සන්සුන් මනස 1

by - July 23, 2016


ඉතින් කෝහොමද යාලුවනේ. අද අපි තව අලුත් ලිපි පෙලක් ආරම්භ කරනව.. අපේ මනස සන්සුන් කරගන්න ක්‍රම සහ ඒ තුලින් අපිට ලැබෙන දේවල් සහ ජීවිතයට වැදගත් වෙන ආකාරට ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව මේ ලිපි පෙළ තුලින. හරි එහෙනම් අපි ආරම්භය ගනිමු.

න්සුන්නස  1

         අපි අපේ ජීවිතය ගෙවාගෙන යන විට අපිට විවිධ පුද්ගලයන්, විවිධ සමාජ තත්වයන්, විවිධ සමාජ පරිසරයන් එක්ක තමා අපිට අපගේ ජීවිතය ගෙවන්න වෙන්නේ. දවස ආරම්භයෙන් ආරම්භ වන අපගේ වගෙඩ අවසාන වන්නේද දවස අවසානයේ නිදාගැනීමත් සමගය. අපි අපේ විවිධ වැඩ වලට බස්රථ, කුලීරථ, දුම්රිය වැනි ප්‍රවාහන මාධ්‍යය යම් යම් තැන් වලට යාමට යොදාගන්නව. අපි අපගේ වැඩ සාර්ථකව අවසන් කරගන්නව නමුත් අපි අපගේ වැඩේ කරගන්න උදව්වන/ මහන්සිවන අපේ මනස ගැන අපි හිතල තියනවද. කොහොම අරි අපේ දවස අවසන් වෙනව අපේ වැඩත් එක්ක. සෑම කෙනෙක්ම තමන්ගේ දවස තමන්ගේ වැඩත් එක්ක ගෙවනව. ඒ වැඩ ඒ ඒ පුද්ගලයාට වෙනස් වෙනව.

ඉතින් අපි මේ අපේ දවස ගෙවාගෙන යනවිට එක එක වැඩ කරනව. මගේ ප්‍රශ්නය වෙන්නේ ඔබ ඒ කරන වැඩ රාශිය තුලින් එකම එක වැඩක් වත් අවදානයෙන් කරනවද? ඔබ කරන සියලූම වැඩ වලින් 98%ක් ම ඔබ ඒ කෙරෙහි අවධානයකින් තොවරයි සිදු කරන්නේ. බහුතරයක් මිනිස්සු තමන් කරන වැඩ ගැන අවදානයෙන් තොරවයි සිදු කරන්නේ. කෑම කනවිට වෙන දේවල් සිතමින් ඒදේවල් වලින් ටිකයි කෑම ටිකයි කනව. ඇවිදින එකේ ඉදල කිසිම චර්යාවක් අවධානයකින් තොරවයි සිදු වෙන්නේ.

මනස සන්සුන් කරගන්න හැමෝම භාවනා කරනව එක එක වෙනත් දේවල් කරනව නමුත් ඔබ හිතල බැලුවේ නැතිද සන්සුන් මනසක් ඇති කරගන්න හොදම ක්‍රමය ඔබ සතුයි කියල.. අවධානය තමා මනස සන්සුන් කරගන්න සත්‍ය අවබෝධ කරගන්න තියන එකම ක්‍රමය. සෑම භාවනාවකම අවධානය තමා මූලික වෙන්නේ අවධානය තුලින් සත්‍ය දැකිය හැකිය අවබෝදය ලබාගත හැකිය. භාවනාව තුලත් ඇත්තේ අවධානයයි හුස්ම ඉහල පහල යන ආකාරය ගැන මුවෙන් පිටවන වචනය ගැන අවධානය ( ඔබ භාවනාවෙන් කාට සුව ප්‍රාර්ථනා කළත් අවධානයෙන් තොර නම් ඒ තුලින් ලැබෙන ශාන්තිය ඔබ සතුනොවේ)  තබාගැනීම. සක්මන් භාවනාවෙන් පියවර තබන එක ගැන අවධානය. සංගීත ප්‍රතිකාරයෙන් ද සංගීතය ගැන අවධානය, ආලෝක ප්‍රතිකාරයේ ආලෝක දැල්ල වෙන යොදන අවධානය අනුව සන්සුන් මනසක් කරා ලඟා කරගනී..

අවබෝධය ලබාගත හැකිවන්නේ අවධානයෙන් මිස අන් කිසිවකින් නොව. අමතක වීමටත්, වැඩ මඟහැරීමටත් හැරීමටත් අවධානය බලපායි. ඔබට හැකි නම් ඔබ දවස තුල සිදු කරන වැඩ අවධානයෙන් සිදු කිරීමෙන් අවබෝධය නැතහොත් සත්‍ය දැකිය හැකිය. ඇවිදින විට ඒ කෙරෙහි අවධානය යොමු කරන්න සිතින් ගනන් කිරීමක් කරන්න ගණන් කිරීම පිළිවෙලක් තිබුනොත් එය ඔබ නොදැනුවත්වම නිකන්ම ගණන් කිරීමක් පමනක් වෙනව ගනන් කරන ගමන් පය තබන ආකාරය දකින්න සිතින්. ඔබ දෙයක් ලියන විට ඒ කෙරෙහි අවධානය යොමු කරන්න වෙන දේවල් කෙරෙහි නොව. අවධානය ලබාගන්න එක ලේසි දෙයක් නොවේ.. ටිකෙන් ටික තමා කරන්න ඕනේ. මුලින් ඇවිදින එකෙන් ආරම්භ කරන්න. අවධානය පය ක්‍රියා කරන ආකාරයට යොදන්න සිතින් දකින්න ඔබගේ පය පොළවේ වදින ආකාරය සහ පොළවෙන් ඉහලට එසවෙන ආකාරය.. මුලදී ඔබට ඔබගේ අත පය ක්‍රියා කරන ආකාරය ගැන අවධානය පහසුවෙන් යොමු කළ හැකිය අත එසවෙන විට ඇගිලි ක්‍රියා කරන ආකාරය ගැන පහසුවෙන් සිතින් දැකිය හැකිය. අවධානය යොමු වෙනවා කියන්න ඔබට පසුවෙන් සිතින් මවාගත හැකි වීමයි.. සිතින් මවාගන්න පුලුවන් නම් අවධානය යෙදී ඇත..

අවදානය යොමු කිරීම සාර්ක්‍ථක නම් දවසින් දවස ඔබටම ඔබගේ වෙනස දැකිය හැකිය. ක්‍රියාශීලී බව වැඩි වෙනවා. පෙරට වඩා ඔබට මතකය සිටින ප්‍රමාණයව් වැඩී. හදිසි අවස්ථාවන් වලදී ක්‍රියාකාරීත්වය වෙනදාට වඩා වැඩි වේ.. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා.. තරහව පාලනය වෙනවා. හදිසි තීරණ ගැනීම අඩු වෙලා බුද්ධිමත් තීරණ ගන්න පටන්ගන්නවා..මේ වගේ තව ගොඩාක් දේවල් වෙනස් වෙනවා.. සෑම දෙයක් පිළිබදව ම අවබෝධය ලබා ගත හැකි වෙනවා... ඔබ ටිකෙන් ටික ක්‍රියාව පිලිබඳ අවධානය වැඩි වෙන්න වෙන්න අවබෝධය වැඩි වෙන ආකාරය ඔබටම දැකගත හැකිය..

හරි එහෙනම් යාලුවනේ අදට අපේ මාතෘකාව මතු සම්බන්ධයි. තවත් මනස සන්සුන් කරගත හැකි ක්‍රමයක් සමගින් ඔබව මනෝවිද්‍යා ලෝකය තුලින් හමුවෙමු...


ඔබට ජයෙන් ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
 BLESS of your MIND!!!!!                          
╚══════ .♆. ════════════════════╝

Author- 
Dushyantha Samarasinghe 
(Psychology Counselling Student in University of Kelaniya) 


You May Also Like

2 comments

  1. හැමෝටම වැදගත් වෙන ලිපියක්!

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)