අපගේ අරමුණ

by - April 06, 2016


ජීවිතය ගැන කතා කරනකොට අපිට සාකච්ඡා කරන්න තියන මාතෘකා ඉතාමත්ම සංකීර්ණයි. වර්තමානයේ මේ මුදල් මූලික කරගත් ජීවන චක්‍රය හේතුවෙන් මිනිසුන් ජීවිතය ගැන, ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ.. අපි ජීවත් වෙනකොට ජීවිතය කියන්නේ මොකක්ද මොනවගේ දෙයක්ද කියල සුලුවට හෝ තේරුම් අරගෙන ඉන්න ඕනේ එවිට අපිට අපගේ ජීවිතය ලස්සනට ජීවත් කරවන්න පුලුවන්.. අපි හැමෝම ජීවත් වෙනව නමුත් ලස්සනටද කියන එක ඔබ තීරනය කරන්න.. අපි ලස්සනට ජීවත් වෙන්න ඕනේ ඒත් එක්කම අපි අපගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ.

සෑම පුද්ගලයෙකුටම ගැටලු තියනව, ඒ වගේම සෑම පුද්ගලයෙකුටම අරමුණු, බලාපොරොත්තු, ඉලක්කයක්, හැකියාවක් තියනව අපි ඒ හැකියාව හදුනාගෙන මිනිසුන්ට ගැටලු සමග සතුටින් ජීවිතය ගෙවන්න උගන්වන්න, ජීවිතය ලස්සන කරගන්න, ගැටලු වලට සාර්ථකව මුහුණදෙන්න, ජීවිතය ජය ගන්න සහ ජීවිතයේ අරුත් කියාදෙන්න මේ blog පිටුවේ පිහිටුවීමේ මූලික අරමුණ ලෙස හැදින්විය හැකිය.  ඒ වගේම මේ මෙහි අනු අරමුණු ලෙස,

  • මනෝ විද්‍යාව මුල ඉගැන්වීම
  • ජීවිතය සම්බන්ධයෙන්, මානසික , අනාගතය පිලිබද ගැටලු ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ ගැටලුව විසඳා ගැනීමට මාර්ග පෙන්වාදීම 
  • අධ්‍යාපනික ගැටලු, අරමුණක් ඇති කරගන්න, තරුණයන්ට තමන්ගේ මාර්ගය තෝරා ගැනීමට සහය වීම. 
  • ව්‍යාපාරික වශයෙන් ඇති වන ගැටලු ( සංවර්ධනය සම්බන්ධයෙන්) 

සදහන් කල හැකිය.
එන්න අපිත් සමග එකතු වෙන්න, ජීවිතය ගැන අපි කතා කරමු, ජීවිතය ඉගෙනගනිමු, ජීවිතය සතුටින් ජයගනිමු, ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න මගේ Emali ලිපිනයට.


ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

(සිංහල type කරනකොට unicord වලින් සමහරක් අකුරු නිවැරදිව යෙදෙන්නෙ නෑ ඒ සම්බන්ධයෙන් ඔබලාගෙන් සමාව ඉල්ලනව)


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)