පූර්ව ප්‍රසව අවධියේ බලපෑම් - 3

by - June 29, 2016


Hi යාලුවනේ ඉතින් ළමා මනෝවිද්‍යාව යටතේ දරුවෙකු ඉපදීමේ සිට පූර්ව ප්‍රසව අවධිය ගැන කතා කලා එහි බලපෑම් පිලිබදව සාකච්ඡා කරමින් සිටිය ලිපි පෙලේ තවත් වැදගත් මාතෘකාවක් තමා අද කතා කරන්නේ... හරි එහෙන්ම් අපි මාතෘකාව බලමුකෝ...

පූර්ව ප්‍රසව අවධියේ බලපෑම් - 3


           පූර්ව ප්‍රසව අවධියේ මත් ද්‍රව්‍යය භාවිතය, එක එක බෙහෙත් ද්‍රව්‍යය, විටමින් වර්ග අනුමැතියකින් තොරව බාවිතය භාවිතය වැනි අපි කලින් ලිපියේදී කතා කල කරුණු වගේම ඉතාමත්ම වැදගත් කාරණයක් වන්නේ මවගේ පෝෂණ මට්ටමයි. ගර්භණී සමයේ මවකගේ පෝෂණ මට්ටම කෙලින්ම කලලයේ වර්ධනයට බලපැම් ඇති කල හැකිය. නිසි පරිදි ආහාර නිසි ප්‍රමාණයට ප්‍රෝටීන්, කැලරි, විටමින්  B,C,D සහ කැල්සියම් නොලැබීම දරුවාගේ එසේ නැති නම් කලලයේ වර්ධනයට බලපෑම් ඇති කල හැකිය.

ගර්භණී සමයේ මවක් කැල්සියම්, විටමින් C,D,B සහ පොස්පරස්, අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ලැබීම හේතුවෙන් දරුවාගේ මොළයේ වර්ධනයටත්, ශරීරයේ වර්ධනයටත් බෙහෙවින් බලපෑම් ඇති කරයි. ඒ වගේම දත් සහ අස්ථි වල වර්ධනය ද අඩාල කරයි.. එවැනි දරුවන් ඉගෙන්ගැනීමේ මද බවක් ද ඇති වේ. ඒ වගේම පරීක්ෂණ වලින්  තහවුරු වී ඇති ආකාරයට මෙම පෝෂණය මද කම සහිතව ඉපදෙන දරුවෙකුගේ මොළයේ වර්ධනය අපේක්ෂිත ප්‍රමාණයෙන් 60%ක පමණ ප්‍රමානයක් වන බව ය. ඒ වගේම රුධිරයේ ඇති අඩුපාඩුකම්, නිරක්තිය වැනි තත්වයන්, බරින් අඩු දරුවන්, බිහිරි, අන්ධ දරුවන් සහ දුර්වල මානසික තත්වයන් සහිත දරුවන් ඇති බිහිවිය හැකිය.

මේ සමයේදී මවත් තම ආහාර වේල නිසි පරිදි ලබාගත යුතු වෙනවා. ඒ වගේම සම්පූර්ණ ආහාර වේලක් ලබාගත යුතුයි. සාමාන්‍ය පුද්ගයලෙකු ගන්නා ආහාර ප්‍රමාණයට වඩා වැඩි පෝෂ්‍යපදාර්ථ වලින් සපිරි ආහාර වේලක් ලබාගත යුතුයි. ගෝතමාලාවේ නිරෝගී දරුවන් බිහි කිරීම සදහා ගැහැනුන් හට අවශ්‍ය අමතර පෝෂණ ආහාර ලබා දී ඇත. ඒ වගේම ගර්භණීන් හට වැඩි කැලරි ප්‍රමාණයක් ලබා දුන් විට උපත ලබන දරුවා බරින් වැඩි වන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. නිසි පරිදි පෝෂණය ලැබූ විට මළ දරු උපත් ඉතා අඩු බවත් ප්‍රසව වේදනාවද අඩු වන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. දරුවාට රෝග බෝ වීමේ සම්භාවිතාවයද අඩු වේ.. එම නිසා මවුවරුන් ගර්භනී සමයේදී නිසි පරිදි ආහාර ලබා ගත යුතු ය.. මවගේ පෝෂණ මෙන් ම මවගේ වයස ද දරුවෙකුගේ නිසි වර්ධනයට සහ වර්ධන ක්‍රියාවලියට බලපෑම් ඇති කරයි. ගැහැණු ළමයෙක් වැඩිවිය පැමිණීමත් සමඟ දරුවෙකු බිහි කිරීමට අවශ්‍ය ප්‍රජනන ඉන්ද්‍රියයන් මූලික වශයෙන් සූදානම් වුව ද දරුවෙකු බිහි කිරීමට සම්පූර්ණ වශයෙන් වර්ධනය වන්නේ වයස අවුරුදු 21න් පසුවය.. සම්පූර්ණ නීරෝගී දරුවෙකු බිහි කිරීමට වඩාත් උචිතම කාලය මෙය වේ.. මවගේ වයස 21ට වඩා අඩු වීමෙන් ඩවුන්ස් ලක්ෂණ සහිත දරුවන් මෙන්නම් නොමේරූ දරුවන් බිහි වීමේ ප්‍රවනතාවය ඉතාමත්ම වැඩී.

වයස අවුරුදු 35 ඉක්ම වූ මවක් දරුවෙකු ලැබීම දරුවෙකුගේ බුද්ධි වර්ධනයට අහිතකර වේ ඒ වගේම වයස අවුරුදු 35 ඉක්මවූ කාන්තාවක් හට යම් යම් ලෙඩරෝග ඇති වේ හෘදරෝග, දියවැඩියාව, අස්ථි වල රෝග, පෙනීමේ දුබලතා වැඩි රෝග දුර්වලා වලින් පෙලේ. එහිදී එවැනි තත්වයන් වලදී එම රෝග වල බලපෑම් සහ ඒවාට ගන්න බෙහෙත් වල බලපෑම් දරුවෙකුට ඇති විය හැකීය. මෙම කාලයේදී බරින් අඩු දරුවන් මෙන්ම ඩවුන්ස් ( Down's Syndrom) දරුවන් බිහිවිමට වැඩි ප්‍රවනතාවක් පවතී. වයස අවුරුදු 45 ඉක්ම වූ මවක් දරුවෙකු බිහි කිරීමේදී ඩවුන්ස් දරුවෙකු බිහි වීමට ඇති සම්භාවිතාවය 1/45ක් වැනිය.. මේ අනුව නිරෝගී දරුවෙකු බිහි කිරීමට හොදම යහපත්ම කාලය වන්නේ වයස අවුරුදු 21ත් 30ත් අතර කාලය තුලය. මේ කාලය තුල ඉපදෙන දරුවෙකුගේ අඩුපාඩුකම් නැති තරම් ය..

බාහිර වශයෙන්ද මවගේ පෝෂණමය වශයෙන්ද දරුවෙකුට ඇති විය හැකි බලපෑම් අපි කතා කලා ඒ වගේම තවත් වැදගත් මාතෘකාවක් අන්නේ මවගේ මානසික තත්වය. මවගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය අනුව දරුවෙකුට එය බලපාන විදිහ අපි කතා කල යුතුමයි. මව නිතරම කෝපයෙන් සිටී නම්, නිතරම දුකෙන් සිටී නම්, බියෙන් සිටී නම්, ඒවාගෙන් ඇතිවන චිත්තවේග වල බලපෑම දරුවාට ඇති කරයි. අහිතකර චිත්තවේග වලින් මොළයෙන් ඇඩ්රිනල් හෝමෝනය විශාල ප්‍රමාණයක් මවගේ රුධිරයට එකතු වේ. එම හෝමෝන වැදෑමහ හරහා දරුවාගේ රුධිරයට එකතුවීමෙන් දරුවාට එයින් බලපෑම් ඇති කල හැකිය. සම්පූර්ණ වශයෙන් දරුවෙකුගේ චර්යාව, මොළයේ ක්‍රියාකාරීත්වයට වගේම මානසික දුර්වලතා සහිත දරුවන් බිහි කිරීමට මවගේ චිත්තවේග වලින් බලපෑමෙන් සිදු කල හැකිය. මේ ආකාරයට ඇඩ්රිනල් හෝමෝනය නිතරම කලලයේ (දරුවා) රුධිරයට එකතු වීමෙන් කලලයේ හෘද ස්පන්ධන වේගය වැඩි වන බව පර්යේෂණවලින් සඳහන් වී ඇත. මෙවැනි චිත්තවේග හේතුවෙන් ද මවගේ අහිතකර චර්යාව හේතුවෙන් දුන්බීම මත්ද්‍රව්‍ය බාවිතය වැනි අහිතකර බලපෑම්, අනවදාන අධි ක්‍රියාශීලී නැතහොත්  ADHD දරුවෙකු හෝ Autism සහිත දරුවෙකු බිහි වීමට මූලික හේතුන් වේ.

AHDH, Autism ගැන අපි Abnormal Psychology යටතේ සාකච්ඡා කරමු එහෙන්ම් අදින් අපගේ පූර්ව ප්‍රසව අවධියේ බලපෑම් ලිපි පෙල අවසන් වෙනව. ළමා මනෝවිද්‍යාව යටතේ ඉදිරියේදී දරුවෙකු ඉපදීමෙන් පසුව සෑම අංශයක්ම වර්ධනය වන ආකාරය ගැනත් ඒ අවධීන් වලදී සිදුවන වෙනස්වීම් ගැනත්, ප්‍රොයිඩ්ගේ මනෝ ලිංගික සංවර්ධන අවධීන් ගැනත් ඉදිරියේදී ලිපි ඔබට ලැබේ..

එතෙක් වර්තමානය ගැන සිතමින් වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න..

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya ) 


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)