Embryonic Stage (කලල අවධිය)

by - June 11, 2016


අද අපි ළමා මනෝවිද්‍යාව යටතේ ආරම්භ කරපු ලිපි පෙලේ  කලල අවධිය ගැන සාකච්ඡා කරනව. හරි එහෙනම් ඔහොම්මම පල්ලෙහාට එන්නකෝ මගෙ පිටිපස්සෙන් කියවගෙන..

කලල අවධිය

අපි කලින් ලිපියෙන් දරුවෙකුගේ බීජ අවධියේ දී කලලය තෙක් වර්ධනය වීම කතා කලා.. එහිදී බ්ලස්ටුලාව ( බ්ලස්ටුලාව යනු- යුක්තාණුව ද්විත්ව ආරම්භ වීමෙන් පසුව එය ජල්ලි වැනි ස්වාභාවයක් ගනී එය තුල සෛල 150කට අධික ප්‍රමානයක් ඇත. එය බ්ලස්ටුලාව ලෙස හදුන්වයි) එම බ්ලස්ටුලාව ගර්භාෂයේ බිත්තියේ ඇලීමත් සමඟ කලලය වර්ධනය වීම ආරම්භ වේ. ඒ අවස්ථාවේ සිට අපි කලල අවධිය ලෙස හදුන්වනව.. හරියටම ගත්තොත් දරුවෙකු පිලිසිඳගෙන දින 14 - 56 අතර කාලය කලල අවධිය ලෙස ගත හැකිය. බොහෝ දුරට මේ කාලය වන විට බ්ලස්ටුලාවෙහි අභ්‍යන්තර සෛල පටක වර්ධනය වී කලලය වර්ධනය වී ඇත.. කලලය වර්ධනය වෙමින් සති 6ක් පමණ ගත්වන විට කලලය තුල ඇති සෛල පටක වලින් නැවතත් ස්ථර 3ක් ගොඩනඟා ගනී. ඒවා වෙන වෙනමම කන්ඩායම් ලෙස නැවතත් ශරීරයේ ඉන්ද්‍රියයන් නිර්මාණය කරයි.

කලලයේ ඇති භාහිර සෛල පටකය (බහිස්චර්මය) කෙස්, සම, ස්නායු පද්ධතිය සහ සංවේදන ඉන්ද්‍රියයන් නිර්මානය කරන අතර මධ්‍යම සෛල පටකය (මධ්‍යෂ්චර්මය) මාංශපේශීන්,  රුධිරය, ඇට සැකිල්ල, අභ්‍යන්තර චර්මය, අපහරණ ඉන්ද්‍රියයන් නිර්මාණය කරයි. ඒ වගේම අභ්‍යන්තර පටකය (අන්තස්චර්මය) පෙනහලු, තෛරොයිඩ් ග්‍රන්තිය, ආහාර ජීරණ පද්ධතිය නිර්මාණය කරයි. මේ ආකාරයට වර්ධනය වන කලලය ගර්භාෂය සමග සම්බන්ධ වන්නේ  පෙකණි වැල ආධාරයෙන් වැදෑමස සමගය.  ඒ වටා එනම් කලලය වටා කලලාවාරීය කෝෂයක් ද ඇත.

කලලාවාරීය කෝෂය ( Amniotic Sac) ද්‍රව වැනි ජල තරලයක් මගින් පිරී ඇත ඒ තුලින් දරුවාට අවශ්‍ය ජලය, ලවන, සීනි, පිෂ්ඨය, අම්ලකර වැනි පෝෂපදාර්තයන් හා ප්‍රෝටීන් වර්ග ලබා දෙනවාක් මෙන්ම වෛරස්, විෂබීජ දරුවා තුලින් ඈත් කර දරුවා රෝග වලින් වැලැක්වීමට අවශ්‍ය ද්‍රව්‍යයන් මව තුලින් මේ සියුම් පටකය තුලින් සිදු කරයි. ඒ වගේම කලලයට එසේ නැති නම් දරුවාට ගැලපෙන උෂ්ණත්ව මට්ටම සපයා දීමත් භාහිරින් ඇත් වන කම්පන වලින් කලලය ආරක්ෂා කිරීමත් මෙමගින් සිදු වේ. 


මවගේ සහ දරුවාගේ රුධිරයේ ඇති වෙනස්කම රැක ගනිමින් රුධිර දාරා දෙක සියුම් ලෙස සම්බන්ධ කිරීමේ කාර්යය එය පෙරනයක් ( filter) ආකාරයෙන් කටයුතු කරන්නේ වැදෑමහ (Placenta) නම් දීසියක හැඩයෙන් යුක්ත කොටසයි. එයින් දරුවාගේ වර්ධනයට අදාළ පෝෂණ සහ උපත් ක්‍රියාවලිට මව සූදානම් කිරීමට අදාල හෝමෝන ද නිපදවීම සිදු කරයි.



වැදෑමහ සහ කලලය අතර සම්බන්ධය ඇති කරන්නේ පැකණි වැල (නාභි වැල,  Umbilical code) මගිනි. පෙකණි වැල නැතහොත් නාභි වැල ධමනි දෙකකින් සහ එක් නහරයකින් සමන්විත වේ. මෙමගින් දරුවාට අවශ්‍ය පෝෂ්ණ වර්ග ගෙනයාමත්, දරුවාගේ අපද්‍රව්‍ය දරුවාගෙන් පිටතට ගෙනයාමත් ප්‍රධාන වශයෙන් සිදු වේ.

මේ ආකාරයට කලල අවධියේදී කලලය ඉතා සීඝ්‍ර  වර්ධනයක් පෙන්වන අතර එක එක සෛල තමන්ට ආවේනික වෙනස් වෙනස් ක්‍රියාකාරකම් ආරම්භ කරයි. මේ ආකාරයට වර්ධනය අන කලලය සති 8ක් පමණ වන විට ඇස්, කන්, නාස, කට,  සංසරණ ඉන්ද්‍රිය පද්ධතිය, හෘදය වස්තුව, දනහිස සහිතව පාදත් වැලමිට සහිතව අත්සහ තාරාවෙකු මෙන් එකට ඇලුණු ඇගිලි වලින්ද කොඳු නාරටිය, ඇට යනාදියෙහි ද මූලික වර්ධනය ආරම්භ කර ඇත. ඒ වගේම හෘදය වස්තුවේ දල වශයෙන් ස්පන්දනයක් සිදු වන අතර, මුඛය විවෘත කිරීමට ද හැකියාවක් ඇත. මේ අවධියේ ශරීරයේ විශාලතම කොටස වන්නේ හිසයි. ඒ අගේම කලලයේ දිග අගල් දෙකක් පමණ වේ..



මෙම අවධියේ දරුවෙකුගේ මූලිකව ම මොළය ඇතුලුව ප්‍රධාන ඉන්ද්‍රියයන් වර්ධනය වන අවධියක් වන හේතුවෙන් මෙහිදී මව වඩාත් ප්‍රවේසම් විය යුතු ය. මේ අවධියේ මෙන්ම පූර්ව ප්‍රසව අවධියේ ඇති වෙන අහිතකර  බලපෑම් ගැන අපි සම්පූර්ණයෙන් වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු. මොකද පූර්ව ප්‍රසව අවධියේ තව එක අවධියක් තියනව ඉතුරු වෙලා. ඒ අවධියත් ඉවර වෙලාම ඒ ගැන කතා කරමු..

එහෙනම් අදට මගේ මාතෘකාව අවසන්.. ඒ කියන්නේ කලල අවධිය කතා කරන්න ඕන වැදගත් ඒව කතා කලා.. එහෙනම් යාලුවනේ තවත් ලිපියකින් හමුවෙමු එතෙක්...... වර්ථමානයේ ජීවත් වන්න!!!

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

2 comments

  1. Apita biology walata me tika mewage thiyanwa.e unata ekata wadiya hodata meke pahadilinkarala deela thiyanwa.Godak hodai.issarahata thwa hodata me wede karanna labenna kiyala mama wish karanwa.Good Luck...!!!

    ReplyDelete
  2. බෲන අවදිය ගැන ලිපි නැද්ද

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)