Fetal Stage ( භ්‍රෑණ අවධිය )

by - June 16, 2016



කොහොමද යාලුවන්නේ, ඉතින් අද තවත් මාතෘකාවක් අරගෙන ආවා.. අද අපි  දරුවෙකු ඉපදීමට ප්‍රථමයෙන් පිලිසිඳ ගැනීමේ සිට දරුවෙකුගේ පූර්ව ප්‍රසව අවධීන් වල අවසාන අවධිය සාකච්ඡා කරනවා. ඉදිරියේදී පූර්ව ප්‍රසව අවධියේ ඇති වෙන බලපෑම් නිසා දරුවෙකුට සිදුවිය හැකි හානි, නිවුන් දරුවන් බිහි වීම ගැන, ආදරය ගැන, දරු උපතේදී සිදුව් අන ක්‍රියාවලිය ගැන, පියාජේ ගේ බුද්ධි වර්ධන න්‍යාය, ළදරු වියේ දරුවෙකුගේ සිදුවෙන සංවර්ධනයන්, දරුවෙකු හදා වඩා ගන්නා ආකාරය, පවිත්‍රතා පුහුණුව, වැනි ලිපි රාශියක් ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි ටිකෙන් ටික ඉදිරියට යමු.. හරි එහෙනම් පහලට යන්නකෝ......................

භ්‍රෑණ අවධිය ( Fetal Stage)

භ්‍රෑණ අවධිය ලෙස හදුන්වන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසු දින 57ක් නැතහොත් සති 8කට ආසන්න කාලයකට පසුව එළඹෙන්නේ භ්‍රෑණ අවධියයි. ඇතැන් සිට දරුවෙකුගේ උපත දක්වාම ගෙවෙන කාලය ද අයත් වන්නේ භ්‍රෑණ අවධියට ය. පළමු සති 8න් ආරම්භ වන භ්‍රෑණ අවධියට දරු උපත දක්වා සති 28ක පමණ කාලයක් අයත් වේ.  මේ වෙනවිට කලල අවධියේදී දරුවෙකුගේ සංවර්ධනයේ මූලික ටික අවසන් වී ඇත..  මාංශ පේශීන්, ඉන්ද්‍රියයන්, මූලික ස්නායු යන සියල්ලගේම මූලික වර්ධනය අවසන් වී ඇත. කලල අවධිය තුලදී සිදු වූ මූලික වර්ධනයෙන් පසුව භ්‍රෑණ අවධිය තුලදී ඒවා වැඩි දියුණු කිරීම, ශක්තිමත් කිරීම සහ නිසි පරිදි නිමවීම සිදු කරයි. උදාහරණයක් විදිහට කිව්වොත් අතින් අදින ලද චිත්‍රයක පාට කිරීම ඇතුලුව අන් සියල්ල ම හැඩ වැඩ කිරීම සිදු කිරීමට සමාන වෙනවා මේ භ්‍රෑණ අවධිය. ඒ කියන්නේකලල අවධියේ සිදු වූ මූලික සංවර්ධනයේ හැඩ වැඩ කිරීම වැනි කටයුතු සිදු කෙරෙන්නේ මේ අවධිය තුලයි. දරුවෙකු මෙලොව එලිය දැකීමෙන් පසු ස්වාධීන ජීවියෙකු ලෙස කටයුතු කිරීමව අවශ්‍ය සියලූම අංශයන් මෙම අවධිය තුලදී සිදු වේ.. ඒ වගේම මොළය සහ ස්නායු පද්ධතිය වැනි ප්‍රධාන අංශයන්ගේ වර්ධනය උපතට ප්‍රථම මාස 3න ඇතුලත සිදුවේ ඉදිරි අංශයන්ගේ සංවර්ධනය උපතෙන් පසුව මුල් මාස හය තුල සිදු වේ..

භ්‍රෑණ අවධිය  තුල කලලය වර්ධනය වන ආකාරය පහත ආකාරයට වඩාත් පැහැදිලි ලෙස දැක්විය හැකිය.. 
මාස 3ක්    අවසාන වන විට භ්‍රෑණයා ඇස් පිහාටු වැඩී ඇත, ලිංගිකත්වය හදුනා ගැනීමට හැකි තරම් ලිංග ඉන්ද්‍රියය වර්ධනය වී ඇත. දිග අගල් 3ක් පමණ වන අතර බර අවුන්ස 1ක්  පමණ වේ.

මාස 4ක්   අවසන් වන විට භ්‍රෑණයාගේ හෘද ස්පන්දනය stethoscope එකට දැනෙන තරම් වර්ධනය වී වැත, අත දිග හරින්නටත් හකුලන්නටත් හැකියාව ඇති අතර තොල් වැඩී කට ඇරීමටත් වැහීමටත් හරියාව ඇති වී ඇත, ඉරීමේ (උරණ) ක්‍රියාවලියටත් ගිලීමේ ක්‍රියාවලියටත් හැකීයාව ඇත. පාද සෙලවිය හැක. මේ කාලයේ භ්‍රෑණයා චලනය වන විට මවට එය දැනේ. භ්‍රෑණයාගේ දිග අගල් 4 1/2 පමණ වේ.

මාස 5ක්   අවසන් වන විට කෙස් වැඩෙන්නට ආරම්භ වී ඇත් අතර මිනිස් ජීවියෙකුගේ හැඩය දැකිය හැකිය. සමහරක් දරුවන් මහපට ඇගිල්ල උරණු දැකිය හැකිය. භ්‍රෑණයාගේ දිග අගල් 10ක් පමණ වේ.

මාස 6ක්    අවසන් වන විට ස්වාධීන ජීවියෙකු ලෙස ජීවත් වීමට අදාල ඉන්ද්‍රියයන්  සියල්ලම වර්ධනය වී තිබුන ද ජීවත් වීමට හැකියාවක් නොමැත, ඇස් හොදින් වැඩී ඇති අතර හුස්ම ගැනීමටද හැකියාව ඇත.

මාස 7ක්   අවනස් වන විට ස්වාධීන ජීවියෙකු ලෙස ජීවත් වීමට හැකියාව ඇති හා නැති යන සීමාවේ ඇත.. මේ කාලයේ දරුවෙකු ඉපදුනහොත් ජීවත් කරවීමට ඇති හැකියාව 10%ක් පමණ වේ. ස්නායු පද්ධතිය සහ රුධිර පද්ධතිය වැඩී ඇත. දිග අගල් 16ක් පමණ වේ බර රාත්තල් 3- 5 ත අතර වේ.

මාස 8 සිට උපත දක්වා ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව ශක්තිමත් වීම සහ, සංවේදී ඉන්ද්‍රියයන් හා ස්නායු පද්ධතිය වඩාත් වර්ධනය වේ. අවසාන සති තුලදී ශරීර උෂ්ණත්වය රැක ගැනීමේ හා පාලනය කිරීමේ ශක්තිය වර්ධනය කරන මොලයේ හිපොතැලමස් කොටස ක්‍රියාකාරී වaන දර දහදිය දැමීමේ ග්‍රන්ථීන් ද ක්‍රියාත්මක වේ. මේ කායයේ ඉපදෙන දරුවෙකු ජීවත් කරවීමේ හැකියාව 70%ක් පමණ වේ.. දහදිය දැමීමේ ග්‍රන්ථීන් වර්ධනය වීමට කලින් දරුවෙකු ඉපදුනහොත් කෘත්‍රිම  ආසීනකාරකයක තබා ආරක්ෂා කළ යුතු ය. දරුවෙකු බිහි වීමට ආසන්න මාසය තුලදී දරුවෙකු එඩ රෝග වලින් බේරීමට අවශ්‍ය ප්‍රතිශක්ති බලය මව තුලින් දරුවාට ලැබේ.



මේ ආකාරයට දරුවෙකු පිලිසිඳ ගැනීමෙන් පසුව අවධි 3ක් පසු කරමින් දරුවෙකු මෙලොව එළිය දකී ඒ වගේ ම මෙම දින 266ක කාලය තුලදී දරුවෙකු සම්පූර්ණ වශයෙන් මවගේ ගර්භාශයෙන් පිටත ස්වාධීනව ජීවත් විය හැකි ජීවියෙක් බවට පත් වේ.. දරුවෙකුගේ සංවර්ධනයේ අපව විශේෂ කරුණක් වෙන්නෙ දරුවෙකු ගේ සංවර්ධන අවධීන් නිවැරදිවම නිවැරදි දිනයටම සිදු වීමයි..

මේ අකාරයට දරුවෙකු මෙලොව එළිය දකින තෙක් මවගේ ගර්භාශය තුලදී මේ සිදු වන ක්‍රියාවලිය සම්පූර්ණ ජීවියෙකු නැති නම් සම්පූර්ණ දරුවෙකු බිහි වීමට ඉතාමත් වැදගත් මෙන් ම අවධානම් සහිත කාල පරාසයක් කියල අපි හැමෝම දන්නව. ඉතින් ඒ කාලය තුලදී මවට සිදු වෙන යම යම් සුළු බලපෑමකින් හරි දරුවාගේ සංවර්ධනයට බලපෑ හැකිය.. එහිදී නොමේරූ දරු උපත්, මන්ද බුද්ධික දරුවන්, පැලුණ තොල්, අන්ධ බව, බිහිරි බව, නිසි පරිදි අත් - පාද නොවැඩීම, උස් වූ තල්ල, ප්‍රතිශක්තිකරණය හීන දරුවන්, වැනි නොයෙකුත් අඩුපාඩුකම් සහිත දරුවන් ඉපදීමට මූලිකම හේතුව වන්නේ මේ පූර්ව ප්‍රසව පරිසරය තුල ඇති වන බලපෑම් නිසා ය. අපි ඒ පිලිබඳව ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු..

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

1 comments

The Life (PSYCHOLOGY UNIVERSE)