Mind (මනස) - 03.I

by - April 17, 2017


ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබට සහ ඔබගේ පවුලේ සැමට ආදරය සතුට පිරි සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා!!!!. ඉතින් ඉතින් කොහොමඩ ඔබට. පසුගිය මාස කිහිපයේ ලිපියක් ලබාදීමට නොහැකි වීමට සමාවෙන්න ඕනේ... අලුත් අවුරුද්දත් ආවා නේද. ඔබට කොහොමද අවුරුදු.. හරි අපි එහෙනම් අද ලිපියේ අන්තර්ගතයට පොඩ්ඩක් බලමු..

අපේ බ්ලොග් අඩවියේ ගොඩක් මාතෘකා අපි මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ඉතින් ඒ මාතෘකා සමූහයන් එක් මාතෘකාවක් තමයි "මනස" කියන මාතෘකාව. කලින් ලිපි තුලින් අපි කථා කරල තියනවා මනස ගැන මූලික හැදින්වීමක් සහ බෞද්ධ මතය ගැන. මේ ලිපියෙන් අපි කථා කරන්න යන්නේ මනස ගැන දාර්ශනික මතයන් ගැන.

මනස - 03.I
දාර්ශනික මතයන්


              නස පිලිබදව අවිධිමත් මතිමතාන්තරයන් රාශියක් තුලින් සහ අවිධිමත් අධ්‍යයනයන්, නිර්ණය කිරීම් තුලින් නිර්වචනය එහෙම නැති නම් හදුන්වමින් පැමිනියද ග්‍රීක යුගයේදී මේ පිලිබඳ යම් යම් ආකාරයේ විධිමත් තාර්කික අර්ථකතනයන් ඉදිරිපත් වන්නට විය.

              මනෝවිද්‍යා ලෝකයට ඉතාමත් වැදගත් මතයන් රාශියක් මේ ග්‍රීක යුගයෙන් ඉදිරිපත් විය. "මනස" මනස නොව ආත්මය ලෙස ග්‍රීක යුගයේ දාර්ශනිකයන් හැදින්වූහ, ග්‍රීක යුගයේ දාර්ශනිකයන් අතරින් අපිට නිතරම වගේ වැදගත් වන්නේ සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් යන දාර්ශනිකයන් තිදෙනාය. මොවුන් තිදෙනා කිසිම විශයක අමතක නොවන චරිත 3නක් වේ.. ග්‍රීක දාර්ශනිකයන් ජීවයත් එහි ක්‍රියාකාරීතවයත් දිගටම පවත්වාගෙන යාමට හේතු වන මූලධමය ලෙස මේ ආත්මය හදුන්වා ඇත. ග්‍රීක දාර්ශනිකයන් මේ අපගේ මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධය ගැන විවිධ මත ඉදිරිපත් කොට ඇත..

"ආත්මය දිව්‍යමයයි, අමරණීයයි, තාර්කිකයි, සංයුක්තයි, විසිරී නොයන සුළු වන නමුත් ශරීරය මැරෙණ සුළු, විසිරී යන සුළු වේ."
                                                                                                                      -සොක්‍රටීස්-

              ඉහත මතයත් සමගින් ඔහු ආත්මයේ ඇති සදාකාල්ක බවත් ශරීරයේ ඇති වෙනස්වන සුළු බවත් පෙන්වාදී ඇත. ඒ වගේම බෞද්ධ දර්ශනයේ එන කර්මය හා සමානව ආත්මය ද සංක්‍රමනය වන බවත් පෙන්වාදී ඇත. අයහපත් ක්‍රියාවන් හට විපාක ලබාදීමට විපාක විදින තැන් වලට යොමු කිරීමට මේ ආත්මය කටයුතු කරන අතර, පූර්වයෙ කල අයහපත් දෑ වලට අනුරූප ව සිරුරේ සිට සෑම දෙයක්ම තීරණය වේ. දුක් විදීමටත්, සැප විදීමටත් හේතුව තමන් විසින් කරන ලද ක්‍රියා පදනම් වන බව ග්‍රීක දාර්ශනිකයන් පෙන්වාදී ඇත.

              මිනිස් සිත හුදෙක් හිස් කලයක් නොවේ, එක් එක් ආත්මයන්ගෙන් එකතු කොටගත් දැනුම් ගබඩාවක් වන අතර මිනිසා තුල බුද්ධිය දැනුම සහජයෙන් සැගවී ඇති. ඒවා අධ්‍යාපනය මගින් යලි සිහිපත් කරගැනීමක් සිදු වන බව ග්‍රීක දාර්ශනිකයන් පැහැදිලිකොට ඇත

              ආත්මය යනු මනසේ ක්‍රියාකාරීත්වය වන අතර ආත්මය මිනිස් ශරීරයට ඒමට පෙර පරමාදර්ශී ලෝකයක පවතින බව ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝ පෙන්වාදී ඇත, ප්ලේටෝ මනස සහ ආත්මය යන දෙකම එක් දෙයක් බව පැහැදිලි කර ඇත. එමෙන්ම ආත්මය සදාකාලික දෙයක් වන අතර ආත්මය ශරීරයකින් ශරීරයකට සංක්‍රමණය වන බව ප්ලේටෝ විසින් ප්‍රකාශකොට ඇත. හුදෙක් මරණයෙන් ආත්මය අවසාන නොවේ සංසාරය අවසන් වන තුරු ඉපදෙමින් මැරෙමින් මේ ආත්මය සැරිසරයි.

ප්ලේටෝ මිනිස් ආත්මය ලක්ෂණ 3ක් පෙන්වා දී ඇත,
  • තර්කන ලක්ෂණය,
  • ආධ්‍යාත්මික ලක්ෂණය,
  • ආලම්භන ලක්ෂණය, 
              ලෙස, මෙම ලක්ෂණ ත්‍රිත්වයේ තර්කන ලක්ෂණය යනු මිනිස් ආත්මය පාලනය කරමින් සාමකාමී බවක් ඇති කරයි. ආධ්‍යාත්මික ලක්ෂණය තර්කනයට යටහත්ව කටයුතු කරයි. ආලම්භන ලක්ෂණය තුල කායික ආශාවන් පිරී පවතී ඒවා තෘප්ත කරගැනීමට කටයුතු කරයි නමුත් ඒවා සම්පූර්ණයෙන් තෘප්ත නොවේ. තර්කනය විසින් පාලනය නොකලහොත්/ තර්කනයේ පාලනය අඩු වුවහොත් ආත්මය විප්ලවකාරී, අවුල් ජාලයක් බවට පත් විය හැකි බව ප්ලේටෝ විසින් පෙන්වාදී ඇත ( මේක පොඩ්ඩක් සමාන වෙනව නේද ෆ්රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණට) මේ කරුණු වලට අමතරව ප්ලේටෝ මිනිසාගේ ස්වාභාවයන් ගැනත් කරුණු ඉදිරිපත් කොට ඇත.

              මේ විශ්වයේ ජීවීන් කාණ්ඩ 3ක් ඇත, මිනිසුන්, සතුන්, ශාඛ. මිනිසුන්ට සිතීමේ සහ අදෘශ්‍යමාන ආත්මයකුත්, සතුන්ට සංවේදනීය ආත්මයකුත්, වෘක්ෂලතා වලට ශාඛ ආත්මයකුත් පවතින් බව අපි කවුරුත් දන්න සුප්‍රකට ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් පෙන්වාදී ඇත. ඔහු ආත්මය අමරණීය හා නිත්‍ය බව තව දුරටත් තහවුරු කරමින් ඔහුගේ අදහස් දක්වා ඇත. මිනිසාගේ ද්‍රව්‍යමය කොටස් මොහොතින් මොහොත වෙනස් වුවද ද්‍රව්‍යමය නොවන කොටස් හෙවත් ආත්මය වෙනස් නොවී නිත්‍යව පවතීන බවත් මේ මිනිස් ආත්මයේ ඇති සිතීමේ සුවිශේෂී ලක්ෂනය හේතුවෙන් මිනිසා අනිත් සත්වයින්ට වඩා උසස් වන් බව ඇරිස්ටෝටල් විසින් පෙන්වාදී ඇත..

              මනස ගැන දාර්ශනික මතයන් තවත් ලිපි කිහිපයකට ඉදිරිපත් කරන්න වෙනවා. මොකද ගොඩක් දේවල් කතා කරන්න තියනවා.. ඊලග ලිපියෙන් මනස මනස ලෙස හැදින්වීමට ආරම්භ කරපු රෙනේ ඩේස්කාටස් ගැනත් එයින් ඉදිරියට මනස ගැන සදහන් වූ කරුණු ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා..

එහෙනම් ඊලග ලිපියෙන් මුණගැසෙමු....
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

Author
Dushyantha Samarasinghe

Please invite to your friends our page
Like ✔
Comment ✔
Share ✔

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)