History of Psychology (මනෝවිද්‍යාවේ ඉතිහාසය) II

by - April 13, 2016


මධ්‍යතනික යුගය.
             මෙම යුගයේ දී යුරෝපය පුරා ආගමික ඉගැන්වීම් බලවත්වීම හේතුවෙන් මනෝ විද්යාවේ වර්ධනය අඩාල විය. මෙම ආගමික ඉගැන්වීම් හේතුවෙන් මනෝවිද්යාවේ ප්රතිකාර ක්ෂේත්රය බෙහෙවින් දුර්වල විය. මානසික රෝග යක්ෂ උපද්රවයක් යන මතය නැවත ඉස්මතුවිය. ඒ සදහා වෛද්ය උපාය මාර්ග වෙනුවට යකැදුරු උපාය මාර්ග යොදා ගැනින. එම මුලු යුරෝපය පුරාම ව්යාප්ත වීම හේතුවෙන් මනෝවිද්යාවේ වර්ධනය අඩාල විය.

නමුත් මධ්යතන යුගයේ සිටි දාර්ශනිකයන් කිහිපදෙනෙක් හේතුවෙන් මනෝවිද්යාව නොනැසී නූතන යුගය දක්වා පැමිනීමට හැකියාව ලැබුණි.එම දාර්ශනිකයන් අතරින් ක්රි.ව 3 වන ශතවර්ෂයේ සිටි ශාන්ත ඔගස්ටීන් සහ 12 වන ශතවර්ෂයේ සිටි ශාන්ත තෝමස් ඇක්වයිනාස් සුවිශේෂී ස්ථානයක් හිමිකරගනී.

ඒ අතරින් ශාන්ත් ඔගස්ටීන් ඉන්ද්රීය සංවේදන පද්ධතියේ ක්රියාකාරීත්වයට සහ ප්රජානනයේ ක්රියාකාරීත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර, ඉන්ද්රීය සංවේදන මනුෂ්යයාගේ අත්යවශ්ය ලක්ෂණයක් වුවද එය එතරම් උත්තරීතර නො වන බව ශාන්ත් ඔගස්ටීන්ගේ අදහස විය. එයට හේතුව ඔහු පැහැදිලි කරන ආකාරයට මිනිසාගේ ශරීරික පැවැත්මට උපකාරී වන ප්රාථමික ආයතනයක් පමණක් වීම නිසා ය. එමෙන්ම ඉන්ද්රීයන් වෙතින් අපට ලබා දෙන්නේ ඤානයක් නොව විශාවාසයක් බව ද ඔහු පෙන්වා දේ. හේතුව ඉන්ද්රීය සංවේදනයෙ පමනක් සැලකූ විට මිනිසා සහ වනසතුන් අතර වැඩි වෙනසක් නොමැතිවීමත්. ඉන්ද්රීයන් බොහෝ විට විවිධ මායාවන් මගින් අපව රැවටීමත් හේතුවෙනි.

එමෙන්ම මනුෂ්යයා සතුන්ගෙන් වෙනස් වන්නේ ප්රජානන හේතුවක් නිසා බව ඔහුගේ මතය විය ප්රජානනය නම් ආයතනයට මිනිසාගේ බුද්ධිය, තර්කනය, ස්මෘතිය, සහ ස්වච්ඡන්දතාවය යන අංගය අයත් වේ. මේවා හේතුවෙන් මිනිසාට ඔහුගේ ඉන්ද්රීය සංවේදනයන් ඉක්මවා අභ්යන්තර ඤානයක් ඇති කරගත හැහිය. මෙම අභ්යන්තර ඤානය හේතුවෙන් ඔහුට ඉන්ද්රීය මායාවන්ගෙන් පමණක් නො ව ඉන්ද්රියන්ට වහල් වීමෙන් ද ගැලවී සිටිය හැකිය. මනුෂ්යයාගේ අභ්යන්ත ඤානයේ වැදගත් ම ලක්ෂණය වන්නේ ස්වං විඤානයයි. ස්වං විඤානය හේතුවෙන් මිනිසාට ස්වච්ඡන්දතාව සහ ආත්ම විමුක්තිය ඇති කරගත හැකි බව ශාන්ත් ඔගස්ටීන් තව දුරටත් පෙන්වා දේ.

ශාන්ත ඇක්වයිනාස් ද මිනිසා සතුව ඉන්ද්රීය සංවේදන පද්ධතියක් සහ ප්රජානන පද්ධතියක් තිබේය යන ශාන්ත් ඔගස්ටීන්ගේ මතය පිළිගත්හ. ඉන්ද්රීය සංවේදන පද්ධතිය ක්රියාත්මක කරවන්නේ ප්රජානන පද්ධතිය බව ශාන්ත ඇක්වයිනාස් පැවසුවේය. එමෙන්ම ප්රජානන පද්ධතිය තව දුරටත් ශාන්ත් ඇක්වයිනාස් විග්රහ කලේය. ඒ අනුව මිනිසාගේ ප්රජානන පද්ධතිය අංශ හතරකින් සමන්විත වන බව පෙන්වාදුන්හ.එනම්,

  • චාලක අංශය,
  • අභිරුචි අංශය,
  • ප්රජානන අංශය,
  • ස්වච්ඡන්දතා අංශය 
ශාන්ත ඇක්වයිනාස් සහ ශාන්ත් ඔගස්ටීන් මධ්යතනික යුගයේ මනෝවිද්යාවේ වර්ධනයට වැදගත් සංකල්ප කිහිපයක්ම වර්ධනය කලහ ඒවා අතරින් මනුෂ්යයාගේ ඉන්ද්රීය සංවේදනය, ප්රජානනය, ඉන්ද්රීය චාලකත්වය, පෞරුෂ සහ ස්වීයත්වය යන සංකල්ප වර්ධනය කළහ. මොවුන් දෙදෙනාගේ අදහස් මනෝ විද්යාවේ වර්ධනයට ප්රධාන හේතුවක් වුනත් මොවුන්ගේ සංකල්ප වල අවනාන විග්රහයේදී දිවියන් පිලිබඳ සංකල්පයට සම්බන්ධ කිරීම මොවුන්ගේ  ප්රධාන දුර්වලතාවය වේ. උදාහරණයක් විදිහට මිනිසාගේ ඉන්ද්රීය සංවේදනයට වඩා ප්රජානනයේ ඇති වැදගත්කම හුවා දැක්වීම සහ ඒ තුලින් දෙවියන් වහන්සේගේ පැවැත්ම ස්ථීර කිරීම.

මේ ආකාරයට මධ්යතනික යුගයේදී මනෝවිද්යාව යම් තරමකින් හෝ ආරක්ශා වෙමින් නූතන යුගය දක්වා පැමිනියේය. නූතන යුගය වශයෙන් 15වන සහ 19 වන ශතවර්ෂ අතර කාල පරිච්ඡේදය වැදගත් වේ. නූතන යුගයේදී මනෝ විද්යාව කෙසේ වර්ධනය වුනාද යන්න. අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු..

ඔබට ජය!!!!! 

╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

** ලිපියේ සමහරක් අකුරු නිවැරදි නොවීම සම්බන්ධයෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. එය Unicode වල ගැටලුවක් හේතුවෙන් ඇතිවෙන්නකි****


You May Also Like

1 comments

The Life (PSYCHOLOGY UNIVERSE)