Structuralism (ව්යූහවාදය)

by - June 10, 2016



Hi යාලුවනේ ඉතින් කොහොමද. අද මනෝවිද්‍යාවේ නූතන යුගයේදී ඇති වූ ගුරුකුල ගැන කතා කරනව කියල අපි කිවුවා, ඉතින්  මේ ලිපියෙන් අපි මනෝවිද්‍යාවේ ප්‍රථම ගුරුකුලය වන වියුහවාදී ගුරුකුලය ගැන කරුණු සදහන් වෙන්නේ.  හරි එහෙනම් ඔහොම්ම ම කියවගෙන යන්නකෝ

ව්යූහවාදී

නෝවිද්‍යාවේ නූතන යුගය තුලදී සිදු වූ වර්ධනයන්ගෙන් විශේෂ කරුණක් වන්නේ ගුරුකුලයන් ආරම්භ වීමයි. නූතන මනෝවිද්‍යාවේ ආරම්භය සනිටුවහන් කලේ මේ ව්යූහවාදයත් සමග ය. එය නූතන මනෝවිද්‍යාවේ ප්‍රථම ගුරුකුලය ලෙස හැදින්විය හැකිය.. ජර්මනියේ ලිප්සිග් විශ්වවිද්‍යාලය පාදක කරගෙන ක්‍රි. ව 1879 දී විල්හෙල් වුන්ඩ් විසින් ආරම්භ කළ ප්‍රථම මනෝවිද්‍යාගාරයත් සමග සමකාලීනව ව්යූහවාදී ගුරුකුලය ආරම්භ විය. ව්යූහවාදී ගුරුකුලය සදහා මූලිකව වුන්ඩ් ආරම්භය ගත්තද වුන්ඩ්ගේ ශිෂ්‍යයෙක් වන ටිච්නර් නම් විද්‍යාඥයාගෙද දායකත්වය ලැබී ඇත.

ව්යූහවාදී ගුරුකුලය ආරම්භයට ස්වාභාවික විද්‍යාවන්ගේ සිද්ධාන්ත බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මිනිස් මනස කුඩා කොටස් වලට වෙන් කොට විශ්ලේෂණය කළ හැකි බව ව්යූහවාදීන් ප්‍රකාශ කලහ. ඔවුන් එය භෞතික විද්‍යාවේ භෞතික වස්තූන් විශ්ලේෂණය කිරීමට යොදාගත් සිද්ධාන්තය (ඕනෑම භෞතික වස්තුවක් විශ්ලේෂණය කිරීමෙන් එයි ව්යුහය තේරුම් ගත හැකිය )  පාදක කරගෙන ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ සංකල්පය අනුව ඔවුන් තවදුරටත් ප්‍රකශ කරන්නේ මිනිස් මනස අනෙක් භෞතික වස්තුවක් හා සමානව  කුඩා අංශූන්ගෙන් සමන්විත වන බව ය. මෙම කුඩා අංශු විශ්ලේෂණය කිරීම මනෝවිද්‍යාඥවරයන්ගේ කාර්යයක් වේ.

මෙම විශ්ලේෂණය සදහා මනෝවිද්‍යාඥවරයන් අන්තරාවලොකනය නැමති ක්‍රමවේදය යොදාගත්හ. අන්තරාවලෝකනය යනු පුද්ගලයෙකුගේ තමාට පෞද්ගලික ව ඇතිවන සංවේදන ඔහු විසින් ම විග්‍රහ කිරීමයි.. මේ ක්‍රමය අන්තරාවලෝකන ක්‍රමය ලෙස අලුත් නමකින් ව්යුහවාදින් ඉදිරිපත් කල ද අතීතයේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් පාපොච්චාරණය සදහා යොදාගත්තේ ද අන්තරාවලෝකනයට බෙහෙවින් සමාන ක්‍රමයකී. ඒ වගේම සොක්‍රටීස් විසින් ද මේ ක්‍රමය යොදාගෙන ඇත.. මෙම ක්‍රමය භාවිතා කිරීම සදහා වුන්ඩ් විසින් නීති මාලාවක් හදුන්වා දී ඇත.

  • පරීක්ෂකයා අන්තරාවලෝකනය යොදන මොහොත ස්ථිර ව දැන් සිටිය යුතුයි. 
  • කිහිපසැරයක් මෙම පරීක්ෂණය කළ හැකි විය යුතුයි, ඒ වගේම ස්වායක්ත විචල්‍යයන් වෙනස් කරන විට පරායක්ත විචල්‍යයන් වෙනස් වන නිසා උත්තේජනය වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. 
  • සේවාලාභියා මෙය කෙරෙහි සියලු අවධානය යොමු කළ යුතුය.


මේ ආකාරයෙන් සේවාලාභියාගේ ආනුභූතියේ වෙනස හදුනාගත හැකි වේ. මෙම ක්‍රමය මගින් ආනුභූතිය පදනම් වන මූලධාතු තේරුම් ගැනීමට හොද පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය වන බව වුන්ඩ් ප්‍රකාශ කල ඇත. වුන්ඩ්ගේ සිසුන්ට පවා අන්තරාවලෝකයෙහි යෙදීමට අවසර ඇත්තේ මනා පුහුණුවක් ලැබූ අයට පමණි. අන්තරාවලෝකනය මගින් සිදුකෙරෙන ක්‍රියාවලිය වුන්ඩ් පැහැදිලි කරන ආකාරයට.


  • සවිඥන ක්‍රියාවලිය ඉතා කුඩා කාණ්ඩවලට වෙන්කොට විශ්ලේෂණයකර ඒවා ඉගෙනීම, 
  • විශ්ලේෂණය කළ හා වෙන් කළ කාණ්ඩ එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න සොයා ගැනීම. 
  • එම සම්බන්ධ්තාවේ නීතිරීති තීරණාත්මක ව සොයා ගැනීම. 


මෙම වුන්ඩ්ගේ අන්තරාවලෝකන ක්‍රමය ඇමරිකාව පුරා ප්‍රසිද්ධකිරීමට වුන්ඩ්ගේ ශිෂ්‍යයෙක් වන ටිච්නර් නම් මනෝවිද්‍යාඥයා විශේෂ දායකත්වයක් දක්වා ඇත ඒ අගේම මොහු මනෝවිද්‍යාවේ වර්ධනය සදහා විඥානය, මනස පිලිබඳව සංකල්පයන් ඉදිරිපත් කර ඇත. ඔහුට අනුව මනස යනු පුද්ගලයෙකු මුළු ජීවිතය තුළ දී ම එකතු කරගත් ආනුභූතීන් සම්භාරය වශයෙන් පෙන්වා දී ඇත. ඒ වගේම ඔහු කිසියම් පුද්ගලයෙකු අත්දකින සියලු වේදනයන්ගේ එකමුතුවක් විඥානය ලෙස විග්‍රහ කර ඇත.

මනස සහ විඥානය එකිනෙකට සමාන වන බවත් එම ප්‍රපංචයන්දෙක තර කාලය පිලිබඳ වෙනසක් පමණක් ඇති බවත් පවසා එය තවදුරටත් මනස සමස්ථ ජීවිතයේ ම අනුභූතින්ගේ එකතුවක් වන අතර විඥානය මේ මොහොතේ ලබන අනුභූතීන්ගේ එකතුවක් පමනක් වත බවත් පැහැදිලි කර ඇත.. මේ ආකාරයට වුන්ඩ් සහ ටිච්නර් ඇතුලු ව්යූහවාදී මනෝ විද්‍යාඥයන් අන්තරාවලෝකනය මගින් වැදගත් මනෝවිද්‍යා පර්යේෂණ ගනනාවක් සිදු කරමින් මනෝවිද්‍යාවේ වර්ධනයට ඉතා විශාල දායකත්වයක් ලබා දී ඇත..

Wilhelm Wundt
ව්යූහවාදී ගුරුකුලයේ දුර්වලතා

ව්යූහවාදීන් භාවිතා කළ ප්‍රධාන ක්‍රමවේදයක් වන අන්තරාවලෝකන ක්‍රමය සදහා පැහැදිලි අර්ථකතනයක් නොතිබීම මෙහි ප්‍රධාන දුර්වලතාවයක් ලෙස දැක්විය හැකිය ඒ වගේම අන්තරාවලෝකනය යෙදෙන වස්තූන් වෙනස්වීමකට හෝ අමතක වීමක් සිදුවිය හැකිය.. උදාහරණයක් ලෙස සිහින පිලිබඳව ආනුභූතිය තේරුම් ගැනීමට අන්තරාවලෝකනයේ යෙදෙන විට දුටු සිහින අමතක වී යාම., තරහ පිලිබදව ආනුභූතිය තේරුම් කරන විට තරහ නැති වී යාම. සමහරක් විද්‍යාඥයන් පවසන්නේ ආනුභූතියක් කොටස් වලට වෙන් කර විශ්ලේෂණය කළ පසු නැවත සම්පූර්ණ ආනුභූතිය නැවත ලබාගැනීමට අපහසු වන බවයි.

මෙම ව්යුහවාදී ගුරුකුලය මගින් මනෝ විද්‍යාවේ අනෙකුත් ක්ෂේත්‍රයන් වන ළමා මනෝවිද්‍යාව, සත්ත්ව මනෝ විද්‍යාව අදියෙහි වර්ධනයක් සදහන් නොවීය. ඒ හේතුවත් සමගම තවත් සමඟම තවත් දුර්වලතාවයන් හේතුවෙන් එම දුර්වලතාවයන් මගහරවාලීම සදහාත් මනෝවිද්‍යාවේ උපරිම සුබසිද්ධිය සදහාත මනෝවිද්‍යාවේ දෙවන ගුරුකුලය බිහි විය.. අපි ඒ පිලිබඳව අපගේ ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු..

අදට අපගේ මාතෘකාව අවසන් ඊලග ලිපියෙන් තවත් මාතෘකාවක් ඔයාලට දෙන්නම්.. දැනුම එකතු කරගන්න.. කිසි දවසක ඔබ ලබා ගත් දැනුම අපතේ යන්නේ නෑ බ මිය යන්න තත්පරයකට පෙර හෝ ඔබ ලබා ගත් දැනුව වැදගත් විය හැක..

Titchener
ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

5 comments

The Life (PSYCHOLOGY UNIVERSE)