Neonatal Child ( නවජ දරුවා) - 02

by - October 18, 2016


ඉතින් යාලුවනේ කොහොමද.. අපි කලින් ලිපියෙන් ( Neonatal Child ( නවජ දරුවා) - 01) නවජ හෙවත් අලුත උපන් දරුවාගේ ස්වරූපය හඳුනාගත්තා. අද අපි කතා කරන්න යන්නේ නවජ දරුවාගේ ක්‍රියාකාරකම් සහ අවශ්‍යතාවයන් ගැන. හරි එහෙන්ම් අපි මාතෘකාව පැත්තට යමු.

නවජ දරුවා - 02
අවශ්‍යතාවන් සහ ක්‍රියාකාරකම්

           මාස නවයක් මුළුල්ලේ මවගේ කුස තුල සැපසේ සිට මවු කුසෙන් පිටතට විත භාහිර ලෝකයේ අලුත් පරිසරයට හැඩගැනීම දරුවෙකුට ඉතාමත්ම තීරණාත්මක සහ වැදගත් කාලයක් වෙනවා දරුවා ඉපදීමෙන් පසු විනාඩි කිහිමය. සත්ව ලෝකයේ අනිත් සිවුපා සතුන්ට වඩා මිනිස් දරුවා ඉපදීමේදී ඉතාමත් අසරණ තත්වයක සිටී. මන්ද අවශ්‍යතා සපුරා ගැනීමට බාහිරින් උපකාර අත්‍යවශ්‍ය වීමයි. ඉපදෙන විටම දරුවා හඬන්නට පටන් ගනී. එහිදී දරුවා මෙතෙක් ඔක්සිජන් ලබා ගත්තේ වැදෑමහ සහ පෙකණි වැල ආදාරයෙන් නිසා දරුවා තමන්ගේ නාසය භාවිතා කරමින් හුස්ම ගැනීම ආරම්භ කරයි ඒ සදහා හුරුවන තෙක් දරුවා හඬමින් කහිමින් ඒම හුස්මගැනීමේ ක්‍රියාවට හුරුවෙයි.. ඇතැම් විට දරුවන්ගේ හුස්ම ගැනීමේ ක්‍රියාවට නාසයේ යම් යම් අපද්‍රව්‍ය සිරවී තිබීමෙන් හෝ වෙනත් හේතුන් මත් බාධා ඇති විය හැකි. නාසයේ යම් යම් දෑ සිරවී ඇති විට ඒවා පිරිසිදු කළයුතු වේ. ඒ වගේම වෙනත් හේතුන් නිසා හුස්මගැනීම ආරම්භ නොවන දරුවන් කෘත්‍රිම ක්‍රමයකින් හුස්මගැනීමේ ක්‍රියාවට ආරම්භයක් ලබාදිය යුතු වෙනවා. ස්වසන ක්‍රියාවලිය අරම්භයේදී හෘද ස්පන්දනය මිනිත්තුවට 130-150 අතර වාර ගනනක් වෙන අතර දින කිහිපයක් යන විට මෙය ටිකෙන් ටික අඩු වෙන්නවා.. 

                       ඉතින් නවජ දරුවෙකුගේ බොහෝමයක් ක්‍රියාකාරකම් එයාලගේ අවශ්‍යතාවයන් එක්ක බැඳිල තියෙනවා. ඒ වගේම මේ කාලයේ දරුවෙකුට ඇත්තේ ඉතා සීමිත අවශ්‍යතාවයන් කොටසක් නමුත් එවායින් ඇති කරන බලපෑම ඉතාමත්ම වැඩී. කායික අවශ්‍යතාවයන් මෙන්ම දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට ඉතාමත්ම වැදගත් වන්න අවශ්‍යතාවයක් වන්නේ මානසික වශයෙන් දරුවා බලාපොරොත්තු වන දෑවල් ය. එහිදී මූලික කායික අවශ්‍යතාවයන් නිසි පරිදි සපුරාගැනීමේදී දරුවා මානසික අවශ්‍යතාවයන්ද සපුරාගනී. ආදරය, මවගේ උණුසුම, නිතර මවව දැකීම, සහ කුසගින්න නිසා ඇති වෙන මානසික අවශ්‍යතාවය. වගේ දේවල් නිසි පරිදි තෘප්ත නොවුවහොත් අනාගතයේදී ඩරුවාගේ පෞරුෂයට බලපා දරුවාගේ චර්යාවන් වෙනස් කිරීමට ලොකු හැකියාවක් තියෙනවා.

                        නවජ දරුවෙකුගේ මූලිකම වැදගත්ම ක්‍රියාකාරකමක් මෙන්ම අවශ්‍යතාවයක් වන්නේ නිදාගැනීමයි. නිදාගැනීමේදී නවජ දරුවෙකු දීර්ග නින්දක් ලබා ගනී දවසින් වැඩි හරියක් නින්ද සදහා යොදාගනී. පැය 19ක් 20ක් අතර නින්දක් දරුවෙකු ලබාගනී, නමුත් එම ඉන්ද කඩින් කඩ නින්දක් වේ එක දිගට පැය 4ක් හෝ 5කට වැඩියෙන් දරුවෙකු නිදාගන්නේ කලාතුරකිනි.සමහර අවස්ථා වලදී දරුවා නිදි සිටින බව දිස් වුනද අඩ නින්දක සිටී. ඒ වගේම නිදා සිටින විටම බාහිර පරිසරයේ උත්තේජන වලට ප්‍රතිචාරද දක්වයි. මේ කලයේ දරුවාට ඉක්මනින් කුසගිනි ඇති වේ. ඒ හේතුවෙන් සැරින් සැරේ අවදි වේ.

                        මුල් මාස තුන පසු වන විට මේ ආකාරයට නිදාගැනීමේ කාලය අඩු වී එක දිගට නිදාගැනීමේ කාලය වැඩි වෙනවා. නවජ දරුවෙකු මේ ආකාරයට දීර්ග නින්දක් ලබාගන්නේ ඔවුන් මුහුණදෙන අලුත් පරිසරයට අනුගත්වීම සදහාය. එහිදී දරුවාගේ සෛල වර්ධනය වීමටත් ගොඩක් වැදගත් වෙනවා. එම නිසා මේ කාලයේ දරුවෙකුගේ නින්දට බාදා නොකළ යුතුය. අවශ්‍ය පරිදි නින්ද නොලබන දරුවෙකු තුල අසහන කාරී තත්වයක් සහ නිතර හැඩීමත් සිදු කරයි ඒ වගේම වැදගත්ම දේ තමා දරුවාගේ පෞරුෂයට නිසි පරිදි නින්ද නොලැබීම අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමයි. 

                         නිදාගැනීමත් සමගම දරුවාගේ ශරීරයේ සිදුවන වර්ධනයන් සදහා ශක්තිය පෝෂණය අවශ්‍යය වෙනවා. ඒ වගේම මෙතෙක් පෙකනි වැල හරහා ලැබුනු ආහාර දරුවාට නොලැබීම හේතුවෙන් දරුවාගේ මුඛය ආශ්‍ර කරමින් දරුවා ආහාර ලබා ගැනීමේ ක්‍රියාවට හුරු විය යුතු වේ. එහිදී දරුවා තොල් ආදාර කරගෙන උරාබීමේ ප්‍රතීක ක්‍රියාව ආරම්භ කරනවා ප්‍රතීක ක්‍රියාවක් කියල කියන්නේ කෙනෙකු ඉගෙනීමකින් තොරව චින්තනයේ බලපෑමකින් තොරව සිදු වන ක්‍රියාවන්‍ ය. ඒත් සමගම ගිලීමේ ප්‍රතීක ක්‍රියාවද ක්‍රියාත්මක වේ. දරුවෙකුට ආහාර කියන්නේත් දරුවාගේ අවශ්‍යතාවයන්ගෙන් මූලිකම දෙයක්. දරුවා ආහාර ලෙස මව් කිරි ලබා ගනී. මවු කිරි හරහා දරුවා ඉන්ද්‍රියයන් වර්ධනයට අවශ්‍ය පෝෂණය මෙන්ම බාහිර ලෝකයෙන් වැලදිය හැකි ජර්මන් සරම්ප, බ්‍රොන්කයිටීස්, පෝලියෝ වැනි රෝග වලින් සහ ස්වසන ආශ්‍රිත අක්‍රමිකතා ඇති වීමෙන් වැලකී සිටීමට උපයෝගී කොටගනී. එපමනක් නොව කිරි බීමේදී සිග්මන් ෆ්රොයිඩ් පැවසූ ආකාරයට දරුවා තොල් ආශ්‍රය කරගෙන තෘප්තියක් ලබයි.

                          ඒ වගේම දරුවා මවගේ උණුසුමද තුරුල් වීමෙන් ලබා ගනී. මව සමග සම්බන්ධතාවයක් සහ ලොකු ආදරයක් ඇති කරගන්නේ ඒ හරහා ය. ඒ වගේම දරුවා නිකන්ම කිරි බොන්නේත් නෑ නේ මිරිකමින් වගේනේ කිරි බොන්නේ ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුලින ශරීරයට මෙන්ම දරුවාගේ මනසේ වර්ධනයට ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්නවා ඒ දේවල් දරුවාගේ අනාගත පෞරුෂයට බලපෑම් කල හැක. මන්ද දරුවා ඒ තුලින් ලබන මානසික තෘප්තිය නිසි ආකාරව සම්පූර්ණ නොවුනහොත් දරුවාගේ අනාගතයේ පෞරුෂයට බලපෑම් ඇති වේ (ඒ ගැන අපි මනෝ ලිංගික සංවර්ධන අවදීන් තුලදී කතා කරමු වැඩිදුරට)

                          ඉතින් ගොඩක් මව්වරුන් දරුවාට කිරිදීම සීමා කරනවා මවට පුලුවන් වෙලාවට තමා කිරි දෙන්නෙ දරුවාට අවශ්‍ය වෙලාවට නෙවේ එතකොට දරුවා අසහනකාරී තත්වයකින් ඉදල බඩගින්නේ ඉදල තම කිරි හම්බ වෙන්නෙ එතකොටම දරුවා චර්යාවාදී න්‍යායට අනුව කලහකාරී චර්යාව ඉගෙන ගන්නව හඩමින් පහුරු ගාමින් සපමින් තමා කිරි බොන්නේ එතකොට. බොහෝමයක් මව්වරුන් තමගේ රූපලාවණ්‍ය විනාශ වේවිද, ආදී දේවල් සිතමින් දරුවාට කිරි දෙනවා තවත් සමහරක් මව් වරුන් වැඩ රාජකාරි අස්සේ දඩි බිඩි ගාල ඇවිත් කිරි දීල ඉක්මනින් යනවා. මවගේ මනස කිසිම සැහැල්ලුවක් නෑ. එහෙම වුනාම මව දෙන කිරි වල අඩංගු වියයුතු පෝෂණ ප්‍රමානය අඩු වෙනවා. එවිටද දරුවා නිසි පරිදි තෘප්තිමත් නොවේ. මේ කාලයේදී දරුවාට අවශ්‍ය වෙලාවට කිරි ලබාදීම අත්‍යාවශ්‍ය වේ. දරුවට බඩගිනි ඇති වී කෑගසමින් හැඩීමට ඉඩ නොදී අවශ්‍ය වූ සෑම මොහොතකම වගේ මුල් මාස කිහිපයේ කිරි ලබාදිය යුතුයි. පසුව නිස්චිත ක්‍රමයක් භාවිතා කරල ටිකෙන් ටික සැලසුමකට අනුව ආහාර ලබාදීම සිතු කළ හැකිය, නමුත් දරුවා බඩගිනි වී කෑගසීමට හෝ හැඩීමට ඉද නොතැබිය යුතුය. ඒ වගේම දරුවා හොදින් තුරුළු කරගෙන ආදරණීය ලෙස තහන්චි නොදා කිරි ලබා දීම වඩාත් ගුණදායක වේ.

                         අපි ප්‍රතීක ගැන කතා කලා ආහාර සම්බන්ධව ආහාර ගැනීමේදී තොල් ආශ්‍රිත කරගෙන ඉරීම සහ ගිලීම යන ප්‍රතීකය ක්‍රියාත්මක වෙනවා කියල. ඒ වගේ ප්‍රතීකයන් 20කට ආසන්න ප්‍රමාණයක් නවජ දරුවෙකු සතුව තිබේ. මෙම ප්‍රතීක වලට ප්‍රතිචාර දක්වන ප්‍රමාණය අනුව ඉන්ද්‍රියයන්ගේ වර්ධනය තීරණය වේ. දරුවෙකුගේ ප්‍රතීක 20න් ප්‍රධාන ප්‍රතීකයන් පහත පරිදි දැක්විය හැක.
  • Rooting Reflex
  • Suck Reflex
  • Moro Reflex 
  • Papillary Reflex
  • Babinski Reflex 
  • Startle Reflex 
  • Withdrawal Reflex 
  • Grasp Reflex 
  • Walking Reflex 
  • Swimming Reflex 

Rooting Reflex හෙවත් මූලික ප්‍රතීකය - මෙහිදී දරුවා ආහාර ඇති දෙස සොයා ගැනීමත් දරුවාගේ කම්මුලේ යමක් ස්පර්ශ කළවිට ඒදෙසට ඔලුව හැරවීමත් සහ කට විවෘත වීමත් දැකිය හැකිය මෙම ප්‍රතීකය දරුවා ඉපදී මාස 4ක් වනතෙන් තිබී එය නැතිවී යයි. 

Suck Reflex හෙවත් චූෂකර ප්‍රතීකය - මෙහිදී දරුවාට ආහාර ලබාගැනීම සදහා ඉරිමේ ක්‍රියාව සදහා මෙම ප්‍රතිකය මූලික වේ. මෙම ප්‍රතීකය මව ගැබ් ගැනීමෙන් පසු මාස 32ක් යන තෙක් වර්ධනය නොවේ මාස 32කින් පසුව වර්ධනය ආරම්භ වී ගැබ් ගැනීමෙන් සති 36ක් වන තෙක් සම්පූර්ණයෙන් වර්ධනය නොවේ. 

Moro Reflex හෙවත් මෝරෝ ප්‍රතීකය -
මෙහිදී අධික ශබ්දයක් ඇසුණුවිට දරුවා වකුටු වී අත පය ඇගිලි විහිදුවා ඉහලට ඔසවා යමක් ඇල්ලීමට උත්සාහ කරන මෙන් දිස්වේ. ඒ වගේම උච්චත අවස්ථාවේදී හැඩීමක්ද ඇති වේ. මෙම ප්‍රතීකය දරුවෙකුගේ වයස මාස 5-6 වන තෙක් පවතී. පසුව වියැකී යයි. ඒ අගේම Startle Reflex නම් දරුවා ශබ්දයක් ඇසුණු විගස ඒ දෙස හැරී බැලීම හදුන්වයි. 

Papillary Reflex හෙවත් කනිනිකා ප්‍රතීකය -
දරුවෙකු ඉපදී පැය කිහිපයක් යන විට ඇස් ඉදිරියේ චලනය වන ආලෝකයන්ට අනුව හිස එහා මෙහා කිරීමක් දැකිය හැකිය ඒ වගේම දරුවාගේ ඇසේ කණිනිකාව අඳුරට විශාල වීම සහ ආලෝකයට කුඩා වීම මෙයින් විස්තර හැදින්වේ. 

Babinski Reflex - මෙහිදී දරුවෙකුගේ යටිපතුලේ සියුම්ව යමකින් ස්පර්ශ කල විට පාදයේ ඇගිලි දිගහැරීමක් දැකිය හැකිය. මෙම ප්‍රතීකය දරුවෙකු ඉපදී අවුරුදු 2ක් යන තෙක් පවතී. 

Withdrawal Reflex හෙවත් වැලැක්වීමේ ප්‍රතීකය - උණු කිරි පෙවීමට උත්සාහ කරනවිට දරුවා එයින් හිස ඉවතට ගන්නේ මෙම ප්‍රතීකය හේතුවෙනි. ඒ වගේම ඇල්පෙනෙත්තක් ඇනුනවිට හෝ උණු කිරි හැලුණු විටද මෙය ක්‍රියාත්මක වේ මුලදී මූලික ප්‍රතිචාරයක් වන්නේ හැඬීමයි.

Grasp Reflex හෙවත් ග්‍රාහණ ප්‍රතීකය - දරුවෙකුගේ අත්ලේ යමක් ස්පර්ශ වූ විගස එය තදින් අල්ලාගැනීමක් සිදු වෙයි ඒ වගේම එම වස්තුව ඉගලට එසවුවහොත් එහි එල්ලී සිටීමට තරම් තදින් අල්ලගෙන සිටී. මෙම ප්‍රතීකයද දරුවාගේ වයස මාස 5-6ක් පමණ තෙක් පැවත වියැකී යයි. 

Step Reflex හෙවත් ඇවිදීමේ ප්‍රතීකය - මෙහිදී දරුවෙකු ඉහලට එසවෙන සේ පාද පොලවේ වෙදෙන ලෙස තැබූ විට දරුවා ඇවිද යන්නාක් මෙන් චලනයක් දැකිය හැකිය නොමේරූ දරුවන් ඇගිලි පාදයේ ඇගිලි වලින් පියවර තබන අතර අනෙක් සාමාන්‍ය දරුවන් පාද තදින් පොලවට වදින සේ පියවර තබයි. 

Swimming Reflex හෙවත් පිහිනීමේ ප්‍රතීකය -
මෙහිදී දරුවෙකු පිහිනීමේ ඉරියව්වෙන් අල්ලගෙන හිස ඉහලට සිටින සේ වතුරේ තැබූ විට පාද ගසා හොදින් පිහිනන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

                          මෙම ප්‍රතීක වලින් Step Reflex සහ Swimming Reflex යන්න උපතින් මාස 2ක් පමණ පසු වන විට වර්ධනය වේ. ඒ වගේම Rooting Reflex, Moro Reflex, Babinski Reflex, Grasp Reflex යන ප්‍රතීකයන් අදාල කාල වලදී දරුවාගෙන් වියැකී යයි. 

                           ඉතින් මේ ආකාරයට දරුවා මෙලොව උපත ලද දවසී සිට මුල් මාස කිහිපය නවජ කාලය තුල අලුත් පරිසරයට හුරු වේම සදහා දරුවා ඉතාමත් තීරණාත්මක ලෙස මේ කාලයට මුහුණදේ. බහුතරයක් නවජ දරුවන්ගේ චර්යා රටාවම් සමාන ලක්ෂණ තිබුණද දරුවාගෙන් දරුවාර වෙනස් වේ ඒ වගේම සෑම දරුවෙකුම ඔහුට ආවේණිකව විශේෂ වූ ලක්ෂණ පෙන්වුම් කරයි. ඒ වගේම දරුවෙකුගේ වර්ණය, උස, බර, හිස කෙස්, යන්න ආරයේ බලපෑම්, පූර්ව ප්‍රසව පරිසරයේ බලපෑම් මත තීරණාත්මක විය හැකිය. මෙතැන් සිට දෙමව්පියන් විශේෂයෙන් මව දරුවාගේ විශේෂ හැකියාවන් හඳුනාගෙන ඒවා සටහන් කර තබා ගැනීම ඉතාමත්ම වැදගත් වේ. අනාගතයේ දරුවාගේ චර්යාව නිර්මාණය වන්නේ දරුවාගේ මුල්කාලයේ අත්දැකීම මතිනි. මුල් කාලයේ දරුවා දක්වන හැකියාවන් වලද දෙමව්පියන් බාදක දැමුවහොත දරුවා අනාගතයේ යන්න පරක් නොමැතිව අතරමන් වනු ඇත. ඒ නිසා දරුවා සීමා මායිම් වලින් කොටු නොකර හිතේ හැටියට තම දක්ශතාවයන් එලිදක්වන්න ඉඩ දෙන්න ඔබ එයට ආරක්ෂාව පමණක් සපයන්න. දරුවාගේ විශේෂ හැකියාවන් සටහන් කර ටිකෙන් ටික ඒවා වැඩිදියුණු කිරීමට කටයුතු කරන්න. අකමැති දේට බලකරන්න යන්න එපා. බලෙන් උගන්වන්න යන්න එපා ආසාවෙන් ඉගෙනගන්න දෙන්න ඕනම දෙයක්.. 

හරි එහෙනම් අද ලිපිය අවසන් වෙනවත් එක්කම දරුවෙකුගේ නවජ කාලය අවසන් වෙනවා.. අපිට ඊලඟට ළදරු අවධිය තමා කතා කරන්න තියෙන්නෙ ඒ අතරතුරේ මනෝ ලිංගික අවධීන් ගැන ලිපියක් ඉදිරිපත් වීමටත් නියමිතයි. එහෙනම් ඒ මාතෘකා තුලින් ඔබව ශ්‍රී ලාංකික මනෝවිද්‍යා විශ්වය තුලින් හමුවෙමු.. 

ඔබගේ යහලුවන්ටත් Share කරන්න. දිගටම අපිත් සමග රැදී සිටින්න ඔබට බොහෝම ස්තූතියි!!

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

1 comments

  1. very important aricle , sir could you please tell me how to download this article

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)