Mind (මනස) - 01

by - August 23, 2016

ඉතින් කොහොමද යාලුවා.. අපි මෙච්චර දවස් මනෝවිද්‍යාව ගැන කතා කරාට මනස ගැන කතා කලේ නැ නේ. මනස ගැන හඳුනාගත්තේ නෑ නේ. ඔන්න ඉතින් අද ලිපිය අපගේ මනස ගැන. මනෝවිද්‍යාත්මකව මෙන්ම ආගමික වශයෙන් මනස සම්බන්ධයෙන් ගොඩනැගෙන නැගී ඇත තොරතුරු ඇතුලුව විද්‍යාව තුලින් අධ්‍යයනය කරන මනස ගැන කියන දේව ඇතුලුව. මනසින් කල හැකි දේ මනසින් ලඟාවිය හැකි ස්ථාන ගැනත් ඇතුලුව මනස ගැන සම්පූර්ණ විවරණයක් මේ ලිපියෙන් ආරම්භ වන ප්‍රධාන මාතෘකාව යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙන්ම් ඔහොම්ම ම කියවගෙන පහලට එන්නකෝ..
නස
                 මනස නැතහොත් ඉංග්‍රීසියෙන් "Mind" එක ගැන කතා කරනකොට අපි ඉතිහාසයේ ඉදලම කතා කරන්න වටින කරුණු තියනව. ඉතා ඈත ඉතිහාසයේ ඉදලම මනස යම් යම් නිර්වචන වලින් හදුන්වමින් මේ වනතෙක් ඇවිත් තියනව. මනස ගැන අපි කලින් ලිපි වලදිත් පොඩ්ඩ පොඩ්ඩ කතා කරල තියනව. ඉතින් අපි මේ ලිපියෙන් අපි සම්පුර්ණයෙන් මනස ගැන කතා කරනව. 

මුල් කාලයේ මිනිසුන්ගේ ඇසට නොපෙනෙන සියල්ල අද්භූත දේවල් නැති නම් අද්භූත බලපෑම් නිසා ඇති වන දේවල් කියන තමා විශ්වාස කරල තියෙන්නේ. (ඒ කාලේ හිටපු අයගෙන් කොටසක් තාමත් ඉන්නවා. එයාලාත් තාම දියුණු වෙලා නෑ. එයාලත් ඔය විදිහට හිතල යම් යම් දේවල් කරන්න යම් යම් ස්ථාන පස්සෙ යනව මුදල් වියදම් කරනව) මනස ඔවුන් හැදින්වූයේ "ආත්මයක්" ලෙසය. ආත්මයක් ලෙස ඔවුන් හැදින්වුවත්, ආත්මය සහ මිනිසාගේ ශරීරය සමග තියන සම්බන්ධය ගැන ඔවුන්ට වැඩිය දැනීමක් තිබිල නෑ. කොහොම හරි ආත්මය මිනිසාගේ ශරීරය තුල තිබෙන දෙයක් කියල ඔවුන් විශ්වාස කරල තියනවා. මේ කාලයේ විශ්වාසයන් තමා ගොඩක් තිබ්බේ මොකද පරීක්ෂන මගින් සහතික කරගන්න තරම් මිනිස්සු දියුණුවෙලා හිටියේ නෑ ඒ දවස් වල.

ගොඩාක් විද්‍යා විෂයන් මෙන් ම සමාජීය විද්‍යා විෂයන් වල ඉතිහාසය ගැන කතා කරනකොට අමතක වෙන්නේ නැති දාර්ශනිකයන් වන ප්ලේටෝ, ඇරිස්ටෝටල් මනස ගැනත් මුල්ම වැදගත්ම අදහස් දක්වලා තියෙනේ. මොවුන් දෙදෙනාගෙන් ප්ලේටෝ මුලින්ම, මිනිස් ආත්මය අමරණීය වන අතර මිනිසා මිය ගියද ආත්මය මිය යන්නේ නැති  බවත්, මිනිස් ආත්මයට ස්වාධීන පැවැත්මක් ඇති බව පෙන්වාදී ඇත. ආත්මයේ අමරණීය බව අනුමත කල ඇරිස්ටෝටල් ද ආත්මයට නිත්‍ය පැවැත්මක් ඇති බව කියල තියනව.

ඇරිස්ටෝටල්ට පසුව බෞද්ධ, ක්‍රිස්තියානි වැනි වෙනත් ආගම ආශ්‍රිතව ද මනස ගැන යම් යම් අදහස් මගින් එම මතය පෝෂණය වෙලා තියනවා. වැදගත්ම අදහස් ඉදිරිපත් වූයේ බෞද්ධ ආගම ආශ්‍රිතව ය. මනෝවිද්‍යාව බිහි වීමට ප්‍රථමයෙන් බුදුරජානන් වහන්සේ තමයි මනස ගැන මුලින්ම, විශ්ලේෂණාත්මක, වැදගත්ම අදහස් දක්වලා තියෙන්නේ. බුදුරජානන් වහන්සේ මනස ගැන පැවසු අදහස් අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු, මොකද අපිට කතා කරන්න ගොඩක් දේවල් තියනව.


ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝


Author
Dushyantha Samarasinghe
(Psychology Counselling & Psychotherapy Student
in University of Kelaniya
and I.P.S Sri Lanka)

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)