Skinner box

by - July 13, 2016


Welcome to the Universe of Psychology. මනෝවිද්‍යාව ඉගෙන ගන්න, දැනගන්න, ඒ දේවල් ජීවිතයට එකතු කරගන්න කැමති, ආසා ඔබ සැමටම තවත් පරීක්ෂනයක විස්තර අරගෙන ආවා. හරි එහෙනම් කියවගෙන පහලට යන්නකෝ...

Skinner box

ස්කිනර්ගේ පෙට්ටි පරීක්ෂනය 
           ඇමරිකාණු සමාජ මනෝවිද්‍යාඥයෙක්, චර්යාවාදී මනෝවිද්‍යාඥයෙක්  වන B. ෆෙඩ්‍රික් ස්කිනර් සත්ව චර්යා පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටි පුද්ගලයෙකි. චර්යාවාදී සංකල්පයට සමගාමීව එහි වර්ධනයට දායක වීම සදහා තම ප්‍රකාරක ආරෝපනවාදයේ අදහස් සනාත කිරීම සදහා E.L තොන්ඩයික් විසින් නිර්මාණය කල ප්‍රහේලිකා පෙට්ටියට සමානව පෙට්ටියක් නිර්මාණය කළහ. ස්කිනර් මෙම පරීක්ෂන සදහා සමාන්‍යයෙන් පරවියන්, උණහපුලුවන්, විද්‍යාගාර මීයන්, ලේනුන් වැනි සතුන් යොදාගෙන ඇත.


ස්කිනර් තම පෙට්ටිය තුල ලීවර දෙකක් ද එක් ලීවරයක් තද කල විට ආහාර පෙට්ටිය තුලට වැටෙන ලෙසත් අනෙක් ඊවරය තද කල විට පෙට්ටිය පතුලේ සවිකර ඇත් විදුලි සැර වැදීම සදහා දැලක්ද විය.
පසුව එය තුලට මීයෙක් ඇතුලු කරන ලදී.. මුලින්ම මීයා උත්සාහ කලේ පෙට්ටිය තුලින් එලියට යාමටය.. ඉතාමත් කලබල ලෙස පෙට්ටිය තුල එහේ මෙහේ දුවන විට එක් ලීවරයක වැදී එය තුලින් ආහාර ස්වල්පයක් පෙට්ටිය තුලට වැටින. මෙය කීප සැරයක් සිදු විය. පසුව එක් සැරයකදී අනෙක් ලීවරය තද වීමෙන් විදුලි සැරක් වැදින. පසුව මීයා එය තුලින් ආහාර ලැබෙන ලීවරය පමනක් තද කොට ආහාර ලබා ගැනීමට ඉගෙනගත් හ. ඒ ආකාරයටම සාදාගත් පෙට්ටියකට පරවියෙක් යොදාගෙනද මෙවැනිම පරීක්ෂනයක් සිදු කළහ එහිදී ද ප්‍රතිඵලය වූයේ පරවියා ආහාර ලබා ගැනීම සදහා ම ලීවරය තද කිරීමයි.

මෙම පරීක්ෂනය සදහා ස්කිනර් ස්වාධීන ක්‍රමවේදයක් යොදාගත් හ. එනම් පරවියා සහ මීයා ස්වාධීනව සිටීමට හැකියාව ඇති කොට ඇත.. මෙයින් ස්කිනර්ගේ උපස්ථම්භණ න්‍යාය මනාව සපත කොට පෙන්වීය.

Skinner's Box



හරි එහෙනම් පොඩි මාතෘකාවක්. ප්‍රධාන මාතෘකාව චර්යාවාදය ලිපිය සංකීර්ණ නොවෙන්න පරීක්ෂන දෙක වෙනම ම ලිපියකින් ලබාදුන්නේ..

තවත් ලිපියකින් හමුවෙමු..

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya ) 


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)