Body Language - 01

by - October 12, 2016


Identify (හඳුනාගැනීම) - 02

අපි මුලින්අ ආරම්වාභ කලේ Identify (හඳුනාගැනීම) කියන මාතෘකාව නමුත් අපි ඒක යටතේ අලුත් මාතෘකාවක් පටන් ගන්නවාපුද්ගලයෙකු හඳුනාගන්නේ කොහොමද, පුද්ගලයන් සමග සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්නේ කොහොමද ඒවා වැඩි දියුණු කරන්නේ කොහොමද, සහ ආරක්ෂාකර ගන්නේ කොහොමද කියන දේ ගැන තමා අපි Identify (හඳුනාගැනීම)  කියන මාතෘකාව යටතේ සාකච්ඡා කරන්නේ ඒකට ගොඩක් ගැලපෙන මාතෘකාවක් තමා අපි දැන් කතා කරන්න යන්නේ. මට මේ මාතෘකාව එත්තටම කතා කරන්න ඕනේ කියල මතක් උනේ මගේ හොදම යහලුවෙක් වෙන Namal Jayarathna මගෙන් ඇහුව මම Psychology Studies කරන නිසා "උඹ ගාව body Language ගැන පොත් තියනවද මුකුත් ඒ ගැන දැනගන්න කැමති" කියල. ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් හොයන්න ගත්ත එතකොට තමා මට මතක් වුනේ පුද්ගලයෙක් හරියට හඳුනාගන්න බැරිව සමාජයේ මිනිස්සු අතර කොච්චර ගැටලු මතු වෙනවද කියල. ඉතින් මගේ Future Target එකටත් වැදගත් වෙන නිසා මම ඒ ගැන Net එක පුරා හෙවුවා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒකෙන් තමා මේ Identify කියන ගොඩක් වැදගත් මාතෘකාව ආරම්භ කරන්න මූලික වුනේ.. 
                     වාචික සන්නිවේදනය නැතහොත් ශරීර භාෂාව (Body language) කියන දේ පුද්ගලයන්ට පුහුණුවකින්, අත්දැකීමෙන්, සහජයෙන්ම සහ පරම්පරවෙන් කෙනෙක්ට ලැබෙන්න පුලුවන්.. ඇල්බට් මේර බියන් පවසන ආකාරයට වචන 7%ක්, වාචික ශබ්ධ හා වෙනත් ශබ්ධ 38%ක් වාචික නොවන 55%ක් ද මුහුණට මුහුණ සන්නිවේදනයේදී වචන 35%ක් වාචික නොවන සංඥා 65%ක් ද වන බව පවසා ඇත. ඒ වගේම ඔලුව සෙලවීම, ඔලුව වැනීම වැනි සංඥා ද හිස කැසීම (වෙනත් හේතුන් වලටත් සිද්ද වෙනවා) , සිනාසීම, රවා බැලීම වැනි ඉරියව් ද දත්මිටි කෑම අත් මිටමොලවීම, පාද වෙවුලන ආකාරයට ගැස්සීම වැනි හැසිරීම්ද දැකිය හැකිය. පුද්ගලයෙක් හඳුනාගැනීමට මේ Body language එක ගොඩක් වැදගත් වෙනවා. ෂර්ලොක් හොම්ස් කියනවා මිනිසෙකුගේ ඇගිලි වලින්, කතා කරන විලාසයෙන්, අංග චලන වලින් පමණක් නොව මිනිසෙකුගේ නියපොතු වලින් පාවහන් වලින් ගොරෝසු සමෙන්, හැද සිටින කමිසයේ අත් නමා ඇති වාටියේ ප්‍රමාණයෙන් යන කරුණු වලින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍යයෙන් අවබෝධයක් ලැබිය හැකි බවයි.

                      ඉතින් අපේ ප්‍රධාන මාතෘකාව වන  Identify (හඳුනාගැනීම) යන මාතෘකාවේ අරමුණට මේ Body Language නැති නම් අවාචික සන්නිවේදනය ගොඩක් වැදගත් වෙනවා. අපි සමාජයේ ජීවත් වෙන විට මිනිස්සු හඳුනාගැනීමට ගොඩක් වැදගත් වෙනවා මන්ද ඒ බොහෝමයක් මිනිසුන්ගේ වචනයෙන් එක් දෙයක් ද සිතෙහි එක් දෙයක්ද තබාගෙන අනෙකාව රවටමින් හෝ තමාගේ සුබසිද්ධිය ලඟාකරගැනීම අරමුණු වී ඇති නිසා.

                      Body Language නැතහොත් අවාචික සන්නිවේදනය තුලින් අපි නොදැනුවත්වම අපගේ මනසේ ස්වාභාවයන් එලියට දානවා. අපි කතා කරන වචන වලට වඩා වැඩි අදහස් ප්‍රමාණයක් අපේ මේ ශරීරය තුලින් ඉස්මතු වෙනවා. බොරුවක් කියන විට ශරීරයේ ගොඩක් වෙනස්කම් සිද්ද වෙනවා, නමුත් ඒවා තේරුම්ගත හැක්කේ ඉතාමත්ම සුළු පිරිසකටයි. මම හදන්නේ ඒවා හැමෝටම තේරුම් ගැනීමට ඉගැන්වීමටයි. මෙහිදී මූලික වන කරුණු කිහිපයක් පහත පරිදි වේ 
  • අපි කතා කරන විලාශය,
  • කතා කරනවිට අත්ච සහ පාද චලනය වන විදිහ
  • කතා කරන විට ඇස් වල ස්වාභාවය
  • කතා කරන විට ඉන්න ඉරියව්ව
  • හිදගෙන සිටින ආකාරය
  • සිනහ වෙන ආකාරය
  • අත් සහ පාද තබාගෙන සිටින ආකාරය
  • කතා අරන විට තොල් වැඩ කරන විදිහ.
  • ඇස්පිය ගසන ආකාරය

                       ඇතුලුව තවත් කරුණු ගොඩක් තියනවා අපි එකින් එක හෙමීට කතා කරමු.. චාලි චප්ලින් වගේ නළුවන් මේ භාශාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇත ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සදහා. ඒ වගේම ගැහැනුන්ට මේ හැකියාව සහජයෙන්ම ලැබී ඇත. හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්  පිරිසක් සිදු කල පරීක්ෂන මගින් තහවුරු වෙලා තියනවා ඉරියව් වලින් යම් යම් දේවල් කියැවෙන අදහස් වෙන අවස්තා දුන් විට ගැහැනුන් 87%ක් ඉතා නිවැරදිව හදුනාගෙන ඇති අතර පිරිමින් 42%ක් ඒවා නිවැරදිව හදුනාගෙන ඇති බව පෙන්වාදී ඇත. මේ පිරිමින් අතරින් ටික දෙනෙක් සමලිංගික චර්යා ඇති පිරිසක් වන අතර, තවත් කොටසක් රගපෑම්, කලාත්මක දේවල්, හෙද, මානව සංවර්ධනාත්මක යන ක්ෂේත්‍රයන් ආශ්‍රිතව වැඩ කරන අය වේ. ඒ වගේම ගැහැනුන්ගෙන් වැඩි හරියක් දරුවන් හැදූ මව්වරු වන බවත් ඔවුන් ප්‍රකාශ කරල තියනවා.

                      ඒ වගේම තවත් දෙයක් තමා සාස්තර/ අනාවැකි කියන අයත් මේ අවාචික සන්නිවේදනය සහ පුද්ගල ස්වාභාවය සමග එකට එකතු කරල තමා අනාවැකි සාස්තර කියන්නේ. (තව පොඩි Tricks ටිකක් තියනව  එවත් පස්සෙ කියන්නම්කෝ). මේ වගේ දේවල් වලට දුර්වල චිත්තවේග සහිත පුද්ගලයන් සහ නිතර එක එක අය කියන දේවල් වලට රැවටෙන අය මෙයට වැඩියෙන් හසුවෙයි.

පොඩි හැදින්වීමක් එක්ක වටාපිටාව ගැන පොඩ්ඩක් විමසල ඉන්න එපෑයෑ ඔනම දෙයකට කලින්. ඉතින් අපිට ඉදිරියේදී සිනහ වෙන එක ගැන කතා කරනවා. මේ ලිපියෙන්ම දැම්මොත් ලිපියේ දිග වැඩි වෙනවා. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියනවා එකින් එක හෙමීට කතා කරමු. හරි එහෙනම් අපි ඊලග ලිපියෙන් ඔබ සිනහ වෙන වෙන්නේ කොහොමද මොකටද කියල සොයා බලමු.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

2 comments

  1. niyamai ne meka digatama karanna meka blog eka gana kawuruth danne na

    ReplyDelete
  2. godak wtinawa issarahatath me wage dewal one😜😜😜😜

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)