Paraphilic Disorders (ලිංගික අපවර්තනය)

by - November 16, 2016


ඉතින් කොහොමද යාලුවනේ අලුත් මාසේ පළමු ලිපිය අද අරගෙන ආවා. ටිකක් ප්‍රමාද වුනා අලුත් ලිපිය ලබා දෙන්න. හේතුව වගකීමකින් යුතුව කරුණු තොරතුරු ලබාදෙන්න ඕනේ නිසා. අද  කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. ලිපි කිහිපයකින් ඉදිරිපත් කරන්න වේවි. අපි එහෙන්ම් මාතෘකාව පැත්තට යමු.

කලින් ලිපියකින් අපි කතා කරා අසාමාන්‍ය චර්යා ගැන. කියවපු නැති අය ඒක කියවනවා නම් ගොඩක් හොදයි. ඉතින් මානසික අක්‍රමිකතා වල ඇති බලපෑම් හේතුවෙන් අපගේ චර්යාවට පහර එල්ල කරනවා. එතකොට අපගේ චර්යාවා සාමාන්‍ය චර්යාවකට එහා ගිහින් අසාමාන්‍ය චර්යාවක් බවට පත් වෙනවා. ඉදිරියේදී අපි මාතෘකා යටතේ අසාමාන්‍ය චර්යාවන් ඇතිවිය හැකි මානසික අක්‍රමිකතා ගැන සාකච්ඡා කරනවා. 

Paraphilic Disorders
(ලිංගික අපවර්තනය/අපගමනය)

                        පැරාෆීලියා (Paraphilia) හෙවත් ලිංගික අපවර්තන තත්වය. කායික හා ලිංගික විද්‍යා මහාචාර්යවරයකු වන John Money නැමැත්තා විසින් මෙම වචනය අසාමාන්‍ය මනෝවිද්‍යාවට එකතු කරනලදී. මුලදී මෙය හැදින්වූයේ ලිංගික අපගමනය ලෙසයි. ලිංගික අපගමනය, ලිංගික අපවර්තනය යන නම් වලින් මෙම තත්වයන් හදුන්වයි. අසාමාන්‍ය ලිංගික හැසිරීම නැතහොත් සාමාන්‍ය චර්යාවෙන් එහාට ගොස් ලිංගික චර්යාවක් පැවතීම ලිංගික අපගමනය මගින් විස්තර කෙරේ. නමුත් ලිංගික අවවර්තනය යටතේ ලිංගික කැමැත්තේ ඇති ආබාධ පිලිබඳව විස්තර කෙරේ. වැඩිදුරටත් පැහැදිලි කලොත් ලිංගිකත්වය කියන ආශාව ලබා ගන්න/ තෘප්ත කරගන්න ක්‍රමයේ ඇති ආබාධ මෙම අක්‍රමිකතා මගින් පැහැදිලි කරයි. මානසික අක්‍රමිකතා ගැන මුලු ලෝකයම පිළිගත් අත්පොත වන අමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය තුලින් ඉදිරිපත් කල DSM ( DIAGNOSTIC AND STATISTICAL MANUAL OF MENTAL DISORDERS) අත්පොත තුල සියලූම මානසික අක්‍රමිකතා සම්පූර්ණයෙන් හදුන්වාදී ඇත. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන ICD 10 (International Classification of Diseases)  තුලද මානසික අක්‍රමිකතා 300යකට අධික ප්‍රමාණයක් අර්ත දක්වා ඇත. මේ පොත් දෙක තමා මුලු ලොකයේම මානසික රෝග ගැන සඳහන් වෙලා තියන සහ මුලු ලෝකයම පිළිගන්න පොත් දෙකක් වෙන්නේ... මේ පොත් දෙක ගැන ඉදිරියෙදි වෙනමම ලිපියකින් කතා කරන්නම්. මේ පොත් වල DSM 5 ලෙස නව සංස්කරණය දැනට ඉදිරිපත් වෙලා තියනවා. මේ පොත් දෙක සහ තවත් පොත් කිහිපයක කරුණු එකතු කරගෙන මම අත්දැකීමෙන් ලබාගත් දැනුමත් එකතු කරගෙන මානසික අක්‍රමිකතා ගැන ලිපි ඉදිරිපත් වෙන්නේ. ඕනම කෙනෙක්ට 100% පිළිගැනීමේ හැකියාව වගේම වගකීමකින් යුතුව තමා මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මන් ඒ සඳහා බැඳී සිටිනවා.

                        මෙම අපගමන තත්වය බහුලවම පිරිමි පාර්ශවය තුල 90වකටත් වැඩියෙන් දකින්න ලැබෙන අතර ගැහැනු පාර්ශවය තුලද ඉතාමත් සුළු වශයෙන් පවතී නමුත් මතුපිටට පැමිණෙන්නේ ඉතාමත් අඩුවෙනි.. මෙහිදී සම්පූර්ණයෙන් සාමාන්‍ය පුද්ගලයෙකු ලිංගික සතුට ලබන ආකාරයෙන් වෙනස්ව ගොස් වෙන වෙන ක්‍රම ඔස්සේ ලිංගිකමය වශයෙන් සතුටක් ලබයි. මෙම තත්වය ඇති පුද්ගලයින්ට සාමාන්‍ය ක්‍රම ඔස්සේ ලිංගික වශයෙන් තෘප්තියක් ලැබීමට නොහැකි වේ. තෘප්තියක් ලැබීමට නම් එම අසාමාන්‍ය ලිංගික උත්තේජනයම අවශ්‍ය වේ. මෙම තත්වය සහිත පුද්ගලයන් කෙසේ හෝ තම ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට උත්සාහා කිරීමෙන් ස්ත්‍රීන් දූෂණය කොට මරා දැමීම, කුඩා දරුවන් දූෂණය කොට මරා දැනීම වුවද සිදු විය හැක (ලංකාවේ මෑතකදී එවැනි පුවත් ගොඩක් අහන්න දකින්න ලැබුණා). එම පුද්ගලයාගෙන් අවට සිටින අයට පමණක් නොව ඔහුටමද ඔහුගේ චර්යාවෙන් හානි සිදු වේ. මෙවැනි චර්යාවක් සහිත පුද්ගලයින්ගේ පවුල් තුල ගැටලු මතු වේ, ඒ වගේම සමාජයේ මිනිසුන්ගෙන් අපවාදයට ද ලක් වේ නීතිමය දඩුවම් ද විදීමට සිදුවේ.

මෙම පැරාෆීලියා තත්වයේ ප්‍රධාන කොටස් 8ක් සහිතයි. ඒ,
  1. Voyeuristic Disorder (දර්ශන කාමුකත්වය), 
  2. Exhibitionistic Disorder (ප්‍රදර්ශන කාමුකත්වය), 
  3. Frotteuristic Disorder (මර්ජක කාමුකත්වය), 
  4. Sexual Masochism Disorder (ස්වපීඩන කාමුකත්වය), 
  5. Sexual Sadism Disorder (පරපීඩක කාමුකත්වය), 
  6. Pedophilic Disorder (කෞමාර දූෂණය/ දඟර කාමුකත්වය), 
  7. Fetishistic Disorder (අර්චනකාමුකත්වය),
  8. Transvestic Disorder (ඇඟලුම්මාරුව). 

DSM තුල මෙම චර්යා මූලික වශයෙන් කාණ් දෙකකට බෙදා ඇත, පළමු කාණ්ඩය දුක, වේදනා විදවීම් සහිත විකෘතික ක්‍රියාවන් තුලින් ලිංගික වශයෙන් තෘප්තියක් ලබා ගැනීමට කැමති චර්යා අක්‍රමිකතා වේ. 

                          උදා - 
                      Voyeuristic Disorder(දර්ශන කාමුකත්වය), 
                      Exhibitionistic Disorder (ප්‍රදර්ශන කාමුකත්වය),
                      Frotteuristic Disorder (මර්ජක කාමුකත්වය)
                      Sexual Masochism Disorder (ස්වපීඩන කාමුකත්වය)

                    දැවැනි කාණ්ඩය වන්නේ විකෘතික අරමුණු වලව වැඩි කැමත්තක් ඇතිව ඒ තුලින් තෘප්තියක් ලැබාගන්නා චර්යා අක්‍රමිකතා වේ. මෙහිදී ද කොටස් දෙකක් ඇත. වෙනත් පුද්ගලයෙකුගෙ ක්‍රියාවක් තුලින් තමන් තෘප්තියක් ලැබීම (Pedophilic Disorder) සහ වෙනත් දේවල් තුලින් තමන් තෘප්තියක් ලැබීම වේ. 

                          උදා -  
                      Pedophilic Disorder (කෞමාර දූෂණය/ දඟර කාමුකත්වය),
                      Fetishistic Disorder (අර්චනකාමුකත්වය),
                      Transvestic Disorder (ඇඟලුම්මාරුව)
                      Sexual Sadism Disorder (පරපීඩක කාමුකත්වය)

                       මෙම අවශ්‍යතාවන් නැතහොත් ආශාවන් තදබල ලෙස පවතින අතර දිගින් දිගටම පවතී. සතුන් තුලින් සහ වෙනත් උපකරණ තුලින් තෘප්තියක් ලැබීමට දිගින් දිගටම තදබල ආශාවක් මෙම පැරාෆීලියා තත්වයන් ඇති පුද්ගලයන් තුලින් දිස් වේ. මෙම චර්යාවක් බැලූ බැල්මට තිබෙනවා යැයි නිගමනය කරන්නේ නෑ. මෙම චර්යාව අවම වශයෙන් මාස 6කට වඩා වැඩි කාලයක් නොකඩවා තිබීමත් සමඟ එදිනෙදා වැඩකටයුතු වලට ඇතිවෙන බාධා, සමාජයට තම අධ්‍යාපනයට ඇති වෙන බලපෑම් ගැනත් සොයා බලා තීරණය කළ යුතුයි. සමස්ථයක් විදිහට මෙම තත්වයේ රෝග විනිස්චය කිරීම පුද්ගලයාගේ ගතිගුණවල ස්වාභාවට මෙම තත්වය අහිතකර ලෙස බලපා ඇති ආකාරය අනුව තීරණය කෙරේ. මෙම අක්‍රමිකතාවයෙන් කෙනෙක් පෙලෙණවා නම් අනිවාර්යයෙන් මාස 6කර වැඩි කාලයක් මෙම තත්වය පැවත තමන්ගේ ගතිගුණ වලට සහ චර්යාවට මෙම තත්වයේන් අහිත කර ලෙස බලපෑම් ඇති කොට තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට සහ තමන්ගේ බාහිර සම්බන්ධතා වලට බාධා ඇති කරන්නේ නම් මෙම තත්වය ඇති බව අනුමාන කළ හැකිය. හුදෙක් අනුමානයක් පමනයි. නිස්චිත කල හැක්කේ මනෝවෛද්‍යවරයෙකු හෝ මනෝඋපදේශකයකුට පමණි.

                       මේ ප්‍රධාන මාතෘකාව යටතේ අපි කතා කරන චර්යාවන් සහිත පුද්ගලයන් දැක නැතිවා විය නොහැක. FaceBook එක තුලත්, අපි ගමන් කරන bus රථයේ,ගෙදර අවට, මෙවැනි චර්යා ඇති පුද්ගලයන් සිටීමට හැක්යී. අපි කතා කරන්න යන්නේ ගැහැනු අයගේ ඇඳුමේ හොරෙන් වැලෙන් අරගෙන යන අය ගැන. ග්‍රීස් යක්කු ගැන, වසාගෙන සිටිය යුතු අවයවයන් පෙන්වමින් සිටින අය ගැන. තදබල ලෙස ලිංගික ආශාවන් ඇතිව ඒවා තෘප්ත කරගැනීමට විවිධාකාර අසාමාන්‍ය ක්‍රම යොදා ගන්න අය ගැන තමා කතා කරන්න යන්නේ. මෙම තත්වයන් ඇති සමහරක් පුද්ගලයන් එයින් මිදීමට උත්සාහ කරයි.

තව දුරටත් ඉදිරි ලිපි වලදී පැහැදිලි කරගත හැකි වේවි. පැරාෆීලියා තත්ව ගැන වෙන වෙනමම අපි සම්පූර්ණයෙන් කතා කරනවා. අපහැදිලි තැන් ඒ ලිපි වලදී පැහැදිලි වේයි. හරි එහෙනම් අදට අපේ මාතෘකාව අවසන්. ඉක්මනින්ම මෙහි අනිත් අක්‍රමිකතා ටිකත් ලබා දෙන්නම්.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

Author
Dushyantha Samarasinghe

Please invite to your friends our page
Like ✔
Comment ✔
Share ✔


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)