Identify (හඳුනාගැනීම) - 01

by - August 27, 2016

Identify (හඳුනාගැනීම) - 01
            හඳුනාගැනීම යන්න ගත්විට අපිට සෑම දෙයක් ගැන නිවැරදි අදහසක් ලබා ගැනීමට හෝ ඒ දේ ගැන නිවැරදිව තේරුම් ගැනීමට මුලින් හඳුනාගැනීමක් සිදු කළ යුතුය. අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවිට මුලින්ම හදුනාගැනීමක් සිදු කලා. අපි ඕනම විශයක් අධ්‍යනය කරන්න කලින් අපි හඳුනාගැනීමක් කරනව.. සෑම දෙයක්ම එහෙමයි විශයක් විතරක් නෙවේ, දුරකතන, පරිගණකය, මිනිසුන් ඇසුරු කරනවිට වගේ සෑම දෙයකටම කලින් අපි හඳුනාගැනීමක් සිදු කරනව.. මිනිසුන් ඇසුරු කරන විට, ජීවිතය පිලිබදව යන කරුණු හැර අන් සියලුම දේවල් පිලිබඳව හඳුනාගැනීම නිසි ආකාරව සිදු වෙනව..නමුත් අපි මිනිසුන් ඇසුරු කරන විට සහ ජීවිතය පිලිබදව හරි ආකාරව හඳුනාගැනීමක් සිදු කරන්නේ නෑ.. ඒ හේතුවෙන් තමා පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙන්නේත්, ජීවිත හානි කරගැනීම් ඇති වෙන්නේත් ඒ හේතුවෙනි.

ජීවිතය ගැන කතා කරන විට අපගේ ජීවිතය වෙනස් කරගැනීම ගැන කතා කරනවිට, ජීවිතය සාර්ථක කර ගැනීම ගැන කතා කරන විට අපිට මේ "හඳුනාගැනීම" කියන මාතෘකාව ගොඩක් වැදගත් මාතෘකාවක් වෙනවා. එහිදී අපිට වැදගත්ම වෙන්න ප්‍රධාන කරුණු 2ක් තියනව. එනම්
  • පුද්ගල ආශ්‍රය සඳහා,
  • ජීවිත ආශ්‍රය සඳහා
පුද්ගල ආශ්‍රය සදහා
            පුද්ගල ආශ්‍රයේදී අපිට හඳුනාගැනීම ඉතාමත්ම වැදගත් සහ ඉතාමත්ම සංකීර්ණ කරුණක් වෙනව. මන්ද ඒ පුද්ගලයන් නිතර ම වෙනස් වෙන හේතුවෙනි. ලොකයේ ගොඩක්ම අසීරු අපහසු දේ තමා පුද්ගලයකු හඳුනාගැනීම කියන්නේ. හඳුනාගැනීම පුද්ගල ආශ්‍රය සදහා කොපමණ වැදගත් වෙනවා ද කියන එක ඔබට මේ මාතෘකාව අවසානයේ වැටහෙයි. පුද්ගලයන් ආශ්‍රය කරනවිට අපි මුලින් ඒ පුද්ගලය මොන වගේ පුද්ගලයෙක්ද යන්න හඳුනාගත යුතු වෙනවා. ඒ වගේම අපි හඳුනාගැනීම සිදු කරණ විට අවසන් නිගමන වලට එළඹීමක් සිදු නොකළ යුතුය. මන්ද ඒ අපගේ ඒ අවසන් නිගමනයද වෙනස් වෙන සුලු බැවිනි.. ඒකට හේතුව හඳුනාගැනීම සිදු කරන තැනැත්තා ද මිනිසෙක් වෙන බැවින් ඔහු ද සෑම තත්පරයකම වෙනස් වීම නැමැති පොදු ධර්මතාවයට යටත් බැවිනි. ඒ වගේම හඳුනාගැනීමකදී කිසි ලෙසකින් තමන් පක්ෂක්ග්‍රාහී පුද්ගලයෙක් නොවිය යුතුයි. ස්වාධීන අදහස් ඇති පුද්ගලයෙක් විය යුතුයි. මන්ද ඒවිට නියම හඳුනාගැනීමක් සිදු කළ හැකි බැවිනි.

පුද්ගලන් අතර සන්නිවේදන ක්‍රියාවලිය සිදු වෙන විට වාචිකව පමනක් නොවේ සන්නිවේදනය සිදු වෙන්නේ. අවාචික සන්නිවේදනයක් ද සිදු වෙනවා. අවාචික සන්නිවේදනය කියන්නෙ ඇස් මගින් සිරුරේ අනෙකුත් අංග මගින් සිදු කරන සන්නිවේදනයන් ය. වාචික සන්නිවේදනයට වඩා සිදුවන්නේ අවාචික සන්නිවේදනයයි.. අපිට පුද්ගලයෙකු හඳුනාගැනීමේදී මේ අවාචික සන්නිවේදනය ප්‍රධාන වශයෙන් වැදගත් වේ.. පුද්ගලයෙක් හඳුනාගන්නා විට අපි මුලින්ම අවාචික සන්නිවේදනයක් සිදු කොට පසුව තමා වාචික සන්නිවේදනයක් සිදු වෙන්නෙ. හරියට computer එක boot වෙන විදිහ වගේ. අපි අවාචික සන්නිවේදනයෙන් පුද්ගල හඳුනාගැනීම සඳහා කරුණු 80%ක්ම ලබා ගන්නවා. ඉතුරු 20% අපි ලබා ගන්නේ වාචික සන්නිවේදනය මගින් ය. ඒ වගේම වාචිකව කියන දේට වඩා අවචික දේ සත්‍යතාවය ප්‍රබලයි.

අවාචිකව අපිට මිනිසුන්ගේ චරිතය පිලිබඳව සෑහීමකට පත්විය හැකි විනිශ්චයකට එළඹීය හැකිය... අවාචිකව මිනිසුන් ගොඩාක් දේවල් ප්‍රකාශ කරනව. වර්තමානය වන විට එහි ප්‍රවනතාව ගොඩක් වැඩි වෙලා තියනව ගොඩාක් දේවල් වලදී අවාචිකව මිනිසුන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනව නමුත් සමහරක් අයට අවාචිකව පවසන දේ නොතේරේ.. වාචිකව කීමට නොහැකි ගොඩාක් දේවල් අවාචිකව ගොඩාක් අය පවසනව.. ඒ වගේ ම අවාචික සන්නිවේදනයේ SMS සදහාද වැදගත් වෙනව. මෙහිදී වාචික අවාචික දෙකම ප්‍රකාශ වෙනවා. සමහරක් අයට SMS එකකින් කියන්න පුලුවන් දේ හම්බ වුනාම කියන්න අපහසුයි. ඒ වගේම SMS එකකින් ඒ මොහොතේ ඇති හැගීම් පවා අනෙක් පැත්තේ ඉන්න සමහරක් අයට තේරුම් ගැනීමේ හැකියාවත් තියනව..

සත්‍ය පවසන හෝ අසත්‍ය පවසන, රැවටීම් සිදු කරන හෝ නොකරන, අවංක හො වංක, වගේ දේවල් අපිට අවාචිකව දැනගත හැකිය. අවාචික සන්නිවේදනයේ දී, ඇස් දෙස බලා කතා කිරීම, කතා කරන විට හෝ කතා කිරීමට පෙර අත පය චලනය වන ආකාරය, සිරුර තබාගෙන සිටින ආකාරය, හුස්ම ගන්නා ආකාරය, ඇසිපිය හෙලන ආකාරය, ඇස් වල දිලිසෙන බව, ඇහි බැබි වල චලනයන්, දහදිය, මුහුණේ වර්ණය, ඇස් වල වර්ණය, වගේ දේවල් වලින් අපිට අවාචිකව යම් පුද්ගලයෙක්ව විනිශ්චයක් කළ හැකිය. Body language කියන එකත් වැදගත් වෙන්නේ මේ හඳුනාගැනීම සදහායි. සමහරක් වංක පුද්ගලයින්ට ඇසට ඇස එල්ල වන ආකාරයට කතා කිරීමට නොහැකිය. බලන්න වැරැද්දක් කළ පුද්ගලයෙකුට ඇස් දිහා බලාගෙන කතා කරන්න ගොඩක් අපහසුයි. ඔලුව කෙලින් තියාගෙන ඇස් දිහා බලාගෙන කතා කරන්න පුලුවන් නම් ඔහු නියම පෞරුෂයකින් යුක්ත වැරදි අවම කෙනෙක්.මිනිසුන් කියන දේවල් වල සහි හෝ වැරැද්ද සොයන්න යන්න එපා. (හිතුවට වඩා ලිපිය ගොඩක් දිග වෙයි වගේ. එහෙම වුනොත් 2වැනි ලිපියකින් කතා කරමු) හරි හෝ වැරදි හෝ ඔබට හානියක් නොවේ නම් ඒ දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා. ඔබට බලපෑමක් වෙන කරුණු වලදී එම පුද්ගලයාගේ හරි වැරදි භාවය තීරණය ගැන අවසන් නිගමන වලට එලබෙන්න එපා. මැද ඉදල සිතන්න හරි වුනත් වැරදි වුනත් මට ගැටලුවක් වෙන්නේ නැති තැන ඉදලා ඔහුත් එක්ක ගනුදෙනු කරන්න.

ලිපිය පොඩ්ඩක් දිග වෙන නිසා මම ඉතුරු කොටස 2වන කොටසකට අරගෙන යනව. ඒකේ අපි Body language ගැන සම්පූර්ණයෙන් කතා කරමු. ඉක්මනින්ම ඒ ලිපියත් දෙන්නම්. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.


ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

Author
Dushyantha Samarasinghe
(Psychology Counselling & Psychotherapy Student
in University of Kelaniya
and I.P.S Sri Lanka)

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)