කොහොමද යාලුවනේ? තවත් ප්‍රධාන මාතෘකාවක් ආරම්භ කරනව. අපේ ආරම්භ කරපු නැති මාතෘකා මූලික පාඩම් ටික පොඩ්ඩක් මැද හරියට ගියාම වගේ ඔයාලට දෙන්නම්. මොකද Abnormal Psychology එහෙම මනෝවිද්‍යාවේ මූලික ටික සහ ළමා මනෝවිද්‍යාවේ මූලික ටික නොදැන කතා කරන්න බෑ.. මොකද ඒවා ඇති වෙන්න මූලික හේතු විස්තර කෙරෙන්නේ මනෝවිද්‍යාවේ මූලික කොටස් වලයි. අපි දරු ප්‍රසූතියේ සිට සාකච්ඡා කරන්නේ Abnormal දරුවෙකු බිහි වීමටත් දරුවෙකුගේ පෞරුෂත්වයේ ගැටලු ඇති වීමටත් තරුණ වියට පැමිනෙන විට ඇති අය යම් යම් මානසික මෙන්ම බොහෝ ශාරීරික ආබාධ වලට එම අවධීන් වල බලපෑම් හේතුවෙන් ය. ඉතින් අපි සෑම දෙයකම මූලික ටික කතා කරගෙන හෙමීට ඉස්සරහට යමු.. ඔයාලගේ දැනුමට මෙන්ම නිවැරදිව සාර්ථක ජීවිතයක් ගත කිරීමටත් ගොඩක් වැදගත් වේයි.. හරි එහෙන්ම් අද මාතෘකාව බලමුකෝ.. ඔහොම්ම ම කියවගෙන යමු...
ව්‍යවහාරික මනෝවිද්‍යාව.
මනෝවිද්‍යාවේ එන ප්‍රධාන අංශයක් ලෙස ව්‍යවහාරික මනෝවිද්‍යාව හැදින්විය හැකිය. මනෝවිද්‍යාවේ ප්‍රධාන අංශ දෙකක් ඇත ව්‍යවහාරික මනෝවිද්‍යාව සහ ශුද්ධ මනෝවිද්‍යාව ලෙස... ශුද්ධ මනෝවිද්‍යාවෙන් මනෝවිද්‍යාවේ න්‍යායාත්මක දැනුම ගොඩනැගෙන අතර ව්‍යවහාරික මනෝවිද්‍යාවෙන් මනෝවිද්‍යාවේ ප්‍රායෝගික අංශය ගොඩනැගෙයි. මනෝවිද්‍යාවේ දැනුම ගොඩනැගෙන්නේ ශුද්ධ මනෝවිද්‍යාව තුළිනි. ව්‍යවහාරික මනෝවිද්‍යාව තුලින් මූලිකවම මනෝවිද්‍යාව පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ වන ආකාරය සහ ඒ හා සම්බන්ධ විශයන් පිලිබදව අධ්යනාත්මකව කරුණු ඉදිරිපත් කරයි. මනෝවිද්‍යාව ගැන මූලික වශයෙන් හැදින්වීමක් අපි General Psychology වලින් ඉදිරිපත් කරල තියනව බලපු නැති අය මේ Link එකෙන් ගිහින් බලන්න
ශුද්ධ මනෝවිද්‍යාව පිළිබදව තව දුරටත් පැහැදිලි කළහොත් මිනිසාගේ චර්යාවන්, මානසික ක්‍රියාවලීන් පිලිබඳවත් මනෝවිද්‍යාවේ මූලික වශයෙන් දැනුම ගොඩනගන විෂය ලෙස ශුද්ධ මනෝවිද්‍යාව හදුන්වයි. සාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, ප්රජානන මනෝවිද්‍යාව, ජීවවිද්‍යාත්මක මනෝවිද්‍යාව, සංවර්ධන මනෝවිද්‍යාව, සංස්කෘතික මනෝවිද්‍යාව, ආගමික මනෝවිද්‍යාව යන ක්ෂේත්රයන් අන්තර්ගත වේ.
ව්‍යවහාරික මනෝවිද්‍යාව ගැන පොඩී හැදින්වීමක් ඉහතින් සදහන් කොට ඇති අතර තවදුරටත් පැහැදිලි කරන්නෙ නම්, ශුද්ධ මනෝවිද්‍යාව මගින් ගොඩනගන දැනුම ව්‍යවහාරිකව භාවිතා කරණ නැතහොත් ප්‍රායෝගිකව මිනිස් චර්යාවේ සහ මානසික ක්‍රියාවලිය පිළිබදව මිනිස් ජීවිතයේ ජීවත් වන විට ඇති වන ගැටලු විසඳා ගැනීම සදහා මනෝවිද්‍යාවේ (ශුද්ධ/ මූලික/ ප්‍රධාන) ඇති දැනුම යොදා ගන්න ආකාරය පිලිබදව ව්‍යාවහාරික මනෝවිද්‍යාව මගින් ඉදිරිපත් වේ.ව්‍යවහාරික මනෝවිද්‍යාව තුල විෂය ක්ෂේත්රයන් විශාල ප්‍රමාණයක් පවතී ඒවා අතරින්,
- උපදේශන මනෝවිද්‍යාව,
- අධ්‍යාපනික මනෝවිද්‍යාව,
- සෞඛ්‍ය මනෝවිද්‍යාව,
- ක්‍රීඩා මනෝවිද්‍යාව,
- සායනික මනෝවිද්‍යාව,
- අධිකරණ මනෝවිද්‍යාව,
- සංවිධාන මනෝවිද්‍යාව,
- මාධ්‍ය මනෝවිද්‍යාව,
- පාරිභෝගික මනෝවිද්‍යාව,
- ඉංජිනේරු මනෝවිද්‍යාව,
- යුද්ධ මනෝවිද්‍යාව,
උපදේශන මනෝවිද්‍යාව යනු පුද්ගලයෙකුට මානසික මෙන් ම වෙනත් ගැටලු ඇති වූ විට තීරණ ගැනීම පහසු වීම සදහා යෙදෙන සේවාවක් වැනිය, ජීවිතය සාර්ථක කරගෙන සතුටින් ගැටලු වලට මුහුණදෙන ආකාරය උපදේශන මනෝවිද්‍යාවෙන් ලබා දේ. මෙය සේවාවක් හැටියටත්, වෘත්තීයක් හැටියටත් ක්‍රියාත්මක වේ. වෘත්තීයක් වුවද මෙය සේවාවක් යන පැත්තට අයත් වේ.. මෙයින් මනෝවිද්‍යාවේ දැනුම මිනිස් ජීවිතයේ ගැටලු නිරාකරනය කිවීම සදහා යොදාගන්න ආකාරයත් මානසික ගැටලු සදහා යොදාගන්න ආකාරයත් අධ්‍යයනය කෙරේ..
අධ්‍යාපනික මනෝවිද්‍යාව තුලින් මනෝවිද්‍යාවේ දැනුම පාසලට පාසලේ ඉගැන්වීම් වලට යොදාගන්න ආකාරය අධ්‍යයනය කරණ අතර පන්තිකාමරය තුල මෙන් ම පාසල තුල දී ඇතිවන ගැටලු නිරාකරණය කරමින් නිවැරැදි අධ්‍යාපනයක් ලබාදෙමින් නිවැරදි දරුවෙක් සමාජයට යොමු කිරීම අරමුණක් ලෙස දැක්විය හැකිය.
සෞඛ්‍ය මනෝවිද්‍යාව තුලින් සෞඛ්‍ය ක්ෂේත්රයට මනෝවිද්‍යාවේ දැනුම යොදාගනිමින් සෞඛ්‍යයසම්පන්න මිනිසෙකු බිහි කිරීමටත් අහිතකර සෞඛ්‍යය තත්වයන්, අනාරක්ෂිත ලිංගික චර්යා වැනි කරුණු ගැන අවධානය යොමු කරයි.
ක්‍රීඩා මනෝවිද්‍යාව තුලින් ක්‍රීඩාවට අදාළව ක්‍රීඩකයන් තෝරාගැනීමේදී සහ ඔවුන්ගේ මානසික තත්වයන් වගේම පුද්ගලයෙකුගේ හැකියාව සහ ඔහුට එම හැකියාවෙන් කළ හැකි ක්‍රීඩාවට යෙදවීම පිලිබදවත් අවධානය යොමු කරයි.
සායනික මනෝවිද්‍යාව මගින් මනෝවිද්‍යාත්මක දැනුම රෝහල් තුල භාවිතා කරන ආකාරය පිලිබදවත්, මනෝ රෝග වලට ප්‍රතිකාර කිරීම රෝග විනිස්චයන් ඉදිරිපත් කිරීම එයින් සිදුවේ.
අධිකරණ මනෝවිද්‍යාව තුලින් අධිකරණය සහ නීතිය සම්බන්ධ මනෝවිද්‍යාත්මක පැත්ත සහ විත්තිකරුවන්ගේ පෙනුම ස්වරූපය පිලිබදවත් අවාචික සන්නිවේදන මගින් ( non-verbal Communication) අධ්‍යයනය කොට අධිකරණය තුල සිදුවන කාර්යයන්ට මනෝවිද්‍යාව යොදා ගන්න ආකාරය පිලිබදව අවධානය යොමු කරයි.
සංවිධාන මනෝවිද්‍යාව මෙය කර්මාන්ත මනෝවිද්‍යාව ලෙසද හදුන්වයි. මෙහිදී කර්මාන්ත ශාලාවක් තුලදී මනෝවිද්‍යාව ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය ගැන ද සේවකයන් අභිප්‍රේරණය කොට සේවයේ යෙදවීම, නිසි සේවකයන් නිසි ස්ථානයේ තැබීම සහ ආයතනයේ සංවර්ධනය සම්බන්ධයෙන් මනෝවිද්‍යාවේ ක්‍රම ශිල්ප යොදාගන්න ආකාරය පිලිබඳව අධ්‍යයන කරයි.
මාධ්‍ය මනෝවිද්‍යාව තුලින් මනෝවිද්‍යාත්මක දැනුම යොදාගෙන මිනිසුන්ගේ සිත තුල පැලපදියම් වෙන ආකාරයට මාධ්‍යය භාවිතා කිරීමත් ඒ සඳහා මනෝවිද්‍යාත්මක උපක්‍රම යොදා ගන්නා ආකාරය පිලිබදවත් අවධානය යොමු කරයි.
පාරිභෝගික මනෝවිද්‍යාව මගින් මනෝවිද්‍යාත්මක දැනුම වෙළෙඳ පොළ තුල ක්‍රියාත්මක වෙන ආකාරයත් යොදා ගන්න ආකාරයත්. ඒ වගේම භාන්ඩයක් හදුන්වාදීමේදී ක්‍රියාත්මක වන මනෝවිද්‍යාත්මක පැත්ත පිලිබඳව අවධානය යොමු කරයි..
යුද මනෝවිද්‍යාව තුලින් මනෝවිද්‍යාව යුද පිටියේදී ක්‍රියාකරන සහ භාවිතා කරණ ආකාරය පිළිබදවත් සෙබලුන්ගේ මානසික තත්වයන්, විවිධ සැලසුම් කිරීම යුද උපක්‍රම, සෙබලුන් යුද්ධය සදහා පොළඹ වීම දිරිගැන්වීම සදහා මනෝවිද්‍යාව බාවිතා කරන ආකාරය පිලිබඳව සදහන් වේ.
මෙම ක්ෂේත්රයන් පිලිබඳව අපි ලිපියෙන් ලිපිය වෙන වෙනම පැහැදිලි වන ලෙස සාකච්ඡා කරමු. ව්‍යවහාරික මනෝවිද්‍යාවේ හැදින්වීම මෙයින් අවසන් වෙනව.
එහෙනම් අපි ඊලඟ ලිපියෙන් හමුවෙමු..
ඔබට ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya )
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya )