Solution for Garbage Problem (කුණු ප්‍රශ්නෙ විසඳමු)

by - July 10, 2017


                        ත්තටම මේ කුණු ප්‍රශ්නය හැමෝටම කරදරයක්.. හැම තැනම කුණු කුණු නිසා මුලු ජීවිතේම ගඳ හන්න ගන්නවා.... මේ  කුණ් ප්‍රශ්නෙට කාගෙන්වත් මක් නෑ.. කවුරුත් ඒ ගැන හොයල බලන්නේ නෑ. ඉතින් මිනිස්සු තමන්ගෙ කුණු ටික ගෙදර ගොඩ ගහගෙන ගඳ ගහමින් තියාගෙන ඉන්නවා ඊට පස්සෙ ලෙඩ ගොඩෛ ඩෙංගු වැනි භයානක ලෙඩ මේ කුණු නිසා ඇති වෙනවා... ඇත්තටම යාලුවනේ පොස්ට් එකක් දාන ටිකක් කල් යනවට සමාවෙන්න ඕනේ. කාලෙත් එක්ක ලොකු සටනකට පස්සෙ තමා මේ පොස්ට් එකක් ඔයලට ගෙන්නෙ. මේ පොඔස්ට් එකකට ම්න් ගොඩාක් මහන්සි වෙනවා..ටික ටික දවස් ගනන් Type කරන්නෙ.  හරි අපි අද මාතෘකාවට එමු...

                      කුණු ගැනනේ අපි පටන් ගත්තේ. ඇත්තටම මන් කතාකරන්න හැදුවේ අපි අපේ හිතේ එකතු කරගෙන ඉන්න කුණු ගොඩ ගැන. කලින් පොස්ට් එකක මන් ඒ ගැන කතා කරා Who is this? (කව්ද මේ?)  කියවපු නැති අය කියවන්න. කියවපු ගොඩක් අය ප්‍රසිද්ධවත් පෞද්ගලිකවත් මගෙන් අහුව මේ කුණු පුච්චන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ගැන කතා කරන්න තමා මේ ලිපියෙන් ආරම්භ කලේ. එක ලිපියකින් නම් ඉවරයක් කරන්න බැරිවෙයි පැහැදිලිව හෙමීට අපි ඒ ගැන කතා කරමු...

                      හිතන්න ටිකක්, සමාන්‍යයෙන් අපි අලුත් අවුරුද්දට හරි, කවුරු හරි ගෙදරට විශේෂ අමුත්තෙක් හරි එනකොට අපි මොකද කරන්නෙ.. හොදට ගෙවල් අස් කරනව නේද ඒ අස් කරන්නෙ ගෙදර තියන කුණු, අපිරිසිදු දෑ අයින් කරල පිරිසිදු කරන්න. පාරක වුනත් නගරසභාවෙන් හැමදාම උදේට මුලු පාරම අතුගාල ඒ කුණු එක තැනකට එකතු අරනව නේද.. ඊට පස්සෙ තමා වාහනයක දාගෙන අදාල ස්ථාන වලට අරගෙන යන්නේ. අන්න ඒ අගේ අපේ මනසත් සුද්ධ කරගන්න, පිරිසිදු කරගන්න, අපිට මුලින්ම කරගන්න ඕනේ අතුපතු ගාල මකුළු දැල් කඩල කුණු එකට එකතු කරගන්න ඕනේ හැම අස්සක් මුල්ලක් නෑරම තියන. මුලින්ම හොදට අතුගෑවෙන කොස්සක් ගන්න.. ඒ කියන්නේ කොලයක් ගන්නකෝ........ ඒ කොලේ ලියන්න තියන කුණු ඔක්කෝම කොල මදි වෙන්න පුලුවන් තව කොල අරන් ඔක්කොම කුණු ලියන්න. ඒ කියන්නේ ඔයාට තියන ප්‍රශ්න. ඔය එකතු කරගත්තු ප්‍රශ්න, (එකතු කරගත්තු කුණු) ඔක්කොම හොදට හිතල ලියගන්න ඕනේ...හොදට බලල හැම අස්සකම තියන ඔබගෙ හිතට වද දෙන, ඔබව ලෙඩ කරන, ඔබගේ එදිනෙදා වැඩ කරගත නොහැකි වෙන සෑම ප්‍රශ්නයක් ම, ගැටලුවක් ම, සෑම කුණු රොඩ්ඩක්ම මේ කොලේ ලියන්න ඕනේ. හොදට කල්පනා කරන්න එක දවසින් එක පාරට ලියන්න බැරිවෙන්න පුලුවන් දැන් ලියන්න පුලුවන් ටික දැන් ලියන්න. තව ටිකකින් මතක් වෙයි එකත් ලියන්න වැඩ කරනකොටත් මතක් වෙයි 4න් එකෙ note එකක් දගෙන ඇවිත් පස්සෙ අර කොලේ ලියන්න. දැන් අතුගාල ඉවරයි නේද, ඉවරයි කිවුවට ඉවරම නෑ. මොකද තාම දූවිලි තියනවා ඒව යවන්න නම් mop කරන්න ඕනේ, බඩුබාහිරාදිය වල තියන දූවිලි යවන්න නම් ලාවට තෙමපු රෙදිකෑල්ලක් ගන්න ඔනේ. පැහැදිලි කලොත්, ඒ කියන්නේ ඔයා ලියපු කොලේ මුල ඉදල 3න් 4 පරක් හොදට අවධානයෙන් කියවන්න ඕනේ.. හොදට කියවන්න. ඔය කියවගෙන යනකොට තව එව ලියන්න මතක් වෙඉ එවත් ලියන්න. 4/5ස් පාරකට වැඩියෙන් කියවන්න එපා.... හරි ඔය ටික හොදට කරන්නකො ඊලග step එක අපි ඊලඟ ලිපියෙන් කතා කරමු..

-සාරාශගත කලොත්-

                      මුලින්ම කොලයක් ගන්න, ඒ කොලේ ඔයට තියන, ඔයාගේ හිතට වද දෙන, ඔයගේ සිත සන්තාපයට, අසහනයට මුල් වන, ඔයාගෙ සැහැල්ලුව නැති කරන, සියලුම දේවල් ලියන්න...... ඔය අමතක කරන්න ඕනේ කියල අමතක කරන්න උත්සහ කරන දේවල් අමතක කරන්න උත්සාහ කරන්න යන්න එපා. මතක් නොකර ඉන්න බලන්න, මතක් වෙන්න තියන අවස්ථා අඩු අරගන්න, අමතක කරන්න ඕනේ, අමතක කරල දානව ම්න් කිය කියා හැම වෙලේම හිතන එකෙන් වෙන්නේ තව තවත් ඒක හිතේ උඩට එන එක. ඒක ගැන හිතන්නේ නැතිව තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න..... හිතුනොත් වෙන දෙයක් ගැන හිතන්න. වෙන ඕනම දෙයක් ගැන. හිතන එකට කෞරුත් නීති දාන්නේ නෑ නේ වැරදි දෙයක් උනත් කමක් නෑ හිතන්න... හරි අර ලිව්ව ටික මුල ඉදල ආයෙත් කියවන්න 3න් පරක් විතර කියවන්න එඉට වැඩිය කියවන්න එපා.. 


හරි නේ. තවත් පැහැදිලි වෙන්න ඇති. දැන් කුණු ටික එකතුකරගෙන නේ ඉන්නේ පුච්චන්න තමා තියෙන්නෙ.. පුච්චන විදිහ හැන ඊලඟ ලිපියෙන් කියන්නම්...

අපේ ජිවිතේ අසහනයක් ඇති කරන්න, සන්තාපය ඇති කරන්න මේ කුණු වලට පුලුවන්.. ඒ අසහනය හේතුවෙන් මානසිය අක්‍රමිකතා/ මානසික රෝග ඇති වෙනවා.. අපේ ජීවිතයේ අසහනය, සන්තාපය නැති කරගන්න ගන්න එක මාර්ගයක එක් පියවරක් තමා තමන්ට අසහනයක්, සන්තාපයක්, දුකක් ඇති කරන්න තුඩු දෙන සියල්ල ඉහත විදිහට කොලයක ලියන්න ඕනේ. මේක මුල් පියවරක්. මාත් එක්ක ඉන්න අය, කුණු පුච්චගන්න ඕනේ අය මුලින් මේ දේ කරන්න.. මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක් ගොඩක් අයට මේ ක්‍රමය සාර්ථක වුනා. වැඩේ පටන් ගන්නකෝ. ....

ඊලඟ ලිපියෙන් හමුවෙමු!
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe 
Please invite to your friends our page
Like 
Comment 
Share 





You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)