-සැගවී පහර දෙන ඔබ තුල සිටින ඔබ ගැන-

by - October 23, 2016


-සැගවී පහර දෙන ඔබ තුල සිටින ඔබ ගැන-

සෑම පුද්ගලයෙකු තුලම ජරා, වනචර මිනිසෙක් සැගවී සිටී. ඔහු තමාට ඇතිවෙන මිනිසෙකුට ඇතිවන ආශාවන් කෙසේ හෝ ඉටු කරගැනීමේ අභිලාෂයක් ඇත. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ආශාවන් ඉටු කරගැනීමට සාධාරණ නිවැරදි මාර්ග තිබියදී මෙම සැගවී සිටින පුද්ගලයා මතු වී ඒ මාර්ග කිසිවක් නොතකා ඒවා ඉටු කරගැනීමට ක්‍රියා කරයි. යම් යම් බාහිර සාධක හේතු කොට ගෙන එම පුද්ගලයා මතුපිටට පැමිණෙයි. සමාජ විරෝධී ක්‍රියා බොහෝමයක් ඇති වන්නේ මේ සැගවී පහර දෙන පුද්ගලයා හේතුවෙනි, ඒ වගේම මේ සමාජයේ තිබෙන යම් යම් හේතූන් මූලික කරගෙන මොහු මොහුගේ ක්‍රියාව සාධාරණීකරණය කරගනී. සමාජයෙන් මොහුට මතුපිටට ඒමට යම් යම් යොමු කිරීම්, උද්දීපන, උදව් ලබේ ඒවා මෙම පුද්ගලයා මතුපිටට ඒමට භාවිතා කරයි. හරියටම කිවුවොත් සදාචාරයට, සංස්කෘතියට පටහැනි ක්‍රියා මොහු භාවිතා කරයි. ගොඩක් දේවල් තියනවා ස්ත්‍රී දූෂකයෙක්,  සොරෙකු කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකු තුල සැඟවී සිටින පුද්ගලයෙකි ඔහු මතුපිටට පැමිනෙන්නේ සමාජයෙන් ලැබෙන විවිධ උද්දීපන සහ පෙළඹවීම් තුලිනි. 

ආගම, සදාචාරය, ඇදහිලි මගින් එම වනචර පුද්ගලයාව පාලනය කොට එලියට ඒමට නොදී සිටී. වර්තමානය වනවිට ආගම් විවේචනය වෙමින් මිනිසුන් ආගමින් ඈත් වේ, ඒ වගේම වෙනත් විශ්වාසයන්ද විවේචනයට ලක් වීමෙන් මිනිසුන් ඒවාගෙන්ද ඈත් වේ. ඉතින් එතකොට කොහොමද මේ සැගවී සිටින වනචර මිනිසාව පාලනය කරන්නේ. එන්න එන්න මේ සැගවී සිටින වනචර මිනිසාට එලියට ඒමට උනන්දු කිරීම් උද්දීපනය කිරීම වැඩි වෙනවා. අනාගත ලෝකය ලොකු අනතුරක පවතී අනාගත දරුවාද ලොකු අනතුරක සිටී. වර්තමානයේ සිටින අපි මුකුත් ඒ සදහා නොකලහොත් එය කිරීමට වෙන කිසිවෙක් නැති වෙනවා.

ඔබ කුමක් හෝ විශ්වාසයක් ඇති කරගත යුතුයි එය ඇදහිය යුතුයි.. වැරදි තාර්කිකත්වය ගැන සිතන්න එපා මොකද එයින් ඔබගේ මනස සුවපත් කරන අතර ඔබව වඩාත් හොද පුරවැසියෙකු කරයි.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)