Peaceful Mind ( සන්සුන් මනස) - 2

by - August 02, 2016


Hi යාලුවනේ. ඔන්න අද මන් තව ලිපියක් අරගෙන ආවා මනෝවිද්‍යා විශ්වය තුලින් ඔබව හමුවෙන්න. හරි එහෙනම් අපි කෙලින්ම යමු මාතෘකාවට.

න්සුන් මනස  2

                නස කියන දෙය ගැන ඉතා ඈත ඉතිහාසයක සිටම එක එක විග්‍රහයන් තුලින් අර්ථවත් වෙමින් අද වෙන විට මනස ගැනත් මනසේ හැසිරීම ගැනත් විද්‍යාත්මකව අධ්‍යයනයන් සිදුවෙමින් ඉතා විශිෂ්ට ස්ථානයකට පත් වෙලා තියනවා. ඒ වගේම ඉතිහාසයේ ඉදල ම මනසේ ඇති වෙන රෝග ගැන යම් යම්  මතිමතාන්තර ඉදිරිපත් වී ඇත. මනසේ ඇති වෙන රෝග 90%ක්ම සුවකරගත හැකි ක්‍රමයක් තමා භාවනාව කියන්නේ, භාවනාව හුදෙක් බෞද්ධයන්ගේ ක්‍රියාපිලිවෙතක් වත් බෞද්ධයන්ට පමණක් වෙන් වූ දෙයක් වත් නෙවේ.. ආගම් විශේෂයක් නැතිව සෑම පුද්ගලයෙකුම භාවනාව වැඩීමෙන් යහපන් සන්සුන් මනසක් ලබාගත හැකිය. භාවනා කරන ක්‍රම රාශියක් තියනවා ඒවායෙන් තමන්ට ආවේනික තමන්ට පහසු  ක්‍රමයක් භාවිතා කල හැකිය. සමථ භාවනාව, මෛත්‍රී භාවනාව වැනි බෞද්ධ භාවනා ක්‍රම මෙන්ම යෝග භාවනා ක්‍රම, ආදී එක එක ආකාරයේ ක්‍රම සොයාගන්න පුලුවන්.

අපි කලින් ලිපියෙ අවධානය ගැන පොඩි විස්තරයක් කලා. මේ සෑම ක්‍රමයකම අවධානය තමා වැදගත් වෙන්නේ. හුස්ම ඉහළ පහය යන ආකාරය, ශරීර අංග චලනය තුලින් ඒ තුලට අවධානය එල්ල කිරීම, සියල්ලටම මෛත්‍රී කිරීමේදී එම වචන සහ ඒවාගේ තේරුම් කෙරෙහි අවධානය යොමු කිරීම ආදී මෙතෙක් සිත සංසුන් කරගත හැකි එහෙම නැති නම් අවබෝධය ලබාගත හැකි ක්‍රම සියල්ලම අවධානය මුල් කරගෙන සිදු කරන දේවල් ය. මගේ මතය තමා තමන්ට යම්කිසි එක් දෙයකට අවධානය ඒකාකාරීවා තාබාගත හැකි ඕනම ක්‍රමයක් හෝ මාර්ගයක් භාවනා ක්‍රමයක් භාවනා මාර්ගයක් වෙනවා. ඕනම දෙයක් ඕනම දෙයකට අවධානය ඒකාකාරීව තියාගන්න පුලුවන් නම් බට ඒ තුලින් අවබෝධය ලැබිය හැකිය.. අවධානයෙන් අවබෝධය ලබන බව ශ්‍රී ක්‍රිෂ්ණමූර්ති තුමා ද ප්‍රකාශ කරල තියනවා. ඉතින් අපි මේ ලිපි තුලින් අවධානය තුලින් අවබෝධය ලැබිය හැකි සෑම ක්‍රමයක්ම ඔබට ලබා දෙන්න තමා මේ ලිපි පෙලේ ප්‍රධාන අරමුණ.

ජීවිතය ජීවත් කරවන මිනිසුන් සෑමදාම තමන්ගේ කුමක් හෝ ක්‍රියාවක නිරත වෙනවා. ඒවා සාර්ථක හෝ අසාර්ථක වුනත් ස්තිර වශයෙන් ඔවුන්ගේ එක් දවසක් අවසන් වෙනව. දවස අවසන් වුනත් තාක්ෂණය දියුණුවත් සමග කෘත්‍රිම ආලෝකය මගින් ස්වභාව ධර්මයේ නීතියට පටහැනිව දවසේ වැඩකිරීමේ කාලය ටිකක් වැඩි අරගෙන තියනවා. කොහොම කෙසේ වැඩ කලත් බහුතරයක් දෙනා රාත්‍රී නින්දක් ලබනවා ඒක පැය කීයද කොපමණ වෙලාවක්ද කියන එක නම් ගොඩක් අපහසු කාර්යයක් නමුත් බහුතරයක් දෙනා පැය 5-6ත් අතර කාලයක් නිදියනවා. මගේ ප්‍රශ්නය තමා ඔබ ඔබට නිදිමත නිසා නිදියනවා මිසක් ඔබ නිදියනේ අවධානයෙන් ද? සමහරක් අයට නිදියගත්තේ කීයටද කියලත් මතක නෑ ඔබටත් එසේ ඇති. ඇදට ඇවිත් කොච්චර වෙලාවකින් නින්ද ආවාද කියල දන්නේ නෑ.සමහරක් අය සින්දු අහ හා නිදියනව දන්නේම නෑ නිදී උදේ බලනකොට 4න් එක කොහෙවත් Hf එකේ speaker වයර් එකෙන් ගැලවිලා කොහෙවත් වයර් එක කොහෙවත්. සමහරක් අයගේ  Hf එක කකුලෙ එතිල. ඉතින් අවධානය කොහෙද තියෙන්නේ කියල හිතාගන්න පුලුවන් නේද. නිදාගන්න යනවිටත් 10000ක් දේවල් ගැන හිතනව ඔබ නොදැනුවත්වම තවත් 10000ක් දේවල් ගැන සිතනව/ සිතෙනව.

සන්සුන් මනසක් ලබාගෙන අවබෝධය ලැබීම සදහා ඔබ නිදියන විට අවධානයෙන් නිදියන්න. අවධානය යොදවන්න නම් ඔබ නිදියන්න සූදානම් වන විට ඇදට ගොඩවන අවස්ථාවේ සිට ඇස්දෙකෙන් විතරක් නොව මනසින් දැකිය යුතුයි.. මනසින් ඔබගේ හැසිරීම අංග චලනය වන ආකාරය මනසින් චිත්‍රණය කළ යුතුයි.

නිදාගන්න විට ඔබ ඇස් දෙක වසාගත්තාට පස්සේත් ඔබට කලු අවකාශයක් බලාගන්න පුලුවන් ඒක හරියට මේ අපේ විශ්වයට සමානයි. ඒකේ ඔබගේ සිහියට නගාගත හැකි මතකයන් සියල්ලම තියනවා ඕනේ නම් බලන්න පුලුවන්. නමුත් ඒක නෙවේ, අපි අවධානය යොමු කරන්න ඕනේ ඇස් දෙක පියාගත්විට අපිට මෙනෙන අවකාශයේ තිබෙන සුදු පාටින් දිලිසෙන එක එක ආකාරයේ හැඩයෙන් යුක්ත තිත් රවුම් ගැන අවධානය යොමු කරන්න ඔබ ඒ දෙස අවධානයෙන් සිටින විට ඒවා සෙමින් සෙමින් චලනය වන ආකාරය වෙනස් වන ආකාරය දැකිය හැකිය. ටික වෙලාවක් ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන් ඉන්න විට පාවෙන ගතියක් දැන්න ගනී.. නිදිද නැතිද කියල ඔබම සිතන්න ගනී. එක එක වෙනත් මතකයන් පෙනෙන්න ගනී ඔබ ඒ තුල අතරමන් වෙන්න එපා.. ඒවා පොඩ්ඩක් නතර කරල අවධානය යොමු කල යුතු දේට අවධානය යොමු කරන්න. ඔබ දකින දේ ඇස් දෙකෙන් විතරක් නෙවේ මනසින් ද දකින්න අවධානය එතන රැදේවි.

මේ වගේන් ලැබෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. සෑම දෙයක් ගැන අවබෝධය වැඩි වෙනවා. ක්‍රියාවට ප්‍රථම මනස ක්‍රියා කරල කල යුතුද නැතිද කියල ගන්න තීරණය ඔබ දැනුවත් වෙනවා. සුවදායී නින්දක්. සාර්ථක නිදි අවදීන්. මනසේ සැහැල්ලු බව, සන්සුන් බව ලැබෙනවා. මනසේ file ටික ලස්සනට තැන්පත් වෙලා උදෑසන අවදි වෙන විට අලුත් බවක් නැවුම් බවක් එක්ක අලුත් පුද්ගලයෙක්, අලුත් සිතුවිලි පිරිවරාගෙන දවසේ වැඩ සාර්ථකව නිම කරන්න හැකියාවක් ලැබෙනවා..

එහෙනම් යාලුවා අදට ලිපිය අවසානයි. තවත් ලිපියකින් මනෝවිද්‍යා විශ්වය තුලිබ් ඔබව හමුවෙන්නම්. රැදී සිටින්න අපිත් සමඟ.

ඔබට ජයෙන් ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
 BLESS of your MIND!!!!!                          
╚══════ .♆. ════════════════════╝

Author- 
Dushyantha Samarasinghe 
(Psychology Counselling Student in University of Kelaniya) 


You May Also Like

5 comments

  1. Hoda article ekak. Thank you very much. http://blendlanka.blogspot.com
    Ape blog ekath ekkath ekathu wenna.

    ReplyDelete
  2. Wachana walin kiyanna widiyak ne me kiyala dena dewal walata.Thank you...

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)