Psychoanalytic Theory (මනෝවිශ්ලේෂණවාදය) 01

by - September 28, 2016


ඉතින් කොහොමද යාලුවනේ වැඩත් එක්ක ලිපියක් ලියන්න කාලය පොඩ්ඩක් අඩු වුනා. හරි මේ ලිපියෙන් සාමාන්‍ය මනෝවිද්‍යාවට අයත් ඉතාමත් වැදගත් මාතෘකාවක් කතා කරන්න ආරම්භ කරනවා මේ මාතෘකාව ලිපි කිහිපයකින් ඉදිරිපත් කරන්න වෙනවා. මොකද මේ මාතෘකාව සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරනව..
හරි එහෙනම් අපි මාතෘකාවට යමු.

               නෝවිද්‍යා ලෝකයේ ඉතා විශාල පෙරලියක් ඇති කල, මනෝවිද්‍යාවට අලුත් මාවතක් හදුන්වා දුන් වැදගත්ම වාදය නැතහොත් වැදගත්ම ගුරුකුලය වන්නේ මෙම මනෝවිශ්ලේෂණවාදය හෙවත් Psychoanalytic Theory. සිග්මන් ෆ්රොයිඩ් නැමැති විද්‍යාඥවරයා විසින් 19 වන සියවසේ අගභාගයේදී මනෝවිද්‍යා ලෝකයට හදුන්වාදී ඇත. අපි පොඩ්ඩක් සිග්මන් ෆ්රොයිඩ් ගේ පැත්තට හැරුනොත් මොහු උපත ලබන්නේ 1856 මැයි 6 වන දින ජර්මනියේ ෆ්රයිබෙර්ග් ( Freiberg) කියන ප්‍රදේශයේ මොරෝවියන් නගරයේ තමා ඉපදිලා තියෙන්නේ. මොහුගේ දරු උපත පොඩ්ඩක් සුවිශේෂී වෙනවා මොකද මවගේ වැදෑමහත් සමගම තමා ෆ්රොයිඩ් මෙළොවට ඇවිත් තියෙන්නේ. දරුවන් 8 දෙනෙක් සිටින පවුලකට ඉපදුන මොහු වයස අවුරුදු 17 දී විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනේ නීතිය ඉගෙනගැනීමේ අරමුණිනි නමුත් ඔහුට වෛද්‍ය පීඨයට තමා ඇතුලත් වෙන්න වුනේ ඉතින් මොහු දර්ශනය, කායික විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව යන විශයන් යටතේ උපාධිය හදාරා ඇත. On the Aphasias: a Critical Study කියන පොත ෆ්රොයිඩ් විසින් රචිත පලමු පොත වේ. ඉතින් පස්සෙ ඔහුට විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් හම්බ වුනා. ඒත් සමඟම ඔහු ස්නායුක අක්‍රමිකතා ගැන අධ්‍යයනය කරන්න පරීක්ෂන කරන්න පටන් ගත්තා.

                ඉතින් මේ විදිහට වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඔහු ඉදිරියට ආවා පරීක්ෂන කරමින්. මනෝවිද්‍යාවට මොහුගේ කිසිම සම්බන්ධතාවයක් තුබුණේ නෑ. මොහු ස්නායුක වෛද්‍යවරයෙක් (neurologist) මනෝ විද්‍යාඥයෙක් නොවේ. ඉතින් ස්නායුක වෛද්‍යවරයෙක් විදිහට රෝගීන් ගැන බලමින් ඔහු යම් යම් පර්යේෂණ වල නිරත වුනා. ඒ අතරේදී එක් රෝගියෙක් අනෙක් රෝගීන්ට වඩා විශේෂ විය. එම රෝගියාගේ ශරීරයේ ඉන්ද්‍රියයක් අඩපණ වී ඇති හේතුවෙන් තමා මොහු ලගට එම රෝගියා ඇවිත් තියෙන්නේ. සියලූම පරීක්ෂන කරල බැලුවත් ෆ්රොයිඩ්ට මෙම රෝගයට හේතුව සොයා ගැනීමට අපහසු වුනා. මන්ද වෛද්‍යවිද්‍යාත්මකව කිසිම ආබාධයක් එම රෝගියා තුල තිබුනේ නැති නිසා. නමුත් ඔහුගේ එක අංශයක් අප්‍රාණිකයි. ඉතින් ෆ්රොයිඩ් කර කර හිටපු පරීක්ෂණ පැත්තකින් තියල මේ ගැන හොයන්න ගත්තා. මෙම රෝගය හිස්ටීරියා නම් රොගයක් වන බව දැනගත්හ.

                හිස්ටීරියා රෝගය ගැන කතා කලොත් මෙම රෝගය මුලු යුරෝපයේම පැතිරෙමින් පැවති රෝගයක් වන අතර එයට වෛද්‍යවිද්‍යානුකූලව කිසිම සාදකයක් නොමැති රෝගයක් වේ. මේ රෝගය සහිත රෝගීන්ගේ ශරීරයේ ඉන්ද්‍රියයන් අප්‍රාණික වන අතර කිසිම වෛද්‍යවිද්‍යාත්මක හේතුවක් නොවීය. විවිධ කායික අපහසුකම් වේදනා ඇති වුවද ඒ සදහා කිසිම ප්‍රතිකාරයක් කිරීමට අපහසු විය මන්ද ඒ රෝග විනිස්චය කිරීමට අපහසු මෙන්ම විනිස්චය කිරීමෙන් ශාරීරික කිසිම හේතුවක් නොමැති වීමයි. ඇන්ටන් මෙස්මර් නැමැති වෛද්‍යවරයෙකු මේ රෝගය සදහා පරීක්ෂන කොට අසම්මත ප්‍රතිකාර ක්‍රමයක් ද හදුන්වාදී ඇත. ඒ වගේම එයින් රෝගීන් සුව කොට ඇති, නමුත් එම ක්‍රමය අසම්මත ක්‍රමයක් නිසා වෛද්‍යවිද්‍යාත්මකව තහනම් කොට ඇති. (අදුරු කුටියක් තුල එම රෝගීන් හිදුවා කල පරීක්ෂනය අපි අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන කතා කරනකොට මේ ගැන ඉදිරිපත් කරල තියනවා.) හිස්ටීරියාව සදහා මෙස්මර් ආරම්භ කරපු ප්‍රතිකාර ක්‍රමය මෙස්මර්ගෙන් පසුව ඒ පිලිබඳව අවදානය දැක්වූ වෛද්‍යවරුන් මෝහණ ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට පරිවර්තනය කොට වෛද්‍යවිද්‍යාත්මකව එම ප්‍රතිකාර ක්‍රමය අනුමත කොට ඇත. මෙම මෝහන ක්‍රමය හදුනාගත්තද හිස්ටීරියා රෝගය සඳහා නිස්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට අපොහොසත් වෙලා තියනවා. ඔවුන් පැවසූ ආකාරයට හිස්ටීරියා රෝගය ද මෝහන තත්වයක් වන බවය. ( හිස්ටීරියා රෝගය ගැන අපි සම්පූර්ණ ලිපියක් ඉදිරියේදී ලබා දෙන්නම්)

               ඉතින් මේ පිලිබඳව පරීක්ෂණ කල ෆ්රොයිඩ්ට මෙම තත්වය එක්තරා ආකාරයක මානසික තත්වයක් පමණක් වන බව හඳුනාගත්හ. ඒ වගේම මෝහණය නැමැති ක්‍රමය දුර්වල ප්‍රතිකාර ක්‍රමයක් වන අතර මෙතෙක් අධ්‍යයනය කොට ඇති පටු ක්‍රමයන්ගෙන් ඈත් වී මනසේ ස්වාභාවය, මනසේ ක්‍රියාකාරීත්වය, පෞරුෂය, ගැටලු යන පුලුල් ක්ෂේත්‍රයන් පිලිබඳව අධ්‍යයනය කිරීමට ආරම්භ කළහ. මේ තුලින් පුළුල් මනෝවිද්‍යා දෘෂ්ටියක් ගොඩනැගීමට හැකි විය. මේ පිලිබඳව අධ්‍යයනයන් ආරම්භ කිරීමත් එක්කම ස්නායුක වෛද්‍යවරයෙකු වන ෆ්රොයිඩ් මනෝවිද්‍යාව පැත්තට ක්‍රමක් ක්‍රමයෙන් අවතීර්ණ වන්නට විය. ෆ්රොයිඩ් හට හිස්ටීරියා රෝගය සදහා ඉතා හොද ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට හැකි විය. ඒ වගේම හිස්ටීරියා රෝගය සඳහා කැපවූ අනිත් වෛද්‍යවරුන් අබිබවා ෆ්රොයිඩ් ඉදිරියටවිත පුළුල් නව ක්ෂේත්‍රයන් ගනනාවක් ආරම්භයට අඩිතාලම දමා ඒවාත් උපරිම අවස්ථා දක්වා වර්ධනය කොට ඇත..

අපි පොඩ්ඩක් වටාපිටාව පොඩ්ඩක් දැනගෙනම ඉදිරියට යන්න ඕනේ එතකොට මගේ අරමුණ සාර්තක වෙනව සම්පූර්ණ වෙනවා. මනෝවිශ්ලේෂණවාදය ගැන කතා කරන්න පටන් ගන්නකොට ෆ්රොයිඩ් ගැන කතා කලේ නැත්තම් ඒකේ කිසිම වැඩක් වෙන්නේ නෑ. ෆ්රොයිඩ්ගේ සෑඑම සොයාගැනීමක්ම සෑම දෙයක්ම මේ මනෝවිශ්ලේෂණවාදී න්‍යායට අයත් දේවල් තමා. හරි අපි ඊලග ලිපියෙන් අපි තවත් ඉදිරියට යමු.. මනෝවිශ්ලේෂණවාදයේ සෑම දෙයක්ම අලගිය මුලගිය සෑම තැනක් ගැනම සම්පූර්ණයෙන් ඉදිරිපත් කිරීම මගෙ අරමුණයි...

හරි එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

1 comments

  1. Casino City - Mapyro
    › casino-city-casino-city 고양 출장샵군포 출장마사지 casino-city-casino-city Casino City - Mapyro provides 하남 출장안마 live traffic 창원 출장샵 updates, road conditions, Check out traffic updates from around the clock and over 300 순천 출장마사지 tables of blackjack machines

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)