History of Abnormal Psychology (ඉතිහාසය)

by - August 08, 2016


ඔබව මනෝවිද්‍යා විශ්වයට සාදරයෙන් පිළිගන්නවා. පොරොන්දු වුන විදිහට ඉතා ඉක්මනින් අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය පිලිබඳ ලිපිය අරගෙන ඔයාලව මුණගැසෙන්න ආවා ඔන්න. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියන නිසා කෙලින්ම මාතෘකාවට යමු.

සාමාන්‍ය නෝවිද්‍යාව 
තිහාසය 
                  නෝවිද්‍යාව විද්‍යාත්මක විශයක් ලෙස විකාශන වීමටත් ඉහත ඉතිහාසයක සිට මිනිස් මනස පිලිබඳව අධ්‍යයනයන් ආරම්භ වී ඇත. අපිට දිස්වන විමසිය හැකි ඉතිහාසයේ මුල්ම කාලයේ මනස යන්න හදුන්වා ඇත්තේ ආත්මය ලෙසයි. එහිදී ප්ලේටෝ, ඇරිස්ටෝටල්, වැනි දාර්ශනිකයන් සහ සුවිශේෂී දාර්ශනිකයෙක් වන අප මහා බුදු රජාණන්වහන්සේගේ ද මිනිස් මනස පිලිබඳව අදහස් දක්වා ඇත. ඒ වගේම මානසික රෝග සහ අසාමාන්‍ය චර්යා ගැනද ඉතිහාසයේ යම් යම් මතයන් ඉස්මතු වී ඇත. මානසික රෝගී තත්වයන් ඉතිහාසයේ නොපෙනෙන බලවේග ඇති කරන රෝග ලෙස පෙන්වා දී ඇත. තවත් ඉතිහාසයයට ගියහොත මානසික රෝග වලට විවිධ මන්ත්‍ර ජප කිරීම්, මිනිස් හිස් කබල් යොදාගෙන කල යම් යම් ගුප්ත ප්‍රතිකාර ක්‍රම වැනි දෑ පැවතී ඇත, ඒ වගෙම පැරණි ඊජිප්තුවාර්තා වලින් මානසික රෝග සදහා නිද්‍රා ප්‍රතිකාරය යොදාගෙන ඇති බව සදහන් වී ඇත.

පසුව මධ්‍යතනික යුගය ආරම්භයත් සමග සිදු වූ විප්ලවයෙන් භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ආදී විවිධ විද්‍යා ක්ෂේත්‍රයන් සහ ගණිතය වැනි ක්ෂේත්‍රයන් ද වර්ධනය විය. ඒත් සමගම විවිධ ශාන්තිකර්ම කිරීම්, මානසික රෝග වලට හේතුව භූත බලපෑම් වැනි කරුණු ප්‍රතික්ශේප වන්නට ආරම්භ විය. ඒවාට එරෙහිව මුලින්ම හඬ නැගූයේ 1541 පෙර්ක්ලස් නැමැති වෛද්‍යවරයා ය. ඔහුට අනුව මානසික රෝග "ලුනටික්" යනුවෙන් එකල යුරෝපය පුරා ප්‍රසිද්ධ වී ඇත. ඒකල චන්ද්‍රයා luner ලෙස හදුන්වා ඇත.  ඔහු පවසන ආකාරයට අසාමාන්‍ය චර්යාවන් ඇති වන්නේ සදේ තිබෙන බලපෑමක් හේතුවෙන් බව පැහැදිලි කොට ඇත. ඔහුට පසුව දිගු කලක් භූත කර්ම පිලිබඳව පරීක්ෂන කල ජර්මානු ජාතික වෛද්‍යවරයෙක් වන "ජොහාන් වේයර්" නම් වෛද්‍යවරයා 1963 දී උන්මාදය කායික හා මානසික සාධක හේතුවෙන් ඇති වන රෝග ලෙස හදුන්වාදී ඇත. මේ මතය හේතුවෙන් එකල පල්ලිය ඉතාමත් කෝපයට පත් විය.. පසුව වේයර් යක්ෂයාගේ (සාතන්ගේ) නියෝජිතයෙක් ලෙස පතුරවා ඔහු රචිත ග්‍රන්තයන් මහජනතාවට පරිහරණය කිරීම තහනම් කළහ.

මෙම භූත කර්මවලට එකල විද්‍යාඥයන් සම්පූර්ණයෙන් විරුද්ධ වූ නිසා මානසික රෝගීන් සමාජයෙන් ඈත් කොට තැබීමට තීරණය කලහ. ඒ සදහා වෙන් කළ ස්ථාන "එයසිලම්" ලෙස හදුන්වා ඇත.. මානසික රෝහල් වල ආරම්භය ලෙස මෙය හැදින්විය හැකිය. මුල්ම මානසික රෝහල ස්පාඤ්ඤයේ වැලෙන්සියා නම් ප්‍රදේශයේ 1409දී ආරම්භ වී ඇත. 1547 දී බ්‍රිතාන්‍යයේ ප්‍රථම වරට මානසික රෝහලක් ආරම්භ කොට ඇත. 1641 ප්‍රථම වරට ප්‍රංශයේදී ද මානසික රෝහලක් ආරම්භ කොට ඇත.  1756 දී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම වරට පිලඩෙල්පියාවේ මානසික රෝහලක් ආරම්භ කර ඇත..  ඒ ආකාරයට මානසික රෝගීන් ආරක්ෂා කිරීම සදහා එම සංකල්පය ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත විය. මෙම රෝහල් වල තත්වය නම් ගන්න දෙයක් නෑ. කාමර පිරිසිදු කිරීමක් සිදු වෙන්නේ නෑ, විදුලිය නොමැති නිසා කාමර අදුරු කාමර විය.. ඉතාම පහත් තත්වයේ ආහාර තමා රෝගීන්ට ලබා දීලා තියෙන්නේ. හිසකෙස්, රැවුල් කැපීම සහ සීතල ජලයේ පැය කිහිපයක් තැබීමක් සහ නිල ඇදුමක් ඇන්දවීමක් සිදු කරයි. මෙම රෝහල් තුල සිටින රෝගීන් අත පය බැද ඉතා වේගයෙන් කැර්කැවෙන් යන්ත්‍රයක දමා කැරකැවීම සිදු කරයි. ඒ වගේම ඉතාමත් අපහසු ආක්‍රමනශීලී රෝගීන් හට කසපහර ද දී ඇත. මෙවැනි තත්වයක් යටතේදී යුරෝපය පුරා මේ ක්‍රමයට විරුද්ධව කුමත රෝගයක් තිබුණද මනුෂ්‍යයෙකුට සලකන ආකාරයට ඔවුන්ටද සැලකිය යුතු බව ඉදිරිපත් විය.
ප්‍රංශ විප්ලවයත් සමගම මානසික රෝගීන් සම්බන්ධයෙන් මානුෂවාදි අදහස් ඉදිරිපත් වන්නට විය. එහිදී "පිලිප් පයිනල්" යන වෛද්‍යවරයා මූලික වී මානසික රෝගීන් දම්වැල් වලින් නිදහස්කොට හොද ආහාර පානද හොද ඇදුම් ද ලබාදී ඇත. රෝගීන්ට මිහිරි සංගීතයට සවන්දීමට පහසුකම් ද සලසා ඇත. මේ තුලින් බොහෝ රෝගින් සුවපතු වී ඇත් බව වාර්තා වී ඇත. පසුව මෙම මානුෂවාදී සංකල්පය ඉතා සීග්‍රයෙන් ප්‍රසිද්ධවන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙසට මනෝ වෛද්‍ය විද්‍යාවද වෛද්‍යවිද්‍යා විශයක් ලෙස එංගලන්තයේ විශ්වවිද්‍යාවතුල අධ්‍යයනයන් ආරම්භ විය. මානසික රෝගීන් සදහා හෙදියන් පුහුණු කිරීම ආරම්භ ප්‍රථම වරට ආරම්භ කරනු ලැබූයේ "සැමුවෙල් හිච්" නම් මනෝ වෛද්‍යවරයා ය. මෙම මානුෂවාදී සංකල්පයේදී රෝගීන්ට ප්‍රතිපාර කිරීමේ ක්‍රියාවලින මුලික කරගෙන පිරිසිදු බව, පිරිසිදු වාතය, ශාරීරික ව්‍යායාම, විනෝදය සහ නිදහස, කාරුණික උපස්ථානය, පෝෂ්‍යදායී ආහාර යන කරුණු පිලිබදව මුල් තැනක් දුන්හ.

ප්‍රංශයේ ලා සල්පත්‍ර රෝහලේ රෝගීන දම්වැල් වලින් ලෙහා පුනරුත්ථාපනය සිදුකරන ආකාරය (සදාචාර ප්‍රතිකාරය ලෙස හදුන්වා ඇත) 
මේ ආකාරයට විකාශනය වෙමින් අසාමාන්‍ය මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය ටිකෙන් ටික වර්ධනය වන්නට විට. අසාමාන්‍ය මනෝවිද්‍යා ඉතිහාසයේ වැදගත්ම සංකල්ප ඉදිරිපත් කරන ලද්දේ "ඇන්ටන් මෙස්මර්" විසිනි. එකල පැවති සුව කල නොහැකි හිස්ටීරියා රෝගය සුව කිරීම සදහා මෙස්මර් මෝහන ක්‍රමය යොදාගෙන ඇත. ඒ වගේම මනුෂ්‍යයා සහ ග්‍රහ තාරකා අතර සම්බන්ධතාවයක් ඇති බවත් එය චුම්බක ද්‍රාව්‍යකින් ක්‍රියාත්මක වන බව මෙස්මර්ගේ විස්වාසය විය. එහිදී මිනිසාගේ ඇති චුම්බක බලය විශ්වයේ චුම්බක බලය සමඟ සම්බන්ධ කළ යුතු බව ඔහු කියා සිටියහ. මෙස්මර් අඳුරු කාමරයක් තුලපසුබිමින් සංගීතයක් ද වාදනය වීමට් සලස්වමින් හිස්ටීරියා රෝගී කාන්තාවන් විවිධ රසායන ද්‍රව්‍ය තැන්පත් කළ තඔ හෝ ලෝහ භාජනයක් වටා වාඩිකරවා ඒ තුල ඇති  කාන්දම් පොලු කම්බියක් ආදාරයෙන් එම කාන්තාවන්ගේ ශරීරයේ රෝගී අංශයට සම්බන්ධ කර ඇත. මෙස්මර් මෙයින් අදහස් කලේ විශ්ව ශක්තිය කාන්තාවන්ගේ ශරීරයේ චුම්බක ශක්තිය සමග සම්බන්ධ කිරීමේ අදහසිනි. ඒ වගේම දිග වලිගයක් සහිත කෝට් එකක් ඇදගෙන සැරයැටියක් රැගෙන රෝගීන් ඒ තුලින් ස්පර්ශ කරයි. රෝගීන් මෝහන තත්වයට පත්වී ඔහුගේ වචනයට සවන් දුන්හ. කිහිප සැරයක් මේ ආකාරයට ප්‍රතිකාර කිරීමෙන් රෝගීන් සුව වූ බවද වාර්ථා වී ඇත.

මෙස්මර්ගේ මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්ය M. බර්න්හයිම් ද අනුමත කොට ඇත. ඒ අනුව හිස්ටීරියා රෝගය මානසිකව ස්වයං මෝහන තත්වයක් වන බවත් මෝහන ප්‍රතිකාරයෙන් එම තත්වය සුව කල හැකි බවත් පෙන්වාදී ඇත. නැන්සි ගුරුකුලය නැතහොත් නැන්සි පාසල M. බර්න්හයිම් ගේ මත වලට යෙදූ නම් ලෙස හදුන්වයි. ස්නායුවේදී වෛද්‍යවරයෙකු වන ජින් චාකෝ එම මත වලට විරුද්ධව මානසික රෝග මොළයේ කායික ආබාධයක් බව පෙන්වාදී ඇත. එම මතය පිළිගත් අය පැරිස් ගුරුකුලය ලෙස හදුන්වා ඇත. පැරිස් ගුරුකුලයෙන් පසුව වැදගත්ම ගුරුකුලය වූයේ සිග්මන් ෆ්රොයිඩ් මූලිකව ඇතු වූ විශ්ලේෂණ ගුරුකුලයයි.. මනෝවිද්‍යාවේ මෙන්ම අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතා සුවිශේෂී හැරවුම් ලක්ෂණයක් ලෙස ෆ්රොයිඩ් ගේ මත ආගමනයත් සමග සනිටුහන් වී ඇත. ෆ්රොයිඩ් ඉහත සියල්ල සිදු කල අමුතු අමුතු ප්‍රතිකාර ක්‍රම වලට වෙනස්ව යමින් රෝගියාවා ඇදක හාන්සි කරවා මෝහන ප්‍රතිකාරය කර ඇත. ඒ වගේම මොහුගේ විශේෂත්වය වන්නේ මොහු රෝගීන්ට ප්‍රතිකාර කරන විට පර්යේෂණවලද නිරතවීමයි. ෆ්රොයිඩ්ගෙන් පසුව චර්යාවාදී ගුරුකුලය ආරම්භ විය එයින්ද අසාමාන්‍ය මනෝවිද්‍යාවට මෙන්ම මනෝවිද්‍යවටද තවත් අලුත් ආරම්භයක් වීය. මනෝවිශ්ලේෂන වාදය ඉදිරියේදී ඔබට කොටස් වශයෙන් සම්පූර්ණයෙන් ලබා හෙන්නම් චර්යා වාදය අපි කලින් ලිපියකින් සාකච්ඡා කලා.

මේ ආකාරයට කාලානුරූපීව, විවිධ ගුරුකුල සමග වෙනස් වීම වලට භාජනය වෙමින් වර්ධනය වෙමින් අසාමාන්‍ය මනෝවිද්‍යාව අද පවතින තත්වය දක්වා පැමිණ ඇත.. අසාමාන්‍ය මනෝවිද්‍යාවේ හැදින්වීම ගැන අපි ලිපියක් කතා කරල තියනව. ඉතිහාසය ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කලා වැදගත් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. ඒත් මේ ඔබ ඉන්නේ ශ්‍රී ලාංකික මනෝවිද්‍යා විශ්වය තුලයි. මෙහි මනෝවිද්‍යාව ගැන සෑම දැනුමක්ම සම්පූර්ණව තිබිය යුතුයි.

හරි එහෙන්ම අපේ මාතෘකාව අවසන්. ආසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ අපි ඉදිරියට අසාමාන්‍ය චර්යාවන්, මානසික රෝග සහ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරනව. එහෙනම් අපි ඊලඟ ලිපියෙන් හමුවෙමු.

ඔබට ජයෙන් ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
 BLESS of your MIND!!!!!                          
╚══════ .♆. ════════════════════╝


Author- 
Dushyantha Samarasinghe 
(Psychology Counselling Student in University of Kelaniya) 

You May Also Like

3 comments

  1. Good....ඉතා වැදගත්

    ReplyDelete
  2. නොදත් බොහෝ දෑ ඉගෙන ගත්තෙමි.ගොඩක් පිං බොහොම ස්තුතයි..!!!

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)