Psychoanalytic Theory 02 (මනෝවිශ්ලේෂණවාදය)
ඉතින් කොහොමද යාලුවනේ. මේ අවුරුද්දේත් බාගයක්ම ඉවරයි නේද. ජීවිතයට මොනවද එකතු කරගත්තේ ජීවිතයේ මොනවද වෙනස් වුනේ, මොනවද අලුත් වුනේ, මොනවද ගත්තු වැදගත් තීරණ. පැය දෙකක් තුනක්අ රගෙන ටිකක් නිදහසේ කල්පනා කරල බලන්න.. හරි අද අපි කතා කරන්න හදන්නේ තවත් වැදගත් මාතෘකාවක් මනෝවිද්‍යාවට අදාල මාතෘකාවක් තමා..මනෝවිද්‍යා ලොකයේ විශාල වෙනසකට භාජනය කල මාතෘකාවක් ගැන තමා කතා කරන්නේ. මේ ලිපි පෙලේ පලමු ලිපිය අපි කලින් කතා කලා කියවල නැති අය මෙතනින් ගිහින් කියවන්න. හරි අපි මාතෘකාවට යමු,
කලින් ලිපියෙන් අපි කතා කලේ මේ මනෝවිශ්ලේෂණවාදයේ වටාපිටාව ගැන, සිග්මන් ෆ්රොයිඩ් ගැන එහෙම මූලික කරුණු කතා කලා ඉතින් මේ මනෝවිද්‍යා විශයට මේ මනෝවිශ්ලේෂණවාදය පැමිණීමට මූලික හේතූන් වුනේ හිස්ටීරියා රෝගය සහ ඒ ආශ්‍රිතව මනෝවිද්‍යාව දියුණු කිරීමේදී ය. හිස්ටීරිය රෝගය ගැන මූලික හැදින්වීමක් කලින් ලිපියෙන් කතා කලා අයේ කතා කරන්න ඕනේ නෑ නේ. හිස්ටිරියා රෝගයේ සම්පූර්ණ ලිපියක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ හිස්ටීරියා රෝගයට විසදුම් සෙවීමේදී තමා මේ විශ්ලේෂණ වාදය ඉදිරිපත් වුනේ. මුලින්ම මේ හිස්ටීරියා රෝගය සඳහා "ඇන්ටන් මෙස්මර්" අසම්මත ප්‍රතිකාර ක්‍රමයක් තුලින් රෝගීන් සුවකලද එය අසම්මත ක්‍රමයක් නිසා එම ක්‍රමය ප්‍රතිකේෂ්ප කලා. නමුත් ඔහුත් සමග හිතපු අනිත් වෛද්‍යවරුන් මේ ගැන දිගටම පර්යේෂණ කරමින් සිටියා, "ජින් චාකෝ, ඒ.ඕ. ලයබෝල්ට්, එම්. බර්න්හයිම්," මේ අය මූලිකව ඉදිරියට ගෙන ආ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙසට ඉදිරිපත් වුනේ, මෙස්මර් යොදාගත්තේ මෝහනය හෙවත් ස්වාපනය නම් සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් බවයි.
පසුව මෙම මෝහන ක්‍රමය පිළිගත් මනෝප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රකට විය. මේ අතර මෙම හිස්ටීරියා රෝගයට ප්‍රතිකාර සොයමින් මෝහන ක්‍රමය ගැන උනන්දුවෙන් සිටි සිග්මන් ෆ්රොයිඩ් ප්‍රංශයට පැමිණ බර්න්හයිම්, චාකෝ, ලයබෝල්ට් යන අයගෙන් මෝහන ප්‍රතිකාරය ගැන සෑම දෙයක්ම ඉගෙනගත්තා. පසුව මෝහණ ප්‍රතිකාරය වැඩිදුරටත් වර්ධනයකොට තමන්ගේම ප්‍රතිකාර ක්‍රමයක්, ගුරුකුලයක් ෆ්රොයිඩ් ඉදිරිපත් කලා. ඒක තමා අපි හැමෝම දන්න මනෝවිශ්ලේෂණවාදය. ෆ්රොයිඩ් තමන්ගේම පර්යේෂණාගාරයක් උපයෝගීකොටගෙන මනෝවිශ්ලේෂණවාදය පර්යේෂණ සිදුකොට ඇත.
මනෝවිශ්ලේෂණවාදය තුලින් ෆ්රොයිඩ් මනෝවිද්‍යාවටත් මේ ලෝකයටත් ඉතා සුවිශේෂී හෙලිදරව් කිරීම් රාශියක් ඉදිරිපත් කරයි.
- මනසේ ව්යූහය ගැන සහ මනසේ ස්ථර,
- පෞරුෂ ව්යූහ,
- මනෝලිංගික සංවර්ධන අවධීන්,
- සංරක්ෂණ ප්‍රයෝග,
- සිහින් විශ්ලේෂණය,
ආදී මාතෘකා මූලික ලෙස හැදින්විය හැකිය. අපි ඉදිරියට මේ හැම දෙයක් ගැනම කතා කරනවා. මුලින්ම අපි ෆ්රොයිඩ් මනස ගැන සොයාගත්තු දේවල් ගැන කතා කරමු..
මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරගෙන යාමේදී අවිඥානයේ ඇති බලවත්කම ෆ්රොයිඩ්ට තේරුම්විය. අවිඥානය නිකන්ම පුද්ගල චර්යාවන් නිර්මානය නොකරන බව තේරුම් විය. ඒහිදී ෆ්රොයිඩ් හට මනසේ තවත් කොටසක් ඇති බවත් එය විඥානය - අවිඥානය අතර පවතින බවත්, අවිඥානයේ ඇති සමහරක් දෑ විඥානය බලපෑමකින් තොරව මිනිස් චර්යාවන් පාලනය කරන බව තේරුම් විය.. ඒ වගේම එම චර්යාද යම්කිසි බලපෑමකට යටත්ව ක්‍රියා කරන බව පැහැදිලි විය. අවිඥානික ක්‍රියා ඇති කිරීමට මනසේ ඇති තවත් කොටසක් සහයෝගය දක්වන අතර එය හඳුනාගෙන ෆ්රොයිඩ් තම මනසේ ව්යූහය කොටස් 3කින් ඉදිරිපත් කළහ,
- විඥානය
- උපවිඥානය
- අවිඥානය
ලෙස හැඳින්වීය. මෙම මනසේ පවතින ස්ථර තුන පැහැදිලි කිරීමට ෆ්රොයිඩ් Ice කන්දක් උපමාකොටගෙන මෙය ඉතාමත්ම පැහැදිලිව පෙන්වාදී ඇත...
පුද්ගලයාගේ මතකයේ පවතින සිතුවිලි, තොරතුරු පහසුවෙන් සිහිපත් කරගත හැකි දෑ විඥානය නැතහොත් සම්ප්‍රජානනයෙන් යුක්ත උඩු සිත (Conscious) තුල අන්තර්ගත වේ.. ඒ වගේම අපහසුතාවයකින් තොරව මතකයට නැගීමට හැකි නමුත් පහසුවෙන් මතකයට නගාගත නොහැකි නැතහොත් ටිකක් මතක් කිරීමකින් මතකයට නගාගත හැකි (ම්ම්ම්ම්ම්ම්ම් ආ හරි හරි) සිතුවිලි, තොරතුරු ඇතුලත් වන්නේ උපවිඥානය නැතහොත් Subconscious තුලයි...
මනසේ ඇති විශාලම කොටස වන්නේ අවිඥානයයි. Ice කන්දේ උපමාවට අනුව පිටතට නොපෙනෙන විශාල කොටසක් මිනිස් මනසේ පවතී එය අවිඥානය වේ. අවිඥානය පුද්ගලයෙකු උපතින්ම රැගෙන එන බව ෆ්රොයිඩ්ගේ මතයයි. මේ තුල පුද්ගලය අවරෝධනය කළ දැමූ, යටපත් කළ දැමූ සිතුවිලි, ආවේග, කාංසාව ඇති කරවන සිතුවිලි, පහසුවෙන් කල්පනාකොට මතකයට නැගීමට නොහැකි සියලුම දෑ මේ තුල තැන්පත්ව ඇත. අපට මතුපිටට පෙනෙන්නේ මනසේ ඉතාමත් සුළු කොටසකි, සැඟවී ඇති විශාල කොටසින් සම්පූර්ණ පුද්ගල ජීවිතය පාලනය කරයි. අවිඥානය මුලුමනින්ම මිනිස් චර්යාවන් මෙහෙයවන අතර පුද්ගල පෞරුෂත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ බලයද අවිඥානය සතුය.
අප ජීවත්වන විට යම් යම් අපහාස, කොන් කිරීම්, පරාජයන්, සිත රිදීම්, අසමත් වූ අරමුණු, වේදනාවන්, ඉච්ඡාභංගත්වයන්, නින්දා, කලකිරීම්, නොරිස්සුම් සහගත දෑ ආදී දේවල් නිතර හමු වෙනව. අප ඒවා බොහොම අපහසුවෙන් යටපත් කරල දානවා, ඒ වගේම යටපත් කර දැමූ ආශාවන්, අප සිහිපත් කිරීමට අකමැති දේවල් අපි බොහෝම අපහසුවෙන් අමතක කරල දානවා, ටික දවසක් යනකොට අමතක වූවා සේ පෙනුන ද ඒවා අවිඥානය තුල තැන්පත්ව පවතී. අවිඥානයේ ආහාර වන්නේ ඒ දේවල් ය. අවිඥානය අප යටපත් කර දැමූ දේ තුලින් දිනෙන් දින පෝෂණය වේ. අපට සමහර අවස්ථා වලදී අපගේ වචන වරදිනව නේද. ඒ කියන්නේ කාත් එක්ක හරි කතා කර කර ඉන්නකොට කට වැරදීම් සිදු වෙනවා ෆ්රොයිඩ් පවසන්නේ ඒ විදිහට සිදුවන්නේ අවිඥානික මනසේ බලපෑමක් හේතුවෙන් බවත්.. ඒ වැරදීම වලට හේතු වන්නේ අප විසින් ඉහතදී යටපත් කර දැමූ දෙයක් හේතුවෙන් බවයි. ඒය අවිඥානික චේතනා ලෙස ෆ්රොයිඩ් හදුන්වයි.
ඒ වගේම ඉහත සදහන් කල යටපත් කල දැමු දෑ හේතුවෙන් පුද්ගල චර්යාවන් මෙහෙය වන බවත්.. පුද්ගල පෞරුෂය මෙහෙය වන බවත් ෆ්රොයිඩ් පවසයි. ඒ වගේම අවිඥානික සිතුවිලි පහසුවෙන් මතුවිටට ගැනීමට නොහැකි බව ඉහතදී පැවසුවා, නමුත් අවිඥානික සිතුවිලි මතුපිටට ගැනීමට හැකි වේ ඒ සඳහා අවිඥානයට උපවිඥානය උදව් වේ. උපවිඥානය හරහා අවිඥානිකව තැන්පත් කොට ඇති දෑ සිහිපත් කිරීමට හැකි වන බව ෆ්රොයිඩ් පෙන්වාදෙයි උදාහරණයක් කිවුවොත් අපි පොඩිකාලේ කරපු දේවල් අපිට මතක නෑ නේ.. නමුත් අම්ම හරි තාත්තා හරි පොඩ්ඩක් ඒ ගැන කිවුවොත් අපිට ටික ටික මතක් වෙනව නේද.. එහෙම දෙයක් වුනා කියල ටිකෙන් ටික මතක් වෙනව... ඒ වගෙම අපිට අමතක වූවායැයි සිතන දෑ පොඩි පෙළඹවීමකින් මතකයට නගාගත හැකි වන්නේ මේ උපවිඥානය හේතුවෙනි. ඒ වගේම ඉහතින් සඳහන් කරපු කටවැරදීම් සිදුවන්නේත් මේ උපවිඥානය හරහා ය..
එක් දවසක් මට පාසලේදී හේතුවක් නැතිව වැරදි වැටහීමකින් මගේ යාලුවෙක් මට බැන්නා. හිතට ගොඩක් අවුල් වුනා. හිතට ගොඩක් වැදුනා නොකරපු දෙයකට බැනුම් අහනකොට. කාලයක් යනකොට මට ඒක අමතක වෙලා ගියා එයාත් එක්ක තරහක් තිබ්බද කියල මතක නැතිව ගියා.. නමුත් අවුරුදු 5කට විතර පස්සෙ දවසක මම ඒ කෙනාට එයාගේ පොඩි වැරැද්දකදී හොදටම බැන්නා.. පස්සෙ මට හෙන අවුල් මම බැන්න එකට. ටිකක් හිතල බලනකොට එදා මට එයා බැන්න වචන වලට සමානව මන එයාට බැනල තියනවා.. එතකොට තමා මට තේරුනේ මේ අවිඥානය කොච්චර බලවත් ද කියල. මගෙ හිතේ කිසිම පලිගැනීමක් තිබ්බේ නෑ. වෛරයක් තිබ්බෙත් නෑ.. කලින් සිදුවීම ගැන කිසිම මතකයක් තිබ්බෙත් නෑ.. හොදින් කතා කරල හිටියා. නමුත් අවස්ථාවක් ආව සැනින් අවිඥානය ක්‍රියා කරපු විදිහ පුදුමයි.. ඒ වගේ ගොඩාක් දේවල් ඔබගේ ජීවිතයේදීත් සිදුවෙලා ඇති. කල්පනා කරල බලන්න අනිවාර්යයෙන් ඒවාය ඉතිහාසගත හේතුවන් ඇති බව නිසැකයි. අපි නොදැනුවත්ව ම බොහෝ දෑ අවිඥානය අපගේ ජීවිතයේ වෙනස් කරනවා.... ඒ හොදින් මනසේ ක්‍රියාකාරීත්වය ගැන අවධානය යෙදුවොත් අපට තේරුම්ගත හැකි වේ..
ඉතින් අද ගොඩක් දේවල් ගැන කතා කරා.. ඒත් පාඩමේ අපි කතා අලේ 1%ක් වගේ කොටසක්. අදට අපේ මාතෘකාව මතු සම්බන්ධ වෙනව. ඊලඟ ලිපියෙන් අපි ෆ්රොයිඩ් ඉදිරිපත් කල පෞරුෂ ව්යුහය ගැන කරුණු සාකච්ඡා කරනවා..
ලිපිය කියෙවුවාට බොහෝම ස්තූතියි.. ඔබගේ යහලුවන්ටත් බලන්න share කරන්න.. ගැටලු, අඩුපාඩු, තව ඇතුලත් වියයුතු දෑ තියනවා නම් comment කරන්න...
එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
16 comments
attatama wadagat oba idiripath karana dewal. thanks a lot. thawa post api balaporottu wenawa
ReplyDeleteඔබට බොහොමත්ම ස්තූති
ReplyDeleteඅපිත් සමඟ දිගටම රැඳී සිටින්න. ඔයාගේ යාලුවන්ටත් share කරන්න.
Deleteබොහෝම ස්තූතියි!
ගොඩාක් ස්තුතියි 🙏
Deleteගොඩක් පින් සර්.ඉදිරියටම යන්න. බුදුසරණයි. 🙏
Deleteඔබට බොහොමත්ම ස්තූති
ReplyDeleteඔබට බොහොමත්ම ස්තූති
ReplyDeleteඊලඟ ලිපිය දාලා නැද්ද තවම
ReplyDeleteඇත්තටම ඉතා වැදගත් මෙම ක්‍ෂේත්‍රය පිළිබදව උනන්දුව නිසාම මාත් මේ ලිපි කියවන්න ගත්තා ඔන්න..ස්තූතියි ඔබට
ReplyDeletethank you
ReplyDeletethanks a lot
ReplyDeleteසර්ගේ ලිපි මම කියවනවා. මම කැමතියි බාහිර මනෝවිද්‍යාව ඉගෙන ගන්න. උපාධිය දක්වා. මට උදව් කරන්න පුලුවන්ද? 0740727457 මගේ නම්බර් ඒක.
ReplyDeleteමනෝ විදයාවේ ඉතිහාසය හා විකාශනය ගැන කතා කරන කොට ඒ පිලිබද යුග ටික හොයලා දෙන්න පුළුවන් ද සර්
ReplyDeleteබොහොම ස්තුතියි 🙏🙏🙏
ReplyDeleteඔබට බොහොමත්ම පින් මේ ආකාරයෙන් දැනුම හරවත්ව හා රසවත්ව බෙදා ගන්නවාට....තෙරුවන්සරණයි...
ReplyDeleteනියමයී
ReplyDelete