Peaceful Mind ( සන්සුන් මනස) - 3

by - October 01, 2016

න්සුන් මනස 3

                           පි කලින් ලිපියෙන් කතා කලා දවස අවසානයේ නිදියන්න යනවිට කොහොමද සරලව නිදි ඉරියව්වේ සිටම භාවනා ක්‍රමයක් නැතිනම් මනස සන්සුන් කරගත හැකි ක්‍රයක් ගැන කතා කලා මේ ලිපියෙනුත් අපි මනස සන්සුන් කරගත හැකි අපේ එදිනෙදා වැඩ කරන ගමන්ම කරන්න පුලුවන් සරල ක්‍රමයක් ගැන කියල දෙන්න තමා යන්නේ.

                            භාවනාව කියන එක ගැන පි කලින්අ ලිපි වලදීත්පි හදුන්වලා තියනවා, ඇත්තටම භාවනාවක් වඩන්න හරියටම මේකයි ක්‍රමවේදය කියක ක්‍රමයක් ඕනේ නෑ. අත්දැකීමෙන් සහ මම සොයාගත් ක්‍රමවේද කිහිපයක්ම තියනවා. ඒවා ගැනත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ වගේම කාර්යබහුල වූ ජීවිතත් එක්ක ඒ ක්‍රමවේද සහිත භාවනා ක්‍රම ටිකෙන් ටික සමාජයෙන් ඈත් වෙනවා, මොකද දවසේ වැඩ කරල කරල හොදටම මහන්සි වෙලා එන මිනිස්සු මොනවා හරි හදාගෙන කාලා නිදාගන්න තමා උත්සාහ කරන්නේ ආයෙත් උදේ පාන්දර වැඩ කටයුතු වලට පිටත් වෙනවා. ඉතින් එයාලගේ වැඩෛ දරුවන්ගෙ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම එක්ක භාවනාවට කාලය වෙන් කරන්න ගොඩක් අපහසුයි. කොහොම හරි විනඩි 10ක් 15ක් වෙන් කරගත්තත් ඒ ඉරියව්වේ ඉන්නකොටම දරුවගේ ඇදුම් අයන් කලේ නෑ ඒද, ගෑස් එක off කරලද දන්නේ නෑ, මාලුව ලිපේ. මිදුල අතුගාන්දිනත්නෙ ඕනේ. බඩත් ගීනී ආදියේ නොයේකුත් දේවල් වලට සිත යනවා. ඉතින් එතකොට ඒක කොහොමද භාවනාවක් වෙන්නේ. සිත සන්සුන් වෙයිද? ඒකනේ අද කට්ටිය ආගම ආශ්‍රය කරල බනක් භාවනාවක් කරගෙන ඉන්න හිතාගෙන ඉන්නේ වයසට ගියාම. මොකද එතකොට වැඩ අඩුයි නේ. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි. ජීවිතේ ගත අරන්න තමා භාවනාව වැදගත් වෙන්නේ. කලබලකාරීත්වයෙන් අසහනකාරීත්වයෙන් මිදෙන්න තමා භාවනාව අවශ්‍ය එන්නේ. මම ඔයාලට කියන්න යන්නේ අපි අපේ වැඩ කරන ගමන් කොහොමද භාවනාවක් වඩන්නේ සහ ඒ තුලින් සන්සුන් වෙන්නේ සහ අපේ වැඩ කොහොමද භාවනාවකට පරිවර්තනය කරගන්නේ කියලා.

                           අපි එදිනෙදා වැඩ කරන විට වැඩිපුරම ගමන් බිමන් වල යෙදෙනවා, එහෙම නොවුනත් ගෙදර ඉන්නකොට වුනත් ගෙදර එහාට මෙහාට හරි යැවෙනවා. ඉතින් මේ අපි කරන වැඩ වලින් බහුතරයක්ම කරන්න අපි ගමන් කරන්න භාවිතා කරන්නේ අපේ කකුල් දෙක. අපි ඇවිදල ගිහිල්ලා තමා අපේ වැඩ වලින් බහුතරයක්ම කරන්නේ. වෙනත් රටවල නම් ඒකටත් දැන් තාක්ෂණික දේවල් හදුන්වලා තියනවා. නමුත් අපේ තාමත් පයින් ගමන් කරන්නේ. ටිකකට හිතල බලල තියනවද ඔබගේ කකුල වැඩ කරන්නේ කොහොමද කියල ඔබ අවිදින විට. පාද තියන්නේ කොහොමද කියලා හිතලා තියනවාද? ඔබගේ පාද පොලවේ වදින විදිහ හිතල තියනවාද? ඒ ස්පර්ශය ඔබට දැනෙන විදිහ හිතල තියනවද? පාදය පොලවේ වැදී ඉහලට යන විදිහ හිතලා තියනවද? නෑ නේද. නමුත් සමහරක් අය සක්මන් භාවනාව කරනව වෙනම කාලයක් වෙන් කරගෙන, සමහරක් අය ඒකට වෙනම භාවනා මධ්‍යස්තාන වලට යනවා... ඔබට පුලුවන් ඔබ ඔබගේ වැඩ වලට පයින් යන වෙලාවට ඔබගේ පාද ක්‍රියාත්මක වන ආකාරය දෙසට අවධානය යොමු කරන්න. අවධානය යුමු කරන්න කියන්නේ ඒ දෙස බලාගෙන ඉන්න කියල නෙවේ. මනසින් දකින්න පාද තියන විදිහ, පොලවේ පාද ස්පර්ශ වෙන ආකාරයත් නැවත අනිත් කකුල ඉහලට එන ආකාරයත් ගැන.ඇවිදගෙන යන විට steps ගනන් කරන්න සිතින් පිලිවෙලට ගනන් කරගෙන ගියොත් අවධානය ගිලිහෙනවා පිලිවෙලක් වුනත් කඩින් කඩ කරන්න ගනනය විතරක් නොව left right හරි එක එක දේවල් වලට බද්ධ කරගෙන steps යන ආකාරයට ඒ ගැන අවධානය යොමු කරන්න. මුලදි අපහසු වෙයි නමුත් පොඩ්ඩ පොඩ්ඩ හෙමීට දියුණු කරන්න පුලුවන්. ටික දවසක් යනවිට ඔබගේ කකුල ගමන් කරන සම්පූර්ණ ක්‍රියාවලියම ඔබට මනසින් දැකිය හැක. සක්මන් භාවනාව වගේ තමා. සක්මන් භාවනාව ටිකක් වෙනස් වෙලා අපේ වැඩ වලට යන ගමනට යොදාගෙනීමකි මෙය.
                           මේක කිවුවාම නිකන් විකාරයක් වගේ වෙන්න පුලුවන් නමුත් කරල බලන්න. මේ තුලින් ඔබට මානසික පීඩන වලට ලක් වීම සහ තමන්ගේ එදිනෙදා වැඩ වල ඇති එපාවෙන සුලු ගතිය නැති වෙනවා. ඒ වගේම කිසි දවසක ඔබට වැරදිලා ජරාගොඩක් වත් පෑගෙන්නේ නෑ අනිච්චානුක ක්‍රියාව ඔපවත් වෙනවා ඒ කියන්නේ ඔබ නොදැනුවත්ව සිදුවන ක්‍රියා වැඩි දියුණු වෙනවා ජරාගොඩක් ඔබ නොදුටුවත් ඉබේම කකුල ඉස්සෙනවා. ඒ වගේම අනිත් දේවලුත් එහෙමයි අවධානය වැඩි වෙනවා. ගමන් කරනකොට අවධානය වැඩි වෙනවා. මාර්ග අනතුරු වලට ලක් වෙන එක අඩු වෙනවා. වැස්සඩ් අවස් අලට මිනිස්සු ඔහේ අරගෙන යන කුඩ වල නන වලින් මූණ බේරගන්න පුලුවන්. ඔහේ පිස්සෝ වගේ යන මිනිස්සු තමන්ගේ ඇගේ හැප්පීගෙන යන එකෙන් බෙරෙන්න පුලුවන්. ගොඩක් වැදගත් මේ දේ.. කරල බලන්න (අත්දැකීම් සහිතයි.)

හරි එහෙනම් අපි තවත් ලිපියකින් හමු වෙමු.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)