Happy New Year 2017

by - December 31, 2016


Hi Guys.. වැඩත් එක්ක Blog එකට post එකක් දාන්නත් බැරි වුනා. කට්ටියව මතක් වුනා ඉතින් මොකද ආයේ කට්ටිය දකින්න වෙන්නේ ලබන අවුරුද්දේ නේ...
මේ අවුරුද්ද ඉවරයි නේද යාලුවනේ හැමෝම මේ අවුරුද්දේ දී කරපු වැරදි ගැන හිතලා ඒ වැරදි පාඩමක් කරගෙන ලබන අවුරුද්දේදී නොවෙන්න වග බලාගන්න නේද හදන්නේ.
ඒත් හිතුවත ඔබ මේ අවුරුද්දේ කරපු හොද දේවල් ගැන, සාර්ථක දේවල් ගැන, හිතුවද ටිකක් හිතන්න. ඔබට ලැබුණු දේවල් ගැන සිතන්න ඔබ ඒ දේවල් තියෙද්දී නේද තවත් දේවල් පසු පස දුවන්න ගිහින් හිතට දුක ඇති කරගන්නේ. ඔබට ඇති වුන ප්‍රශ්න ගැන සිතන්න ඔබ ඒවා විසදාගත් ආකාර ගැන සිතන්න, මොනවද ජීවිතේට එකතු කරගත්තේ කියල හිතන්න,
වෛරය, තරහව හමුවේ වාසය කල හැම්මේ සිනහවට සහ ශාන්ත වූ මනසකට පමනයි. නිස්චිත වූ දවසකට පමණක් අලුත් වන්නේ කම්මලි, මෝඩ මිනිසුන් ය. අපි අලුත් වන්නේ සෑම තත්පරයකදී ම ය. දිනයකට සීමා නො වී සෑම දවසක් ම ආරම්භයේ අලුත් සිතුවිලි සහිතව දවස ආරම්භ කරන්න. එහෙනම් ඔබ සැමට සතුට, සිනහව පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තමන්ගේ මනසට මුල් තැන දෙන්න, මුලින් තමන් ගැන විශ්වාස කරන්න, තමන්ව තේරුම් ගන්න,
හෙටින් ආරම්භ වන අලුත් අවුරුද්ද තුල අරමුණු රහිත සියල්ලට නව අරමුණු ඇති කරගෙන ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව ලැබේවා.


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)