Introduction of Abnormal Psychology
ඉතින් කොහොමද යාලුවනේ යාලුවනේ අලුත් මාසේ අලුත් ලිපි පෙලක් ආරම්භක ලිපිය තමා මන් ඔයාලට අරගෙන ආවේ. ඔහොම්ම ම පහලට එන්නකෝ
අසාමාන්‍ය මනෝවිද්‍යාව යනු ශුද්ධ මනෝවිද්‍යාවේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රයකි. ඇන්ටන් මෙස්මර්, සිග්මන් ෆ්රොයිඩ් යන මනෝ විද්‍යාඥයන් මූලික වේ. ෆ්රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ වාදය අසාමාන්‍ය මනෝවිද්‍යාවට නව ආරම්භයක් ලබාදී ඇත. මිනිසුන්ගේ මානසික හැසිරීමවල අසාමාන්‍යතා පිලිබඳව අධ්‍යයනය කර ඒ තුලින් ඇති වන රෝගී තත්වයන් සහ ඒවාට කල හැකි ප්‍රතිකාර පිලිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන ක්ෂේත්‍රය ලෙස අසාමාන්‍ය මනෝවිද්‍යාව හැදින්විය හැකිය. තවදුරත් පැහැදිලි කළහොත් අසාමාන්‍ය ලිංගික චර්යා, මානසික රෝග, පෞරුෂය සහ එහි අක්‍රමිකතා, සහ වෙනත් අසාමාන්‍යය චර්යා ගැන මේ තුලින් විද්‍යාත්මකව අධ්‍යයනය කෙරේ.
අසාමාන්‍ය මනෝවිද්‍යාවෙන් නිතරම කියවෙන සාමාන්‍ය සහ අසාමාන්‍ය බව යන්න වෙන් කොට හඳුනා ගැනීමේදී සාමාන්‍ය බව යන්න පහත ලක්ෂණ සහිත පුද්ගලයෙකු සාමාන්‍ය චර්යාවක් සහිත කෙනෙකු යැයි මනෝ විද්හයාඥයන් පෙන්වාදී ඇත.
ඒ අනුව යම් පුද්ගලයෙකුගේ චර්යාව, චින්තනය සහ ගති ලක්ෂණ සංඛ්‍යාවිද්‍යාත්මකව දුර්වල නම් එම තත්වය අසාමාන්‍ය තත්වයක් ලෙස පෙන්වාදෙයි.එහිදී ඉහත ප්‍රස්ථාරයේ දරුවෙකුගේ බුද්ධි ඵලය 70වට වඩා අඩු නම් ඔහුට සාමාන්‍ය පාසලක ඉගනීමේ හැකීයාවක් නැත. බුද්ධි ඵලය 55-70ත් අතර දරුවන් විශේෂ අධ්‍යාපනයක් මගින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගත හැකි ආකාරයට පත්කල හැකිය. ප්‍රස්ථාරයේ මැද 20%ක් ලෙස දාක්වා ඇති කොටසින් සාමාන්‍ය බුද්ධියෙන් යුතු අය පෙන්වා දේ. නමුත් මොවුන්ගේ මෙම මතයට අනුව මානසික අක්‍රමතා ඇති අය ද නැති ද යන්න නිගමනය කළ නොහැක.
ඒ වගේම චර්යාවාදීන් අසාමාන්‍ය හැසිරීම උගත් හැසිරීම් වන බව පැහැදිලි කර ඇත.. ඒ අනුව අසාමාන්‍ය හැසිරීම උපතේ සිට දරුවෙකු උගත් චර්යාවන් වේ. වැඩිහිටියෙකු මීයෙකු හෝ කැරපොත්තෙකු දැක බයවීම දුටු දරුවෙකු මීයාට හෝ කැරපොත්තාට බියක් දැක්වීම උගනී.. පසුව එය උග්‍ර වී මියගිය මීයෙකු හෝ මීයෙකුගේ රූපයක් පවා දුටු විට අසාමාන්‍ය ලෙස බියක් දක්වයි එය ඇති වන්නේ ඉගනීමකින් බව චර්යාවාදීන් වැඩි දුරටත් ඔවුන්ගේ මතයන් තුල පෙන්වාදී ඇත.
දරුවෙකු දුම්බීමට, මත්පැන් බීම වැනි වෙනත් භයානක මත්ද්‍රව්‍ය ගැනීම, කල්ලි ගැසී අන්‍යයන්ට කරදර පීඩා කිරීම තුලින් සතුටුවීම වැනි දරුවෙකු ජීවත් වන වටාපිටාව අයහපත් වේ නම් ඒවාගේ ප්‍රතිඵලයක් විදිහට අසාමාන්‍ය චර්යා සහිත දරුවෙකු ඇති වේ. ඒ වගේම අසාමාන්‍ය චර්යාවන් උපතින් රැගෙන එන්නේ නැති බවත් ඒවා සමාජ චර්යාවන් පුද්ගල චර්යාවට ඈදා ගන්නා චර්යාවන් බවත් සමාජය සංස්කෘතිය සහ සමාජීය මිනිසුන් අසාමාන්‍යතාවය පිලිබඳ මතයන් වේ.
අසාමාන්‍ය මනෝවිද්‍යාව
හැදින්වීම
මිනිස් මනස ගැන කතා කරනවිට මනෝවිද්‍යාව නැමැති විශය ආරම්භයටත් වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් මනස පිලිබඳව අධ්‍යයනය කිරීම ආරම්භවී ඇත. අසාමාන්‍ය චර්යා සහ මානසික රෝග ඇති වීම යම් යම් නොපෙනෙන බලවේග හේතුවෙන් වන බව අතීතයේ මතය වී ඇත. (වර්තමානයේද නොදියුණු මිනිසුන් ද ඒ මතය හිසමත තබාගෙන මානසික තත්වයන් තුලදී ඒවා සුව කරගැනීමට කට්ටඩීන්, කපුවන්, බලිතොවිල්, ආදී එක එක ශාන්තිකර්ම කරනව) නමුත් මනෝවිද්‍යාව යන විශය විද්‍යාත්මකව අධ්‍යනය කරන්න ආරම්භ වූ දා සිට මිනිස් මනස පිළිබඳවත් එහි ඇතිවෙන අසාමාන්‍යතා සහ මානසික අක්‍රමතා පිලිබදවත් විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න ආරම්භ වූහ. (අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන වෙනම ම ලිපියකින් අපි කතා කරමු.)අසාමාන්‍ය මනෝවිද්‍යාව යනු ශුද්ධ මනෝවිද්‍යාවේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රයකි. ඇන්ටන් මෙස්මර්, සිග්මන් ෆ්රොයිඩ් යන මනෝ විද්‍යාඥයන් මූලික වේ. ෆ්රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ වාදය අසාමාන්‍ය මනෝවිද්‍යාවට නව ආරම්භයක් ලබාදී ඇත. මිනිසුන්ගේ මානසික හැසිරීමවල අසාමාන්‍යතා පිලිබඳව අධ්‍යයනය කර ඒ තුලින් ඇති වන රෝගී තත්වයන් සහ ඒවාට කල හැකි ප්‍රතිකාර පිලිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන ක්ෂේත්‍රය ලෙස අසාමාන්‍ය මනෝවිද්‍යාව හැදින්විය හැකිය. තවදුරත් පැහැදිලි කළහොත් අසාමාන්‍ය ලිංගික චර්යා, මානසික රෝග, පෞරුෂය සහ එහි අක්‍රමිකතා, සහ වෙනත් අසාමාන්‍යය චර්යා ගැන මේ තුලින් විද්‍යාත්මකව අධ්‍යයනය කෙරේ.
අසාමාන්‍ය මනෝවිද්‍යාවෙන් නිතරම කියවෙන සාමාන්‍ය සහ අසාමාන්‍ය බව යන්න වෙන් කොට හඳුනා ගැනීමේදී සාමාන්‍ය බව යන්න පහත ලක්ෂණ සහිත පුද්ගලයෙකු සාමාන්‍ය චර්යාවක් සහිත කෙනෙකු යැයි මනෝ විද්හයාඥයන් පෙන්වාදී ඇත.
- සෞඛ්‍යය සම්පන්න ලෙස අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව,
- මානසික රෝග නොමැති වීම,
- පුද්ගල සංවර්ධනයෙහි සහ ආත්ම සාක්ෂාත්කරනයෙහි සඛ්‍යතාව,
- ස්වායක්තතාව සහ නිදහස,
- යථාර්ථවාදී ආත්ම සංජානනය,
- අනන්‍යතාවය පිලිබඳ දැඩි හැගීම සහ ධනාත්මක ආත්මාභිමානය,
ඒ අනුව යම් පුද්ගලයෙකුගේ චර්යාව, චින්තනය සහ ගති ලක්ෂණ සංඛ්‍යාවිද්‍යාත්මකව දුර්වල නම් එම තත්වය අසාමාන්‍ය තත්වයක් ලෙස පෙන්වාදෙයි.එහිදී ඉහත ප්‍රස්ථාරයේ දරුවෙකුගේ බුද්ධි ඵලය 70වට වඩා අඩු නම් ඔහුට සාමාන්‍ය පාසලක ඉගනීමේ හැකීයාවක් නැත. බුද්ධි ඵලය 55-70ත් අතර දරුවන් විශේෂ අධ්‍යාපනයක් මගින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගත හැකි ආකාරයට පත්කල හැකිය. ප්‍රස්ථාරයේ මැද 20%ක් ලෙස දාක්වා ඇති කොටසින් සාමාන්‍ය බුද්ධියෙන් යුතු අය පෙන්වා දේ. නමුත් මොවුන්ගේ මෙම මතයට අනුව මානසික අක්‍රමතා ඇති අය ද නැති ද යන්න නිගමනය කළ නොහැක.
ඒ වගේම චර්යාවාදීන් අසාමාන්‍ය හැසිරීම උගත් හැසිරීම් වන බව පැහැදිලි කර ඇත.. ඒ අනුව අසාමාන්‍ය හැසිරීම උපතේ සිට දරුවෙකු උගත් චර්යාවන් වේ. වැඩිහිටියෙකු මීයෙකු හෝ කැරපොත්තෙකු දැක බයවීම දුටු දරුවෙකු මීයාට හෝ කැරපොත්තාට බියක් දැක්වීම උගනී.. පසුව එය උග්‍ර වී මියගිය මීයෙකු හෝ මීයෙකුගේ රූපයක් පවා දුටු විට අසාමාන්‍ය ලෙස බියක් දක්වයි එය ඇති වන්නේ ඉගනීමකින් බව චර්යාවාදීන් වැඩි දුරටත් ඔවුන්ගේ මතයන් තුල පෙන්වාදී ඇත.
දරුවෙකු දුම්බීමට, මත්පැන් බීම වැනි වෙනත් භයානක මත්ද්‍රව්‍ය ගැනීම, කල්ලි ගැසී අන්‍යයන්ට කරදර පීඩා කිරීම තුලින් සතුටුවීම වැනි දරුවෙකු ජීවත් වන වටාපිටාව අයහපත් වේ නම් ඒවාගේ ප්‍රතිඵලයක් විදිහට අසාමාන්‍ය චර්යා සහිත දරුවෙකු ඇති වේ. ඒ වගේම අසාමාන්‍ය චර්යාවන් උපතින් රැගෙන එන්නේ නැති බවත් ඒවා සමාජ චර්යාවන් පුද්ගල චර්යාවට ඈදා ගන්නා චර්යාවන් බවත් සමාජය සංස්කෘතිය සහ සමාජීය මිනිසුන් අසාමාන්‍යතාවය පිලිබඳ මතයන් වේ.
සමස්ථයක් ලෙස ගත් විට පුද්ගලයෙකුගේ අවිඥානික මනසේ ඇති වන යම් යම් තත්වයන් හේතුවෙන් අසාමන්‍ය චර්යාවන් ඇති වේ. අවිඥානය යනුවෙන් අදහස් කලේ අපි නොදැනුවත්වවම යටි සිතේ ඇති වෙන යම් යම් ආශාවන් ය. මෙවැනි ආශාවන් යටපත් කර සිටීමෙන් ද අසාමාන්‍ය චර්යාවන්, මානසික අක්‍රමතා ඇති වන බව විද්‍යාඥයන් පෙන්වාදී ඇත. යටිසිතේ ඇති එම ආශාවන් මතු කර ගැනීමට නිදහස් සංඝඨනය, මෝහණය වැනි ක්‍රම යොදා ගත හැකි බවත් පෙන්වාදී ඇත. අසාමාන්‍ය මනෝවිද්‍යාව තුලදී ප්‍රධාන වශයෙන් මානසික අක්‍රමතා පිලිබඳව සහ ඒවාට පිළියම් අධ්‍යයනය කරයි. ඒ වගේම අසාමාන්‍ය චර්යාවන් පිලිබදව ද විද්‍යාත්මකව පුලුල් ලෙස අධ්‍යයනය කරයි. මානසික අක්‍රමතා සහ අසාමාන්‍ය චර්යා වෙන වෙනම ම ලිපි තුලින් අපි ඉදිරියට සාකච්ඡා කරමු.
එහෙනම් අදට ලිපිය අවසන්. අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන ලිපිය ඉක්මනින්ම ඔබට ලබා දෙන්නම්. එහෙනම් අරම්භ වූන අලුත් මාසය සාර්තකව ගෙවන්න..
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author-
Dushyantha Samarasinghe
(Psychology Counselling Student in University of Kelaniya)
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author-
Dushyantha Samarasinghe
(Psychology Counselling Student in University of Kelaniya)
12 comments
ඉතාමත් අගේ ඇති ලිපියක්. බොහොමත්ම ස්තුතියි...
ReplyDeleteස්තුතියි
ReplyDeleteස්තූතියි හොඳ ලිපියක් මමත් ඩිප්ලෝමා අපේක්ෂක යෙක්
ReplyDeleteබොහොම වටිනා ලිපියක් . කරුණාකර හැකි ඉක්මනින් අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය පිලිබද ලිපියක් ඉදිරිපත් කරන්නෙ නම් කෘත්‍ය වෙමි ❤️
ReplyDeleteGood job thank you
ReplyDeleteබොහොමත්ම වටිනා ලිපියක් ස්තූතියි ❤️
ReplyDelete❤️
ReplyDeleteස්තූතියි 🙏
ReplyDelete💗💗💗
ReplyDeleteThank you
ReplyDeleteThank you ♥️
ReplyDeleteවටිනා ලිපියක් ස්තූතියි
ReplyDelete