Abnormal behaviors ( අසාමාන්‍ය චර්යා)

by - October 27, 2016


Welcome to the Psychology Universe, ඔන්න යාලුවනේ අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ අද අපි අලුත් මාතෘකාවක් ආරම්භ කරනව. අපි යම් දෙයක් කරනවිට අපි එහි හරි පැත්ත සහ වැරදි පැත්ත ගැන දැනුවත් වෙන්න ඕනේ. එසේ අපි දැනුවත් නැති නම් අපිට අපගේ වැඩේ හොද ද නරකද කියන දේ නිශ්චය කරන්න අවබෝධයක් නැති වෙනවා. අපි කරන කාර්යය හොද ද නරකද කියල තීරණය කරන්න නම් අපි හොද පැත්ත සහ නරක පැත්ත ගැන අවබෝධයක් ලැබිය යුතුයි. වගේ තමා අපි අපේ මනස නිවැරදි නැතහොත් යහපත් කරගන්න නම් මනසේ තියන/ ඇතිවිය හැකි වැරදි නැතහොත් අයහපත් දෑ ගැන දැනුවත් විය යුතුයි. ඉතින් ඒක ගැන කතා කරන්න තමා අසාමාන්‍ය මනෝවිද්‍යාව කියන මාතෘකාව ඔබත් එක්ක කතා කරන්න ආරම්භ කලේ. හරි එහෙනම් පහලට එන්නකෝ...
අසාමාන්‍ය චර්යා
Abnormal behaviors

                      සාමාන්‍යයි කියල කෙනෙක් ගැන නිගමනය කිරීමට අසාමාන්‍ය කියන්නේ මොකක්ද කියල අපි දැනගන්න ඕනේ. අපි කලින් ලිපියෙන් අසාමාන්‍යතාව ගැන කතා කරා. ඒ අනුව යමෙකුට සාමාන්‍ය බව අබිබවා වෙනස් චර්යාවක් හිමි වුව හොත් අපි ඔහුට " එයා නම් ටිකක් අසාමාන්‍යයි" වැනි විවිධ ආකාරයට හදුන්වනවා. ඒ වගේම සමහරක් චර්යා එක සමාජයකට සාමාන්‍ය වුවත් තවත් සමාජයකට අසාමාන්‍ය වෙයි. උදාහරණයක් විදිහට අපිට ගන්න තියන හොදම එක තමා සමලිංගිකත්වය. සමලිංගිකත්වය බටහිර රටවල සාමාන්‍ය චර්යාවක් වුවද ලංකාවේ එය අසාමාන්‍ය චර්යාවක් වෙනවා. ඒ වගේ චර්යාවන් සමාජ තත්වයත්, සමාජ ඇගයුම් මත වෙනස් වේ.

                       මනෝවිද්‍යාව යටතේ මිනිසුන්ගේ චර්යාවන් පිලිබඳව විශේෂයෙන් අවධානය යොමු කරණවාත් වගේම අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ මිනිසුන්ගේ අසාමාන්‍ය චර්යාවන් පිලිබදවත් ඒවා ඇතිවිය හැකි ආකාර, ඒවාට ප්‍රතිකාර ගැන කතා කරන නිසා අපිට අසාමාන්‍ය චර්යාව ගැන වැඩියෙන් කතා කරන්න දෙයක් නැති වෙනවා. මානසිකව ඇතිවෙන යම් යම් බිඳවැටීම්, සමාජයේ සහ සංස්කෘතිකමය සාධක, ප්‍රජානන සාධක පදනම් කොටගෙන මානසික අක්‍රමිකතා ඇතිවිය හැකියි. මේ ආකාරයට ඇති වෙන මානසික අක්‍රමිකතා වල අවසන් ප්‍රතිඵලයක් විදිහට පුද්ගලයෙකුගේ චර්යාවන් අසාමාන්‍ය විය හැක. සාමාන්‍යයෙන් සම්මතයට පටහැනිව ඇති වන ක්‍රියාවට අපි අසාමාන්‍ය ක්‍රියාවක් එහෙම නැති නම් අසාමාන්‍ය චර්යාවක් කියල හදුන්වනවා. මම පොඩි article එකක් දාලා තියනව "සැගවී පහර දෙන ඔබ තුල සිටින ඔබ ගැන" යනුවෙන්. ඒ ලිපියේදී සදහන් කරල තියනව පුද්ගලයෙකු තුල සැඟවී සිටින ජරා, වනචර තවත් පුද්ගලයෙකු ගැන. ඒ ලිපිය පොඩ්ඩක් කියවල බලන්න. ඉතින් අපි හැම කෙනෙක් තුලම ඒ වගේ පුද්ගලයෙක් සැගවී සිටිනවා. ඒ පුද්ගලයා එලියට ආවොත් අසාමාන්‍ය චර්යාවක් නිසැකයෙන්ම බිහිවේ. මනෝවිද්‍යානුකූලව සිග්මන් ෆ්රොයින් පැවසු විඩිහට මම හැදින්වූ ඒ සැඟවී සිටින මනුස්සයට කියන්නෙ Id කියල, මනසේ ගැඹුරුම තැන, විශාලතම තැන. මේ Id තනිවම, Ego සහ Super Ego පරදා මිනිසාගේ පාලනය අතට ගත් විට අසාමාන්‍ය චර්යා ඇති වේ.

                     ආශාවන් පොදිබැදගත්තු මේ Id ආශාවන් මූලික කරගෙන ඇති වන චර්යාවන්ට පහර එල්ල කරයි. ආහාර ගන්නවිට අසාමාන්‍ය චර්යාවක් ඇති වීම, ලිංගික චර්යා ආශ්‍රිත අසාමාන්‍ය හැසිරීම් වැනි, ආශාවන් කෙසේ හෝ ඉටු කරගැනීම Id ගේ අභිප්‍රාය වේ. මෙම චර්යාවන් බොහෝවිට තමන්ටම පීඩාකාරී තත්වයක් ඇති කරගනී. ඔයාලා දැකලා ඇති Blade තම වලින් අතපය මුහුණ එහෙම කපාගන්න අය. ඒ එයාලගේ Id මතු වූ අවස්තාවක්. (මන් දැකපු විදිහට මත්ද්‍රව්‍ය හේතුවෙන් මත් වීමෙදීත් ශරීරයේ පාලනය තනිව Id යටතට යම් තරමකින් ලබා දීමක් විය හැකියි) Ego, Super Ego පහර එල්ල කිරීමට සිටියානම් එම අසාමාන්‍ය චර්යාව පාලනය වේ. අසාමාන්‍ය චර්යාවක් හදුනාගැනීමේදී එක් න්‍යායකින් නිගමනයක් කළ නොහැක. ඒ සදහා චර්යාවාදී න්‍යාය, මනෝවිශ්ලේෂණවාදී න්‍යාය ආදී න්‍යායයන් කිහිපයක් යොදාගත යුතුය ඒ වගේම ඒ සඳහා බලපාන මානසික හේතු සහ කායික හේතු ද විමසා බැලිය යුතුයි. ඒ වගේම අසාමාන්‍ය චර්යාවක් ආරයෙන් පැමිනෙන ජානමය සාදක සහ මොළයේ ඇති වෙන යම් යම් ආබාධ හේතුවෙන්ද ඇති වේ.

                    අසාමාන්‍ය චර්යා වලට උදාහරණ දෙන්න පුලුවන් නමුත් ඒවා කෙටියෙන් හදුන්වන්න කැමති නෑ. මොකද තමන්ටත් මෙකයි තියෙන්නෙ කියල සිතුවිල්ලක් ඇති වෙලා නැති තත්වයන් ඇති වෙන්න ලොකු ඉඩක් තියනව. අපි ඒ ගැන විස්තරාත්මකව ඉදිරි ලිපි වලදී කතා කරමු. අසාමාන්‍ය චර්යා කියන මාතෘකාව යටතෙ අපිට ගොඩක් කතා කරන්න නෑ. විශේශයෙන් අපිට අසාමාන්‍ය ලිංගික චර්යා ගැන කතා කරන්න තියනවා. එත් සමඟම අපිට අසාමාන්‍ය චර්යාව ඇති වන ප්‍රධානතම කරුණ වන මානසික අක්‍රමිකතා ගැන කතා කරන්න තියෙනවා. ඒ තුලදී අපි අසාමාන්‍ය චර්යාව ගැන වැඩිදුරට සාකච්ඡා කරනවා. ඒ වගේම ගුරුකුල/න්‍යායන් තුලදීත් අපි අසාමාන්‍ය චර්යව ගැන සාකච්ඡා කරනවා.
එහෙනම් අපි ඊලග ලිපියෙන් හමුවෙමු. එතෙක්

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

Please invite to your friends our page.
Like ✓
Comment
Share ✓ 

You May Also Like

3 comments

The Life (PSYCHOLOGY UNIVERSE)