HISTORY OF PSYCHOLOGY (මනෝවිද්‍යාවේ ඉතිහාසය) III

by - April 14, 2016


නූතන යුගයේදී මනෝවිද්‍යාවේ ඇති වූ වෙනස්කම් සහ මනෝවිද්‍යාව වර්ධනය සදහා නූතන යුගය කෙසේ දායක වුනාද යන්න අද අපගේ මනෝවිද්‍යාවේ ලිපි පෙලේ තෙවන ලිපියෙන් සාකච්ඡා කරනව.

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියල ප්‍රාර්ථනා කරනව.. අලුත්  අවුරුද්දේ හැමෝම ගෙවල් සුද්ද පවිත්‍ර කරල අලුත් පාට ගාලා, අලුත් ඇදුම් එහෙම අරගෙන අලුත් වෙනවනේ. නමුත් ඔබ තවමත් පරණ කෙනාමයි. සමාජය සංස්කෘතිය වෙනස් වෙනව ඉස්සර තිබ්බ සංස්කෘතිය නෙවේයි දැන් තියෙන්නෙ. ඉස්සර වගේ කොල්ලක් හෝ කෙල්ලෙක් දැන් පාරෙ ඇදගෙන ගියොන් මොනවගේ තත්වයක් ඇති වෙයිද? සමාජය සංස්කෘතිය වෙනස් වෙනකොට අපිට ගැලපෙන විදිහට අපිත් යම් කිසි වෙනසක් කරගන්න ඕනේ. ඒක තමන්ට ගැලපෙන එකක් වෙන්නත් ඕනේ. ඒහෙම වෙනස් නොවුනොත් පැවැත්මක් නැති වෙනව..

අපේ ජීවිතේත් අපි අලුත් අරගන්න ඕනේ. අපි දන්නෙ නැතිව ම අපගේ කලය සෑම වෙලාවක ම අලුත් වෙනව.. ඔබ මේ අකුර කියව අවස්ථාවේ ඔබගේ වෙනසක් සිදු වෙනව ඒ මේ අකුර ඔබගේ මනසට යනව.. ඔබ නිකන් ම හිටියොත් කිසි දෙයක් නෑ පරණ ඔබමයි.. කාලය අලුත් වෙනවත් සමගම ජීවිතය අලුත් කරගන්න ඕනේ. ඒක මේ අලුත් අවුරුද්ද කියල විශේෂයෙන් ගෙවල් අලුත් කරනව වගේ කරන්න හොද නෑ. ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්න විශේෂ දවස ඕනේ නෑ.. විශේෂ වෙලාවක් ඕනේ නෑ ඔබ ගාව තියන විශේෂ ම හොද ම වෙලාව තම දැන්. දැන් කරන දේ හොදට කරන්න. හරි අපි අපේ මාතෘකාවට එමු අනේ මන්ද කතා කරන්න ගියාම over යනවද මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හිතෙගෙන ඉන්න ටික සාකච්ඡා කරන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ .. අපි බලමු..

නූතන යුගය. 

ධ්‍යතනික යුගයේ මන්දගාමී වර්ධනයක් පෙන්වූ මනෝවිද්‍යාව නූතන යුගයේදී ඉතා සීග්‍ර වර්ධනයක් කරා ලගා වූහ. 15වන සහ 19වන ශතවර්ෂ අතර කාල පරිච්ඡේදය නූතන යුගය ලෙස හැදින්විය හැකිය.. එම කාලයේ යුරේපයේ විද්‍යා ශාස්ත්‍රී සහ කලා පුනරුදකල් සිදු වූ යුගයක් ලෙසට හදුන්වයි.. නූතන යුගයේ සිටි දාර්ශනිකයන් සහ චින්තකයන් මනෝවිද්‍යාවේ සෛද්ධාන්තික අංශය සදහා කරුණු ගොඩ නැගූ අතර, මනෝවිද්‍යාඥයන් මනෝවිද්‍යාවේ ප්‍රතිකාර අංශය සදහා කරුණු ගොඩනැගූහ. ඔවුන් එම අංශ දෙක වර්ධනය කරමින් මනෝවිද්‍යාවේ උපරිම සුබසිද්ධිය සදහා අති විශාල දායකත්වයක් ලබාදුන්හ.

නූතන යුගයේ මනෝවිද්‍යාව වර්ධනය කල චින්තකයන් අතරින් ෆ්රැන්සිස් බේකන්, රෙනේ දේකාර්ත්, ජෝන් ලොක්, ජෝර්ජ් බර්ක්ලේ, හියුම් යන චින්තකයන් විශේෂ වේ. ඒ අතරින් 15වන ශතවර්ෂයේ ජීවත් වූ "ෆ්රැන්සිස් බේකන්" නැමැති චින්තකයා ප්‍රමුඛස්ථානය ගනී.. දාර්ශනිකයෙකු මෙන් ම තර්කශාස්ත්‍රඥයෙකු වූ බේකන් නවීන විද්‍යාවේ ප්‍රථම විධික්‍රමවාදියා ද වේ.. මධ්‍යතනික යුගයේ දී චින්තකයන් විසින් යොදාගත් සංකල්ප වලට විරුද්ධව නිරීක්ෂණයෙන් දැනුම රැස් කිරීම හෙවත් උද්ගමන ක්‍රමය ලෝකයට මොහු විසින් හදුන්වා දුන්හ.. (මාත් එතන හිටිය හරිද) එසේ ම විද්‍යාත්මක විධික්‍රම සම්බන්ධයෙන් බේකන් අදහස් ප්‍රකාශ කළේය. මනෝවිද්‍යාවේ ප්‍රථම ගුරුකුලය වන ව්යුහවාදයේ ආරම්භකයා වන වුන්ඩට් ද සම්පරීක්ෂණ ක්‍රමය යොදාගෙන ඇත බව අපට පැහැදිලි කර ගත් හැකිය.

මීට අමතරව බේකන් මනස පිලිබඳව අධ්‍යයනය කරන විට තර්කානුකූල කල යුතු ආකාරය පිලිබදව අදහස් දක්වා ඇත. ඔහුට අනුව උද්ගමන ක්‍රමය පරීක්ෂන ක්‍රම සදහා භාවිතාකොට මනස පිලිබඳ ව තර්කානුකූල නිගමනයක් ලබා ගන්නා ආකාරය බේකන් පැහැදිලි කළහ.

බේකන්ගෙන් පසුව නූතන යුගයේ මනෝවිද්‍යාවේ විශාල පෙරලියක් ඇති කල බුද්ධිවාදී චින්තකයකු වන 16වන ශතවර්ෂයේ සිටි "රෙනේ දේකාර්ත්" හැදින්විය හැකි ය. මෙතෙක් මනෝවිද්‍යාවේ පැවති "ආත්මය" යන සංකල්පය බැහැරකොට ඒ සදහා "මනස" යන සංකල්පය යොදා මනස පිලිබඳ ව පූර්ණ විග්‍රහයක දේකාර්ත් විසින් සිදුකළහ. ඔහු මනස සහ ශරීරය එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් ලෙස වෙන්කර දැක්වූහ. මෙම වෙන් කිරීම හේතුවෙන් මනස පිලිබඳ අධ්‍යයනය කිරීම ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් බවට පත්වීමට ආරම්භවිය.

දේකර්ත් ගේ එම වෙන්කර දැක්වීමට අනුව මනසට සහ ශරීරයට ඇත්තේ එකිනෙකට වෙනස් වූ පැවත්මක් බව පෙන්වාදෙයි. ඒ අනුව මිනිස් මනස ප්‍රධාන මූලාශ්‍ර දෙකකින් සමන්විත වන බව පැහැදිලි කළේය. එනම් මිනිස් මනස

  • අනුභූතිමය සංකල්ප.
  • සහජ සංකල්ප.

යන කොටස් දෙකෙන් සමන්විත වේ. අනුභූතිමය සංකල්ප හුදෙක් ඇස, කන, නාසය, දිව, සම යන ඉන්ද්‍රියයන් ආශයෙන් ඇතිවෙන බවත් ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආශ්‍රිතව ඇති වෙන බව පෙන්වා දුන්හ. ඔහුගේ මෙම මතය බොහෝ වෙලාවට නූතන මනෝවිද්‍යාවේ ඉන්ද්‍රීය සංජානය යන සංකල්පයට සමානකම් දක්වයි. දේකර්ත් ගේ මෙම මතයට අනුව මෙම ඉන්ද්‍රීය සංවේදනයන්ට වාස්තවික ලෝකය නැතහොත් බාහිර පරිසරය ග්‍රහනය වේ..

සහජ සංකල්ප මිනිස් මනසේ සහජයෙන් ම ඇතිවෙන අතර ඒ සදහා ඉන්ද්‍රීය සංවේදනයක් සම්බන්ධ නොවේ. හොද/නරක, කරුණාව, සදාචාරය, ගණිතය, වැනි සංකල්ප සහජ සංකල්පවලට උදාහරන විදිහට පෙන්වාදිය හැකිය. එනම් මනස තුලින් ඇස, කන, නාසය, දිව, සම යන ඉන්ද්‍රියයන් අදල කර නොගනිමින් මනස ස්වයං ව නිර්මානය කරගන්න සංකල්පයන් සහජ සංකල්ප වන බවට තවදුරටත් පැහැදිලි කළ හැකි ය.

පසුව 17වන ශතවර්ෂයේ බුද්ධිවාදී දාර්ශනික සම්ප්‍රදායට විරුද්ධව "අනුභූතීවාදය" නමින් නව දාර්ශනික සම්ප්‍රදායක් ගොඩනැගුනහ. එය මනෝවිද්‍යා ඉතිහාසයේ බුද්ධිවාදී සම්ප්‍රදායට සමාන්තරව වැදගත්කමක් උසුලයි. අනුභූතීවාදී චින්තකයන් බුද්ධිවාදී සංකල්ප සහ මතවාද විවේචනය කරමින් ඒවට විරුද්ධව මතවාද සහ නව සංකල්ප ඉදිරිපත් කලහ.

ආනුභූතීවාදීන් තම සංකල්ප තුලින් මනෝවිද්‍යාවේ වර්ධනයට කුමන ආකාරයේ සාධාරණයක් ඉටු කළ ඇති ද යන්න අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු.. කොහොම හරි මගේ අද ලිපියේ අරමුණු වූ කරුණු ටිය ඔයාලට දෙන්න පුලුවන් වුනා සමහරක් විට ඊලඟ ලිපිය මනෝවිද්‍යාවේ ඉතිහාසය පිලිබඳව තිබෙන ලිපි පෙලේ අවසාන ලිපිය විය හැකී. ඉතින් සතුටින් සාමයෙන් උදාවූ අලුත් අවුරුද්ද උපරිමයෙන් බුක්තිවිදින්න. ආදරය ආදරණීයව ලබා දෙන්න. එවිට ඔබට නියම ආදරය දැකගැනීමට හෝ සොයාගැනීමට හැකිය.. ( ආදරය සොයාගත්තු අයට දැකගන්න පුලුවන්, ආදරය තවම හම්බ වුන නැති අයට සොයාගන්න පුලුවන්)

ඔබ සැමට ජයෙන් ජය!!


╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

** ලිපියේ සමහරක් අකුරු නිවැරදි නොවීම සම්බන්ධයෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. එය Unicode වල ගැටලුවක් හේතුවෙන් ඇතිවෙන්නකි****


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)