Happiness 1 (සතුට - 1)

by - August 08, 2016

තුට 1

             කවදා හරි ඔබ ඔබට තියන දේ ගැන සිතලා තියනවදා? ඔබට ලැබිලා තියන උතුම් දේවල් ගැන සිතලා තියනවද? සෑම පුද්ගලයෙක්ම තමන්ට නැති දේ ගැන සිතමින් නැති දේ ලබා ගැනීමේ රෝදයක් උඩ එක එල්ලයේ දුවමින් සිටී. ඔවුන්ගෙන් බහුතරයකට නැති දෙයක් ලබා ගත් විට ඒ දේ අමතක වී ගොස තවත් දෙයක් පසු පස දුවනවා. මේක ඉවරයක් නෑ මරණයෙන් තමා ඉවර වෙන්නේ. එතක්ල් එක එල්ලයේ දුවනව දුවනව දුවනව ඉවරයක් නෑ. නැති දෙයක් ගැන සිතන එකෙන් ඒ දේ නෑ කියලා මනසට දුක ඇති වීමක් සිදුවෙනවා. ඉතින් හැමදාම දුකින් කල් ගෙවනව. මතක තියාගන්න හිනාවෙලා විහිලුවක් කරලා පොඩ්ඩක් අමුතු විදිහට සැහැල්ලුවෙන් කතා කරනවා කියන්නේ සතුටින් ඉන්නවා කියන එක නෙවේ. දාහක් ගැටලු තියාගෙන විහිලු කරගෙන හිනාවෙවී ඉන්න පුලුවන් මිනිස්සු මේ සමාජයේ ඕන තවම් හොයාගන්න පුලුවන් සතුට මනස තුලින් ඇති වෙන්න ඕනේ. අභ්‍යන්තරයෙන් එන්න ඕනේ. 
නැති දේවල් ලබා ගැනීමට උත්සාහා කරන ලොකු රෝදය තුලින් මනස තුල දුක ඇති කරයි. ලබා ගත් විට සතුටද එසැනින් නැවත තවත් දෙයක් ලබා ගැනීමට දුකක් මනස තුල ඇති වේ. කෙනෙක් කියන්න පුලුවන් එහෙම නෑ, ඒ දේවල් ලැබෙනකොට ලැබෙන සතුට අනිත් දේවල් ලබා ගැනීමට දුවන විටත් එසේම පවතිනවා කියලා. එසේ වෙනවා නම් ඒ කියනේ ඒ තුලින් ඔබට සතුටක් ඇති වෙනවා නම් ඇයි ඔබ තවත් දෙයක් ලබා ගැනීමට දුවන්නේ. නැති දේ ගැන දුකක් ඇති නම් පමනයි ඔබ නැති දේ ලබා ගැනීමට දුවන්නේ. සමාජයේ සිටින බහුතරයක් දෙනා අහස උසට බලාපොරොත්තු ගොඩ ගහගෙන ඒවා පසුපස හැමදාම දුවනවා ඒවා ලබා ගැනීමට බලාපොරොත්තුවක් යනු තමන්ට නොමැති දෙයක් ය.. එය හැමදාම නොමැති දෙයක් නොවේ එය ඔබ ලබා ගන්න දෙයක්. ඉතින් මේක චක්‍රයක් වගේ මිය යන තෙක් කැරකෙනව. 

අපි මේ චක්‍රයේ දිවිය යුතුයි. මේ චක්‍රයේ දුවන්නේ නැති නම් බලාපොරොත්තු රහිත හිස් ජීවිතයක් වෙනවා. දුක සතුට සමබරව ලබාගත යුතුයි වැඩිපුර දුක නම් එය ඔබගේ පැවැත්මට සහ සෞඛ්‍යයට හානි ඇති කරයි. සතුට කියන දේ අපි තුලම තියන දෙයක්අ නමුත්පි අපි ඒක ලබා ගන්නේ නෑ. ලබාගන්න දන්නේ නෑ. ජීවිතයේ ගැටලු වලින් ජය ගැනීමෙන් සතුට ද ගැටලු අසාර්ථක වීමෙන් දුකද ඇති වෙනවා. බලාපොරොත්තුවක් අරමුණක් නතහොත නැති දෙයක් ලබා ගැනීමට යන්නේ ද ගැටලුවක් හේතුවෙනි (මේක සංකීර්ණ කරුණක් පොඩ්ඩ පොඩ්ඩ ඉදිරි ලිපි වලදී පැහැදිලි කරගනිමු). 
අපි දුක සතුට සමබර කරගත යුතුයි. අපි කතා කළ චක්‍රය තුල දුවන බෝහෝ දෙනාගේ සිතේ ඇති වන්නේ දුකක්‍ ය. සතුට ලබා ගැනීමට නම් ඔබ මේ චක්‍රයේ දුවන අතරතුරේ තමන් ලබාගත් දේවල්, තමන් ජයග්‍රහණය කළ දේවල්, තමන්ට දැනට ඇති දේවල් ගැන සිතිය යුතුයි. ඒ දේවල් ගැන සිතා සතුටු වන ගමන් බලාපොරොත්තු අශාවල් පසුපස දිවිය යුතුයි. ජීවිතය ජීවත් කරවන්නේ මේ චක්‍රයයි. ජීවත් වන විදිහ සතුටින්ද දුකින් ද කියන දේ තීරණය වන්නේ ඔබට ලැබෙන දේ ඔබ පිළිගන්නා අකාරයටයි.

ඉතින් අපි අපිට ඇති දේ ගැන ගැනත් සිතන්න පුරුදු වෙමු. තමන්ට ලැබිලා තියන උතුම් දේවල් කොලයක් අරගෙන ලියන්න, පස්සේ සිතන්නා ඒ දේවල් ඔබ ලබාගත් ආකාරය, ඔබ ඒ දේවල් ලබා ගැනීමට මහන්සි වුන ආකාරය ගැන සිතන්න. ඒ අවස්තා ගැනත් ඒ දේවල් ගැනත් සිතා සතුටු වෙන්න පුරුදු වෙමු. එවිට ඔබට ජීවිතයේ ගැටලු වලට සතුටින් මුහුණ දී සාර්ථකත්වය කරා සතුටින් පියමං කළ හැකිවේ. 

ඔබට ජයෙන් ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
 BLESS of your MIND!!!!!                          
╚══════ .♆. ════════════════════╝

Author- 
Dushyantha Samarasinghe 
(Psychology Counselling Student in University of Kelaniya) 

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)