පූර්ව ප්‍රසව අවධියේ බලපෑම් 2.

by - June 20, 2016


පූර්ව ප්‍රසව අවධියේදී ඇති විය හැකි බලපෑම් සහ ඒවාගෙන් දරුවාට ඇති වන බලපෑම් ගැන තමා අපි සාකච්ඡා කරමින් හිටියේ කලින් ලිපියෙන් අපි සාකච්ඡා කලා මවට සෑදෙන ලෙඩ රෝග වලින් ඇති වෙන බලපෑම් ගැන.. අද අපි මව ගන්න බෙහෙත් වර්ග ඇතුලුව අනෙකුත් බලපෑ හැකි සාදක සහ චර්යාවන් වලින් දරුවාට ඇති විය හැකි බලපෑම් ගැන සාකච්ඡා කරනව.. හරි එහෙන්ම් මත් එක්කම යමුකෝ පහලට...

පූර්ව ප්‍රසව අවධියේ බලපෑම්.

       පූර්ව ප්‍රසව අවධියේදී මව ට සෑදෙන සෑම ලෙඩ රෝගයකින්ම කලලයට එසේත් නැති නම් දරුවාට බලපෑම් ඇති කළ හැකිය.. බොහොම කුඩා රෝගයකින් වුනත් බලපෑම් ඇති කල හැකිය.. රෝගයෙ රෝග කාරක වෛරස කලලයේ රුධිරය හා එකතු වීමෙන් පමනක් නොව රෝගය සුව කර ගැනීමට ලබා ගන්න බෙහෙත් වල රසායනික සංඝටක ද කලලය තුලට ඇතුලු වුවහොත් එයද දරුවාගේ වර්ධනයට විශාල වශයෙන් බලපෑම් කල හැකිය.. කලලයට මුල් සති 6ය ඇතුලත බෙහෙත් වර්ග වල බලපෑම වැඩි වශයෙන් බලපෑම් ඇති කල හැකිය..  මව්වරුන් හට ඔක්කාරය සහ නිදිමත ගතිය වලකාලීමට වෛද්‍යවරුන් ලබා දුන් "තැලිඩොමයිඩ්" නැමැති ඖෂධය හේතුවෙන් වර්ෂ 1960 මුල් කාලයේ බොහෝ රටවල ඉපදුන දරුවන් විකෘති ලෙස වැඩුනු අත් පා සහිතව බිහිවීම මුලු ලෝකයේම කතාවකට ලක් වූ සහ ලෝකයම අවධානයට ලක් වූ කාරණයක් ලෙස පෙන්වාදිය හැකිය.

සමහරක් දරුවන් පෙනීමේ සහ ඇසීමේ දුර්වල තා ඇතිව ද තවත් සමහරක් අත් පා අඩු සහ දික් හෝ කෙටි අත් පා ඇති දරුවන් ඇති වීමටත් බෙහෙත් වර්ග මූලික වී ඇත. ඒ වගේම බෙහෙත් ගත් ප්‍රමණය සහ ගත් කාලය අනුව ඒවායෙන් ඇති බලපෑම වෙනස් වී ඇත.. මෙවැනි අහිතකර ලෙස රසායනික සංඝටක ඇති බෙහෙත් ද්‍රව්‍යය හේතුවෙන් කලලයේ වර්ධනයේ සෑම අංශයක්ම පාහේ අඩාල කළ හැකිය.. එම ඖෂධ සාමාන්‍ය පුද්ගලයෙක් ගත් විට කිසිම බලපෑමක් ඇති නොවුවද ගර්භනී කාන්තාවක ගත් විට එයින් කලලයට ලොකු බලපෑමක් ඇති කළ හැකිය.

ගර්භනී මව්වරුන් ඖෂධ ලබා ගැනීමට පෙර ඒ ගැන සිතන්න. රෝගයකට බෙහෙත් ගන්න විට බෙහෙත් ගන්න තැන ගැන අවධානය යොමු කරන්න.. ඔය හැම තැනම තියන තැන් වලින් නැතිව හොද විශ්වාසනීය තැනකින් ලබා ගන්න ඒ වගේම විටමින් වර්ග ( A,B,C,D,K)පෙති වර්ග, උපත් පාලක පෙති, හෝමෝන අඩංගු බෙහෙත්, ඔය පොඩි පොඩි ලෙඩ වලට දත් කැක්කුම් වලට වගේ මව හෝ වෙනත් අය යෝජනා කරන බෙහෙත් පෙති වර්ග වෙළඳසැල් වලින් හෝ Phamarcy වලින් ගැනීම නතර කරන්න ගර්භනී සමයේදී වත්. පෙනඩෝල් පවා භාවිතය අවම කරන්න.. උපත් පාලක පෙති හෝ හෝමෝන අඩංගු බෙහෙත් වර්ග ගැනීමෙන් ද අස්ප්‍රින් ( Asprin) වැනි ප්‍රතිජීවක ඖෂධ ( Antibiotics) වර්ග ( Sulpanomide, Tetracycline, Streptomicine) වෛද්‍ය අනුමැතියකින් තොරව ගැනීමෙන් කලලයේ වර්ණ දේහ විකෘති කිරීම, බිහිරි බව සහ අන්ද බව, දත්, අස්ථි වල වර්ධනයට බාදා ඇති කළ හැකිය..

ඒ වගේම තවත් ප්‍රධාන සාධකයක් වන්නේ මත්ද්‍රව්‍ය, දුම්පානය සහ හෙරොයින්, L.S.D, මර්ජුවානා වැනි අන්තරාදායක දෑ ගර්භනී සමයේ ශරීර ගත වීමෙන් කලලයට අම්ලකර සහ පෝෂ්‍ය පදාර්ථ ගෙන යාම දුර්වල කිරීම, දරුවන් බරින් අඩු වීම (මවගේ පෝ ෂණමට්ටමේ aඇත් දුර්වලතා හේතුවෙන්ද දරුවාගේ බර අඩු විය හැකිය ඒ පිලිබදව ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු), ආහාර ජීරණය වීමේ සහ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බාදා ඇති කිරීම, මත් පැන්, ඇල්කොහොල් ගර්භණී සමයේ භාවිතයෙන් අඩු බුද්ධි මට්ටම් ඇති දරුවන්, ක්‍රියාකාරීත්වය අඩු නැතහොත් මන්දගාමී දරුවන්, කුඩා හිසක් සහිත දරුවන් බිහි විය හැකිය. හෙරොයින්, මර්ජුවානා සහ  L.S.D (Lysergic Diethylamide) භාවිතයෙන් නොමේරූ දරුවන්, මළ දරු උපත්, ඉබේ සිදුවන ගබ්සා වීම් ඇති විය හැකිය. (දුම්පානය කළ පසු කලලයේ හෘද ස්පන්දනය වැඩි වන බව පර්යේෂණවලින් සනාථ වී ඇත..)

ඒ වගේම කලලය ඇති වී සති 2ත් 6ත් අතර කාලයේදී මව X-Ray කිරන වලට අධිකව නිරාවරණ වුවහොත් මානසික දුර්වලතා ඇති, අසාමාන්‍ය හිස් කබලක් ඇති, උස් වූ තල්ල සහ පැලුණු තොල් ආදී විකෘති අංගයන් සහිත දරුවන් ඉපදිය හැකිය. හැමෝම දන්නා කාරණයක් තම්ම ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්ද සමයේදී  ජපානයට එල්ල කල පරමාණු බෝම්බ දෙකෙන් ඇති වූ පිපිරීමට මුහුණ දුන් බහුතරයක් ගැබනි මවුවරුන්ගේ දරුවන් විකෘති අංග සහිත විය.. එවැනි පරමාණු විකිරණ, ගැමා කිරව වලටද මවක් නිරාවරණය වීමෙන් කලලයට ඉතා විශාල හානි ඇති කල හැකිය. සම්පූර්ණ වශයෙන් කලලයේ වර්ධනය අඩාල කල හැකිය

දැනට ඉවරයි තව පොඩි කොටසක් තියනව මවගේ පෝෂණය සම්බන්ධව. අපි ඒක ඉලග ලිපියෙකන් සාකච්ඡා. කරමු මොකද ඒකේ සාකච්ඡා කරන්න තියන ප්‍රමාණය වැඩී.
හරි එහෙනම් එතෙක් ඔබගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න..

ඔබට ජය!!!!! 
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya ) 

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)