Introduction of Psychology (මනෝවිද්‍යාව හැදින්වීම)
මනෝවිද්‍යාව හැදින්වීම.
වර්තමානය වනවිට මනෝවිද්‍යාව යන විශය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන විශයක් බවට පත්වී ඇත. මන්ද ඒ මනෝවිද්‍යාව හැදෑරීමෙන් පුද්ගල ජීවිතය සාර්ථක කරගැනීමට පහසු වීම සහ ගැටලු සමග සතුටින් ජීවත් වීමට මනෝවිද්‍යාවේ කරුණු ඉතාමත් වැදගත් වේන් ඒ වගේම අංගසම්පූර්ණ මිනිසෙක් ලොවට දායාද කිරීම සදහා මනෝ විද්‍යාව ඉතා සුවිසාල මෙහෙයක් ඉටුකරයි. මනෝ විද්‍යාව අපගේ ජීවිතයට එකතුකර ගෙන ජීවියත ඉතමත් සාර්ථක ලෙස ජය ගනිමු!
වචනාර්ථයෙන් මනෝවිද්‍යාව යනු "මනස පිලිබඳ අධ්‍යයනය කරන විශයක්" ලෙස ( A study of mind) හැදින්විය හැකිය. මන්ද ඒ, "මනෝවිද්‍යාව" යන සිංහල වචනය ඉංග්‍රීසින් Psychology යනුවෙන් හදුන්වයි. එය ග්‍රීක භාෂාවේ Psyche සහ Logos යන වචන දෙකේ එකතුවෙන් සෑදී ඇති එකකි. Psyche යනු "ආත්මය, මනස" යන අර්ථය ද Logos යන වචනයෙන් "අධ්‍යයනය, හැදෑරීම" යන අර්ථයද ලබාදෙන බැවිනි. නමුත් මනෝවිද්‍යාවේ ඉතිහාසය දෙස බලනවිට මනෝවිද්‍යාව පිලිබඳ අර්ථකථනය කාලානුරූපීව වෙනස්වී ඇත.
මනස පිලිබඳ අධ්‍යයනය කරන විශයක් ලෙස හැදින්වූ මනෝවිද්‍යාව ක්‍රි.ව 1900 මුල් භාගය වන විට "මනස පිලිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය (Psychology is the scientific study of mind) කරන විශය" මනෝවිද්‍යාව වන බවට වෙනස් වී ඒ සදහා විද්‍යාත්මක බව එයට එකතුවී ඇත.
මේ නිර්වචනය ද පසු කාලීනව ක්‍රි.ව 1920 දී පමන වන විට මනෝවිද්‍යාඥයන් විසින්මනස පෞද්ගලික වන බැවිනුත්, මනස ගැන සාකච්ඡා කරන විට මසන එක් දෙයක් ලෙස හැදින්වෙන බැවිනුත්, මනස විද්‍යාත්මන පර්යේෂණවලට ලක් කළ නොහැකි බැවිනුත්, යන හේතූන් නිසා මනෝ විද්‍යාව යනු "මනස පිලිබඳව විද්‍යාත්මකව අධ්‍යයනයක්" වනවාය යන නිර්වචනය ප්‍රතිකේෂප කර ඇත. පසුව ඒ දුර්වලතා මගහරවාලමින් මිනිස් චර්යා සහ මානසික ක්‍රියාවලීන් විද්‍යාත්මක පර්යේෂණ වලට ලක් කළ හැකි නිසා පසුව "මනෝ විද්‍යාව යනු මිනිස් චර්යාවන් සහ මානසික ක්‍රියාවලීන් පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනය කරන විශයක්" වන බවට නිර්වචනය විය.
චර්යාවන් සහ මානසික ක්‍රියාවලීන් යනු මනෝවිද්‍යාවේ ප්‍රධාන සංකල්ප දෙකක් ලෙස දැක්විය හැකිය. ඒ වගේම චර්යාවන් සහ මානසික ක්‍රියාවලීන් සමස්තයක් ලෙස ගත් විට පුද්ගලයා වශයෙන් ගත් විට මනෝ විද්‍යාව යනු පුද්ගලයා පිලිබදව අධ්‍යයනය කරන විශයක් වන බවට සැලකිය හැකිය. මන්ද චර්යාවන් සහ මානසික ක්‍රියාවලීන් යනු පුද්ගලයා පිලිබඳ අධ්‍යයනය කරන විට වැදගත් වන බැවිනි. මෙහිදී පුද්ගලයා යනු තනි පුද්ගලායා ය. මේ අර්ථකථනය වැදගත් වන්නේ සමාජයේ සිටින සියලුම දෙනා නියෝජනය වීමයි. පුද්ගලයා පිළිසිදගත් මොහොතේ සිට මරණය තෙක් මෙහිදී අධ්‍යයනය කෙරේ. ඒ අනුව ළදරුවන්, ළමයින්, තරුණයන්, තරුණියන්, වැඩිහිටි, මහලු ආදී සමාජයේ සියලුව අංශයන් මෙය තුලින් අධ්‍යයනය කෙරේ.
මනෝවිද්‍යාඥයන්ට අනුව චර්යාවේ ද ප්‍රකට චර්යා සහ අප්‍රකට චර්යා ලෙස කොටස් දෙකක් වේ.
ප්‍රකට චර්යා යනු - පැහැදිලිව භාහිරට පෙනෙන චර්යාවන් ය. කතා කිරීම, ලිවීම, කියවීම, නිදාගැනීම, පාඩම් කිරීම, සිනාසීම ආදී වශයෙන්. අසාමාන්‍ය චර්යා ද මීට අයත් වේ.
අප්‍රකට චර්යා යනු - භාහිරට පැහැදිලිව නොපෙනෙන චර්යාවන් ය. මේ චර්යා මානසික චර්යා (Mental Behavious) හෙවත් ප්‍රජානනික චර්යා ( Cgnitive Behavious) ලෙස හැදින්වෙයි . එනම් සිතීම, චින්තනය, තර්කනය, ගැටලු විසදීම ලෙස පෙන්වා දිය හැකිය.
ඉහතින් හැදින්වූ නිර්වචන මනෝවිද්‍යාවේ ප්‍රධාන නිර්වචනයන් ය. පසුව ද එම නිර්වචන කාලානුරූපීව වෙනස් විය එනම් "අත්දැකීම" ලෙස නව සංකල්පයක් එකතු වී "මනෝ විද්‍යාව යනු මිනිස් චර්යා සහ අත්දැකීම් පිළිබඳව විද්‍යාත්මකව හදාරණු ලබන විශයක්" ලෙසට ද "මනෝ විද්‍යාව යනු ජීවිතය පිලිබඳ හදාරනු ලබන විශයක්" ලෙස අද වන විට වෙනස් වී ඇත.. කෙසේ නමුත් මනෝවිද්‍යාවේදී,
- පුද්ගලයා සහ පුද්ගල ජීවිතය පිලිබඳවත්,
- මිනිස් චර්යාවන් පිලිබඳවත්,
- මානසික ක්‍රියාවලීන් පිලිබඳවත්,
- අත්දැකීම් පිලිබඳවත්,
- සාමාන්‍ය මනෝවිද්‍යාව,
- අසාමාන්‍ය මනෝවිද්‍යාව,
- ළමා මනෝවිද්‍යාව,
- සංවර්ධන මනෝවිද්‍යාව,
- අධ්‍යාපනික මනෝවිද්‍යාව,
- චිකිත්සක මනෝවිද්‍යාව,
- සමාජ මනෝවිද්‍යාව,
- පර්යේෂණාත්මක මනෝවිද්‍යාව,
- කාර්මික මනෝවිද්‍යාව,
- උපදේශන මනෝවිද්‍යාව,
- සත්ව මනෝවිද්‍යාව,
- තුලනාත්මක මනෝවිද්‍යාව,
- ව්‍යවහාරික මනෝවිද්‍යාව.
ලෙස විෂය ක්ෂේත්ර ගනනාවක් "ව්යවහාරික මනෝවිද්‍යාව" සහ "ශුද්ධ මනෝවිද්‍යාව" ලෙස ප්රධාන කොටස් දෙකක් ඔස්සේ සාකච්ඡාවට භාජනය වේ.
ශුද්ධ මනෝවිද්‍යාව - මනෝවිද්‍යාවේ දැනුම ගොඩනගන්නේ ශුද්ධ මනෝවිද්‍යාව තුලිනි. මනෝවිද්‍යාවේ න්‍යායන්, පර්යේෂණ, සංකල්ප, ආකෘති මේ තුල අන්තර්ගත වේ. මේ තුල
- ළමා මනෝවිද්‍යාව
- සංවර්ධන මනෝවිද්‍යාව
- අසාමාන්‍ය මනෝවිද්‍යාව
- සමාජ මනෝවිද්‍යාව
- ජීව මනෝවිද්‍යාව
- පෞරුෂ මනෝවිද්‍යාව
- සම්පරීක්ෂන මනෝවිද්‍යාව
- ආගමික මනෝවිද්‍යාව
යන විෂයන් ඇතුලත් වේ. ඒ වගේම මතකය, ආතතිය, පීඩනය, ගැටලු විසදීම, අභිප්‍රේරණය, නින්ද සහ සිහින, යන දේවල් පිලිබඳවත් අධ්‍යයනය කෙරේ.
ව්‍යවහාරික මනෝවිද්‍යාව - ශුද්ධ මනෝවිද්‍යාව මගින් ගොඩනගන දැනුම මිනිසුන්ගේ ජීවිතයට, ඔවුන් හැසිරෙන තැන් වලට යොදාගන්න විශය ව්‍යවහාරික මනෝවිද්‍යාව වේ. ව්‍යවහාරික මනෝවිද්‍යාව ගැන අපි වෙනම ම කතා කරනවා. menu එකේ Applied Psychology කියල වෙනමම තියනවා.
මේ ආකාරයට කාලානුරූපීව විවිධ වෙනස්වීම වලට භාජනය වෙමින් අද වන විට ලොකයේ උසස්ම විශයක් බවට පත්වී ඇත. "විල්හෙල්ම් වුන්ඩ් (Wilhelm Wundt), විලියම් ජෙම්ස් (William James), අයිවන් පැවුලෝ (Ivan Petrovich Pavlov), සිග්මන් ෆ්රොඉඩ් (Sigismung freud),ජීන් පියාජේ (Jean Piaget) වැනි මනෝ විද්‍යාඥයන් රාශියක් මනෝ විද්‍යාව අද තියන තත්වයට පත්කිරීම සදහා පුරෝගාමීත්වය දක්වා ඇත. ලා කොළ පැහැය මනෝ විද්‍යාවේ වර්ණය වන අතර, " Ψ " මෙය මනෝ විද්‍යාවේ ලාංඡනය වේ.
ඔබට ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
**(සිංහල type කරනකොට Unicode වලින් සමහරක් අකුරු නිවැරදිව යෙදෙන්නෙ නෑ ඒ සම්බන්ධයෙන් ඔබලාගෙන් සමාව ඉල්ලනව)
42 comments
https://www.nerdynaut.com/product/mental-issues-counselling-psychology-sinhala
ReplyDeleteTnk you sir
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDeleteආශ්‍රිත grantha ewanna puluwanda
ReplyDeleteස්තුතියි.
ReplyDeleteGood work. Thank you
ReplyDeleteBest of luck
ReplyDeleteSocial psychological gana podak visthara karanna
ReplyDeleteThnx
ReplyDeleteBest
ReplyDeleteVery important for our studies..
ReplyDeleteමට මේකේ ඉංග්‍රීසි නෝට් එක දෙන්න පුලුවන්ද අනේ ලොකු උදව්වක්
ReplyDeleteමට මේකේ ඉංග්‍රීසි නෝට් එක දෙන්න පුලුවන්ද අනේ ලොකු උදව්වක්
ReplyDeleteකියවීම සඳහා ආශ්‍රිත පොත් කීපයක් සඳහන් කරන්න පුලුවන් නම් වටිනවා.
ReplyDeleteThank you 👍👍👍
ReplyDeleteමේ ලාංඡනයට නමක් නැද්ද..,?
ReplyDeleteGood job .this is very important for students .
ReplyDeleteගොඩක් පින්
ReplyDeletethank you.
ReplyDeleteමේ ලාංඡනයට කියන නම මොකද්ද ?
ReplyDeletethank you
ReplyDeleteGood job
ReplyDeleteThank u so much...ගොඩක් වටිනවා
ReplyDeleteමනෝ විද්‍යාවේ ප්‍රධාන හා උප විෂය කෂේත්‍රය ගැන නෝට් එකක් දෙන්න පුලුවන්ද?
ReplyDeleteමනෝ විද්‍යා ක්ෂේත්‍රයේ ස්ත්‍රී භූමිකාව
ReplyDeleteThank you
ReplyDeleteVery satisfying, thank you
ReplyDeleteThank you so much... පුළුවන්නම් සමාජ මනෝ විද්‍යාව ගැනත් කියලා දෙන්න 💓
ReplyDeleteඅධ්‍යාපන මනෝවිද්‍යාවේ ඉගෙනුම් ක්‍රම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද??
ReplyDelete👍❤❤❤
ReplyDeleteබොහෝ දේ දැන ගත්තා පින්
ReplyDeleteමනෝවිද්‍යා වේ වර්ණය මෙහි පසුබිම් වර්ණය විය යුතුයි
ReplyDeleteමනෝ විද්‍යාව සම්බන්ධයෙන් තියෙන නිර්වචන ගැනත් දැනගන්න පුළුවන් ද
ReplyDeleteGodak vatinava 🙏🙏🙏🙏
ReplyDeleteGood
ReplyDeleteස්තුතියි ..එදිරිසිංහ
ReplyDeleteමනෝ විදයාවෙ නිර්වචන දෙන්න පුළුවන් ද
ReplyDeletegood
ReplyDeleteHodi
ReplyDeleteමනෝව්දයාවේ විෂය ක්ෂේත්‍රය පිළිබඳ කරුණු ලබා දෙන්න පුළුවන් නම් වටිනවා
ReplyDeleteදිගටම මනෝවිද්දියාව පිලිබද ලිපි ඉදිරිපත් කරන්න . බොහොම ස්තූතී
ReplyDelete