Pavlov's Dog

by - July 13, 2016


Welcome to the Universe of Psychology. ඉතින් යාලුවනේ චර්වැයාවාදය ප්ද‍රධාන මාතෘකාව සංකීර්ණ නොවන ලෙස ඔබට ලබාදීම අවැසි නිසා පරීක්ෂණ දෙක වෙනම ම ලිපියකින් දෙන්නේ. හරි එහෙනම් පරීක්ෂනය මොකක්ද කියල බලමු.

පැව්ලෝගේ බල්ලා 

පැව්ලෝ බල්ලන් යොදාගෙන කළ පරීක්ෂණය.
                රුසියානු ජාතික කායික විද්‍යාඥයෙකු වූ අයිවන් P.පැව්ලෝ තම සම්භාව්‍ය ආරෝපණ වාදී අදහස් සනාත කිරීම සදහා මනෝවිද්‍යා ඉතිහාසය කලඹමින් සුවිශේෂී පර්යේෂණයක් 1897 පමණ කාලය තුළ සිදු කළහ. එය ඔහු The work of the Digestive Glands නමින් ප්‍රසිද්ධ කළහ. ඒ සදහා 1904 වර්ෂයේ නොබෙල් ත්‍යාගය පැව්ලෝ හට හිමිවිය. ඒ තුලින් පැව්ලෝ ජීවියෙකු (සත්වයෙකු හෝ මිනිසෙකු) බොහෝමයක් චර්යා ඉගෙනුමකට අනුව සිදුවන බව සපත කළ පෙන්වූහ. පැව්ලෝ ඔහුගේ පර්යේෂණය උත්තේජන ප්‍රතිචාර න්‍යාය සමඟව සසදමින් සිදුකළ හ. ඔහුගේ අදහස නුව බල්ලන් තම බොහෝමයක් චර්යාවන් ඉගෙනීමකින් තොරව සිදු කරණ බවයි උදාහරණයක් ලෙස බල්ලෙකු ආහාරයක් දුටු විට මුඛයෙන් කෙළ වැගිරීම යන්න බල්ලෙකු ඉගෙනීමකින් සිදු නොවන දෙයකි. ඒ කරුණ ආශ්‍රය කරගෙන පැව්ලෝ තම පර්යේෂණය ආරම්භකලහ.



ආහාරයක් දුටු විට බල්ලෙකුගෙන් කෙල වැගිරීම ගැන පැව්ලෝ පර්යේෂණ කිරීමට ආරම්භ කලහ එහිදී පැව්ලෝ අඩ අදුර සහිත ස්ථානයක බල්ලෙකු සෙලවිය නොහැකි ආකාරයට ගැටගසා බලාගේ ඛේට ග්‍රන්ථිය එලියට පාදා එයට නාලයක් සවිකොට නාලය කෙලවර ඛේටය මැනගැනීම සදහා උපකරණයක් සවි කළහ. පර්යේෂණය සඳහා ප්‍රමාණවත් තරම් බල්ලා හට කුසගිනි ඇති වූ පසු බල්ලාට ආහාර ස්වල්පයක් දෙන ලදී එවිට බල්ලාගේ ඛේට ග්‍රන්ථයෙන් එලියට ආ ඛේටය මැනගත් හ. පසුව ආහාරයත් සමග පැව්ලෝ විසින් සීනුවක් නාද කළහ. එහිදී ද පෙර මෙන් ඛේටය පැමිණිය හ. එම ක්‍රියාව නැවත නැවතත් කිහිප සැරයක් සිදු කළහ. පසුව ආහාර නොමැතිව සීනුව පමණක් නාද කිරීමට සැලැස්වීය එහිදී ද පෙර ආහාර දුටුවාක් මෙන් බල්ලාගේ මුඛයේ ඛේට ග්‍රන්ථීන්ගෙන් ඛේටය නිකුත්වෙන ආකාරය පැව්ලෝ හට දැක ගැනීමට හැකි විය. බල්ලා ආහාර දකින විට කෙළ වැගිරීම ස්වාභාවික චර්යාවක් වන අතර, නමුත් බල්ලා සීනු හඬ ඇසුණු විට කෙල වැගිරීම ස්වාභාවික චර්යාවක් නොවන බව පැව්ලෝ පැවසූහ. ඒතුලින් ඔහු පවසන්නේ සීනුව නාද කළවිස සිදුවන චර්යාව උගත් චර්යාවක් වන බවය. එම චර්යාව බල්ලාවිසින් ඉගෙන ගත් චර්යාවක් වන බව පැව්ලෝ පෙන්වාදුන්හ. බොහෝමයක් චර්යාවන් අප ඉගෙනගනු ලබන්නේ මේ ක්‍රියාවලියට අනුව බව පැව්ලෝ තම සම්භාව්‍ය ආරෝපණ වාදය තුලින් ඉදිරිපත් කළ කරුණු තහවුරුකොට පෙන්වීය.


එහෙනම් යාලුවනේ අද මාතෘකාව අවසන්, තවත් අලුත් මාතෘකාවක් සමග මනෝවිද්‍යා ලෝකයේදී හමුවෙමු..

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya ) 

You May Also Like

1 comments

The Life (PSYCHOLOGY UNIVERSE)