Neonatal Child ( නවජ දරුවා) - 01

by - September 01, 2016


ඉතින් කොහොමද යාලුවනේ අලුත් මාසේ අපි අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න් තමා මේ ලෑස්ති වෙන්නේ. ළමා මනෝවිද්‍යාව යටතේ අපි දරුවෙකු ඉපදීමට කලින් අවධි ගැන කතා කලා. මේ ලිපියෙන් උපතින් පසුව දරුවෙකු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

නවජ දරුවා - 01

          කලින් ලිපි වලින් අපි දරුවෙකු පිලිසිද ගැනීමේ සිට දරුවෙකුගේ උපත දක්වා කතා කළා. මේ ලිපියේ ඉදල අපි දරුවෙකු ඉපදීමෙන් පසුව දරුවෙකුගේ වර්ධනයන් සිදුවන ආකාරය, නවජ දරුවාගේ ස්වරූපය, කායික ඇතුලු මූලිකව දරුවෙකුගේ අවශ්‍යතා. වල ඉදලා ඉදිරියට එන අවධීන් ගැන සාකච්ඡා වෙනව.

                      දරුවෙකු උපත ලැබූ දවසේ සිට මසක් යනතෙක් ගෙවෙන්නේ මේ නවජ කාලයයි.නමුත් නොමේරූ දරුවෙකු සදහා නවජ කාලය එයිට වඩා වැඩි වේ. දරුවෙකු නවජ කාලයට පැමිනීමට පෙර ගර්භාෂය තුල තුබූ තත්වයට වෙනස් තත්වයකට මුහුණදීමේදී දරුවාට ඇත්තේ ඉතාමත් ලොකු අභියෝගයකි. මොකද අලුත් පාරිසරික උෂ්ණත්වයක් යටතේ, නව ශ්වසන ක්‍රියාවලිය, ආහාර ජීර්ණය කරගැනීමේ ක්‍රියාවලිය, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය යන අංශයන්ට දරුවා පුරුදු විය යුතු වෙනවා. මේ අභියෝගයට අවශ්‍ය ශක්තිය සහ පෙර සූදානමක් ගර්භාෂය තුල ගතකරන අවසන් සති කිහිපයේදී දරුවා තුල වර්ධනය වෙයි.

                      දරුවෙකු උපත ලැබ මිනිස්ත්තුවකට පසුව හා මිනිත්තු 5කට පසුව මූලික වෛද්‍ය පරීක්ෂණය කරනු ලබයි. 1953 දී වෛද්‍ය වර්ජීනියා අප්ගාර් (Dr; Virginia Apgar) විසින් මෙම පරීක්ෂනය හදුන්වා දී ඇත. මෙහිදී දරුවාගේ හෘද ස්පන්දන වේගය, හුස්ම ගැනීම,  පෙනීම (වර්ණ), මාංෂපේශී වල ක්‍රියාකාරීත්වය, ප්‍රතීක වල ක්‍රියාකාරීත්වය යන කරුණු ගැන සොයා බලයි මෙහිදී ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක වේ. උපරිම ලකුණු 10ක් ලබා දෙන අතර ලකුණු 4ට වඩා අඩුවෙන් ලබා ගන්නා දරුවන් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරයි. මෙම පරීක්ෂනයෙන් බහුතරයක් දරුවන් ලකුණු 7ට වඩා ලබා ගන්න බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. මෙහිදී වැඩි ලකුණු ලබා ගන්න දරුවන් අඩුවෙන් ලකුණු ලබා ගන්නා දරුවන්ට වඩා පසු කාලීන ජීවිතයේ ඉදිරියෙන් සිටින බව ද එම පර්යේෂණ වලින් පෙන්වාදී ඇත.

                    මේ නවජ දරුවෙකුගේ බාහිර ස්වරූපය ගැන කතා කලොත්, සාමාන්මේ‍යයෙන්ද බර රාත්තල් 5 1/2ක් පමණ වේ උස අගල් 18-22ක් පමණ වේ. උස සහ බර තීරණය වීමට ජාතිය, දෙමව්පියන්ගේ උස හා බර, මවගේ පෝෂණ තත්වය, මවගේ සෞඛ්‍යය, දරුවාගේ ගැහැනු පිරිමි භාවය, භාහිර පාරිසරික තත්වය වැනි සාධක බලපායි. උපදින් පළමු දරුවා දෙවන හෝ තුන්වන දරුවාට වඩා බරින් අඩු වේ. ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් බරින් වැඩි වේ. ශරීරයේ දියර ප්‍රමානයද අඩු වීම හේතුවෙන් උපත ලැබීමෙන් දින 5ක් ඇතුලත දරුවාගේ බරින් 10%ක් පමණ අඩු වේ. නැවත 5ස් වන දිනයේ සිට බර වැඩි වෙන්න ආරම්භ වේ.  පටකයන් නිසි පරිදි සිරුරේ වැඩී නොමැති නිසා සිහින් ශරීරයක් හිමි වේ. මුහුණද මදක් පළල් වේ. සම ලා රෝස පැහැයට හුරු පෙනුමක් තිබේ. ඒ වගේම දරුවාගේ සම වටා ගර්භාෂයේ සිටින විට දරුවාගේ සම ආරක්ෂා කිරීමට තිබූ සියුම්, තෙල් සහිත සිවියක් වැනි තුනී පටකයත් දරුවාගේ සම වටා දැකිය හැකිය. කාලයත් සමග එය වියලී සමෙන් ඉවත්වී යයි. ශරීරයේ තැනින් තැන් සිනිදු ලෝම සහ හිසකෙස් දැකිය හැකිය.

                     සමහරක් දරුවන්ගේ හිසකෙස් වැඩිපුර දැකිය හැකිය. නාසය ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩාවට button එකකට සමානව පිහිටා ඇත,දත් නැත, හකු ප්‍රදේශය නිසි ආකාරව වැඩී නැත. ඇසි පියද නිසි ආකාරයට වැඩී නැත. දරුවාගේ හිසේ දිග ශරීරයේ දිගින් 1/4 ක් පමණ වේ. දරු උපත් ක්‍රියාවලිය පහසු වීම සදහා දරුවාගේ හිස්කබලේ ඇට මෘදු ස්වාභාවයක් ගනී. ඒ හේතුවෙන් හිසේ ස්වරූපය ද උපත් ක්‍රියාවලියේදී වෙනස් වේ.. අපි තෙල් වලවල් ලෙස හදුන්වන ඝන පටකයකින් පමණක් සැදී ඇති මෘදු ස්ථාන 6ක් හිස්කබලේ දැකිය හැකිය. වයස වැඩිවීමත් සමඟව එම ස්ථාන ඝන වී හිස්කබල සම්පූර්ණ වේ. සමහරක් දරුවන්ගේ ගැහැනු දරුවන්ගේ මෙන් පියයුරු මදක් පිම්බී ඇති අතර ඒවායින් කිරි පැහැති ද්‍රාවණයක්ද පිට වීමට ඉඩ ඇත. ලිංගයෙන් ද ලේ හෝ කිරි ඇහැති ද්‍රාවණයක් පිටවිය හැක. මේවා තාවකාලික වන අතර. ඉබේම මෙය සුව වී යනවා. මෙයට හේතුව වන්නේ දරුවා ගර්භාෂයේ සිටින විට අවගේ හෝමෝන දරුවාගේ එහෙම නැති නම් කලලයේ රුධිරය සමඟ එකතු වී තිබීමයි. උපතින් පසුව එම ඒවා ඉවත් වී යන්නේ ඒ ආකාරයටය.

                       නවජ දරුවාගේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන කතා කලොත්, දැකීමට, ඇසීමට හා ආඝ්‍රාණය කිරීමට ඇකි වුවත් නියම ආකාරයට හදුනා ගැනීමට අපහසුය. ඒවා නිසි පරිදි හදුනාගැනීම වර්ධනය වීම මොලයේ ඊට අදාල කොටස වර්ධනයත් සමග ක්‍රමක් ක්‍රමයෙන් සිදු වේ. වැඩිහිටියෙකු සතු සෑම සංවේදී හැකියාවක්ම මඳ වශයෙන් නවජ දරුවා සතු වේ.. අනෙක් සතුන්ට වඩා මිනිස් දරුවෙකුට භාහිර ආවරනය ඉතාමත් වැදගත් වේ. නම්ද වසු පැටවෙකු ඉපදුන ගමන් ඇවිදීමටත් කිරි උරාබීමටත් හැකියාව ඇත. නමුට් මිනිස් බිලිදෙකුට ඒ හැකියාව උපතේදීම හිමිවන්නේ නැත.. ඒ අගේම බලු පැටියෙක් උපත ලබන විට අන්ධය නමුත් මිනිස් දරුවෙකු උපත ලබන විත පෙනීමද මද වශයෙන් ඇත.



දරුවාගේ පෙනීම (දෘෂ්‍ය හැකියාව) - නවජ දරුවාගේ ඇස් කුඩා වන අතර දෘෂ්ටි විතානයද හරි ආකාරව සම්පූර්ණ වී නැත. දෘෂ්‍ය ස්නායු ද හරි ආකාරව වැඩී නැත. බොදවූ ස්වාභාවයක් සහිත පෙනීමක් ඇත. බොහෝ දරුවන්ට චලනය වන දේවල් හඳුනාගැනීමට හැකි වේ. මුල් කාලයේ ඔවුන්ට දැකිය හැක්කේ අගර් 7 1/2- 8 ත් පමණ දුරන් ඇති සෙලවෙන දේවල් පමනයි. පලමු මාසය ඉකුත් වෙත්ම එම දුර ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වේ.

ගඳ සුවද දැනීම - මේ ගැන කතා කලහොත තරමක් දුරට නවජ දරුවා ගඳට හා සුවදට ප්‍රතිචාර දක්වයි. සුවඳ ඇති දෑ නාසයට ලන් කළ විට දරුවා හුස්ම ගන්නා රටාවේ වෙනසක් දැකිය හැකිය. ඉපදී පැය 16ක් හා දින 5ක් ඇතුලත දරුවාගේ නාසයට විනාකිරි වැනි සැර සුවදක් ලන් කළ විට එයින් හිස ඉවතට හරවයි. නවජ දරුවා සමහරක් සුවද වලට ප්‍රතිචාර දක්වන අතර සමහරක් සුවද වලට ප්‍රතිචාර නොදක්වන බව තහවුරු වී ඇත.

ශ්‍රවණ හැකියාව - මුලදී නවජ දරුවෙකු ශබ්නද වලට ප්ව‍රතිචාර දක්ජවන්නේ අධික තීව්‍රතාවයකින් යුතු ශබ්ද වලට පමණයි. ඉපදී පැය කිහිපයක් යන විට නිසි ආකාරයට ශබ්ද වලට ප්‍රතිචාර දක්වයි. මොවුන් ඉතා ඉක්මනින් මිනිස් කට හඬට ප්‍රතිචාර දක්වයි. ඇතැම් දරුවන් හඬ ඇසෙන දෙසට ඔලුව හරවා බලයි. දරුවාගේ ශබ්ද තීව්‍රතාව උපරිමය ඩෙසිබල් 100 ද අවමය ඩෙසිබල් 75-50 අතර ශබ්දයක් ඇසීමට සැලැස්වූ විට දරුවාගේ හෘද ස්පන්දනයේ වේගය වැඩි වන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

රස දැනීම - නවජ දරුවා සර දැනීම පිලිබඳව ඇත්තේ ඉතාමත් අඩු හැකියාවකි. තිත්ත ඇඹුල් වැනි රසවලට තද අකමැත්තක් දක්වන අතර පැණිරස කළ කිරි, ග්ලූකෝස් වතුරට දරුවා වැඩි කැමැත්තක් දක්වයි.

හරි එහෙනම් මම අද නවජ කාලය අවසන් කරන්න කියල හිටියේ නමුත් හිතුවට වඩා ලිපිය දීර්ඝ වුනා. තව පොඩි කොටසක් තියනව නවජ දරුවාගේ ක්‍රියාකාරකම් සහ අවශ්‍යතාවයන් ගැන. අපි ඒක ඊලග ලිපියෙන් අවසන් කරමු..

එහෙනම් අපි අලුත් ලිපියෙන් හමුවෙමු...

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

Author
Dushyantha Samarasinghe
(Psychology Counselling & Psychotherapy Student
in University of Kelaniya
and I.P.S Sri Lanka)


You May Also Like

2 comments

The Life (PSYCHOLOGY UNIVERSE)