Pen Drive එක

by - August 01, 2016


Pen Drive එකක් වගේ වෙන්න ඔබත් 

                  බ ඔබගේ යාලුවෙක්කේ ගෙදර හරි කොහේ අඳුරන කාගේ හරි ගෙදරක ගිය වෙලාවක pen එක ලග තිබ්බා නම් මොනව හරි පුරවගෙන එනවා නේ. සමහරක් අය හැම දෙයක්ම දාගෙන ඇවිත් වැදගත් ඒවා තියාගෙන අනිත් ඒවා Delete කරනව, සමහරක් අය වැදගත් දේවල් දාගෙන එනවා.. තමන්ට් වැදගත් නොවන දේවල් කවුරුත් පෙන් එකට දාගෙන එන්නේ නෑ නේ. බහුතරයක් අය හැමදෙයක්ම වගේ දාගෙන ඇවිත ගෙදරදි Delete කරන ඒවා Delete කරල වැදගත් ඒවා තියාගන්නවා. ඒ වගේ ඔබත් වන්න ඔබ සතුව තියනවා Unlimited Pen Drive එකක්. ඒක ඔබත් එක්ක ඔබ ඉපදුන මුහොතේ සිට ඔබ මිය යන මොහොත දක්වා ඔබ සමගම සිටිනවා. ඉතින් ඔබට දකින්න අහන්න ලැබෙන සෑම දැනුමක් ම ඒ තුලට දාගන්න. (වටාපිටාවේ තියන සෑම දෙයක්ම දැනුමක් තමා.) පසුව ඔබට අවැසි දේ තබාගෙන අනෙක් දේවල් ඉවත් කරල දාන්න. දැනුම තුල හොද දැනුම නරක දැනුම කියල දෙයක් නෑ ඒ දෙකෙන්ම දැනුමක් තමා ඇති වෙන්නේ. ඔබගේ තේරීමට නැතහොත් ඔබට අනුව ඔබට වැදගත් සහ වැදගත් වන දෑ වෙන් කොට හදුනාගෙන නොවැදගත් වන දෑ ඉවත් කරන්න. මතක තියාගන්න නොවැදගත් දේ ඇතුලත පවා වැදගත් දැනුමක් අන්තර්ගත වේ තියෙන්න පුලුවන්. ඔබට ලැබෙන සෑම දැනුමක් ම ඔබ ඔබගේ ජීවිතයට එකතු කරගන්න ආකාරය අනුව නැතහොත් දැනුම භාවිතා කරන ආකාරය අනුව ඔබගේ ජීවිතයට එයින් ලැබෙන්නේ නරකක් ද හොදක් ද කියන දේ තීරණය වේවි..

අපිට දැනුම ලැබෙන ක්‍රම දෙයක් තියනව එකක් තමා තම අත්දැකීමෙන් ලැබෙන දැනුම අනෙක් එක තමා අධ්‍යාපනයෙන් ලැබෙන දැනුම. අධ්‍යාපනයෙන් දැනුම ලැබෙන්නේ එක් ප්‍රමාණයකට පමනයි, නමුත් ඔබට අත්දැකීමෙන් ලැබෙන් දැනුම තමා වැඩිම ප්‍රමාණයක් ඔබගේ ජීවිතයේ තියෙන්නේ.. අපි උදේ අවදි වූ වෙලේ සිට අපිට දැනුම ලබාගත හැකිය. දැනුම සොයන්න, දැනුම එකතු කරගන්න, ඒවාගෙන් ජීවිතයට පාඩම් උගනින්න, කලයුතු දේ නොකලයුතු දේ පිලිබඳව දැනුවත් වන්න. සෑම අවස්ථාවක්ම විමර්ශනාත්මකව බලන්න. දකින දේ දැක් පැත්තකට වෙන්න එපා. දකින දේ පෙනෙන දේ ඔබ බලන්න පුරුදු වෙන්න. එවිත පෙනන දේට වැඩි දෙයක් දැකිය හැකිය. තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන, තවත් සාර්ථක පුරවැසියෙන් මේ සමාජයට බිහි කරන්න හැකි වේවි...

ඔබට ජයෙන් ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
 BLESS of your MIND!!!!!                          
╚══════ .♆. ════════════════════╝

Author- 
Dushyantha Samarasinghe 
(Psychology Counselling Student in University of Kelaniya) 

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)