මොකක්ද මගේ අරමුණ

by - May 03, 2016



ගේ අරමුණ මොකක්ද කියල ඔබ කවදා හරි හිතල තියනවද? ඔබ එක පාරක් දෙපාරක් හිතල ඇති. දැනුත් හිතනවා ඇති. නමුත් ඇත්තටම ඔබගේ අරමුණ මොකක්ද? ඔබ ඒ සදහා මොකක්ද කලේ? දවස ආරම්භයේ ඔබ සිතුවද ඔබගේ අරමුණ ගැන? අද දවසේ ඔබ ඔබගේ අරමුණට මොකක්ද කරන්නේ? මොනවද අලුතින් එකතු කරන්නේ? කියලත් මොනවද කලේ? මොනවද අලුතින් එකතු කලේ? කියල දවස අවසානයේ සිතුවා ද? 

ඔබ සමහරක් විට ඔබගේ අරමුණ ගැන හිතල හෝ හිතමින් ඇත නමුත් ඔබ ඔබගේ අරමුණ ජීවත් කරවන්නේ නෑ. අරමුණක් ජීවත් කෙරෙව්වොත් තමා අරමුණ ජය ගන්න පුලුවන් වෙන්නේ.. මේ ලෝකයේ අරමුණ නැති කිසිවක් නෑ. සෑම කෙනෙක්ටම සෑම මොහොතක ම එක එක අරමුණ තියනව. එක අරමුණක් අවසන් වෙනවිට තව අරමුණක් ආරම්භ වෙනවා.. අරමුණක් කියන දේ ශක්තිමත් විය යුතුයි. අරමුණු වර්ග දෙකක් තියනව,
  • අනාගත අරමුණු
  • එදිනෙදා ජීවිතය සදහා අරමුණු.

අනාගත අරමුණක් නම් ගොඩාක් වැදගත්. අනාගත අරමුණු ශක්තිමත් විය යුතුයි.. එදිනෙදා ජීවිතයේ අරමුණු නම් ඇති වෙනවා නැති වෙනවා ආයෙත් ඇති වෙනවා නැති වෙනවා.. නමුත් අනාගත අරමුණු එහෙම වෙන්න හොද නෑ එහෙම වෙනවා නම් ඔබගේ ජීවිතය අසාර්ථකයි. ඔබ වැනෙන සුලු එක් තීරණයක් ගත නොහැකි පෞරුෂ හීන පුද්ගලයෙකි.. 

ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය නම් මුලින් අනාගත අරමුණක් ඇති කරගන්න. ඒ අරමුණ ඔබගේ හැකියාව තුලින් ඇති වෙන්නක් විය යුතුයි. අරමුණ සහ ආශාව පටලවා ගන්න එපා ඔබගේ අරමුණා ආශාවක් වුව හොත් ටික දවසකින් ඔබගේ ඒ අරමුණ නැති වී වෙන එකක් ඇති කරගනී. ඒ නිසා ආශාව කියන දේ අයින් කරල දන්න. ආශාව ජීවිතය තෘප්ත කිරීම සදහා පමණක් තියාගන්න.. 
ඔබ අරමුණ ජය ගැනීමට නම් අරමුණ ජීවත් කළ යුතුයි, ඒ වගේම අරමුණ ශක්තිමත් විය යුතුයි.. අරමුණ ජීවත් කරන්න නම් ඔබ දවස ආරම්භයේ ඇද මත සිටියදී ම ඔබගේ අරමුණ ගැන සිතන්න ඕනේ. 
ඔබ අද දවසේ ඔබගේ අරමුණට සාධාරණයක් ඉටු කරන්නේ කෙසේ ද? ඔබගේ අරමුණට අලුතින් මොනවා ද එකතු කරන්නේ? ( මෙහිදී ඔබගේ අරමුණේ න්‍යෂ්ටිට හානියක් නොවිය යුතුයි. වර්ධනයක් මිස වෙනසක් නොවිය යුතුයි) යනුවෙන් ඔබගේ අරමුණ ගැන සිතමින් ඔබ අවදි වන්න.. 
ඔබගේ කාමරයේ ඔබට නිතර ඇස ගැටෙන තැන් වල ඔබගේ අරමුණ පැහැදිලිව දිස් වෙන ලෙස සටහන් කරන්න.. 
දවස අවසානයේ ඔබගේ අරමුණ සදහා සිදු වූ දේ ගැන සිතමින්. තවත් සිදුවිය යුතු දේ ගැන සිතමින් නිදියන්න. 
සෑම මොහොතකම ඔබගේ අරමුණ ගැන සිතන්න. හුස්ම ගන්න සෑම වාරයක් පාසාම සිහි කරන්න. ඔය ආකාරයට ඔබගේ අරමුණ ජීවත් කරවන්න. ඒ වගේම තවත් වැදගත් ම කරුණක් වන්නේ අරමුණේ ඇති ශක්තිමත් බව. ඔබගේ අරමුණ ශක්තිමත් විය යුතුයි. එසේ නොමැති නම් ඔබට සාර්ථක විය නොහැකිය.. සෑම වෙලාවකම ඔබගේ අරමුණ ඇමති කෙනෙක් හෝ මන්ත්‍රී කෙනෙක් වීමට නොව ජනාධිපති වීමට යොදන්න. ඔබගේ අරමුණ ජනාධිපති විමට නම් ලංකාවේ ජනාධිපති නොව ඇමරිකාවේ ජනාධිපති වීමට යොදන්න. තරුවකට නොව හදට යාමට සිතන්න. එවිට ඔබට ඒ අසලට වත් යා හැකිය. 
ඔබ හදට යාමට සිතුවොත් ඔබට හද අසල ඇත තරුවකට හරි යා හැකිය. ඔබ තරුවකට යාමට සිතුවොත් ඔබට පෘථිවි ගෝලයෙන් එලියටවත් යා නොහැලිය. ඔබ ජනාධිපති වීමට සිතුවොත් ඔබට ඇමති කෙනෙක් හෝ විය හැකිය. ඔබ ඇමති එනෙක් වීමට සිතුවොත් ඔබට මන්ත්‍රී කෙනෙක් අසලට යා හැකිය. 

ඔබ යලම් අලවි කරන්නේ නම් ඔබගේ අවැසි මුදලටම නොව එයිට වැඩියෙන් මිල සටහන් කරන්න එවිට ඔබගේ මුදලට එම භාණ්ඩය අලෙවි කළ හැකිය.( සාධාරණ වියයුතුයි) නැති නම් ඔබට අවශ්‍ය මුදලටත් වඩා අඩුවෙන් තමා ලැබෙන්නේ..

සිතන්න සෑම වෙලාවකම හොටෙල් එකක් දන්න නෙවේ 5 star හොටෙල් එකක් දාන්න සිතන්න. 
සිතන්න සෑම වෙලාවකම නැති දෙයක් ලබා ගැනීමට, එවිට ඔබට ඇති දෙයක් ලබා ගැනීමට හැකි වෙයි. 
සිතන්න විනෝද චාරිකාවක් යාමට කවදා හෝ ඉන්දියාවට යනවා කියා නොව කවදා හෝ ඇමරිකාවට යනවා කියා. එවිට ඔබට ඉන්දියාවට හෝ ඇමරිකාව අසලටවත් යා හැකිය.. අරමුණ ශක්තිමත් නම් ඔබට අරමුණ ලඟට වත් යා හැකිය.. 

ඔබගේ අරමුණ ශක්තිමත්ව ජීවත් කරවන්න. අරමුණට හුස්ම දෙන්න කෑම ලබා දෙන්න වතුර ලබා දෙන්න. ආහාර ගනිමින් ඔබ ලොකු මහත් වූවා සේ ඔබගේ අරමුණත් ලොකු මහත් කරවන්න. ඔබ වර්ධනය කරන්නේ මිනිසෙක් නම් අවසානයේ ද මිනිසෙක් දකින්න වර්ධනය කරන්න නැතිව වෙනත් සතෙකු දැකීමට කරුණු එකතු නොකරන්න.. අරමුණ හැකියාව මත තීරයන කරන්න. අරමුණ තේරුම් ගැනීමට ප්‍රථමයෙන් හැකියාව තේරුම් ගත යුතු ය... ඔබ ඔබගේ හැකියාව හදුනන්නේ නම් දැන් ඔබගේ අවස්ථාව අරමුණ ඇති කරගන්න අරමුණ ශක්තිමත් කරගන්න. ජීවිතය ජය ගැනීමට ඔබගේ අරමුණේ ශක්තිමත් බව වැදගත් වේ.. 

තවත් ලිපියකින් හැකියාව ගැන සාකච්ඡා කරමු එතෙක් ඔබ ඔබගේ ජීවිතය සතුට සමග ජීවත් කරවන්න. හුදෙක් සතුට ලැබෙන්නේ ඔබගේ සිත සතුට පතන්නේ නම් පමණි. 

ඔබට ජය!!!!! 

╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)