Life (ජීවිතය)

by - April 07, 2016


ජීවිතය කියන මාතෘකාව කියන්නේ කතා කරල නිමක් කළ නොහැකි මාතෘකාවක් ඒ වගේම ජීවිතය ගැන කතා කරන විට අපිට ගොඩාක් මාතෘකා කතා කරන්න වෙනව. ඒ මාතෘකා ද ගොඩාක් සංකීර්ණයි. අපිට කතා කරන්න වෙන මාතෘකා වල නිමක් නැති තරම් මන්ද ඒ අපි කතා කරන්නේ අපගේ ජීවිතය ගැන නිසා. මොකද ජීවිතය සෑම තත්පරයකම වෙනස් වෙනව.. අපි ජීවිතය ගැන කතා කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ අපගේ ජීවිතය ලස්සන කරගෙන සාර්ථක පුද්ගලයෙක් වීමයි.ඒ සදහා අපි අපගේ ජීවිතයට එන ඕනෑම බාධකයකට, ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීලා ජීවිතය සාර්ථක කරගන්න ඕනේ.

ජීවිතය සම්බන්ධයෙන් එක එක අය එක එක ආකාරයට ජීවිතය කියන දේ අර්ථ දක්වනව. නමුත් ඇත්තටම ජීවිතය කියන්නේ ගැටලු ගොඩකට. ගැටලුවක් හේතුවෙන් අපි හුස්ම ගන්නව, ගැටලුවක් හේතුවෙන් අපි කතා කරනව, කනව බොනව, නානව, ලියනව, කියවනව, නව දැනුම සොයනව, නව නිපැයුම් නිර්මාණය කරනව මේ සියල්ලම සිදුවෙන්නේ ගැටලු නිසා.. අපි ජීවත් වෙන්නෙත් මේ ගැටලු නිසා. ජීවිතය පිලිබදව අධ්‍යයනය කරන්න නම් එහෙම නැති නම් ජීවිතය ඉගෙන ගන්න නම් අපි මිනිසුන්ට ඇතිවන ප්‍රශ්න, ගැටලු පිලිබඳව අධ්‍යයනය කළ යුතුයි.

ගැටලු සෑම පුද්ගලයෙකුටම සෑම වෙලාවකම, සෑම තත්පරයකම ඇතිවෙන දෙයක්. සෑම ජීවී වස්තුවක්ම මේ ගත වෙන වෙලාවෙත් ගැටලුවකට මුහුණ දෙනව. අපි ගැටලු විසදන්න කල්පනා කරනව, ලතැවෙනව, පිළිතුරු හොයනව මේකට තමා කියන්නේ ජීවත් වෙනව කියල. ගැටලුවක් විසදීම තමා අපි බලාපොරොත්තුවක්  කියල හදුන්වන්නේ, ගැටලුවක් විසදෙන එක සම්බන්දයෙන් අපේ හිත පවතින ස්ථිර භාවයට තමා අපි විශ්වාසය කියල හදුන්වන්නේ. මේ විශ්වයේ සෑම දෙයක්ම නිර්මාණය වී ඇත්තේ ද ගැටලුවක් හේතුවෙනි. කිසියම් පුද්ගලයෙකුට ගැටලුවක් කිසිම ගැටලුවක් නෑ කියල කියනවනම්. එයාට තියන එකම ගැටලුව ඒක තමා. එය ගැටලුගැන පුළුල්ව කතා කරනකොට මම පැහැදිලි කරන්නම් ඉදිරියේදී.

ඉතින් අපි ජීවත් වෙනව කියන දේ තුල ලස්සනට ද? අවලස්සනට ද? සතුටින් ද? අසතුටින් ද?  කියන දේ තීරනය වෙන්නේ අපි මේ අපි ගැටලු වලට මුහුණදෙන ආකාරය අනුවයි. අපි ගැටලු වලට සාර්ථකව මුහුණ දුනහොත් ජීවිතය සාර්ථකයි, ඒ වගේම සතුටින්. අසාර්ථකව මුහුණ දුන්නොත් ජීවිතය අසාර්ථකයි. ඒ වගේම අසතුටින්. හුදෙක් සතුට කියන දේ පැලපදියම් වෙන්නේ සාර්ථකත්වය මත පමනයි.  සාර්ථක වෙන්න නම් අපි ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. ගැටලු සමග සතුටින් ජිවත් වෙන්න අපිට පුලුවන්.

අපි ගැටලු ගැන හරි හැටි තේරුම් ගන්න ඕනේ. ගැටලු හොදින් තේරුම් ගැනීම මූලිකම කාරණාවක් වෙනවා. ගැටලු වලට මුහුණ දී එය අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ගැටලුව හරියට තේරුම් නොගැනීමයි. ගැටලුව හරියට තේරුම් අරගෙන ගැටලුවට සාර්ථකව සතුටින් මුහුණදී ජීවිතය සාර්ථක කරගනිමු. අපි ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙන ගන්න වෙනව ඒ සදහා අපිට degree එකක්ම කරන්න වෙයි.. ගනන් ගන්න එපා මම මේ degree එක නොමිලේ සහ ඒ සඳහා මූලික සුදුසුකම ලෙස දැනට ජීවත් වෙන ඕනම කෙනෙක්ට හැදෑරීමට හැකියාව ලබාදෙන්නම්.

අපි ජීවිතය සතුටින් ගැටලු සමඟව සාර්ථක කරගනිමු. අපගේ ජීවිතය වෙනස් කරගනිමු අපගේම උපරිම සුබසිද්ධිය සදහා.. මේ ඔබගේ ජීවිතය වෙනස් වෙන තැනයි. ජීවිතය වෙනස් කරගන්න ඉගෙන ගනිමු!!!
මේ මාතෘකාව මෙතනින් ඉවරයක් නෑ නමුත් මගෙ post එකට ඉවරයි. මේ මාතෘකාව ගැන කතා කරන්න දේවල් ගොඩයි කරුණු වශයෙන් එක එක මාතෘකාව ලෙස අරගෙන ඔයාලට post ලබාදෙන්නම්.

ජය ඔබට!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!

╚══════ .♆. ════════════════════╝ 



You May Also Like

1 comments

  1. SEGA GENESIS - GAN-GAMING
    SEGA GENESIS. GENESIS-HANDS. Genesis (JP-EU). febcasino.com NA. NA. NA. SEGA GENESIS-HANDS. wooricasinos.info NA. SEGA GENESIS. sol.edu.kg NA. GENESIS-HANDS. herzamanindir.com/ NA. septcasino

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)