Mind (මනස) - 02

by - September 03, 2016

නස  - 02 

කලින් ලිපියෙන් ( Mind (මනස) - 01) අපි මනසේ ඉතිහාසය ගැන මූලික ටික කතා කලා. මේ ලිපියෙන් මනස ගැන බෞද්ධ මතය ගැන පොඩ්ඩක් හොයල බලමු.

              මනස ගැන මුලින්ම වැදගත්ම අදහස් ඉදිරිපත් කලේ ගෞතම බුදුරජානන් වහන්සේය. ඒ වගේම මනස කියන්නේ මොනවගේ දැයක්ද මනස කියන්නේ මොකක්ද කියල අවබෝධ කරගත්තේත් අපේ ගෞතම බුදුරජානන් වහන්සේය. බෞද්ධ නොවන අයට අපහසුතාවයක් වුනාට සමාවෙන්න ඕනේ. නමුත් සත්‍යය මෙයයි. අදටත් එතුමන් පැවසූ බොහෝ කරුණු සත්‍ය වෙමින් පවතිනවා නවීන විද්‍යාවේ පර්යේෂණ වලින්. ඒ වගෙම ඔහු පැවසුයේ සත්‍යයි. සත්‍යය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. එය සර්වකාලීනයි. බුදුරජානන් වහන්සේ පැවසූ දේවල් වලට අනුව ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන්ට අමතරව තවත් ඉන්ද්‍රියක් මගින් අපගේ මනසට අරමුණ ලබා දෙන බව පවසා ඇත. එ ඉන්ද්‍රියය නම් මනනේන්ද්‍රීය යි. එනම් මනස සැතහොත් භවාංග සිතයි. ඒ වගේම සිත සහ කය ඒ කියන්නේ සිත සහ ශරීරය අතර ඇත්තේ ඉතා ලොකු සම්බන්ධතාවයක් පවතින අතර කය එහෙම නැතිනම් ශරීරය අර්ථවත් කරන්නේ මේ මනස විසිනි. ධම්මපදයේ චිත්තවග්ගයේ සදහන් වන පරිදි සිතක් නැති කය දඬුකදයකට සමාන වන බව ("අචීරං වතයං කායෝ") පවසා ඇත. මනස අක්‍රීය වූ විට කය ද අක්‍රීය අක්‍රීය වන බවත් කයට වඩා බලවත් වන්නේ මනස බවත් පෙන්වාදී ඇත.

                     ඒ වගේම භාහිර පරිසරයක් කියන දේත් හදුනාගන්නේ ("චිත්තේන නියති ලෝකෝ") මේ මනස විසිනි. යම් දෙයක් මනසට රුචි වෙනවා නම් ඉතා ඉක්මනින් ඒ වෙත ගමන් කිරීම, ක්ෂණයකින් යම් වස්තුවක් කෙරෙහි ඇලීම මනසේ ස්වාභාවයයි. බුදුරජානන් වහන්සේ මනස දියෙන් ගොඩට ගත් මාලුවෙකුට සමාන කරල තියනව. මන්ද ඒ මනසේ ඇති අවිනිස්චිත බව හෙවත් මනස එක් අරමුණක රදවා දබා ගත නොහැකී වීමෙන් හේතුවෙනි. ක්ෂණයක් ක්ෂණයක් පාසා විවිධ ආකාරයේ අරමුණු පසුපස මනස ගමන් කරමින් සිතුවිලි උපදවමින්, පවත්වාගනිමින්, මැරෙමින් නිතරම වෙනස් වෙමින් පවතින දෙයක් බවත්. සිත ද බොහෝ හේතු මුල් කරගෙන නිර්මාණය වන දෙයක් වන අතර අනෙක් සෑම දෙයක් මෙන්ම මනස ද අස්ථීර වන බව බෞද්ධ දර්ශනයේන් පැහැදිලි කර ඇත.(" සකස් වූ දෙය උපදින, මද කලක් පවතින, ඊට පසු බිඳෙන, වැනසෙන සුළු ගතියෙන් යුක්ත නිසා නිත්‍ය නොවේ") අස්ථිර සිත පරිණාමයට ගොදුරු වන අතර ඒ තුලින් දුක වේදනාව උපදවයි. තමන්ට අවශ්‍ය ආකාරයට මනස තබා ගැනීමට නොහැකි නිසා මනස අස්ථිර වන බව ද පෙන්වා දී ඇත. ඒ වගේම මේ අස්ථීර මනස ස්ථීර නැතහොත් එක අරමුණකට ගැනීමට ඉතාමත් අපහසු කාර්යයක් වේ. ඔබ මේ ලිපිය කියවන විටත් සිතුවිලි දහසක් ඇති වෙනවා, නැති වෙනවා ආයෙත් ඇති වෙනවා.

                    මම දැන් මේ දේ කියූ මොහොතේ සිත මේ ලිපියට යොමු වෙනවා ආයෙත් ටිකකින් වෙනත් දිසාවකට යොමු වෙනවා. ගමනක් යනකොට ගමන ගැන අවදානයට වඩා වෙනත් දේවල් ගැනයි අවදානය තියෙන්නේ. මග තොටේදී හමුවන සමහරක් අයට හිනා වුන්නාම ගනාක්වත් නෑ එයා එයාගේ වෙනත් කල්පනාවක වෙනත්. සමහරක් අයට දෙයක් කරන්න පටන් අරගෙන ඒක කරගෙන යනකොට මම මේ මොකක්ද කරන්නේ කියන එක අමතක වෙනවා. නානවිට සබන් ගෑවද අමතක වෙනවා. අමතක් වෙනව නෙවේ ඔබ අවධානයෙන් නොවේ ඒ අවස්ථාවල ඉදලා තියෙන්නේ.. අමතක වීමත් අවධානය මද කම නිසා බව මම කියල තියනව ඒ වගේම අපට කිසි දෙයක් අමතක නොවෙන අතර මතකයට නගා ගැනීමට අපහසුවක් පනක් ඇති බව කියල තියනව කලින් ලිපි වලදී. එක මොහොතක සිත අන්තරාවලෝකනය ඔට බැලුවහොත් නිතර නිතර ඇතිවන නැතිවන සිතුවිලි ගැන පැහැදිලි කරගත හැකි වේ.

                    බෞද්ධ දර්ශනයට අනුව මේ ආකාරයට විසිරෙන තැන තැන දුවන අරමුණු රහිත සිත එක රමුණකට අරගැනීමට නම් සමාධිය වැඩිය යුතු බව පෙන්වාදී ඇත සමාධිය වැඩූ විට අරමුණු වලින් ඈත්ව එක් අරමුණකට සිත පිහිටවා නිවැරදි අවබෝධය ලබා ගත හැකි බව පෙන්වාදී ඇත. සන්සුන් වූ නැතහොත් එක් අරමුණක පිහිටවූ මනසට කළහැකි දෑ ප්‍රායෝගිකව ඔප්පු කලේ බුදුරජානන් වහන්සේය. ඒ වගේම මේ මනසේ ඇති අන සිතුවිලි වල ස්වාභාවය කැලයේ අතු අතරින් මාරු වෙමින් එක අත්තක් අතහරින විට හවත් අත්තක එල්ලෙමින් ගමන් කරන ආකාරයට මනසේත් සිතුවිලි එක සිතුවිල්ලක් අවසන් වෙන විට තවත් සිතුවිල්ලක ආරම්භය වේ. සිහින නොදකින තද නින්දේදී (භාවංග සිත) හැර අනෙක් සෑම විටම සිත අලුත් සිතුවිලි ගොඩ නගමින් ඒවා තුලින් තවත් සිතුවිලි ඇති කරමින් ජීවත් වේ..

                     නූතන මනෝවිද්‍යාවේ මනසට ශක්තියක් ඇති බව බුදුරජානන් වහන්සේ එකලම දක්වා ඇත. මනසට අද්විතීය බලවේගයක් ඇති බවත් එය විදුලිය ආලෝකය වැනි බලවේගයන්ට සම කළ නොහැකි සුවිශේෂී බලයක් ඇති බව පෙන්වාදී ඇත. ඒ වගේම මනස නිර්මාණාත්මක ශක්ති ගොඩ ගසාගත් ගබඩාවක් වන අතර ආශාව තුලින් සිතට සෑම දෙයක්ම ඉටු කිරීමේ බලයක් ද ඇති බව පෙන්වාදී ඇත. යම් නිර්මාණයක විශිෂ්ටත්වය රඳා පවතින්නේ එය නිර්මාණය කරන පුද්ගලයාගේ මනසේ ඇති නිර්මාණාත්මක භාවය තුලිනි. මිනිස් සිත උසස් වූ කලා කෘතියයකට වඩා කලාත්මක, විචිත්‍රවත් උසස් දෙයක් වේ මන්ද ඒ කලාකෘතිය නිමවීමට ප්‍රථමයෙන් එය මිනිස් සිත තුල නිමවා අවසන් වන බැවිනි.

                     පන්චේන්ද්‍රයන්ගෙන් ඇතුලු කරන අරමුණු වලට ප්‍රතිචාර දැක්වීම මේ මනසින් සිදු වන අතර ඇතුලු වන අරමුණු විශ්ලේෂණය අර හදුනාගන්නේද මේ මනස විසිනි. වේදනාවට මූලික වන්නේද වේදනාව වේදනාවක් ලෙස හදුනාගන්න මනස තුලිනි. පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන මේ අරමුණු නොමැති හුදකලාව වුවද මනසට ක්‍රියා කළ හැකි බව පවසා ඇත. (දූරංගමං ඒකචරං) හුදෙකලාව මනසට දුර ගමනක් යෙදේ. තනියම වුවද මේ අපගේ සිතට ක්‍රියා කල හැකි බව පැහැදිලි කර ඇත. ශරීරය නඩත්තු කිරීමට ආහාර අවශ්‍ය වනවාක් මෙන් මනස නඩත්තු කිරීමටත් ආහාර අවශ්‍ය වේ ඒ සදහා මූලික වන්නේ මනෝමූලික ආහරයන්‍ ය. නිරන්තරයෙන් අරමුණු වෙත යොමු වෙමින් ආශාවන් වින්දනය කරමින් සිත තමන්ගේ ආහාර සපයා ගනී.. (නූතන මනෝවිද්‍යාවට අනුව ෆ්රොයිඩ්ගේ පැහැදිලිකිරීම් වලත් තියනව ආශාවන් සිතට වැදගත් වෙන තර ඒවා තෘප්ත නොවන විට නැතහොත් නොලැබෙන විට මානසික අක්‍රමතා ඇති වන බව) සිත නම් කාම වස්තුවක් දුටු සැනින් ඇදී ඒ වෙතට ගමන් කරන දෙයකි. (කාමය කියන්නෙ සියලුම ආශාවන්) ඒවාගෙන් සිත ඉවත් කලහොත දැඩි ලෙස කම්පනයට පත් වන බවත් ප්‍රීතිය ලබන එම කාම වස්තූන්ගෙන් ඉවත් කරන්න කරන්න නැවත ඇතීම සිතේ ස්වාභාවය වන බව බෞද්ධ දර්ශනයේ පැහැදිලි කෙරේ.

                    සසර ගමනේ සංස්කාර රැස් කරන්නේ මේ මනස විසිනි. මේ මනස තුල භවයෙන් භවයේ මිනිසා විසින් එකතු කරගත් ශක්තීන් ඒ කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව කුසල අකුසල තුලින් මනස පිරී ඇති බවත් ඒවා අළු යට ගිණි පුපුරු මෙන් සැගවී පවන බවත් ය. මේවා මතු කර ගැනීමට චිත්ත සමාධිය අවශ්‍ය වන බව පෙන්වාදී ඇත. ඒ තුලින් අපට එක් දෙයක් පැහැදිලි කරගන්න පුලුවන්. එනම් සන්සුන් මනසක් එහෙම නැතිනම් එක් අරමුණක පිහිටවූ මනසකට තමන්ගේ ආත්මභවයන්ගේ මතකයන් අවධි කරගැනීමට හැකියාවක් ඇති වන බව. ඒ වගේම සමාධිය ආරම්භ කරපු කෙනෙක්ට ක්‍රමක් ක්‍රමයෙන් සාර්ථක වන විට තමන්ගේ යටපත් වූ මතකයන් (අමතක වූ දෑ) පහසුවෙන් ආවර්ජණය කළ හැකි වේ.. මේ ගැන අපි ඉදිරියේදී සවිස්තරාත්මකව "සන්සුන් මනස (Peaceful Mind)" ලිපි පෙලින් කතා කරමු. නිර්වාණය තත්වයට පත්වූ සිත ඉහත පැවසූ සියලු අරමුණු වලින් මිදී ආශාවන් තුලින් මිදෙයි. ඇලීමේ ස්වාභාවයේ අවසානය නිර්වාණය වන බව බෞද්ධ දර්ශනයේ පැහැදිලි කර ඇත..

                   මේ ආකාරයට මනස පිලිබඳ පුලුල් විග්‍රහයක අප මහා ගෞතම බුදුරජානන් වහන්සේය කළහ. ලෝකයේ ප්‍රධාන වශයෙන් නීති 2ක් තියනව එකක් මිනිසාගේ චර්යාන් (මේකට හරිම වචනය වෙන්නේ වනචාරී මිනිසුන්ගේ කියන එක. අපි ඔක්කොම එහෙම තමා නීතිය නැති තැන මිනිසුන් වනචාරී තත්වයකට පත් වෙනවා) පාලනය කරන්න සාදාගෙන ඇති නීතිය සහ වනචාරී ජීවන රටාවට නැවත පත්වීම වැලැක්වීම සදහා ආගමික ශාස්තෘන් විසින් ලබා දී ඇතී නීතී රීති තුලිනි.. සෑම ආගමක්ම මිනිසාගේ වනචර මනස පාලනයට ක්‍රියා කරනවා ඔවුන් ඒ සදහා ඔවුන්ට ආවේනික ක්‍රියාපිලිවෙත් අනුගමනය කරනවා. ඔබ ඔබගේ ගෙදරට අල්ලපු ගෙදර ක්‍රියාපිලිවෙත් වෙනස් කරන්න ගියොත් හරි ප්‍රසිද්ධියේ විවේචනය කරන්න ගියොත් මොකද වෙනෙනෙ. ඒ වගේ කිසිම විටක කිසිම ආගමක ක්‍රියාපිලිවෙතක් වෙනස් කරන්නවත් විවේචනය කරන්නවත් යන්න එපා. සියලූම ආගම් ඊට ආවේනිකව ඒ ඒ රටවල් වලට ආවේනිකව මිනිසුන්ව යහපත් මාර්ගයට ගැනීමට කටයුතු කරනවා. සෑම ආගමකප පවසා ඇති බොහෝ කරුණු එක හා සමාන වනවාය යන කාරණාවට විද්වත් ඔබ මත් සමග එකඟ වෙනවා ඇති..

හරි අදට ලිපිය අවසන් වෙනව. ඊලඟ ලිපියෙන් මනස ගැන දාර්ශනිකයන්ගේ අදහස් ගැන සාකච්ඡා කරමු.. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.. මනස 1 ලිපිය කියෙවුවේ නැති අයට මෙතනින් යන්න පුලුවන්


ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)