New Idea (අලුත් අදහස්)

by - August 25, 2016

ලුත් දහස් 
ලුත් දෙයක් හදුන්වලා දුන්නම අපේ පරණ දේ වගේ නෙවේ නේ.
ඒකේ තියන ඒවා නෑ නේ කියල ප්‍රතික්ෂේප කරන නූගත් ජාතියක් ඉන්න සමාජයක තමා අපි ජීවත් වෙන්නේ. ඉතින් කොහොමද බන් රටක් විදිහට ඉදිරියට යන්නේ. අලුත් දේවල් වල කොහෙන්ද පරණ දේ වල ලක්ෂණ. එහෙම තියනවනම් කොහොමද ඒක අලුත් දෙයක් වෙන්නේ. 

සාර්ථක වෙන්න නම් දවසින් දවස අලුත් වෙන්න ඕනේ. කාලයට අනුව සිතුවිලි වෙනස් කරගන්න ඕනේ. චර්යාව නැතත් සිතුවිල්ල වෙනස් කරගන්න ඕනේ. 
අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න අලුත් දෙයක් කරන්න සිතන්න ඕනේ. අපේ වටපිටාවේ සෑම දෙයක්ම සෑම මොහොතකම අලුත් වෙනවා. අපේ ශරීරය තුලත් එහෙමයි. පරිසරය, වෙලාව සෑම දෙයක්ම අලුත් වෙනවා. 
ඉතින් අද්දන බස් එකට නගින්න ඕනේ නම් අපි පොඩ්ඩක් ඒ වේගෙන් දුවගෙන යන්න ඕනේ.. ඇවිදින වේගෙන් ගිහින් නගින්න පුලුවන් වෙන්නේ නවත්තල තියන බස් එකකටයි.. 
අපේ වටාපිටාව නිස්චිත නෑ නවත්තගෙන නෙවේ ඉන්නේ ඒකත් කොයි වෙලාවෙත් ගමන් කරන ගමන් තමා ඉන්නේ ඉතින් අපි නැවතිලා හිටියොත් අපේ පැවැත්ම අඩු වෙනවා..සමාජෙන් කොන් වෙනවා.. අවසානයේ මානසික අක්‍රමතාවයන් සහිත පුද්ගලයෙක් ඇති වෙනවා. නැති නම් සියදිවි නසා ගන්නවා. 

දුවන සමාජයත් එක්ක අපිත් දුවන්න ඕනේ සමාජය පනින සෑම පිම්මකින්ම අපි සාර්ථකව පනින්න ඕනේ. සාර්ථක වෙන්න නම් මේ දේ වියයුතුමයි. 
හිතන්න පරණ කාලේ fashion එකක් ඇදගෙන දැන් පාරේ ගියොත් කොහොම තියෙයි ද. තාක්ෂණය අලුත් වෙනකොට අලුතින් අලුතින් එක පහසුකම් වැඩි 4n වලට පරිගනක වලට මාරු වෙනව වගේ අපිත් අලුත් වෙන්න ඕනේ 4න් එකේ පරිගණකයේ OS එකට ඒවායේ මෘදුකාංග වලට කාලයෙන් කාලයට updates එනවානේ. 
ඒ ඇයි කියල දන්නවා නේද ඒ පරිගණකයේ හෝ දුරකතනයේ OS එකේ හෝ මෘදුකාංගයේ පාවිච්චි කරණ විට ඇති වන ඇටලු, යම් යම් අපහසුතාවයන්, අලුතින් එන වෛරස් වලට මුහුණදීමේ හැකියාවන් ඒ update එක හරහා හදනව, අලුත් කරනව. ඒ අගේ තමා ඉතින් අපේ ජීවිතයේත් update එක වෙන්න ඕනේ නැති නම් ඉතින් අලුත් වෛරස් වලින් බේරෙන්න අමාරු වෙනවා.

අලුත් වෙන්න යාලුවනේ 
පරණ සිතුවිලි වත් පරණ වැරදි වත් මතක් කර කර ඉන්න එපා. 
පරණ වැරද හදා ගන්න නම් අලුත් වන කාලයට මුහුණදෙන්න වෙනවා. එහෙම නොවුනොත් ඔබ එදා හිටිය තැනමයි අදත් ඉන්නේ. ඒදා හිටිය තැනින් හො අද හිටිය තැනින් ඉස්සරහට යන්න 
අලුතින් සිතන්න update වෙන්න.

** මතක තියාගන්න අලුත් අදහස් නිසා තමා මේ මිනිසා පවතින්නෙත්, 
ලෝකය දියුණු වෙන්නේත්. අලුත් අදහස් නැතිනම් අද ඔබ අතේ තාක්ෂණයත් නෑ. 
අලුතින් හිතන අය තමා මේ ලෝකය වෙනස් කරන්නේ.
සමාජයෙන් ඉහලට එසවී ප්‍රසිද්ධවන්නේ අලුතින් සිතන අයයි. **

නිකන් ඉන්නකොට මට හිතුන දෙයක්. ජීවිතයට එකතුකරගන්න බලන්න.. අලුත් වෙන්න තමන්ට ගැලපෙන විදිහට ඒ තුලින් ජීවිතය වෙනස් කරගෙන සාර්ථක කරගන්න..



ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

Author
Dushyantha Samarasinghe
(Psychology Counselling & Psychotherapy Student
in University of Kelaniya
and I.P.S Sri Lanka)

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)