Introduction of Modern Psychology (නූතන මනෝවිද්‍යාව හැදින්වීම)

by - May 02, 2016


අද පවතින් මනෝවිද්‍යාවේ තත්වය නූතන මනෝවිද්‍යාව ලෙස පෙන්වාදිය හැකිය. මනෝවිද්‍යාව අද පවතින තත්වයට විකාශනය වීමට ආරම්භ වමේ සිට මෙම ලිපි පෙලෙන් සාකච්ඡා කෙරේ.. මෙය නූතන මනෝවිද්‍යාව නැමැති ලිපි පෙළේ පලමු ලිපියයි.. 

නූතන මනෝවිද්‍යාවේ ආරම්භය. 

          වර්ෂ 1879 දී ජර්මනියේ ලිප්සිග් විශ්වවිද්‍යාලයේ ලොව ප්‍රථම මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් ආරම්භ කිරීමෙන් නූතන මනෝ විද්‍යාවේ නැතහොත් විද්‍යාත්මක මනෝ විද්‍යාවේ ආරම්භය යුගය ලෙස පෙන්වා දිය හැකිය. මෙම යුගයේදී මනෝ විද්‍යාවේ වර්ධනයේ දී ප්‍රධාන වශයෙන් සිදුවූ වෙනස් කම් තුනක් පහත පරිදි දැක්විය හැකිය. 

මෙතෙක් මනෝ විද්‍යාවේ සෛද්ධාන්තික අංශය සහ මනෝ ප්‍රතිකාර අංශය ලෙස පැවති කොටස් දෙක එක් අංශයක් ලෙසට ඒකාබද්ධ වීම. විවිධ මනෝවිද්‍යාඥයන්ගේ විවිධ අදහස්, ගුරුකුලයන්, වාදයන් ආරම්භ වීම. මනෝ විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ කිරීම ආරම්භ කිරීම. 

නුතන මනෝ විද්‍යාවේ ආරම්භයත් සමඟ බිහිවූ ප්‍රථම මනෝවිද්‍යා ගුරුකුලය වශයෙන් වියුහවාදය ඉදිරිපත් විය.. ඉන්පසුව වියුහවාදයේ දුර්වලතා මගහරවාලමින් දෙවන මනෝ විද්‍යා ගුරුකුලය ලෙස කාර්‍යබද්ධවාදය බිහිවිය. මෙම ගුරුකුලයක් හේතුවෙන් විද්‍යාත්මක මනෝවිද්‍යාවේ වර්ධනය ඉතා සීග්‍ර විය. එමෙන්ම ඒවාගේ ද පැවති දුර්වලතාවයන් විවේචනය කරමින් ඒවා මගහරවාලීමට හස ප්‍රතිසංස්කරණය කිරීමෙන් මනෝවිද්‍යාව කෙමෙන් කෙමෙන් වර්ධනය විය. 

නූතන මනෝවිද්‍යාවේ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් එම ගුරුකුලයන් ගැන අපි කොටසින් කොටස සාකච්ඡා කරමු.. මේ ලිපිය පොඩි ලිපියක් වීමට හේතුව වෙන්න ඊලග ලිපිය අපට පුළුල් ව සාකච්ඡා කිරීමට තිබෙන හේතුවෙනි. 

ඔබට ජය!!!!! 

╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)