The Word (වචනය)

by - April 12, 2016



චනය ගැන කතා කරනකොට කතාව තම ඉස්මතු වෙන්නේ.. අපි කතා කරනව. අපි කතා කරන වචන ගාන හරියට ගනන් කරගත නොහැකි තරමට අපි අතා කරනව. අද වන විට කතාව සන්නිවේදනයේ ප්‍රධාන අංගයක් වෙලා තියනව.. මිනිස්සු මොන වැඩේ කලත වැඩිපුරම කරන කාර්‍යය වෙන්නේ කතා කරන එක.. කතා කලේ නැති වුනොත් අනෙත් කාර්‍යයන්ද නිසි ආකාරව සිදුවෙන්නෙ නෑ.  කතාව තුල ප්‍රධාන වශයෙන් වචන අන්තර්ගත වේ වචන නැති නම් කතාවක්ද නැත. මිනිස්සු හොද දේවල් වලටත් නරක දේවල් වලටත් මේ කතාව නැතහොත් භාවිතා කරල හොද දේවල් වලින් හොදත්, නරක දේවල් වලින් නරකත්, සිදු කරනව. ඒ වගේම සමහරක් වෙලාවට හොද දේවල් වලින් වක්‍රව නරකත්, නරක දේවල් වලින් වක්‍රව හොදත් සිදු කරන්න මේ වචනයට පූර්ණ හැකියාවක් තියනව...

අපි අපගේ ජීවිතයේදී මේ වචනයෙන් කරන හොද දේවල් ගැන නෙවේ අවධානය යොමු කරන්න ඕනේ වචනයෙන්  සිදු වන නරක දේවල් ගැනත්, හොද වචනයෙන් වක්‍රව සිදුවන නරක දේවල් ගැනත්, නරක වචනයෙන් සිදුවන හොද දේවල් ගැනත් ය. සමාජයේ හැමෝම පුරුදු වෙලා තියෙන්නේ හොද වචනයට පමනක් තැන දීලා නරක වචනය ප්‍රතික්ශේප කිරීමයි. අපි ලස්සනට ජීවත් වෙනවද කියන දේ තීරනය වෙන්නෙ සමාජය තුල ඔබ ගැන තියන අදහස අනුවයි.. සමාජය හරියට විනිශ්චයකරුවෙක් වගේ.. ඒ විනිශ්චයකරුට මිනිසුන්ව නිර්මානය කිරීමටත් මිනිසුන්ව විනාශ කිරීමටත් හැකියාව තියනව.. එය පදනම් වෙන්නේ තමන්ගේ ක්‍රීයාව මතයි එක් වරක සමාජය ඔබව විනාශ කළා නම්  එළඹෙන්නේ සමාජය විසින් ඔබව නැවත නිර්මාණය කරන කාලයයි.. කෙලින්ම සමාජය ඔබව විනාශ කළ ද ඔබව නැවත නිර්මානය කිරීමේදී සමාජය එය ඔබ තුලින්ම ගොඩ නැගීමට කටයුතු කරයි එය පිළිගත් අය ජීවිතය සාර්ථක කරගනීවී එය පිළිගැනීමට නොහැකි අය විනාශ වුන බව නැවත නැවතත් සිහිපත් කරමින් විනාශය තවත් සනාථ කරමින් ජීවිතය ජීවිතය අසාර්ථක කරගනීවි. මාතෘකාවෙන් පොඩ්ඩක් පිට ගියා ගනන් ගන්න එපා.. කියන්න දේවල් ගොඩක් තියන නිසා type කරගෙන යනකොට ඒ ඔක්කොම type වෙනවා. සමාජය ගැන අපි ඉදිරි ලිපියකදී සාකච්ඡා කරමු.

සම්පූර්ණ මිනිසෙක් නිර්මාණය කිරීම සදහා මේ වචනය ඉතාමත්ම වැදගත් අංගයක් වෙනව. මන්ද ඒ සමාජ සම්බන්ධතා ප්‍රධාන වශයෙන් පවත්වන්නේ මේ වචනය හරහාය. මම ඉහත දී සදහන් කළ ආකාරයට සමාජය මිනිසුන්ව විනිශ්චය කරන්නේ හැසිරීම, වචනය නැතහොත් කතාව කියන ප්‍රධාන කරුණු දෙක ඔස්සේය.. ඉතින් වචනය අසාර්ථක නැති නම් සමාජය තුලින් අපට අසාර්ථක පැත්තට ලකුණු එකතු වේ.. හැසිරීම ගැනත් අපි ඉදිරි ලිපි වලදී කතා කරමු.

වචනය ගත්තාම වචනයට කල නොහැකි දෙයක් නැති තරම්. සාර්ථක මිනිසෙක් නිර්මානය කිරීමට වචනයට ලොකු බලයක් තියනව. වචනය හුදෙක් අපගේ මනසින් කියන දේවල් අනුව තමා සිදුවෙන්නේ.. මනසින් යම්කිසි පාලනයක් කරමින් අපගේ වචන එලියට එනව. ඒක හරියට වයර් එක හරහා විදුලිය ගමන් අරනව වගේ.. මනසින් කියන දේවල් අපගේ කට හරහා එලියට එනව.. සමහරක් මිනිස්සු බැනගන්නව, නීතිඥවරුන් වගේ අය වචන වලින් ගහගන්නව.. නිමිච්ච වචනයෙන් විශාල හානියක් කිරීමට හැකියාවක් තියනව. මිනිස්සු ගහගන්නව ඒවගේ තුවාල ඇති වෙන්නේ භාහිර ශරීරය තුලයි. ඒ තුවාල කරගෙන ඉස්පිරිතාලවල දවස් කිහිපයක් ඉදල තුවාල හොද කරගන්නව.. නමුත් මේ වචන වලින් ගහගෙන වෙන තුවාල මනස තුල තමා ඇති වෙන්නේ. ඒ තුවාල හොද වීමත් ලෙහෙසි පහසු කාර්‍යයක් නොවී. ඒ ඇති වෙන තුවාල හොද වෙන්න ගොඩක් කල් ගත වෙනව සමහරක් තුවාල හොද වෙන්නේ නැති තරම්. හොද නිමිච්ච වචනයෙන් ලොකු තුවාලයක් ඇති කළ හැකිය. ඒ වගේම නරක වචනය නම් නරක චිත්තවේක ඇති විය යුතුයි.. නරක චිත්තවේග නිතර
නිතර ඇති වීමෙන් තමන්ගේ ජීවිතයටම නරකක් සිදු වේ..

ඒ වගේම අපි නිතරම කතා කරනව. නමුත් ඒ කතා කරන වචන එම බාහිර තත්වයට නොගැලපෙන වචන වෙනව. ගොඩක් අය තැනට ගැලපෙන ආකාරයට වචනය හසුරුවන්න දන්නේ නෑ.. ගොඩක් ගැටලු මතු වෙන්නේ මේ වචනට නිවැරදිව භාවිතා නොකිරීමෙන්. නිවැරදිව තැනට සහ කතා කරන පුද්ගලයා අනුව තමන්ගේ කතා කරන විලාසය වෙනස් කරගත යුතුයි. බොහෝමයක් කතා වලදී අවසානයේ රන්ඩු ඇති වෙලා ගහගෙන මිනී මරාගැනීම් පවා වචනය නිවැරදිව භාවිතා නොකිරීමෙන් සිදුවේ.. යම් යම් හිත් අමනාප කම් පවා මේ වචනය නිවැරදිව භාවිතා නොකිරීමෙන් සිදුවේ.

හිතන්න ඔබ දේශපාලනය ගැන තවත් කෙනෙක් සමග කතා කරන විට ඔබ ඒක පාක්ෂිකව තම කැමති පක්ශය ගැන හොද කියන ගමන් අනෙක් පක්ෂය විවේචනය කරනව. නමුත් ඔබත් සමග කතා කරන අනෙක් පුද්ගලයා ඔබ විවේචනය කරන පක්ෂයේ වුවහොත් කුමක් සිදුවේද. ඔහු හැගීම් පාලනය කරගත්තොත් හොදයි නැති නම් ගුටි කන්න, බැනුම් අහන්න, සහ ඔබ දෙදෙනා අතර ගැටලුවක් මතුවෙලා අමනාපකම් ගොඩනැගෙනව. නමුත් ඔබ කුමන පක්ෂයක් නියොජනය කලත් ස්වාධීනව කරුණු කතා කළා නම් ඔබට තරම් ඒ පුද්ගලයා කැමති පුද්ගලයෙක් නැති වෙන්නත් පුලුවන්..

ඒ වගේම හිතන්න ඔබ රැකියාවක් කරන පුද්ගලයෙක් ලෙස ගොවියෙක් සමග කතා කරනව රටේ හාල් මිල ඉහෙල යාම සම්බන්ධයෙන් රජයට බනිමින් කතා කරනව ගොවියාගේ තත්වය පිලිබදව සිතන්නේ නැතිව. නැවත ඒ ගොවියා ඔබත් සමග ඔබගේ මුහුණ බැලීමටවත් අකමැති වෙනව. මන්ද ඒ ගොවියාට රටේ හාල් මිල වැඩි වෙන එක හොද බැවිනි.. ඔබ ගොවියෙක් සමග කතා කරන විට මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීමට ගොවියෙකු සේ සිතිය යුතුයි..

තවත් උදාහරණයක් ඔබගේ ගෙදර යම් කිසි වැඩක් කිරීමට පැමිනෙන කම්කරුවෙකු සමග ඔබගේ රැකියාවේ තත්වය, ඔබගාව තියන වැදගත් ඔහුට එවන් දෑ හීනෙකින් පමනක් ලබා ගැනීමට හැකි දේවල් පිලිබදව, වැනි පුරසාරම් දෙඩෙවුවොත් එම කම්කරුවා නැවත ඔබගේ ගෙදර වැඩකට ඒමට අදි මදි කරනවා නොඅනුමානයි. කම්කරුවෙක් සමග මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීම සදහා කතා කරන විට කම්කරුවෙකු ලෙස සිතිය යුතුයි...

ඒ නිසා අපිගේ වචනය නැතහොත් කතාව තැනට, ඒ පුද්ගලයාට අනුව වෙනස් කරගෙන කතා කළ යුතුයි.. එවිට ඔබට හොද මිත්‍රත්වයක් ඇති කරගත හැකිය. අපි අපගේ වචනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.. සෑම අකුරක් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපගේ ජීවිතය ලස්සන කරගන්න මේ වචනය ගොඩාක් ඇදගත්. මන්ද ඒ හොද වචනයෙන් නිතරම හොද සිතුවිලි ඇති වෙන බැවින්. යහපත් සිතුවිලි යහපත් පුද්ගලයෙකු නිර්මාණය කරයි.. නිවැරදි වචනය කතා කරන්න නිතරම උත්සාහ කරන්න වචන වලින් නරකක් කරන්න නෙවේ වචන වලින් හොදක් කරන්න උත්සාහ කරන්න ඒ අනෙකාට හොදක් කිරීමේ අරමුණින් නොව තමාටම හොදක් කරගැනීමේ අරමුණිනි. කවුරුත් අනෙකාට නරකක් කරන්න උත්සාහ කලත් තමන්ට නරකක් කරගැනීමට උත්සාහ නොකරයි. ඉතින් තමන් ගැනම හිතල තමන්ට හොදක් කරගැනීම සදහා ඔබගේ වචනය පාලනය කරගන්න.. වචනය යහපත් කරගන්න, වචනය යහපත් වුවහොත් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීමේ එක් ලක්ෂණයක් සම්පූර්ණ කලා වේ..

වචනය හරියට සුළඟක් වගේ. මොකද සුළඟට සිසිලසත්, අති විශාල හානියක් ද කල හැකිය.. සුළඟ යහපත් නම් සිසිලසය, සුළඟි අයහපත් නම් කරදරය, අපගේ වචනයත් එසේය.. යහපත් වචනය අනෙකාට මෙන්ම තමන්ට ද සිසිලස ගෙනදේ..

අවසන් කරන්න නම් අමාරුයි. කියන්න කරුණු ගොඩයි නමුත් කාලය ඒ සදහා හරස් වෙනවා.. ඊලඟ ලිපියෙන් හමුවෙමු..

ඔබගේ වචනය යහපත් කරගන්න ඔබගේ ජීවිතය වෙනස් වේවි..
ජීවිතය වෙනස් කරගෙන අපි ජීවිතය ලස්සනට ජය ගනිමු!!!

ඔබට ජය!!!!! 

╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

** ලිපියේ සමහරක් අකුරු නිවැරදි නොවීම සම්බන්ධයෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. එය Unicode වල ගැටලුවක් හේතුවෙන් ඇතිවෙන්නකි****








You May Also Like

2 comments

The Life (PSYCHOLOGY UNIVERSE)