීම, අකලට හිසකෙස් පැසීම, අකලට මුහුණ රැලි වැවීම, මහලු පෙනුම, හිසරදය, ඉදගෙන සිටින විට කකුල ගැස්සීම (වෙවුලන ආකාරයට) (පුරුද්දරත් මෙහෙම වෙනව), ඇග පතේ අමාරු ( හේතුවක් නැති) හිසේ සිට එක වර හිරිවැටී යාම, මුහුණේ එක පැත්තක් හිරිවැටී තිබීම (සෙම් අමාරුවට නොමැති තත්වයකදී) නිතර අසාමාන්‍ය ලෙස ඇසිපිය ගැසීම ඇතුලු බොහෝ තත්වයන් (ඇත්තටම රෝග කියන්න බෑ මේවට) ඇති වෙන්න 90%ක් ම හේතු වෙන්නෙ මේ stress, anxiety, depression ඇතුලු අනිත් මානසික අක්‍රමතාවන්..

සමහරක් අයට විභාගය ලන් වෙනකොට කලු වෙලා කුරුලෑ ඇවිල්ලා වැහැරිලා වගේ ඉන්නව. ඒකට හේතුව විභාගයට මහන්සි වෙන නිසත් විය හැකි නමුත් 98%ක්ම හේතු වෙන්නේ විභාගයට නිසා ඇති පීඩනය, විභාගය නිසා ඇති වෙන stress නිසා. ආදරයෙන් පැරදුණු අවස්තා වලදී ද ඔය වැනි තත්වයන් ඇති වෙනවා.. අකලට හිසකෙස  වැටීමටත් 98%ක්ම හේතු වෙන්නෙ මනස ලෙඩ වීම, නැති නම් මේ  Stress එක හේතුවෙනි. අකලට හිස කෙස් යාමට ද වැඩි බලපෑමක් ඇති කරන්නේ මේ මනසයි. හිස කෙස් වැටෙන කෙනෙක් ගැන සිතල බලන්න ඔහු නිතරම හිසකෙස් වැටීමට බෙහෙත් සොයනවා, එක එක අයගෙන් අසනවා,  නිතර නිතරම කන්නාඩියෙන් කොන්ඩය දෙස බලමින් කොන්දේ අත ගා අත්ල දිගහැර අතේ කෙස් ඇති දැයි බලනවා ඉතින් ආකර්ෂණ නීතියට අනුව ඔබ හිස අතගා අත්ල තුල දැකීමට බලාපොරොත්තු වන දේ ඔබට ඔබගේ මනස ලබා දෙනව. ඔබ දවසට කී පාරක් ඔය දේ කරනවද උදේ නැගිට්ට ගමන් මූණ සෝදන විට, නාන විට, කන්නාඩියක් දැක්ක දැක්ක තැන බලනව  නේද ඉතින් හිසකෙස් තව තවත් ගැලවෙන එක පුදුමයක්යෑ, ඔබමයි ඒ දේ කරගන්නේ. ඒ වගේම stress එකටත් හිසකෙස් ගැලවෙනව. APA (American Psychological Association) හී මනෝවිද්‍යාඥායින් ද මානසික සෞඛ්‍යය මිනිසාගේ ශරීරයට බලපාන ආකාරය සහ ඒවාට විසදුම් පිළිබදව පර්යේණකොට මිනිසාගේ මානසික සෞඛ්‍යය භාහිර ස්වරූපයට බලපෑම් කිරීමට හැකියාවක් ඇති බව තහවුරු කරගෙන ඇත. එහිදී ඔවුන් පවසන්නේ ඒවායෙන් මිදීන සදහා නැතිනම් ඒවා වැලැක්වීමට ප්‍රජානන චර්යා ප්‍රතිකාරය සහ භාවනාව යොදා ගත හැකි බවයි.

මේ මනස නිසා ඇති වෙන දේවල් වලට අපි මනසටම බෙහෙත් දෙන්න ඕනේ පිටින් cream, අනං මනං ගෑවට මදි. ඒකට මනස සැහැල්ලුව තියාගන්න ඕනේ stress, anxiety, depression වැනි තත්වයන්ගෙන් මිදීමට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනව මේ මනස සැහැල්ලුව තියාගන්න එක. අපිට මනස සැහැල්ලුව තියාගන්න ක්‍රම ඕන තරම් සොයා ගන්න පුලුවන් භාවනා ක්‍රම ඕන තරම් සොයා ගන්න පුලුවන්. ආනාපානසති භාවනාව ඒවාගෙන් එක් ක්‍රමයක් පමනි. මනස එක අරමුණක තියා ගැනීමෙන්, මනසට තමන්ගේ සිතුවිලි වලට රිසි සේ සෙල්ලම් කරන්න ඉඩ දීමෙන්, පරිසරයත් සමග එකතු වීමෙන්, relaxshation songs, බටනලා වාදනයන් වැනි සංගීතයට ඇහුම්කන්දීමෙන්, චිත්‍ර ඇඳීමෙන්, මල් වැවීමෙන්, විසිතුරු මසුන්ගේ ටැංකියක් දෙස බලා සිටීමෙන් වගේ ගොඩාක් දේවල් වලින් අපිට අපේ මනස සැහැල්ලු කරගන්න පුලුවන්. මේවගෙන් ප්‍රබලම දේවල් වෙන්නෙ පරිසරයත් සමග එකතු වීමෙන් සහ මනස එක අරමුණකට ගැනීමෙන් කියන කරුණු දෙකයි. මනස එක අරමුණකට ගැනීමට ක්‍රම රාශියක් තියනව. භාවනාව ප්‍රබලතම ක්‍රම වලින් එක ක්‍රමයක්. භාවනාව කිරීමට අපහසු ඒ තුලින් සිත සංසුන් නොවන අයත් ඕන තරම් ඉන්නව, ඒ භාවනානුයෝගී ක්‍රම වල වැඩි වෙලා සිටීමට අපහසු අයට භාවනාව නිවැරදිව වඩන්න බෑ. ඉතින් අපිට කරන්න පුලුවන් සාර්ථක භාවනා ක්‍රම ගැන මම වෙනමම ලිපියකින් දෙන්නම්.

ඉතින් අද මාතෘකාවට අනුව අපි කතා කල දේවල් වලින් මිදීමට සහ ඒවා වලක්වා ගැනීමට, සුව කර ගැනීමට මම ඉහතින් සදහන් කල ක්‍රම තුලින් කරගත් හැකිය. මනස සැහැල්ලු කරගන්න ඔබට ලැබෙන දේවල් අදහාගත නොහැකි වීමි, ශරීර වර්ණය පවා වෙනස් වෙනවා, කුරුලෑ එන එක අඩු වෙනව, කොන්ඩෙ යන එක අවම වෙනව, හිස කෙස් පැසීම අවම වෙනව. සම රැලි වැටීම අඩු වෙලා මහලු පෙනුම ඉවත් වෙනව. වයසට ගියත් තරුණ පෙනුමක් ඇති වෙනව. හරි ඉතින් මේව අඩු වෙනව කියල දැන්ම ගිහින් භාවන කරල විනඩි 5ක් 10ක් ඉදල මුකුත් වුනේ නෑ නේ කියන්න එපා.. භාවනාව සාර්ථක වෙන්න ඕනේ. භාවනාවට ගිහින් ඔන්න හුස්ම ගන්නවා පහල දානව කියල කිය කිය වෙන දේවල් ගැන සිතෙනව නම් ඒ භාවනාවෙන් වැඩක් නෑ. හුස්ම ගන්න ක්‍රියාවලිය නම් ඔබ මනසින් දකින්නේද ඇසෙන්නේ ද කියන්නේ ද ඒ ක්‍රියාවලිය විතරක් විය යුතු ඒ විදිහට ඔබ විනඩි 1ක් සිටියන් ඒ භාවනාව සාර්ථකයි හැබැයි දිගටම කරගෙන යන්න ඕනේ කෑමක් වුනත් කාපු ගමන් පෝශණය ශරීරයට එකතු එව ඒ ක්ෂණිකයෙන් ශරීරයේ විය යුතු දේවල් වෙන්නේ නෑ නේ. ආරම්භය විනඩි 1ක් නම් ටිකෙන් ටික වැඩි කරගෙන යන්න.

මුලින් පපුව පිරෙන්න ලොකූ හුස්ම වාර ගනනක් ගන්න ඒවා ගනන් කරන්න ලොකූ හුස්මක් අරගෙන බහ් ගල අයෙ එළියට දාන්න එපා, හුස්ම අරගින ටිකක් ඉදල ක්‍රමානුකූලව රිද්මයකට වගේ හෙමීට හුස්ම ටික පිට කරන්න ඒ වගේ 5ක් 10ක් අවධානයෙන් කරන්න ඊට පසේ ටිකෙන් ටික හුස්ම ගන්න ප්‍රමාණය අඩු කරල වේගය වැඩි ගරන්න කෙටි හුස්ම වැඩි වාර ගනනක් ඉහළ පහල හෙලන්න, ටිකෙන් ටික වේලග අඩු කරන්න. හුස්ම ඉහළ පහළ යන සෑම වතාවකම ඔබගේ ශරීරයේ සිදු වන සියලුව වෙනස්වීම මනසින් දකින්න හුස්ම පෙනහලු තුලට යන ආකාරය, ශරීරය ඉහල පහල යන ආකාරය ඇතුලු සියලූම වෙනස් වීම් මනසින් දකින්න. ඒ වගේ භාවනාව කරන්න තව භාවනාව ගැන සහ මනස සැහැල්ලු කරගන්න පුලුවන් ක්‍රම ගැන වෙනම ම ලිපියකින් දෙන්නම්. මනස සැහැල්ලුව තියාගන්න දවසේ වැඩ කරන අතර තුරේ ලොකූ හුස්මක් අරගෙන ටිකක් තියාගෙන ඉදල හෙමීට ඉහතින් කිඋව වගේ ක්‍රමානුකූලව පිට කරන්න දවසේ වැඩ කරන අතරතුරේ  කරන්න මානසික පීඩනය ඇති වීම මානසික වෙහෙස අවම කරගන්න පුලුවන්. අපි ඉහතින් සදහන් කරපු මානසික අක්‍රමතාවයන් ද ඉදිරියේදී කතා කරමු.

මනස සැහැල්ලුව තියාගන්න, එවිට මනසින් ඔබට දෙන දේ හිතාගන්නවත් බැරි වෙයි. මනසට ඇහුම්කන්දෙන්න, මනස කියන දේ අහන්න මනස ඉල්ලන දේ දෙන්න බලන්න එවිට ඔබ ඉල්ලන ඕනම දෙයක් මනස ඔබට ලබා දෙයි. එහෙනම් අදට අපේ මාතෘකාව අවසන් තවත් ජීවිතයට වැදගත් වන ලිපියක් අරගෙන මනෝවිද්‍යා විශ්වය තුලින් හමුවෙමු.

එතෙක්
බට ජයෙන් !!!!! 
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝


Author- 
Dushyantha Samarasinghe (Psychology Counselling Student in University of Kelaniya) 

You May Also Like

2 comments

  1. බොහෝම ස්තූති , ඉතාම වැදගත් ලිපියක් සහ අනිවාර්යයෙන් කිව යුතු ලිපියක්..ජය වේවා..!

    ReplyDelete
  2. බොහෝම ස්තූති , ඉතාම වැදගත් ලිපියක් සහ අනිවාර්යයෙන් කිව යුතු ලිපියක්..ජය වේවා..!

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)