හෙට දව ගැන සිතන්න කලින්.
අනාගතය සාර්ථක කරගැනීමේ හොදම ක්රිමය අද දවස සාර්ථකව ගත කිරීමයි.
Subscribe කරන්න.
Share කරන්න හැමෝටම..
Subscribe කරන්න
Share කරන්න.
Subscribe කරන්න
Share කරන්න හැමෝටම
හැමෝටම share කරන්න
Subscribe කරන්න.
අපි අද කතා කරන්න යන මාතෘකාව හැමෝටම වැදගත් වෙන මාතෘකාවක්. ඇත්තටම මේ ලිපිය ඉදිරිපත් කරන්න මූලික වුන හේතුවක් තියනවා. මගේ FB Group එක හරහා ඉදිරිපත් වුන ගැටලුවක් මූලික කරගෙන තමා මේ ලිපිය ලියන්න හිතුනේ. ගැටලුව ඉදිරිපත් කරපු එක්කෙනාට පිළිතුරු ලැබුණත් මට හිතුනා ගැටලු වලට පිළිතුර දෙන්නත් මගේ Blog එකේ ඉඩක් වෙන් කලොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල. ඉතින් ඔයාලට පුලුවන් Comment වලින් FB Group එක තුලින්, The Life Page එකෙන් හෝ පෞද්ගලිකව FB හරහා මට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න. හරි එහෙනම් අද පළමු ගැටලුව ගැන අපි සාකච්ඡා කරමු.
Mama marry karanna yanne lagadi. Godak sathutui wagema bayai tikak. ane mata athdakim thiyana kenek upades tikak denna. life eka sathutin inna
මේක තමා ඇය ඉදිරිපත් කරපු ගැටලුව. අපි කතා කරමු ඒ ගැන.
ආදරය විවාහට පුද්ගලයන් තේරුම් ගැනීම කියන මාතෘකා ඉතාමත් පුලුල් මාතෘකා කතා කරන්න පටන්ගත්තට අවසන් කරන්න අපහසු මාතෘකා වෙනවා. මුලින් අපි අද කතා කරන්න ඉන්න කොටස මාතෘකා කිහිපයකට වෙන් කරගනිමු. මාතෘකා වලට අදාලව අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. ලිපිය ගොඩක් දිග වෙයි නමුත් ගොඩක් වැදගත්.
- දෙදෙනා තේරුම් ගැනීම
- ආදරය
- විවාහ ජීවිතය
- ගැහැනු පිරිමි ලකුණු පුවරුව
දෙදෙනා තේරුම් ගැනීම -
ඉදිරිපත් කල ගැටලු අහලා තිබ්බේ විවාහ ජීවිතේ සතුටින් ඉන්න උපදෙස්. විවාහ ජීවිතය කියන දේ පැත්තකින් තියමු අපි. අපි ඕකෙන් වෙන් කරල ඔය විවාහ වෙන දෙන්නව ගම්මු. අපිට දෙදෙනෙක් පේනවා කාන්තාවක් සහ පිරිමියෙක්. නැති නම් අපි මෙහෙම හිතමු යහලුවන් දෙදෙනෙක්. නෑ ඒත් ඕනේ නෑ අපි හිතමු පුද්ගලයන් දෙදෙනෙක් ගැහැනු පිරිමි කෙසේ හෝ පුද්ගලයන් දෙදෙනෙක්. පුද්ගලයන් දෙදෙනෙක් අතර හොද සම්බන්ධතාවයක් පවත්වාගන්නේ කොහොමද. කියන දේ ගැන අපි කතා කරමු.
පුද්ගලයන් දෙදෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන් පවුල් පසුබිම් දෙකක්, කුඩාකළ සිටම පිරිමි ගැහැනු ලෝක දෙකක් එනම් චර්යා රටාවන් දෙවිදිහකනි. ඒ අනුව ම මානසික තත්වයන් ද දෙවිදිහක් සිතුම් පැතුම් දෙවිදිහක්. මුලින්ම ඔබ අනෙකාත් සමග හොද සම්බන්ධතාවයක් පවත්වාගැනීමට අවැසි නම් ඒ දේ තේරුම් ගන්නම ඕනේ. අනිත් කෙනා තමා විදිහ නොවන බව තේරුම් ගන්න ඕනේ. ( ඇතැම් වෙලාවට තමන් වගේ යැයි දැනෙන්න පුලුවන්) තමන් කැමති දේ අනෙකා කැමති නොවෙන්න පුලුවන්. නමුත් අනිත් කෙනා කැමති දේට තමන්ට කැමති වෙන්න වෙන අවස්තා බොහෝමයක් ඇති වෙනව අකමැත්තෙන් වුවත්. සම්බන්ධතාවය සතුටින් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔබට එසේ කළයුතු වෙනවා තමන්ගේ ක්‍රියාවක් නිසා අනෙකාගේ හිත රිදවන්න එපා. මන්ද බාහිර හේතුවක් නිසා හිතට ඇතිවන හානිය ගොඩක් බරපතලයි. තමාගේ හිත රිදුනත් අනෙකාගේ හිත නොරිදවා ඉන්න උත්සාහ කරන්න ඒක හොද සම්බන්ධතාවයකට ගොඩක් වැදගත් වේවි. විවාහ ජීවිතයේදී බොහෝමයක් අවස්ථා වලදී තමන් අකමැති වුවත් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කැමති දේ කිරීමට වෙන අවස්ථා බහුලයි. ඒ තුලින් දෙදෙනා අතර ගැටලු අවම කරගෙන හොද සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනව.
විවාහ ජීවිතයේදී සතුටින් ඉන්නේ කොහොමද කියන දේ දී. මේ ගැටලුවට වෙනත් අය ඉදිරිපත් කරපු පිළිතුර වලින් කියලා තියෙන්නේ දෙදෙනා හොදින් තේරුම් අරගෙන ඉන්න ඕනේ කියලා. ඇත්තටම බැලුවොත් කාටවත් කාවවත් හොදින් 100%ක් තේරුම් ගන්න බෑ. මන්ද සෑම තත්පරයකම මිනිස් මනස මිනිස් සිතුවිලි චර්යාවන් වෙනස් වෙන හේතුවෙනි. නමුත් යම් තරමකින් හෝ අනෙකාව තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා ඔබට. ඔහු කැමති දේවල් හොදින් දැනගෙන අකමැති දේ නොකර සිටීමටත් කැමති දේ කිරීමටත් උත්සාහ ගත යුතුයි. ආදරයට Points වැඩි වෙන්නේ ඔබ නිතර නිතර කරන අනෙකා කැමති දේ අනුව ය. (Points කියල දෙයක් කිවුවා නේද ඒ ගැනත් ඉස්සරහදී මන් පැහැදිලි කරන්නම්) නිතරම ඔහු අකමැති දේ නොකර කැමති දේ තුලින් ඔහුව සතුටු කිරීමට උත්සාහ කරන්න. අවස්ථාවන්ට අනුව ඒ ඒ වෙලාවන්ට අනුව ඔහුව තේරුම් ගන්න පුලුවන් නම් ගොඩක් වැදගත්. ඒ ඒ වෙලාවේ ඔහුගේ මානසික තත්වය ඔබ තේරුම් ගන්න ඕනේ ඒ අනුව ඔබගේ ප්රතිචාරයන් දක්වන්න ඕනේ. අන්න එවිට ඔබ ගැන ඔහුගේ පැහැදීම වැඩි වෙලා ආදරේත් වැඩි වෙනවා ගැටලුවක් ඇති වුන අවස්ථාවක නම් පිරිමියෙක්ට තම භාර්යාව ගෙන් ලැබෙන හොදම පිළිතුර වන්නේ ඒ ගැන අසමින් නැවත නැවතත් අසමින් සිටීම නොව. නිශ්ශබ්දව ඔහුට ඔබගේ ආදරේ දෙන්න ගැටලුව ගැන අහන්න යන්න එපා ඔහුම ඔබට කියනව ටිකකින් ඔබ ඔහුට ආදරේ දෙන්න. පිරිමියෙක් ගැටලුවක් ඇති වූ විට මුලින් නිශ්ශබ්දව ගැටලුව විසදගන්න තනියම උත්සාහ කරනවා. ඒ වෙලාවේ බිරිඳ ගැටලුව ගැන නිතර නිතර ඇසීම ඔහුට කරදරයක් වෙනවා. එවිට ඔබ ගැන Negative Point එකක් එකතු වෙන්න පුලුවන් ඔහුගේ ලකුණු පුවරුවේ. ඔහුම ටිකකින් බිරිඳට ගැටලුව කියනව. එතකල් බිරිඳ කළ යුත්තේ ඉවසීමෙන් නිශ්ශබ්දව ඔහුට ආදරේ දෙන්න.
ආදරය -
ආදර සම්බන්ධතාවයකදී මුලින්ම අපි ඉහතින් කතා කළ ආකාරයට ලෝක දෙකක හැදී වැඩෙන දෙදෙනා. වෙනස්ම ආකාරයේ සිතුවිලි දෙවිදිහකින් සමන්විත ගැහැනිය සහ පිරිමියා ඒ වෙනස් බව හේතුවෙන් ම දෙදෙනා එකිනෙකාට ආකර්ශණය වෙනවා. දෙදෙනාම අනෙකාගේ තමන්ට ලැබෙන දේවල් වලට ආකර්ශණය වෙනවා. ඒ ආකාරයට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා පවුල් දෙකේම සහයෝගයෙන් හෝ විවාහ වී අලුත් පවුලක් නිර්මාණය කරනවා. ආදර සම්බන්ධතාවයක් ගැන කතා කරනවිට නිකන්ම දෙදෙනෙක් අතර තියන සම්බන්ධයකට වඩා ඉදිරියට ගිහින් හැගීම් මූලික කරගන්නවා. අමුතුම හැඟීමක්. ඉහතින් කතා කළා වගේ ලෝක දෙකක ජීවත් වූ දෙදෙනාම අනෙකාගෙන් විශේෂ වූ ඒ වෙනස් වූ හැඟීම් බලාපොරොත්තු වෙනවා. දෙදෙනාම දෙදෙනාගෙන්ම බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. ඔබ කාන්තාවක් හෝ පිරිමි කෙනෙක් වේවා අනෙකාගේ සතුට ගැන මුලින්ම හිතන්න ඕනේ. අනෙකාත් ඔබ ගැන එවිට සිතනු ඇත.
මුලින් ඔබ ආදරය කරන්න, එවිට ඔබට ආදරය නිසැකව ලැබෙනු ඇත. ( බයිබලයෙන් ලැබුනු කරුණකි) ඇත්තටම ඔබ අනෙකාට ආදරය කරනවා නම් ඔහුට ඔබට කිසිම විදිහකින් වන්චාවක් නොකරයි. බොහෝ විට ආදර සම්බන්ධතාවය ශක්තිමත් ව ඉදිරියට පවත්වාගෙන යාමේදී ඔබට අනෙකාගේ සතුට වෙනුවෙන් තමාගේ සතුට යටපත් කරගැනීමට සිදුවන අවස්ථා ඇති විය හැක්යි. බය වෙන්න එපා ඔබට ලැබෙන ආදරය දෙගුන තෙගුන වෙලා ලැබෙනු ඇත. ඉවසීම ප්‍රගුණ කරගන්න වෙනවා. අවන්ක බව ඔබ ඔහුගේ හිත තුල සාක්ෂි ඇතිව පැලපදියම් කළ යුතුයි.. ඔබ ඔහු හෝ ඇය කෙරෙහි තිබෙන ආදරය නිතරම වචනයෙන් ප්‍රකාශ කරන්න. ආදරෙයි කියල නිතරම කියන්න. ආදරණීයව ආදරය ප්‍රකාශ කරන්න. ආදරේ දැනෙන්න යම් යම් දෑ කරන්න. තමන්ගේ ක්‍රියාවෙන් ආදරය පෙන්වන්න. ඔබගේ ආදරේට පුලුවන් ඔයාලා දෙන්න අතරෙ තියෙන සෑම ප්‍රශ්නයක් ම විසඳුම් දෙන්න. පුලුවන් හැම විටම ආදරෙන් කතා කරන්න, ආදරේ කරන්න. දෙන්නම මේ විදිහට ආදරේ කලොත් කොපමන බැඳීමක් ඇති වෙනවද කියන එක හිතාගන්න බෑ. මේ විදිහට දෙන්නෙක් ආදරේ කරල දෙන්න විවාහ වෙනව. විවාහ ජීවිතේ ගැන තමා ගැටලුවෙනුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලමු ඊලඟ මාතෘකාව.
විවාහ ජීවිතය -
මුලින්විම පවුල් දෙකක දෙන්නෙක් ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් මුණ ගැසුනා දෙදෙනාගේම වෙනස්කම් නිසා දෙදෙන එකිනෙකාට ආකර්ශණය වුනා. දෙන්න එන්න එන්න තේරුම් ගත්තා ආදරය කරන්න පටන් ගත්තා දැන් විවාහ ජීවිතයට එළඹෙන්නයි හදන්නේ. විවාහ ජීවිතයක් කියන්නේ මොකක්ද කියල ඇහුවොත් ඔයාල මොකද කියන්නේ?? මන් හිතන්නේ කාටවත් හරියටම මේකයි කියල පිලිතුරක් දෙන්න බෑ. හැමෝම එක් එක් ආකාරයේ මත ඉදිරිපත් කරන එක තමා වෙන්නේ. අපි සමස්ථයක් විදිහට බැලුවොත් සාමාන්යින් පවුලක කියන්නේ මොකක්ද? පවුලක් වෙන්න නම් පවුල් දෙකක් නියෝජිතයන් දෙදෙනෙක් එනම් පවුල් දෙකේ දරුවන් දෙදෙනෙකු ගැහැනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර විවාහ සම්බන්ධතාවයක් ඇති විය යුතුයි. පවුලක් වීමේ මූලිකම දේ තමා විවාහය. පවුලක මව, පියා, දරුවන් තමා මූලික සාමාජිකයන් වෙන්නේ. දරුවෙක් වැඩි වියට පත් වුනාට පස්සෙ ඔහු විවාහ වීමට මූලික සුදුසුකම් ලබනවා. ඔය විදිහට පවුල් දෙකක් එකතු වෙලා සහයෝගයෙන් තවත් පවුලක් නිර්මාණය කරන්න මූලික පියවර තබනවා. පවුල් දෙකක් කියන්නෙ බොහෝවිට පරිසර තත්වයන් දෙවිදිහක් පවුල් පරිසරය අනුව මානසික තත්වයත් දෙවිදිහක් වෙනවා අපි ඒ ගැන ඉහතින් කතා කරා. ඔය විදිහට දෙදෙනෙක් එකතු වෙලා එක් පවුලක් නිර්මාණය කරනවා. විවාහය කියන්නේ කොලයක අත්සන් කොට ඇති වන දෙයක් පමනක් නොවේ. විවාහය කියන දේ පිටුපස ලොකු බැඳීමක් සම්බන්ධතාවයක් තිබිය යුතුයි. විවාහ ජීවිතයකදී සතුටින් ජීවත් වීමට නම් දෙදෙනා හොදින් තේරුම් අරගෙන තිබීම මූලික වශයෙන් ගොඩක් වැදගත් වෙනවා.
අපි ඉහතින්ම කතා කරල තියනවා දෙදෙනා එකිනෙකාට ආකර්ශණය වන්නේ දෙදෙනාගේ තිබෙන වෙනස්කම් හේතුවෙන් කියලා. ඒ කියන්නේ පිරිමියාත තවත් පිරිමියෙකුගෙන් හෝ කිසිවෙකුගෙන් නොලැබෙන දෙයක් ඇයගෙන් ලැබෙන විට සහ කෙල්ලෙක්ට තවත් කෙල්ලෙක්ගෙන් හෝ කාගෙන් හෝ නොලැබෙන දෑ ඔහුගෙන් ලැබෙන විට ඔවුන් දෙදෙන එකිනෙකාට ආකර්ශණය වන්න පටන් ගන්නවා. ඒ ආකර්ශණීයත්වයත් එක්කම ඔවුන්ගේ බැඳීම වැඩිදියුණු වෙනවා. විවාහයෙන් පසුව දෙදෙනාගේම හැම දෙයක් ම දෙදෙනා දැනගන්නවා දෙන්න දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් කියල හිතන්න පටන් ගන්නව. අන්න එතකොට තමා ගැටලු ඇති වෙන්න පටන් ගන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කිවුවොත්. FB වල එහෙම අපි දැකල තියනව බඳින්න කලින් මෙහෙමයි බැන්දට පස්සෙ මෙහෙමයි කියල එක එක post ඒ වගේම සමාජයෙත් අපිට නිතරම වාගේ අහන්න ලැබෙනවා. එහෙම වෙන්න මූලිකම හේතුව මන් හිතන්නේ දෙදෙනා එක්කෙනෙක් යැයි හැඟෙන එකයි. eඑ ඉයන්නේ තමන් මෙහෙම නම් එයත් මෙහෙම විය යුතුයි. තමන්ට හැකියි නම් එයාටත් හැකියී. යනුවෙන් සිතන්න පටන් ගන්නවා. ඔය සිතුවිලි නිසා තමා ගැටලු ඇති වෙන්නේ. මේ ලිපියේ මේ වෙනක්ල් කියවකු කෙනෙක් නම් ම්න් හිතන විදිහට මේ ගැටලුව ඇති වෙන්නේ නෑ. ඔහු හොදට ඒ තත්වය තේරුම් අරගෙන. අනෙකා තමන් වගේ නොවන බව හොදින් වටහාගෙන ඉන්නව කියල මට විශ්වාසයි.
ඒ වගේම විවාහ ජීවිතයේ ගැටලු ඇති වන්න තවත් වැදගත්ම හේතුවක් වෙන්නේ බදින්න කලින් නොලැබෙන දේවල් ටිකක් (ටිකක් නම් නෙවේ) බැන්දට පස්සෙ ලැබෙනවා නේ. ඉතින් බොහෝමයක් දෙනා බලාපොරොත්තු වෙන විදිහට ඒ දේවල් ලැබෙන්නේ නැති වුනාම අනෙකා ගැන Negative points එකතු වෙලා ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නව. දැන් හැමෝම හිතන්නේ sex ගැන කිවුව කියල නේද. නෑ ඒක විතරක් නෙවේ ඒකත් ගොඩක් වැදගත් කාරණාවක් තමා නමුත් මන් ඒ දේ විතරක් නෙවේ අදහස් කලේ. හැඟීම් වලින් වගේම ගොඩක් බිරින්දෑවරු තම ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ස්වාමියා දැනගත යුතුයි. එ වගේම ස්වාමියෙක් තම බිරිඳගෙන් බලාපොරොත්තු වන දේවල් බිරිඳ හරිහැටි දැනගත යුතුයි. මේකයි මේකයි කියල මට කියන්න අමාරුයි ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඔබ බිරිඳ නම් ඔබ දැනගත යුතුයි ඔබගේ ස්වාමියා ඔබගෙන් බලාපොරොත්තු වන දෑ උපරිමයෙන් ලබාදීමට, ඒ වගේම ඔබ ස්වාමියා නම් ඔබ දැනගතයුතුයි ඔබගෙන් ඇය බලාපොරොත්තු වන දෑ උපරිමයෙන් ලබාදීමට. විවාහය ආරක්ෂාකර ගැනීමට ඔබට අනෙකාට යටත් වන්නට විය හැකී. එහිදී පිරිමිකම නැතිවෙන්නේ නෑ පවුල තුල සතුට වැඩි වෙන එකයි වෙන්නේ. කාන්තාවටත් කියන්න තියෙන්නෙ තමන්ගේ තත්වයට හානියක් නොවේ එය පවුලේ සතුට සමගිය වෙනුවෙන් එය කළයුතුයි.
මන් හිතුවට වඩා මාතෘක කතා කරගෙන යනකොට කතා කරන්න ගොඩක් දේවල් තියනවා. ඉස්සරහට අපිට තව ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන්න වෙයි වගේ. අපි කතා කරමු ඉදිරියට.
ඔයාලටත් අහන්න දෙයක් තියනවනම් ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න.
FB The Life Group, The Life Page එකෙන් හෝ පහලින් Comment කරල
එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share

Body Language මාතෘකාවේ දෙවන කොටස තමා අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ. අපි අද මේ ලිපියෙන් සිනහව ගැන කතා කරනවා. හරි එහෙනම් මාතෘකාවට යමු අපි.
සිනහව, අපි අද කතා කරන්න යන්නේ සිනහව ගැන. සතුට සිනහව කියන වචන දෙක එක සමානව තමා යන්නේ. සතුටින් නම් සිනහ විය යුතුමද? ඔබ සතුටින් නම් සිනහව ඉබේම ඇති වේනව. නමුත් ඔබ සිනහ වෙන සෑම වෙලාවකම ඔබ සතුටින්ද කියන දේ හරියටම කිය නොහැක. ඒ ගැන මේ මාතෘකාව වෙනකොට ඔබටම වැටහෙයි. නමුත් අප අසතුටින් හෝ සිටින විට අප හිතාමතා ඇති කරන සිනහව තුලින් මොලයේ සතුටු කලාප ඇති වන බවත් සතුට ඇති වීමට අදාල කොටස් උද්දීපනය වන බව පර්යේෂණ වලින් පෙන්වාදී ඇත. සිනහවට ලොකු බලයක් තියනව අසතුටින් සිටින ඔබව යම් තරමකින් හෝ සතුටු කිටීමට සිනහවට හැකි වෙනවාත් වගේම සිනහවට සුව කිරීමේ බලයක් ද ඇත. ඔයාලා දැකල ඇති ලංකාවේ නම් මන් දැකලා නෑ නමුත් හිංදි, English films වල මන් දැකල තියනව උදෑසනට ව්‍යායාම කරන අය එකට එකතු වෙලා හයියෙන් හිනාවෙනවා. ගොඩක් වැඩිහිටියන් තමා ඒ දේ කරන්නේ. සාන්යයෙන් මද වශයෙන් හෝ සිනහ වන විට බෙල්ලට උදටයට මුහුණට සහ උරහිස් වලට ව්‍යායාමයක් වෙනවා වගේම රුධිරය පිරිසිදු වෙලා රුධිර සංසරණය දියුණු වෙනවා. ඒ වගේම කැලරි දහනය කරනවා. සිනහව ගැන තවත් මූලික කරුණු කතා කරන්න නම් තියනවා ඉදිරි ලිපි වලි මන් කියන්නම් නැති නම් අද ම්න් කතා කරන්න හිටපු ටික කතා කරන්න බැරි වෙනව.
අපි සාමාන්යෙන් තරහව පෙන්වීමට ඇහි බැමි හකුලා නලල රැලි කොට ඇසේ කනිනිකාව විශාල වී රවනව. සතුට පෙන්වන්න මුහුණෙන් සිනහව එලියට එනවා. විද්‍යාඥයන් කිහිපදෙනෙක්ම මුහුණේ පේශීන් ක්‍රියා කරන ආකාරය සිනහව ඇති වෙන ආකාරය ගැන කල පරීක්ෂණය මිනිසුන්ගේ සිනහව තේරුම් ගැනීමට මූලික වෙලා තියනවා. සිනහව තුලින් හුදෙක් සතුට පමනක් නොව මිත්‍රත්වය ද යටහත් බවද විදහා දක්වයි. තොල් වලින්, කම්මුල් වලින් ඇස sසහ එස දෙපසින් මේ සිනහව එලියට දිස් වේ. මෙහිදී අපිට සිනහ වන්නේ බොරුවටද, රැවටීමටද, මිතුරු වීමටද, කතා කිරීමට අකමැති බවද, යන්න වටහා ගත හැකි වෙනවා. කෙනෙකුගේ ස්වාභාවික මෙන්ම සත්‍ය සිනහවේදී ඔහුගේ ඇස් දෙපස රැලි වැටෙනවා. ඒ වගේම කම්මුල් එසවී ඇහිබැමි ටිකක් පහත් වෙනවා. ඒ අගේම ඇහි පිහාට්ටත් ටිකක් පහත් වෙනවා. සිනහ නොවෙන පුද්ගලයා තොල් වලින් පමනක් සිනහ වන බව පෙන්වයි. ඒ වගේම ව්‍යාජ සිනහවේදී ඇස් වටා රැලි වැටීමක් සහ කම්මුල් ඉහලට එසවී ගුලිගැසී ඇති මෙන් දැකිය හැකිය. චර්යාවාදී න්‍යායත් එක්ක බලනකොට අපේ සිනහවත් අපි ඉගෙනගත්තු දෙයක්. අපි ඉපදුන දවසේ සිට අපේ ඇස් දෙකට පෙනෙන අයගේ සිනහ මූණු සහ වැඩියෙන්ම හදුනන තම මවගේ සිනා මූණ තුලින් අපි සිනහව ඉගෙනගන්නවා. ඒ වගේම අපි මවු කුස තුල සිටින විට මවගේ සතුටින් දරුවා අප සිනහව ගැන මූලික කරුණු ඉගෙනගන්නා අතර. සතුට කියන දේ මූලික කරුණුද අප මවු කුස තුලදී ඉගෙන ගනී. සමහරක් පුද්ගලයන් සිනහව කියන දේ දන්නේ නෑ ඇත්තටම එම චර්යාවන්ට හේතු විය හැක්කේ සිනහවේ මූල බීජ දරුවා තුල තැන්පත් නොවීමයි එනම් මවු කුස තුල සිටියදී මව සතුටින් නොසිටීම දරුවා සිනහව ඉගෙන නොගැනීමට හේතු විය හැකිය. අපේ චර්යාවට බලපාන බොහෝ දේවල් අපි ඉගෙන ගන්නේ මවු කුස තුලදීත් එයින් පසුව තිබෙන සංවර්ධන අවදි තුලදීත් ය. (අපි ඒ ගැන ළමා මනෝවිද්‍යාව යටතේ කතා කරමු)
සිනහවේ වර්ග කිහිපයක්ම තියනවා. ඒ අතරින්
- හාස්‍ය ප්‍රකාශන වන සිනහව
- උපහාසාත්මකව උපහාසහ ප්රකාශනය කරන සිනහව
- සතුට ප්‍රකාශ කිරීමේදී මුහුණේ ඇතිවන සිනහව
- යටහත් බව ප්‍රකාශන කරන අනිච්ජානුක සිනහව
- හිතවත් බව ප්‍රකාශන කරන සිනහව
පුද්ගලයන් අපිත් සමඟ සිනහ වන විට සිනහ වන්නේ කුමන අරමුණක් සිත ඇතිවද කියන එක දැනගන්න එක ගොඩක් වැදගත් මිනිසුන් යම් යම් දේවල් වලට රැවටීමට මේ සිනහව ගොඩක් යොදා අන්නවා. එ වගේම බොරුවක් කියනකොට අපි කියන්නේ "හිනා වෙන්නෙ නැතිව බොරුව කියන්න කියල" ඇත්තටම එ දේ තමා වෙන්නේ බොරු කරන බොහෝ දෙනා බොරුව කියන අවස්තාවේ සිනහව පාලනය කරගනී, සිනහව අඩු කරගනී. නැති නම් සමහරුන්ගේ සිනහව මුහුණ තුල ගොඩක් වෙලා රැදී තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙයක් කියන විට අපේ මුහුනේ ඉරියව් මනසේ සිතුවිලි අනුව සැරින් සැරේ වෙනස් එනවා, මද වශයෙන් සිනහ වෙනව, කඩින් කඩ සිනහව නැති වෙනව, එක් විටක සිනහව ඇති වී ක්‍රමයෙන් අඩු වෙමින් යනව ඒ වගේ නොයේකුත් විදිහට අපගේ සිනහව මනසේ සිතුවිලි ඇති වෙමින් වෙනස් වෙන ආකාරයට සැරින් සැවේ සිනහව වෙනස් වෙනස් ආකාරයට මුහුණේ ඇති වෙනව. නමුත් බොරු කියන පුද්ගලයෙක්ගේ සිනහව මුහුණ තුල ටිකක් වැඩි වෙලාවක් රැදී තියෙනවා. එ වගේම මොළයේ ක්රියාකාරීත්වයේ හේතුවක් නිසා බොරු කියන පුද්ගලයෙක් සිනහ නොවී නොසිට සිනහ වීමේදී මුහුණේ දකුණු පැත්තට වඩා වම් පැත්තේ වැඩියෙන් සිනහව ප්රකාශනය වෙනවා.
බොරු කරන පුද්ගලයෙකු සිනහව පාලනය කරන විට අපට ඔහුගේ මුහුනේ කම්මුල් ප්‍රදේශයෙන් වගේම ඔහුගේ ඇහේ කලු ඉංගිරියාවේ විශාල වන අතර ඇස් එහෙ මෙහෙ චලනය වන ආකාරයෙන් බොරු කරන පුද්ගලයෙකු හදුනාගත හැකි වෙනව. ඇත්තටම බොරු කරන පුද්ගලයෙකුගේ මනසේ ද ඔහු කරන්නේ බොරුවක් යනුවෙනුත් එය වැරදි දෙයක් යනුවෙනුත් වැරදිකාර හැඟීමක් බොහෝමයක් බොරු කරන පුද්ගලයන් තුල පවති ඒ තුලින් අනිච්ජානුකව ඔහු දන්නේම නැතිව ඇති වෙන ශරීර වෙනස්කම් ඔහු විසින් පාලනය කරන්න යන උත්සහයේදී අපට ඔහු කරන්නේ බොරුවක් යනුවෙන් හදුනා ගැනීමට හැකි වේ.
ඇත්ත වශයෙන්ම සිනහවෙන් බොහෝ දෑ කියවෙනවා. එය අපිට හඳුනා ගැනීමට හැකි වෙනවා නම් බොහෝමයක් පුද්ගලයන් අතර ඇති වෙන මතබේද අවම වෙනව සිනහව පමණක් නොව මුලු ශරීරයෙන්න්ම රෝම කූපයේ ඉදලම අපගේ මනසට ඕන ආකාරයට අපව පාලනය කරනව. මනසේ ඇතිවන සිතුවිලි මෙහෙයවනවා. මේ ලිපි පෙළ කියවගෙන යන ඔබට බොහෝ දෑ මිනිසුන් ගැන දැනගැනීමට හැකි වෙනව වගේම ගැටලුවක් නැතිව අනෙකාව හොදින් වටහාගෙන හොද සම්බන්ධතාවයක් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනව. දිගටම අපිත් සමඟ රැදී සිටින්න.
යාලුවනේ ගොඩක් කාලයකින් නේද ලිපියක් ඉදිරිපත් වුනේ ඒකට මන් ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඇත්තටම වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. පුලුවන් පුලුවන් වෙලාවට ටික ටික තමා ලිපියක් ලියන්නේ. හරි එහෙනම් ඊලඟ ලිපියෙන් අපි සිනහව ගැන තව දුරටත් සාකච්ඡා කරමු.
ඔයාගේ යාලුවන්ටත් share කරන්න. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
How to Control your Angry #1
*** Think about your face, Think what happens to your face when you are in angry?
සමාජයේ බහුතරයක් දෙනා මේ ගැටලුවෙන් පීඩා විදිනවා, ඒ පීඩා විදින අයගෙන් බොහෝමයක් දෙනා ඒ සඳහා පිලිතුරු හොයනවා, ඒ කියන්නේ තරහ පාලනය කරන්න ක්‍රම හොයනවා, ඒ අතරින් තවත් පිරිසක් තමන්ගේ තරහ සාධාරණීකරනය කරමින් සිටී.
තරහ පාලනය කරගන්න නොයෙකුත් ක්‍රම තියනවා, නොයෙකුත් ක්‍රම යොදාගන්න පුලුවන් තරහ පාලනය කරගන්න. නමුත් ඒවා සාර්ථක වෙනවාද නැතිද කියල දන්නේ ඔබයි. බොහෝ දෙනා පවසන්නේ කොච්චර කලත් ඒ වෙලාවට පාලනය කරගන්න බෑ කියල නේද..
තරහ පාලනය කරගන්න කොච්චර ක්‍රම භාවිතා කලත් ඔබ ඔබගේ තරහව ගැන දන්නේ නැති නම් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ, මුලින් ඔබ ඔබගේ තරහව ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔබට තරහ ඇති වෙන්නේ මොන හේතු වලටද, අයි ඒ? කුමන අවස්ථා වලදී ද? ඒ වගේ කරුණු ගැන හිතල මුලින් කොලයක් අරන් ලියන්න. අද දවස අවසානයේ කොලයක් අරන් ලියන්න අද දවසේ කී සැරයක් තරහ ආවද, ඒවාට හේතු මොනවද කියල, ඒ හේතු ලියන අතරේ හිතල බලන්න ඒ තරහව හේතුවෙන් ඔබට නැතු වුන දේවල් ගැන. ඔබ කියපු දේවල් ගැන ඒ දේවල් නොකිවුවා නම් හොදයි නේද කියල. ඔබ ඒ අවස්තාවේ කරපු දේවල් ගැන හිතන්න, ඔබට කෙතරම් තරහක්ද ඇති වුනේ කියල හිතන්න, හිතට කොච්චර අමරුවක් දැනුනද කියල හිතන්න. පීඩනය කොපමණද කියල හිතන්න. ඔබගේ බාහිර ප්‍රතිරූපය කෙතරම් වෙනස් වෙන්න ඇතිද කියල හිතන්න. ඒ ප්‍රතිරූපය නිසා ඔබව දුටු අනෙක් අය ඔබ ගැන මොනවා හිතන්න ඇතිද කියල හිතන්න. සමහරක්ඒ විට අය ඔබගැන හිතන් හිටපු විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන්.
ඔබගේ හොද චර්යා සියල්ල ඒ මොහොතේ, ඒ විනාඩි කිහිපයේ ඔබට ඇති වූ පීඩනය දරාගැනීමට අපොහොසත්ව විනාශ කරගත්තද කියල හිතන්න. ඔබ කෙතරම් දුර්වලද කියල හිතන්න. ඇත්තටම ඔබ දුර්වල නෑ දුර්වල ඔබගේ හිතයි. ඔබ හිත ශක්තිමත් කරගත්තොත් ඔබට පුලුවන් තරහ පාලනය කරගන්න. ඔබගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නේද තරහ ඇති වෙනකොට. මූන කොච්චර කැත වෙනවද ඒ වෙලාවට. හැමෝම දකින්න කැමති ඔබගේ සිනහව පිරි මුහුණයි.. නමුත් ඒ එනුවට නපුරු මුහුණක් දිස් වෙනකොට. ඔබ මෙතෙක් හදාගත් ඔබගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා නේද. හොද පුද්ගලයෙක් කියන සමාජ කතිකාව අපෝ එයා නම් කියන තත්වයට ඇති කරගන්නේ ඔබමයි නේද. මේ ටික හිතන්නකො මුලින්.
පොඩි ටිප් එකක් දෙන්නම් තරහ ඇති වෙන වෙලාවට කොච්චර පීඩනයක් ආවත් වචනයක් වත් කතා නොකර කිසිම දෙයක් කියන්නේ නැතිව දත්මිටි කාලා හරි ඉන්න උත්සාහ කරන්න.
කිසිම වචනයක් කියන්න යන්න එපා. තරහව ඇති කරන්න හේතු වුන දෙයින් හිත වෙනත් පැත්තකට හරවන්න උත්සාහ කරන්න. වෙන දෙයක් ගැන හිතන්න උත්සාහ කරන්න.
එහෙනම් අපි ඊලඟ ලිපියෙන් හමුවෙමු ඔබට ජයෙන් ජය!!!!! ╔═. ♆. ═════════════════════════╗ BLESS of your MIND!!!!! ╚══════ .♆. ════════════════════╝ -Author- Dushyantha Samarasinghe Please invite to your friends our page Like Comment Share
කිසිම වචනයක් කියන්න යන්න එපා. තරහව ඇති කරන්න හේතු වුන දෙයින් හිත වෙනත් පැත්තකට හරවන්න උත්සාහ කරන්න. වෙන දෙයක් ගැන හිතන්න උත්සාහ කරන්න.
එහෙනම් අපි ඊලඟ ලිපියෙන් හමුවෙමු ඔබට ජයෙන් ජය!!!!! ╔═. ♆. ═════════════════════════╗ BLESS of your MIND!!!!! ╚══════ .♆. ════════════════════╝ -Author- Dushyantha Samarasinghe Please invite to your friends our page Like Comment Share
ඉතින් කොහොමද යාලුවනේ. මේ අවුරුද්දේත් බාගයක්ම ඉවරයි නේද. ජීවිතයට මොනවද එකතු කරගත්තේ ජීවිතයේ මොනවද වෙනස් වුනේ, මොනවද අලුත් වුනේ, මොනවද ගත්තු වැදගත් තීරණ. පැය දෙකක් තුනක්අ රගෙන ටිකක් නිදහසේ කල්පනා කරල බලන්න.. හරි අද අපි කතා කරන්න හදන්නේ තවත් වැදගත් මාතෘකාවක් මනෝවිද්‍යාවට අදාල මාතෘකාවක් තමා..මනෝවිද්‍යා ලොකයේ විශාල වෙනසකට භාජනය කල මාතෘකාවක් ගැන තමා කතා කරන්නේ. මේ ලිපි පෙලේ පලමු ලිපිය අපි කලින් කතා කලා කියවල නැති අය මෙතනින් ගිහින් කියවන්න. හරි අපි මාතෘකාවට යමු,
කලින් ලිපියෙන් අපි කතා කලේ මේ මනෝවිශ්ලේෂණවාදයේ වටාපිටාව ගැන, සිග්මන් ෆ්‍රොයිඩ් ගැන එහෙම මූලික කරුණු කතා කලා ඉතින් මේ මනෝවිද්‍යා විශයට මේ මනෝවිශ්ලේෂණවාදය පැමිණීමට මූලික හේතූන් වුනේ හිස්ටීරියා රෝගය සහ ඒ ආශ්‍රිතව මනෝවිද්‍යාව දියුණු කිරීමේදී ය. හිස්ටීරිය රෝගය ගැන මූලික හැදින්වීමක් කලින් ලිපියෙන් කතා කලා අයේ කතා කරන්න ඕනේ නෑ නේ. හිස්ටිරියා රෝගයේ සම්පූර්ණ ලිපියක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ හිස්ටීරියා රෝගයට විසදුම් සෙවීමේදී තමා මේ විශ්ලේෂණ වාදය ඉදිරිපත් වුනේ. මුලින්ම මේ හිස්ටීරියා රෝගය සඳහා "ඇන්ටන් මෙස්මර්" අසම්මත ප්‍රතිකාර ක්‍රමයක් තුලින් රෝගීන් සුවකලද එය අසම්මත ක්‍රමයක් නිසා එම ක්‍රමය ප්‍රතිකේෂ්ප කලා. නමුත් ඔහුත් සමග හිතපු අනිත් වෛද්‍යවරුන් මේ ගැන දිගටම පර්යේෂණ කරමින් සිටියා, "ජින් චාකෝ, ඒ.ඕ. ලයබෝල්ට්, එම්. බර්න්හයිම්," මේ අය මූලිකව ඉදිරියට ගෙන ආ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙසට ඉදිරිපත් වුනේ, මෙස්මර් යොදාගත්තේ මෝහනය හෙවත් ස්වාපනය නම් සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් බවයි.
පසුව මෙම මෝහන ක්‍රමය පිළිගත් මනෝප්රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රකට විය. මේ අතර මෙම හිස්ටීරියා රෝගයට ප්‍රතිකාර සොයමින් මෝහන ක්‍රමය ගැන උනන්දුවෙන් සිටි සිග්මන් ෆ්‍රොයිඩ් ප්‍රංශයට පැමිණ බර්න්හයිම්, චාකෝ, ලයබෝල්ට් යන අයගෙන් මෝහන ප්‍රතිකාරය ගැන සෑම දෙයක්ම ඉගෙනගත්තා. පසුව මෝහණ ප්‍රතිකාරය වැඩිදුරටත් වර්ධනයකොට තමන්ගේම ප්‍රතිකාර ක්‍රමයක්, ගුරුකුලයක් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කලා. ඒක තමා අපි හැමෝම දන්න මනෝවිශ්ලේෂණවාදය. ෆ්‍රොයිඩ් තමන්ගේම පර්යේෂණාගාරයක් උපයෝගීකොටගෙන මනෝවිශ්ලේෂණවාදය පර්යේෂණ සිදුකොට ඇත.
මනෝවිශ්ලේෂණවාදය තුලින් ෆ්‍රොයිඩ් මනෝවිද්යාවටත් මේ ලෝකයටත් ඉතා සුවිශේෂී හෙලිදරව් කිරීම් රාශියක් ඉදිරිපත් කරයි.
- මනසේ ව්‍යූහය ගැන සහ මනසේ ස්ථර,
- පෞරුෂ ව්‍යූහ,
- මනෝලිංගික සංවර්ධන අවධීන්,
- සංරක්ෂණ ප්‍රයෝග,
- සිහින් විශ්ලේෂණය,
ආදී මාතෘකා මූලික ලෙස හැදින්විය හැකිය. අපි ඉදිරියට මේ හැම දෙයක් ගැනම කතා කරනවා. මුලින්ම අපි ෆ්‍රොයිඩ් මනස ගැන සොයාගත්තු දේවල් ගැන කතා කරමු..
මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරගෙන යාමේදී අවිඥානයේ ඇති බලවත්කම ෆ්‍රොයිඩ්ට තේරුම්විය. අවිඥානය නිකන්ම පුද්ගල චර්යාවන් නිර්මානය නොකරන බව තේරුම් විය. ඒහිදී ෆ්‍රොයිඩ් හට මනසේ තවත් කොටසක් ඇති බවත් එය විඥානය - අවිඥානය අතර පවතින බවත්, අවිඥානයේ ඇති සමහරක් දෑ විඥානය බලපෑමකින් තොරව මිනිස් චර්යාවන් පාලනය කරන බව තේරුම් විය.. ඒ වගේම එම චර්යාද යම්කිසි බලපෑමකට යටත්ව ක්‍රියා කරන බව පැහැදිලි විය. අවිඥානික ක්‍රියා ඇති කිරීමට මනසේ ඇති තවත් කොටසක් සහයෝගය දක්වන අතර එය හඳුනාගෙන ෆ්‍රොයිඩ් තම මනසේ ව්‍යූහය කොටස් 3කින් ඉදිරිපත් කළහ,
- විඥානය
- උපවිඥානය
- අවිඥානය
ලෙස හැඳින්වීය. මෙම මනසේ පවතින ස්ථර තුන පැහැදිලි කිරීමට ෆ්‍රොයිඩ් Ice කන්දක් උපමාකොටගෙන මෙය ඉතාමත්ම පැහැදිලිව පෙන්වාදී ඇත...
පුද්ගලයාගේ මතකයේ පවතින සිතුවිලි, තොරතුරු පහසුවෙන් සිහිපත් කරගත හැකි දෑ විඥානය නැතහොත් සම්ප්රජානනයෙන් යුක්ත උඩු සිත (Conscious) තුල අන්තර්ගත වේ.. ඒ වගේම අපහසුතාවයකින් තොරව මතකයට නැගීමට හැකි නමුත් පහසුවෙන් මතකයට නගාගත නොහැකි නැතහොත් ටිකක් මතක් කිරීමකින් මතකයට නගාගත හැකි (ම්ම්ම්ම්ම්ම්ම් ආ හරි හරි) සිතුවිලි, තොරතුරු ඇතුලත් වන්නේ උපවිඥානය නැතහොත් Subconscious තුලයි...
මනසේ ඇති විශාලම කොටස වන්නේ අවිඥානයයි. Ice කන්දේ උපමාවට අනුව පිටතට නොපෙනෙන විශාල කොටසක් මිනිස් මනසේ පවතී එය අවිඥානය වේ. අවිඥානය පුද්ගලයෙකු උපතින්ම රැගෙන එන බව ෆ්‍රොයිඩ්ගේ මතයයි. මේ තුල පුද්ගලය අවරෝධනය කළ දැමූ, යටපත් කළ දැමූ සිතුවිලි, ආවේග, කාංසාව ඇති කරවන සිතුවිලි, පහසුවෙන් කල්පනාකොට මතකයට නැගීමට නොහැකි සියලුම දෑ මේ තුල තැන්පත්ව ඇත. අපට මතුපිටට පෙනෙන්නේ මනසේ ඉතාමත් සුළු කොටසකි, සැඟවී ඇති විශාල කොටසින් සම්පූර්ණ පුද්ගල ජීවිතය පාලනය කරයි. අවිඥානය මුලුමනින්ම මිනිස් චර්යාවන් මෙහෙයවන අතර පුද්ගල පෞරුෂත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ බලයද අවිඥානය සතුය.
අප ජීවත්වන විට යම් යම් අපහාස, කොන් කිරීම්, පරාජයන්, සිත රිදීම්, අසමත් වූ අරමුණු, වේදනාවන්, ඉච්ඡාභංගත්වයන්, නින්දා, කලකිරීම්, නොරිස්සුම් සහගත දෑ ආදී දේවල් නිතර හමු වෙනව. අප ඒවා බොහොම අපහසුවෙන් යටපත් කරල දානවා, ඒ වගේම යටපත් කර දැමූ ආශාවන්, අප සිහිපත් කිරීමට අකමැති දේවල් අපි බොහෝම අපහසුවෙන් අමතක කරල දානවා, ටික දවසක් යනකොට අමතක වූවා සේ පෙනුන ද ඒවා අවිඥානය තුල තැන්පත්ව පවතී. අවිඥානයේ ආහාර වන්නේ ඒ දේවල් ය. අවිඥානය අප යටපත් කර දැමූ දේ තුලින් දිනෙන් දින පෝෂණය වේ. අපට සමහර අවස්ථා වලදී අපගේ වචන වරදිනව නේද. ඒ කියන්නේ කාත් එක්ක හරි කතා කර කර ඉන්නකොට කට වැරදීම් සිදු වෙනවා ෆ්‍රොයිඩ් පවසන්නේ ඒ විදිහට සිදුවන්නේ අවිඥානික මනසේ බලපෑමක් හේතුවෙන් බවත්.. ඒ වැරදීම වලට හේතු වන්නේ අප විසින් ඉහතදී යටපත් කර දැමූ දෙයක් හේතුවෙන් බවයි. ඒය අවිඥානික චේතනා ලෙස ෆ්‍රොයිඩ් හදුන්වයි.
ඒ වගේම ඉහත සදහන් කල යටපත් කල දැමු දෑ හේතුවෙන් පුද්ගල චර්යාවන් මෙහෙය වන බවත්.. පුද්ගල පෞරුෂය මෙහෙය වන බවත් ෆ්‍රොයිඩ් පවසයි. ඒ වගේම අවිඥානික සිතුවිලි පහසුවෙන් මතුවිටට ගැනීමට නොහැකි බව ඉහතදී පැවසුවා, නමුත් අවිඥානික සිතුවිලි මතුපිටට ගැනීමට හැකි වේ ඒ සඳහා අවිඥානයට උපවිඥානය උදව් වේ. උපවිඥානය හරහා අවිඥානිකව තැන්පත් කොට ඇති දෑ සිහිපත් කිරීමට හැකි වන බව ෆ්‍රොයිඩ් පෙන්වාදෙයි උදාහරණයක් කිවුවොත් අපි පොඩිකාලේ කරපු දේවල් අපිට මතක නෑ නේ.. නමුත් අම්ම හරි තාත්තා හරි පොඩ්ඩක් ඒ ගැන කිවුවොත් අපිට ටික ටික මතක් වෙනව නේද.. එහෙම දෙයක් වුනා කියල ටිකෙන් ටික මතක් වෙනව... ඒ වගෙම අපිට අමතක වූවායැයි සිතන දෑ පොඩි පෙළඹවීමකින් මතකයට නගාගත හැකි වන්නේ මේ උපවිඥානය හේතුවෙනි. ඒ වගේම ඉහතින් සඳහන් කරපු කටවැරදීම් සිදුවන්නේත් මේ උපවිඥානය හරහා ය..
එක් දවසක් මට පාසලේදී හේතුවක් නැතිව වැරදි වැටහීමකින් මගේ යාලුවෙක් මට බැන්නා. හිතට ගොඩක් අවුල් වුනා. හිතට ගොඩක් වැදුනා නොකරපු දෙයකට බැනුම් අහනකොට. කාලයක් යනකොට මට ඒක අමතක වෙලා ගියා එයාත් එක්ක තරහක් තිබ්බද කියල මතක නැතිව ගියා.. නමුත් අවුරුදු 5කට විතර පස්සෙ දවසක මම ඒ කෙනාට එයාගේ පොඩි වැරැද්දකදී හොදටම බැන්නා.. පස්සෙ මට හෙන අවුල් මම බැන්න එකට. ටිකක් හිතල බලනකොට එදා මට එයා බැන්න වචන වලට සමානව මන එයාට බැනල තියනවා.. එතකොට තමා මට තේරුනේ මේ අවිඥානය කොච්චර බලවත් ද කියල. මගෙ හිතේ කිසිම පලිගැනීමක් තිබ්බේ නෑ. වෛරයක් තිබ්බෙත් නෑ.. කලින් සිදුවීම ගැන කිසිම මතකයක් තිබ්බෙත් නෑ.. හොදින් කතා කරල හිටියා. නමුත් අවස්ථාවක් ආව සැනින් අවිඥානය ක්‍රියා කරපු විදිහ පුදුමයි.. ඒ වගේ ගොඩාක් දේවල් ඔබගේ ජීවිතයේදීත් සිදුවෙලා ඇති. කල්පනා කරල බලන්න අනිවාර්යයෙන් ඒවාය ඉතිහාසගත හේතුවන් ඇති බව නිසැකයි. අපි නොදැනුවත්ව ම බොහෝ දෑ අවිඥානය අපගේ ජීවිතයේ වෙනස් කරනවා.... ඒ හොදින් මනසේ ක්‍රියාකාරීත්වය ගැන අවධානය යෙදුවොත් අපට තේරුම්ගත හැකි වේ..
ඉතින් අද ගොඩක් දේවල් ගැන කතා කරා.. ඒත් පාඩමේ අපි කතා අලේ 1%ක් වගේ කොටසක්. අදට අපේ මාතෘකාව මතු සම්බන්ධ වෙනව. ඊලඟ ලිපියෙන් අපි ෆ්‍රොයිඩ් ඉදිරිපත් කල පෞරුෂ ව්‍යුහය ගැන කරුණු සාකච්ඡා කරනවා..
ලිපිය කියෙවුවාට බොහෝම ස්තූතියි.. ඔබගේ යහලුවන්ටත් බලන්න share කරන්න.. ගැටලු, අඩුපාඩු, තව ඇතුලත් වියයුතු දෑ තියනවා නම් comment කරන්න...
එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
ඉගෙන ගන්න ගොඩක් අයට වැදගත් මාතෘකාවක් තමා අපි අදින් ආරම්භ කරන්නේ.. හරි අපි කෙලින්ම මාතෘකාවට යමූ..
අදින් ආරම්භ වන ලිපි පෙලෙන් අපි කතා කරන්න යන්නේ අධ්‍යාපනය ගැන වගේම,
- පාඩම් කරන විදිහ,
- කොහොමද හොදින් පාඩම් කරන්නේ,
- කොහොමද පාඩම් කරපු ඒවා මතකයේ තියාගන්නේ,
- කොහොමද පහසුවෙන් මතකයට නගාගන්නේ,
- කොහොමද විභාග පාස් වෙන්නේ,
- විභාග පාස් වෙල කොහොමද ජීවිතේ ජය ගන්නේ,
- කොහොමද අරමුණක් හදාගන්නේ,
- කොහොමද විෂයයන් තෝරගන්නේ,
- කොහොමද අරමුණට යන්නේ,
- කොහොමද අරමුණ සාර්ථක කරගන්නේ,
- රැකියාවක් හොයාගන්නේ කොහොමද,
කියන මාතෘකා තමා අපි මේ ලිපි මාලාවෙන් ඉදිරියට සාකච්ඡා කරන්නේ. ඉගෙන ගන්න හැමෝටම වැදගත් ඇත්තටම ඔයාල හරිම් වාසනවන්තයි මොකද මේ වගේ දේවල් අපිට කවුරුත් කියල දුන්නේ නෑ. අපි තනියම තමා මෙතනට ඇවිත් තියෙන්නෙ. කියල දෙන්න හිටියනම් අපි මේ වෙනකොට මෙයිට වඩා ලොකු තැනක ඉන්නවා...
තව දෙයක් කියන්න ඕනේ රැකියා ප්රශ්නය ගැන, ඇත්තටම රැකියා නැත්තේ නෑ. රැකියා තියනවා ඕන තරම්. නමුත් බොහෝමයක් දෙනාගේ කටේම තියෙන්නෙ job එකක් නෑ, කොච්චර හෙවුවත් හම්බ වෙන්නෙ නෑ නේ අප්පා කියනවා. තවත් අය රැකියාවලට අපෙන් අහනකොට මොකක් හරි කමක් නෑ එකක් හොයල දෙන්න කියනවා. නෑ එහෙම නෙවේ රැකියාවලත්, රටේත්, රජයේත් නෙවෙයි ගැටලුව තියෙන්නේ තමන්ගෙමයි. තමන් O/L වල ඉදල නිවැරදි හරි අරමුණකට අවද කියල හිතල බලන්න. අරමුණක් තියෙන්න අති හොද තැනකට එන්න, හොද රැකියාවක් අරන්න, හොදට සල්ලි හම්බ කරන්න, ඒ වගේ නමුත් කොහොමද, මොකක්ද, මොන ක්ෂේත්රයෙන් ද කියන ක හිතුවෙ නෑ නේද.. මන් දන්න බොහෝමයක් දෙනා සහ seminar වලදී හමුවෙන කොල්ලෝ කෙල්ලොන්ගේ ගැටලු වල මූල බීජයත් මෙයයි.
අපි seminar එකක් කලා පුස්තකාලය හරහා පාසල් ළමයින්ට A/L Art විෂයන් තෝරාගැනීම සම්බන්ධයෙන්. ඒක අපි නෙවේ කලේ AG office එකේ counselor කෙනෙක් තමා ආවේ. එයා කිවුව දේවල් මම සරලව කියන්නම්. ඔහු කිවුවේ A/L පහසුවෙන් සමත් වෙන්න විදිහක් තමා ඕනේ මොන විෂය කලත් ඕකෝම අවසානයේ A/L කියන එකයි ඉස්සරහට පේන්නේ විශය අදාල නෑ. ඔයාලා ලේසි විෂයන් තෝරගන්න ඕනේ.. ලේසියෙන් පහසුවෙන් හොද සම්මානයක් ගන්න පුලුවන් විෂයක් තෝරාගන්න කියල තමා කිවුවේ ඔවුන්. ඔවුන් විශයන් ටිකක් කිවුවා. සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය වැනි පහසු විශයන්..
නමුත් මන් දකින විදිහට මේක තමා අපේ අධ්‍යාපනයේ මූලික වැරැද්ද, රැකියා නැති ප්‍රශ්නෙටත් මූලිකම හේතු තමා. A/L පාස් වෙන්න කියලා ලේසි විෂයන් තෝරගන්න එක වැඩක් නෑ. අමාරු විෂයන්ගෙන් හොදින් පාස් වෙන්නයි කියල දෙන්න ඕනේ. අන්න එතකොටයි ඒකේ වැදගත් කමක් තියෙන්නෙ.. කෙනෙක්ගේ වටිනාකමක් ඇති වෙන්නේ එතකොටයි.. තමත් දෙයක් හැමෝම එකම විශයන් කරනව හැමෝම එකම ක්ෂේත්රයට යනවා හැමෝම රැකියා හොයනවා එකම විෂයන්ගෙන්. හැමෝටම රැකියා ලැබෙයි ද. හිතන්න ඔය අය විවිධ විෂයන් තෝරගෙන විවිධ ක්ෂේත්රයන්ගෙන් රැකියා ඉල්ලුම් කලොත් රැකියා හැමෝටම ලැබෙයි නේද...
අපි නොදන්න සැගවිච්ච හොදින් දියුණු වෙන්න පුලුවන් පැති තවමත් දියුණු වෙලා නෑ.. ඒවාගේ රැකියා ප්‍රසිද්ධියේ ඉල්ලුම් කරන්නේ නෑ මොකද ඉල්ලුම කරන එක තේරුමක් නෑ රැකියාවට කවුරුත් නෑ. හැමෝම ඇහුවොත් කියන්නේ IT, Business, commerce, Banking, electronic/ electrical, engineering, motor engineering, tourism, වැනි ප්‍රසිද්ධ හැමෝම දන්න හැමෝම කරන දේවල් තමා කරන්නේ එතකොට කොහොමත් හැමෝටම රැකියා නෑ තමා. නමුත් අලුත්, අපි නොදන්න, අපිට නොපෙනෙන, අප්‍රකට පැති වලින් ඉතිමත් හොද තැනකට යන්න පුලුවන්.
හොදට හිතල බලන්නකො මම කියන දේ ඇත්තද කියලා. හිතන් IT වලින් එක රැකියා අවස්ථාවක් තියනවා ලංකාවේ IT කරපු රැකිය නොමැති අය 2000ක් (අනුමානයක් පමනයි) ඉන්නවා. ඒ වගේම රැකියාවල නියුතු ඉහලට යන්න බලාගෙන තව 1000ක් ඉන්නව. අර රැකියා අවස්ථාවට ඉල්ලුම් කරන්න ඔක්කෝම 25000ක් ඉන්නව කියල හිතමු. කටද රැකියාව ලැබෙන්නේ. ඒ වගේ තම සෑම රැකියාවකදීම වෙන්නෙ රැකිය අවස්ථා කොපමණ තිබ්බට එකම ක්ෂේත්රයකින් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩී. එතකොට රැකියාව ලැබෙන්නේ සීමිත පිරිසකටයි. එයිනුත් දැනට රැකියාවල නියුතු ඉහලට යන්න ඉන්න අයට වැඩි තැනක් තියනවා. හිතල බලන්න. මම කියන්නේ හැමෝම කරන එක නෙවේ, කවුරුත් කියන එකත් නෙවේ, අරමුණක් ඇතිව අලුත් දෙයක් අලුත් පැත්තක්, තමන්ගෙ හැකියාව එ පැත්තෙන් දියුණුක් අරගෙන. අලුත් රැකියා ක්ෂේත්රයක් ලංකාව තුල දියුණු කරන්න පුලුවන්..
ලේසියෙන් විභාග පාස් වෙන්න නෙවේ අමාරුවෙන් විභාග පාස් වෙලා අමාරුවෙන් අරමුණට ගියොත් ඒ අරමුණේ ඇති වටිනාකමක් ඉයල නිම කරන්න බෑ... ඊට පස්සෙ ඉතින් ජිවිතේ මල් තමා.. කගෙවත් අරමුණු වලට ඔයාගේ ජීවිතේ ගෙනියන්න එපා. ඔයාගෙ අරමුණක් හාදාගන්න ඕනේ.. අපි මේ ලිපි පෙළ පුරාවටම සෑම දෙයක් ගැනම කතා කරනවා.. ඔයාලට තියන ගැටලු යොමු කරන්න comment හරහා. හැමෝටම දකින්නත් එක්ක එතකොට එවැනි ගැටලු හියන අයට ප්‍රයෝජනවත් වේවි. පෞද්ගලිකව උපදෙස් අවශ්‍ය නම් මගේ fb page එක හරහා ඉදිරිපත් කරන්න..
අදට අපි ලිපිය අවසන් කරනවා සුපුරුදු පරිදි අපි මේ ලිපියෙනුත් මාතෘකාව ගැන වටාපිටාව කතා කලා. තවත් කතා අරන්න නම් තියනවා එහෙම වුනොත් ඔයාලට මගේ ලිපිය එපා වේවි... හරි එහෙනම් අපි ඊලඟ ලිපියෙ O/L වල ඉදලම කතා කරමු!
ඊලඟ ලිපියෙන් හමුවෙමු!
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
ඇත්තටම මේ කුණු ප්රශ්නය හැමෝටම කරදරයක්.. හැම තැනම කුණු කුණු නිසා මුලු ජීවිතේම ගඳ හන්න ගන්නවා.... මේ කුණ් ප්‍රශ්නෙට කාගෙන්වත් මක් නෑ.. කවුරුත් ඒ ගැන හොයල බලන්නේ නෑ. ඉතින් මිනිස්සු තමන්ගෙ කුණු ටික ගෙදර ගොඩ ගහගෙන ගඳ ගහමින් තියාගෙන ඉන්නවා ඊට පස්සෙ ලෙඩ ගොඩෛ ඩෙංගු වැනි භයානක ලෙඩ මේ කුණු නිසා ඇති වෙනවා... ඇත්තටම යාලුවනේ පොස්ට් එකක් දාන ටිකක් කල් යනවට සමාවෙන්න ඕනේ. කාලෙත් එක්ක ලොකු සටනකට පස්සෙ තමා මේ පොස්ට් එකක් ඔයලට ගෙන්නෙ. මේ පොඔස්ට් එකකට ම්න් ගොඩාක් මහන්සි වෙනවා..ටික ටික දවස් ගනන් Type කරන්නෙ. හරි අපි අද මාතෘකාවට එමු...
කුණු ගැනනේ අපි පටන් ගත්තේ. ඇත්තටම මන් කතාකරන්න හැදුවේ අපි අපේ හිතේ එකතු කරගෙන ඉන්න කුණු ගොඩ ගැන. කලින් පොස්ට් එකක මන් ඒ ගැන කතා කරා Who is this? (කව්ද මේ?) කියවපු නැති අය කියවන්න. කියවපු ගොඩක් අය ප්රසිද්ධවත් පෞද්ගලිකවත් මගෙන් අහුව මේ කුණු පුච්චන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ගැන කතා කරන්න තමා මේ ලිපියෙන් ආරම්භ කලේ. එක ලිපියකින් නම් ඉවරයක් කරන්න බැරිවෙයි පැහැදිලිව හෙමීට අපි ඒ ගැන කතා කරමු...
හිතන්න ටිකක්, සමාන්‍යයෙන් අපි අලුත් අවුරුද්දට හරි, කවුරු හරි ගෙදරට විශේෂ අමුත්තෙක් හරි එනකොට අපි මොකද කරන්නෙ.. හොදට ගෙවල් අස් කරනව නේද ඒ අස් කරන්නෙ ගෙදර තියන කුණු, අපිරිසිදු දෑ අයින් කරල පිරිසිදු කරන්න. පාරක වුනත් නගරසභාවෙන් හැමදාම උදේට මුලු පාරම අතුගාල ඒ කුණු එක තැනකට එකතු අරනව නේද.. ඊට පස්සෙ තමා වාහනයක දාගෙන අදාල ස්ථාන වලට අරගෙන යන්නේ. අන්න ඒ අගේ අපේ මනසත් සුද්ධ කරගන්න, පිරිසිදු කරගන්න, අපිට මුලින්ම කරගන්න ඕනේ අතුපතු ගාල මකුළු දැල් කඩල කුණු එකට එකතු කරගන්න ඕනේ හැම අස්සක් මුල්ලක් නෑරම තියන. මුලින්ම හොදට අතුගෑවෙන කොස්සක් ගන්න.. ඒ කියන්නේ කොලයක් ගන්නකෝ........ ඒ කොලේ ලියන්න තියන කුණු ඔක්කෝම කොල මදි වෙන්න පුලුවන් තව කොල අරන් ඔක්කොම කුණු ලියන්න. ඒ කියන්නේ ඔයාට තියන ප්‍රශ්න. ඔය එකතු කරගත්තු ප්‍රශ්න, (එකතු කරගත්තු කුණු) ඔක්කොම හොදට හිතල ලියගන්න ඕනේ...හොදට බලල හැම අස්සකම තියන ඔබගෙ හිතට වද දෙන, ඔබව ලෙඩ කරන, ඔබගේ එදිනෙදා වැඩ කරගත නොහැකි වෙන සෑම ප්‍රශ්නයක් ම, ගැටලුවක් ම, සෑම කුණු රොඩ්ඩක්ම මේ කොලේ ලියන්න ඕනේ. හොදට කල්පනා කරන්න එක දවසින් එක පාරට ලියන්න බැරිවෙන්න පුලුවන් දැන් ලියන්න පුලුවන් ටික දැන් ලියන්න. තව ටිකකින් මතක් වෙයි එකත් ලියන්න වැඩ කරනකොටත් මතක් වෙයි 4න් එකෙ note එකක් දගෙන ඇවිත් පස්සෙ අර කොලේ ලියන්න. දැන් අතුගාල ඉවරයි නේද, ඉවරයි කිවුවට ඉවරම නෑ. මොකද තාම දූවිලි තියනවා ඒව යවන්න නම් mop කරන්න ඕනේ, බඩුබාහිරාදිය වල තියන දූවිලි යවන්න නම් ලාවට තෙමපු රෙදිකෑල්ලක් ගන්න ඔනේ. පැහැදිලි කලොත්, ඒ කියන්නේ ඔයා ලියපු කොලේ මුල ඉදල 3න් 4 පරක් හොදට අවධානයෙන් කියවන්න ඕනේ.. හොදට කියවන්න. ඔය කියවගෙන යනකොට තව එව ලියන්න මතක් වෙඉ එවත් ලියන්න. 4/5ස් පාරකට වැඩියෙන් කියවන්න එපා.... හරි ඔය ටික හොදට කරන්නකො ඊලග step එක අපි ඊලඟ ලිපියෙන් කතා කරමු..
-සාරාශගත කලොත්-
මුලින්ම කොලයක් ගන්න, ඒ කොලේ ඔයට තියන, ඔයාගේ හිතට වද දෙන, ඔයගේ සිත සන්තාපයට, අසහනයට මුල් වන, ඔයාගෙ සැහැල්ලුව නැති කරන, සියලුම දේවල් ලියන්න...... ඔය අමතක කරන්න ඕනේ කියල අමතක කරන්න උත්සහ කරන දේවල් අමතක කරන්න උත්සාහ කරන්න යන්න එපා. මතක් නොකර ඉන්න බලන්න, මතක් වෙන්න තියන අවස්ථා අඩු අරගන්න, අමතක කරන්න ඕනේ, අමතක කරල දානව ම්න් කිය කියා හැම වෙලේම හිතන එකෙන් වෙන්නේ තව තවත් ඒක හිතේ උඩට එන එක. ඒක ගැන හිතන්නේ නැතිව තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න..... හිතුනොත් වෙන දෙයක් ගැන හිතන්න. වෙන ඕනම දෙයක් ගැන. හිතන එකට කෞරුත් නීති දාන්නේ නෑ නේ වැරදි දෙයක් උනත් කමක් නෑ හිතන්න... හරි අර ලිව්ව ටික මුල ඉදල ආයෙත් කියවන්න 3න් පරක් විතර කියවන්න එඉට වැඩිය කියවන්න එපා..
හරි නේ. තවත් පැහැදිලි වෙන්න ඇති. දැන් කුණු ටික එකතුකරගෙන නේ ඉන්නේ පුච්චන්න තමා තියෙන්නෙ.. පුච්චන විදිහ හැන ඊලඟ ලිපියෙන් කියන්නම්...
අපේ ජිවිතේ අසහනයක් ඇති කරන්න, සන්තාපය ඇති කරන්න මේ කුණු වලට පුලුවන්.. ඒ අසහනය හේතුවෙන් මානසිය අක්‍රමිකතා/ මානසික රෝග ඇති වෙනවා.. අපේ ජීවිතයේ අසහනය, සන්තාපය නැති කරගන්න ගන්න එක මාර්ගයක එක් පියවරක් තමා තමන්ට අසහනයක්, සන්තාපයක්, දුකක් ඇති කරන්න තුඩු දෙන සියල්ල ඉහත විදිහට කොලයක ලියන්න ඕනේ. මේක මුල් පියවරක්. මාත් එක්ක ඉන්න අය, කුණු පුච්චගන්න ඕනේ අය මුලින් මේ දේ කරන්න.. මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක් ගොඩක් අයට මේ ක්‍රමය සාර්ථක වුනා. වැඩේ පටන් ගන්නකෝ. ....
ඊලඟ ලිපියෙන් හමුවෙමු!
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්..
ජීවිතයේ ගොඩක් දේවල් ලබාගන්නේ අමුතුම විදිහට හරියට කවුරුහරි මෙහෙයවනවා වගේ... කවුරු හරි අපේ ජීවිතය වියයුතු දේ සැලසුම් කොට සිදු කරනවා වගේ.. හිතල බලන්න ටිකක් ඔබගේ ජීවිතයේදීත් පොඩ්ඩක් පස්සට ගිහින්. ජීවිතයේ ගොඩක් වැදගත් දේවල් අමුතුම විදිහකට ලැබිලා ඇති... ඒ විදිහට හිතාගෙන යනවිට ඇත්තටම දෙවිකෙනෙක් සිටිනවාදෝ කියලත් එක වෙලාවකට සිතෙනවා... අපේ ජීවිතයේ අපිට අහිතකර දේවල් සිදුවෙන්නේ නෑ...
දේවල් අපිට අහිතකරයි කියල හිතුනත් ඒවගේන් අපිට හොද දෙයක් හිතකර දෙයක් අපි නොදැනුවත්වම සිදුවෙලා...
ඔබ යම් දෙයක් කලොත් පමනයි එයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ කාලයා වුනත් ඔබගේ ගැටලු විසදන්නේ ඔබ ගැටලුව විසඳාගන්න උත්සාහ කරනවා න්ම් පමනයි.. ඔබ මහන්සි වී වැඩකරල හම්බකරන සල්ලි ඔක්කොම නිකන් ඉඩගෙන ගෙදරට වෙලා කකා බිබී ඉන්න කෙනෙකුට දෙන්න කැමති වෙන්නේ නෑ නේ ද? ඒ වගේ තමා කාලයාත්. කාලයා ඔබගේ ප්‍රශ්න විසදලා පිලිතුර විතරක් ඔබට දෙන්න කැමති නෑ.. කාලයාත් එක්ක ඔබත් මහන්සි වුනොත් තමා ඔහු ඔබට ඒ උදව්ව කරන්නේ... ප්‍රශ්න විසදගන්න නම් කාලයාත් සමග හවුලේ ඔබත් මහන්සි විය යුතුයි..
ඔබගේ ජීවිතයට කාලයා විසින් හොදම අවස්ථාවක් දෙනවා ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්න.. ඊලඟට තත්පරය.. ඊලඟට තත්පරය ඔබගේ ජීවිතයට ගොඩාක් වැදගත් තත්පරයකි.. කාලයා නිතරම අලුත් එනවා, නමුත් කාලයා අපිට අභියෝග කරනවා පුලුවන් නම් "මම ඔබට ලබා දෙන අලුත් කාලයත් සමග ඔබගේ ජීවිතය අලුත් කරගන්න" කියලා.. නමුත් ඔබ කවුරුත් ඒ අභියෝගය බාරගන්නේ නෑ.. සියල්ල පරාජිතයන්..
ඔබගේ අනාගතය නුදුරේදීම අතීතයක් බවට පත් වේ. අනාගතය වෙනස් කරගත හැකි අතර ගෙවා අවසන් කල අනීතය වෙනස් අරගත නොහැකිය. මගේ දර්ශනය අනුව අනාගතය ලස්සන වුනා කියල වැඩක් නෑ. මොකද අනාගතය ලස්සන වුනාට ඒක අපි ගාව නෑ නේ.. නමුත් ඔබගේ අතීතයයි ලස්සන විය යුත්තේ.. අතීතය ලස්සන නම් අතීතය දෙස හැරී බලන විට සතුටු විය හැකි නම් ඔබගේ ජීවිතය ලස්සන වේවි.
ඔබට ඔබගේ ගෙවුණු අතීතය වෙනස් කළ නොහැක. නමුත් ඔබට ඊලඟ තත්පරය සාර්ථකව ගෙවා අවසන් කොට ඔබගේ අතීතය ඔබට ඕනෑ විදිහට වෙනස් කරගත හැකියි.. අනාගතය වැදගත් නෑ.. හෙට හිතන අදාගතය ඊලඟ තත්පරයේ වෙනස් විය හැකියි.. අනාගතය තව ලියා නැත, උදාවී නැත, උදා වන්නේ ඊලඟ තත්පරයයි. ඊලඟ තත්පරය සාර්ථකව ගත කරන්න.
අනාගතය ලස්සන කරගන්නෙ කොහොමද කියල හිතන්න ඕනේ නෑ.. ඔබ හිතන්න ඕනේ ඊලඟ තත්පරය ලස්සනට ගෙවන්නේ කොහොමද කියලයි. අද දවස ලස්සනට ගෙවන විදිහ ගැන සිතන්න. උදා නොවුනු හෙට දවස ගැන සිතලා නිරපරාදයේ ඔබගේ සිතට දුක ගෙන්නගන්න එපා... අනාගතය ගැන සිතන එකෙන් බොහෝ අයට දුකක් කනස්සල්ලක් මිසක් සතුටක් ලැබෙන්නේ කලාතුරකිනි.. ඉතින් මොකටද උදා නොවූ අනගතයක් හේතුවෙන් ඔබගේ හිත දූෂ්‍ය කරගන්නේ. ඇයි ඔබගේ සතුට නැති කරගන්නේ. හෙටක් උදාවී නැති නිසා ඔබට හෙට දවසක් නැත.
අද තමා ඔබට තියන අවසන් දවස. ඔබ ගෙවන්නේ ඔබගේ අවසන් කාල පරිච්ඡේදයයි ලෙස සිතා ඔබගේ අරමුණට යාමට කලයුතු උපරිම දේ අද, දැන්, මේ දැන් ඉටු කරන්න... නිකන්ම ඔබගේ ජීවිතය ලස්සන වේවී, නොලියූ සුදු පිටු සහිත ඔබගේ පොතේ රන් අකුරින් ඔබගේ අතීතය ඔබ අද දවස ආර්ථකව ගෙවුවා යැයි ලියවේවි..
තවත් ජීවිතයට ලස්සන කරගන්න ඔබට වැදගත් සිතුවිලි සමූහයක් සමගින් හමුවෙමු!
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
මිනිස්සු අතරේ නොයෙක් ආකාරයේ අමුතු අමුතු අදහස් ඇති පුද්ගලයන් සමාජයේ ජීවත් වන අපිට හදුනාගන්න පුලුවන්.. මේ අතරේ මට අසන්න ලැබුණු එක් පුද්ගලයෙක් ගැන ඔබට පැවසුවහොත්,
ඔහු තමන් දවස පුරා භාවිතාකොට ඉවතලන කුණු, ආහාරයට ගෙන ඉතුරු කොටස් සියල්ල ලොකු කවරයකට දමාගෙන ඒක පිටේ බැදගෙන ඉන්නවා. ඇතැම් විට තමන්ගේ කලිසමේ සාක්කු වලටත් ඒවා දාගන්නවා. දවස ආරම්භයේ සිටම ආහාරයට ගන්නා කෑම වල ඉවතලන රොඩු, කෑම කෑල් ඔක්කොම අර කවරයට දාගන්නවා.
ඒ කවරය තුරුළු කරගෙන තමා රෑට නිදියන්නේත්. ඊලඟ දවසත් ඒ විදිහටම කරනව ඒ දවසේ කුණුත් ඒ කවරයටම දානවා. තවත් දවසක් ඒ විදිහටම ගෙවනවා, දැන් ටිකෙන් ටික ඒ කුණු මල්ලෙන් ගඳ එන්න පටන් ගන්නවා. එත් ඒ පුද්ගලයා ගානක් නැතිව ඒ මල්ල පිටේ බැදගෙන දවස ගතකරනවා.
ඔය විදිහට දවස් 5ක් විතර යනකොට මල්ලේ ඇති කෑම කුණු වෙලා හොදටම ගඳ ගහනවා, පණුවන් පවා ඇතිවෙලා.
නමුත් ඒ පුද්ගලයාට කිසිම ගානක් නැතිව ඒක හොදට පරිස්සම් කරගෙන තියාගන්නව. ගානක් නෑ කිවුවට ගානක් නැත්තේමත් නෑ ගඳ දැනෙනව, මැස්සො වටේ කෙරකෙනකොට උන් එලවනවා. ඒ වගේම ඒ පුද්ගලයේගේ පිටේද, අත් වලද සමේ රෝග ඇතිවෙන්න පටන් අරගෙන ඒවා තුවාල බවට පත් වෙලා. ඔහු වටේ මස්සෝ ගොඩයි. එන්න එන්න මේ පුද්ගලයා ලෙඩවෙන්න් පටන්ගත්තා. හොදටම අසාධ්‍ය තත්වයේ සිටින්නේ,
මේ පුද්ගලයා ඇතිවී තියෙන තුවාල වලට බෙහෙත් කරන්න පටන් ගන්නවා. නමුත් අර කුණු මල්ල තාමත් කරේ. එක තැනකින් බෙහෙත් අරගෙන හොදවුනේ නැති නිසා තවත් තැනකින් ගන්නවා. තැනින් තැනට යනවා. ඒත් මේ මල්ල තාමත් කරේ.. ඒක අයින් කරන්න හිතෙන්නේ නෑ. නමුත් තුවාල වලට බෙහෙත් කරනවා.
මේ තත්වය තුල ඔහුට ඔහුගේ සෑම දෙයක්ම එන්න එන්න නැතිවෙන්න පටන්ගත්තා.තම හිතවතුන්, රැකියාව, නෑදෑයන්, සියල්ල නැති වුනා.. අර මල්ල විතරයි මොහුට ඉතුරු වුනේ. මොහු යාචකයෙක් බවට පත් වුනා. ඒත් අර කුණු මල්ල තාමක් කරේ තියාගෙන ඒක පෝෂණය කරනවා......
ඔබ දන්නවාද මේ කවුද කියල????? ඒ වෙන කවුරුත් නොවේ ඔබයි!! අර කුණු දමාගත් මල්ල තමා ඔබගේ මනස. කුණු නම් ඔබ දවස පුරා ගෙවා දැමූ ක්‍රියාවන්ගේ හරි/වැරදිව සහ ඔබගේ මනසේ ඉතිරි කරගත් දේවල්.
ඔබ මේ ලෝකය දෙස දකින්න, සිතන්න පටන්ගත් දා සිට සෑම දෙයකගේම ඔබගේ මනසේ තැන්පත් වෙනවා. නමුත් ඔබ ඉවත දාන උවමනා දේවල්ද ඔබගේ මනසේ තැන්පත් කරගන්නවා. ඔබගේ මනස නැමැති මල්ලේ වැඩියෙන් තියෙන්නෙ ඉවත දැමිය යුතු කුණු. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔබ තරුණ වියට පත්වෙත්ම අර කුණු මල්ලේ ඇති දේවල් කුණු වෙලා පනුවො ගහල, ගඳ ගහන්න ගන්නවා... ඉතින් ඔය විදිහට තමා ඔබගේ ඉතිරි කාලයේ ජීවත් වෙන්න වෙන්නේ.. වැඩියෙන් කුණු තියන අයගෙ වැඩියෙන් ගඳ ගහනව, ඒ වගේම අතුරු ආබාධත් වැඩී.
ඔබ මේ ගොඩගසාගත් අතීතයේ දේවල් නිසා ඔබ ඔබගේ ජීවිතයම විනාසයට පත් කරගන්නවා. ඉවත දානා ඕන දේවල් ලග තියාගන්න ඕනේ නෑ නේ. ඔබට එයින් කිසිම ප්‍රතිලාභයක් නෑ. නැත්තෙමත් නෑ ඔබට හම්බවෙනවා අමතරව විසඳා ගැනීමට අපහසු ප්‍රශ්න ගොඩක්.. ඔබට ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට නොහැකි වේවි. ඔබගේ ජීවිතයේ ලස්සන නැතිවෙලා යාවි....
කරන්න තියෙන්නේ එකම දෙයයි පුච්චලා දාන්නා ඔබගේ අතීතයේ ඉතුරුකරගත් කුණු, මොකද ඒ කුණුත් සමග ඔබට අලුත් අනාගතයක් හිමිවන්නේ නෑ. ආනාගතය ද කුණුවල ගඳට ඔබව අතහැර දමා පලා දුනවා. දවසේ එකතුවන කුණු අද දවසේ අවසානයේම පුච්චල විනාශකරල දන්න. ඒවා තියාගෙන ඉන්න එපා.
ඔබ මෙච්චර කල් තියාගත්තු ගොඩ අයින් කලාම ලැබෙන සැහැල්ලුව කොච්චරද කියල තේරෙයි.. අලුත් දවසක් ආරම්භවෙන විට අලුත් ලෙස නැවුම් ලෙස ආරම්භ කරන්න. කා ගිල දැමූ ආහාරයේ අඩුපාඩු කියල වැඩක් නෑ නේ. කිවුවා කියලා කාපු එකේ රස වෙනස් වෙන්නේ නෑ නේ. ඊලඟපාර කෑම හදනකොට අඩුපාඩු මගහරවාගන්න උත්සාහ කරන්න....
හිතලා බලන්න ජීවිතයට මොනවද එකතු කරගන්න පුලුවන් කියලා...
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe
Please invite to your friends our page
Like
Comment
Share
Like
Comment
Share
මනෝවිද්‍යා විශ්වයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔබට. අපි මේ වෙනකොට ලිපි 46ක් යටතේ කරුණු සාකච්ඡා කරල තියනවා. තව ඉදිරියට අපිට කතා කරන්න ගොඩක් ලොකු වැදගත් මාතෘකා තියනවා. හෙමීට අපි එකින් එක කතා කරමු. හරි එහෙන්ම් අපි අද මාතෘකාව පැත්තට යමු.
පෞරුෂ සංවර්ධන න්‍යාය - 01
ළමා මනෝවිද්‍යාව යටතේ අපි මේ වෙනකල් නවජ දරුවා දක්වා කතා කරල තියනවා. ඒ වගේම කලින් අපි දරුවෙකු ඉපදෙන්න කලින් තියන අවධීන් ගැන කතා කලා දරුවෙකු ඉපදීමෙන් පසුව දරුවාගේ පෞරුෂත්වය සංවර්ධන වන අවධීන් ටික නැතහොත් පෞරුෂත්ව වර්ධන න්‍යායයන් ගැන තමා අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ..
ඉතින් මේ දරුවෙකු ඉපදීමෙන් පසුව දරුවෙකුගේ මොළය ඇතුලු ශරීරයේ අනෙකුත් කොටස් වර්ධනය වනවාක්ව මෙන්ම දරුවෙකුගේ පෞරුෂත්වයි සංවර්ධනය සදහා ද න්‍යායන් තියනවා. දරුවෙකුගේ මොළය සහ කායික කොටස් සම්පූර්ණවී තිබුණද සමහරක් දරුවන්ගේ පෞරුෂයේ යම් යම් අඩුපාඩුකම් දකින්න තිබේ ඉතින් මේ ගැන මනෝවිද්‍යාඥයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් විවිධ පර්යේෂණ කරමින් හේතු සොයන්න ගත්තා. මෙහිදී වැදගත්ම න්‍යායන් සොයාගෙන ලෝකයට ඉදිරිපත් කලේ අපි කවුරුත් දන්න සිග්මන් ෆ්‍රොයිඩ් සහ එරික් එරික්සන් යන දෙදෙනායි.
මානසික රෝගීන් සදහා ප්‍රතිකාර කරමින් ඔවුන්ගේ රෝග ගැන සොයමින් ඒවා ගැන පරීක්ෂන කරමින් සිටි ෆ්‍රොයිඩ් ට මේ වැඩිහිටියන්ගේ මානසික රෝග වලට කුඩා කාලයේදී ඇති වූ යම් හේතුවක් තුලින් හටගත්තා ද? යන ගැටලුව පිලිතුරු සෙවීමට දිගින් දිගටම පර්යේෂණ සිදු කළහ. එහිදී ඔහු සොයාගත් කරුණු තුලින් පුද්ගලයෙකුගේ පෞරුෂයේ අක්‍රමිකතා ඇති වීමට හේතු වන්නේ කුඩා කාලයේ දරුවෙකුගේ මානසික අවශ්‍යතාවයන් නිසි ආකාරව තෘප්ත නොවීම නිසා බව පෙන්වා දුන්හ. ඒ කරුණු එක්රැස්කොට ෆ්‍රොයිඩ් විසින් මනෝ ලිංගික අවධි හදුන්වා දී ඇත. එහිදී ෆ්‍රොයිඩ් පැහැදිලි කරන ආකාරයට දරුවෙකුගේ මුල් කාලයේ මනෝලිංගික ආශාවන් නිසි ආකාරව සම්පූර්ණයෙන් තෘප්ත විය යුතු වන අතර නිසි ආකාරව තෘප්ත නොවන විට පසු කාලයකදී පෞරුෂත්වයේ ගැටලු/ අසාමාන්‍ය චර්යා බිහි වීමට මූලික වන බව පවසා ඇත. සමාජ මනෝවිද්‍යාඥයන් ද මොහුගේ මෙම අදහසට එකඟ විය..මවුවරුන් මේ කාලයේ දරුවන්ගේ අවශ්‍යතාවයන් (ආශාවන්)ට සිමා මායිම් නොදා ඒවා ලබාදීම තුලින් සුබවාදී පෞරුෂයක් සමග යහපත් පුරවැසියෙක් බිහිකළ හැකිය.
ෆ්‍රොයිඩ්ගේ මේ පෞරුෂය සංවර්ධනය න්‍යාය තුලින් දරුවෙකු ඉපදීමෙන් පසුව අවුරුදු 5ක පමන කාලයක් තුලදී දරුවාගේ මොළයේ EGO සහ Superego යන කොටස් දෙක (Ego, Superego, Id, ගැන අපි ඉදිරියේදී සම්පූර්ණයෙන් කතා කරමු) වර්ධනය වන අතර Id පාලනය කරන්න ආරම්භ වන්නේ මේ ego, superego ගේ අර්ධනය තුලිනි. (Id ගැන පොඩි පැහැදිලි කිරීමක් තියනව මේ ලිපියේ) මේ කාලය වැඩිහිටි දරුවෙකුගේ පෞරුෂත්වය සමාන්‍ය/ අසාමාන්‍ය බව තීරණය වන බව පෙන්වාදී ඇත. මෙහිදී ෆ්‍රොයිඩ් දරුවෙකුගේ පෞරුෂය සංවර්ධනය වන අවධීන් 5ක් ඉදිරිපත් කොට ඇත. ඒවා මනෝලිංගික අවධීන් ලෙසද හදුන්වයි.
-මුඛ අවධිය-
Oral Phase
දරුවෙකුගේ උපතේ සිට අවුරුදු 1යි මාස 6ක් යන තෙක් දරුවෙකු මෙම අවදියේ සිටී. දරුවෙකුගේ මේ කාලය තුලදී බොහෝ සම්බන්ධතා ඇතුලු බොහෝ දෑ ඉටු කරගන්නේ මුඛය ආශ්‍රය කරගෙන ය. මන්ද ඒ දරුවාගේ අත් පා ශක්තිමත්ව වැඩී නොතිබීම හේතුවෙනි. ආහාර ගැනීම ආදී සාමාන්‍ය දේවල් පමනක් නොව මනෝලිංගික වශයෙන් තෘප්තියක් ලබාගන්නේද දරුවා තම මුඛය ආශ්රිත කරගෙනය. මුඛය මූලික වන නමුත් ස්පර්ශය, ආඝ්‍රාණය, දැකීම. තුලින් ද තෘප්තිය ලබා ගැනීමට දරුවා උපයෝගී කරගනී. මේ අවදිය ද කොටස් 2කින් පැහැදිලි කර ඇත, එනම්,
- පරායත්ත මුඛ අවධිය
- හිංසාකාරී මුඛ අවධිය
දරුවා ඉපදී පළමු අවුරුදු 1ක සම්පූර්ණ වනතෙක් ගෙවෙන්නේ පරායත්ත මුඛ අවධියයි. දරුවෙකුගේ මේ කාලය තුලදී මූලික ක්‍රියාකාරකම් ලෙස ආහාර ලබා ගැනීමට, සන්දනිවේදනය කිරීමටත්, දුක වේදනාව කියා පෑමට, විරෝදය පෑමට මුකය උපයෝගී කරගනී. මූලික වශයෙන් මේ කාලයේ දරුවෙකු සතුට ලබන එකම මාර්ගය වන්නේ මුඛය ආශ්රිත කරගෙනය. අතට අසුවන සෑම දෙයක්ම ඉරීමටත් (උරා ගැනීමට). අතේ ඇගිලි අපි අතක් දුන් විට අපේ අතේ ඇගිලි ඉරීමටත් (උරා ගැනීමට), සුප්පුව, මවගේ තනපුඩුව ආදී සෑම දෙයක්ම උරාගැනීමට උත්සාහ කරයි. උරාගැනීමේ ක්‍රියාවලියේ දී ආහාර ලබාගැනීමයි. එනම් මවගේන් කිරි උරා බීමයි වැදගත් වේ. මවගෙන් කිරි උරා බීමේදී දරුවා තොල්, දත්, දිව උපයෝගීකොට ගනී. ඉරීමේ (උරා බීමේ) ක්‍රියාවලිය හුදෙක් දරුවාගේ කුසගින්න නිවීම සදහා පමනක් නොව තොල්, මුඛ විවරය උත්තේජනය වීම තුලින් දරුවා ශෘංගාරාත්මක ආස්වාදයක් ලාබාගනී. මේ ශෘංගාරාත්මක ආශ්වාදය ලිංගික ආශ්වාදයකින් සංයික්ත වේ. ඒ වගේම දරුවා කුස පුරවාගෙන කුසගින්නෙන් තොරව සිටීමෙන්ද දරුවා සතුටක් ලබයි.
දරුවා මවගෙන් කිරි උරා බොන්නේ නිකන්ම කිරි ගොවිපොළක එළදෙනුන්ගෙන් යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් කිරි දොවා ගැනීමක් ආකාරයෙන් නොව.. මවගේ තනය මිරිකමින්, ස්පර්ශ කිරීම් වැනි ක්‍රියාකාරකම් ද මේ කිරි උරා බීමේ ක්‍රියාව තුල අන්තර්ගත වේ. මේ කිරි උරා බීමේ ක්‍රියාවලිය තුලින් දරුවෙකු ආශ්වාදයක් ලැබීමට නම් එම ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුයි. එසේ නැතිව දරුවා ඒ තුලින් ආශ්වාදයක් ලබන්නේද අඩු වශයෙනි.. අඩු ආශ්වාදයක් ලැබීම/ හෝ දරුවා බලාපොරොත්තු වන තෘප්තිය ලබා ගත නොහැකි වීම තුලින් ඇති විය හැකි ප්‍රතිඵල ගැන අපි ටිකකින් කතා කරමු.
හිංසාකාරී මුඛ අවධිය -
මුඛ අවධියේ අවසන් භාගය වන ටිට දරුවාගේ මුඛයේ යම් තරමකින් සැපීමට හැකි තරම් කිරි දත් මතු වී ඇත. ඉහත පරායත්ත අවධිය තුලදී සදහන් කළ පරිදි දරුවා අසු වන සියලු දෑ උරා ගැනීමට උත්සාහ දැරුවාක් මෙන් උරා ගැනීමට මුඛය තුලට දමාගත් දෑ සැපීක්ද සිදු කරයි. පරායත්ත අවධිය පසුවෙනවාත් සමගම දරුවා කලින් ඉරීම සදහා යොදාගත් දෑ සැපීමට ආරම්භ කරයි. සියලු ආක්රමණකාරී ක්‍රියාකාරකම් වල ආරම්භය සනිටුවහන් කරන්නේ මේ කිරි දත් වලින් සැපීමේ ක්‍රියාවලියත් සමඟයි. පරායත්ත අවදියේ දරුවා ලැබූ ශෘංගාරාත්මක ලිංගික ආශ්වාදයට හා සමානව දරුවා හිංසාකාරී මුඛ අවධිය තුලදී සැපීම, තලුමැරීම තුලින් තෘප්ත කරගනී.
ඉතින් මේ ආකාරයට දරුවෙකුගේ මුඛ අවධිය ගෙවී යයි. නමුත් සෑම මවක්ම පියෙක්ම සිතන වෙනත් ආකාරයටෛ. නමුත් දරුවෙකු ඉල්ලන්නේ අවශ්‍ය වූ විටයි. අවශ්‍ය වූ විට එය නොලැබෙන්නේ නම් එය නැවත ලැබීමකින් පළක් නොමැත නමුත් ඒ තුලින් ඔහු බලාපොරොත්තු වෙන දෑ ලබා ගැනීමට ඔහු වෙනත් මාර්ගයක් සොයාගනී.. මේ ආකාරයට මුඛ අවධියේ දරුවෙකු මවට තුරුළු වී මවගේ උණුසුම විදිමින් කිරි උරා බොමින් මවගේ තනය මිරිකමින් ස්පර්ශ කරමින්, මවගේ මුහුණ දිහා බලාගෙන අවගේ සිතුවිලි කියවමින්, තෘප්ත කරගන්න මනෝලිංගික් ආශාවන් නිසි ආකාරව තෘප්ත නොවන්නේ නම්, එනම් මවට හැකි විට දරුවාට කිරි ලබා දෙන්නේ නම්, මවගේ උණුසුම දරුවාට ඒ අවස්ථාවේ නොලැබෙන්නේ නම්. මවගේ සිතුවිලි සමග දරුවා සම්බන්ධ වන ඉට මව කරදර රාශියක කලබලයෙන් සිටින්නේ නම්, මුලු කිරි දීමේ ක්‍රියා වලියේම කිසිම පළක් නැත ඇත්තේ දරුවාගේ කුස පිරීමක් පමණි. දරුවෙකුගේ කිස පිරවීමට නම් ඕනෑ කෙනෙකුට හැකිය නමුත් ඉතුරු හැගීම්/ ආශාවන් තෘප්ත කිරීමට නම් කිසිවෙකුට කළ නොහැකිය. මව සහ දරුවා අතර උතු ආදරයක් ගොඩ නැගෙන්නේද ඒ තුලිනි. බටහිර රටවම බොහෝමයක් අපට දකින්න ලැබෙන්නේ මවට ගෞරවය/ ආදරය නොදක්වන්න හේතුවත් මම දකින ආකාරයට මෙය වේ..
මීට අමතරව මුඛ අවධිය නිසි ආකාරව තෘප්ත් නොවන විට දරුවෙකුගේ Super EGO හී වර්ධනය නිසි පරිදි සිදු නොවේ. ඒ වගේම අනවශ්‍ය ලෙස අධික සැලකිල්ලකින් යුතුව ආරක්ෂාව ලබන දරුවන්ගේ Super EGO අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වර්ධනය වේ.. දරුවෙකු වයසින් වර්ධනය වෙත්ම පමණට වඩා කෑම බීම නිතර නිතර ගැනීමට ආශා කිරීමත්, නිතරම මොනවා හෝ සපමින් සිටීමට ආශා කිරීමටත්,නියපොතු සැපීම, ඇඟිලි සූප්පු කිරීම, පෑනේ, පැන්සලේ කෙලවර සැපීම, දුම්පානය, උරා බොන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම වැනි ක්‍රියා මුඛ අවධිය දරුවා බලාපොරොත්තු වන අකාරයට තෘප්ත නොවීමේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.ඒ වගේම් ඉවසීමෙන් තොර සැරපරුෂ, නොසන්සුන් වාදශීලී පුද්ගල චරිත ලක්ෂණද මේ අවධිය නිසි ආකාරයෙන් තෘප්ත නොවීමේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය..
මේ අවධිය තුලදී දරුවෙකුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස ආදරනීය ලෙස සතුටින් ඉටු කිරීමෙන්, එනම් සතුටින් කැමැත්තෙන් වැඩි කාලයක් අරගෙන දරුවාට ඇති වන තෙක් කිරි උරාබීම සහ ඒ ආශ්රිත ක්‍රියාවලින් කිරීමට ඉඩ ලබා දිය යුතුයි. සර්ව සුභවාදී පෞරුෂයක් සහිත දරුවෙකු මෙලොව ඇති කල හැක්කේ ඒ තුලිණි// මේ පිළිබඳව ප්‍රසිද්ධ මානව විද්යාඥයයෙකු වන මාග්‍රට් මිඩ්ගේ සිදු කළ පර්යේෂණයෙන් ඉහත කරුණු තවත් සනාථකොට දැක්විය හැකිය. යම් ගෝත්‍රයක දරුවන්ට ආදරයෙන්, දයාවෙන්, වැඩි වේලාවක් කිරි උරාබීමට දුන් අරපේෂ් ගෝත්‍රයේ දරුවන් ප්‍රීතිමත්, කාරුණික, ත්‍යාගශීලී පෞරුෂයක් සහිත පුද්ගලයන් වූහ, ඊට ප්‍රතිවිරුද්ධ ලෙස අකාරුණිකව, ආදරයක් රහිතව ක්‍රියා අනුගමනය කල මුන්ඩුගුමාර් ගෝත්‍රයේ දෙමාපියන්ගේ දරුවන් ආක්‍රමණශීලී, සටන්කාමී, අවිනීත චර්යා සහිත පුද්ගලයන් වූහ..
ඉතින් මේ අවදියේදී එනම් දරු උපතේ සිට අවුරුදු 1.1/2 යන තෙක් දරුවාට ආදරයෙන්, වැඩි වේලාවක් මවගේ උණුසුම ලබාදෙමින් දරුවාගේ කිරි උරාබීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් තෘප්ත කරගැනීමට ඉඩ ලබා දෙන්න.. සර්ව සුභවාදී පෞරුෂයක් සහිත දරුවෙකු ඇති කිරීම සදහා..
එහෙනම් අද ලිපිය අවසන් වෙනවා. අපේ ඊලඟ ලිපියෙන් අපි පෞරුෂය වර්ධන අවධීන්ගේ දෙවන අවධිය ගැන සාකච්ඡා කරනවා..
එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author
Dushyantha Samarasinghe
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබට සහ ඔබගේ පවුලේ සැමට ආදරය සතුට පිරි සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා!!!!. ඉතින් ඉතින් කොහොමඩ ඔබට. පසුගිය මාස කිහිපයේ ලිපියක් ලබාදීමට නොහැකි වීමට සමාවෙන්න ඕනේ... අලුත් අවුරුද්දත් ආවා නේද. ඔබට කොහොමද අවුරුදු.. හරි අපි එහෙනම් අද ලිපියේ අන්තර්ගතයට පොඩ්ඩක් බලමු..
අපේ බ්ලොග් අඩවියේ ගොඩක් මාතෘකා අපි මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ඉතින් ඒ මාතෘකා සමූහයන් එක් මාතෘකාවක් තමයි "මනස" කියන මාතෘකාව. කලින් ලිපි තුලින් අපි කථා කරල තියනවා මනස ගැන මූලික හැදින්වීමක් සහ බෞද්ධ මතය ගැන. මේ ලිපියෙන් අපි කථා කරන්න යන්නේ මනස ගැන දාර්ශනික මතයන් ගැන.
මනස - 03.I
දාර්ශනික මතයන්
මනස පිලිබදව අවිධිමත් මතිමතාන්තරයන් රාශියක් තුලින් සහ අවිධිමත් අධ්‍යයනයන්, නිර්ණය කිරීම් තුලින් නිර්වචනය එහෙම නැති නම් හදුන්වමින් පැමිනියද ග්‍රීක යුගයේදී මේ පිලිබඳ යම් යම් ආකාරයේ විධිමත් තාර්කික අර්ථකතනයන් ඉදිරිපත් වන්නට විය.
මනෝවිද්‍යා ලෝකයට ඉතාමත් වැදගත් මතයන් රාශියක් මේ ග්‍රීක යුගයෙන් ඉදිරිපත් විය. "මනස" මනස නොව ආත්මය ලෙස ග්‍රීක යුගයේ දාර්ශනිකයන් හැදින්වූහ, ග්‍රීක යුගයේ දාර්ශනිකයන් අතරින් අපිට නිතරම වගේ වැදගත් වන්නේ සොක්රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් යන දාර්ශනිකයන් තිදෙනාය. මොවුන් තිදෙනා කිසිම විශයක අමතක නොවන චරිත 3නක් වේ.. ග්‍රීක දාර්ශනිකයන් ජීවයත් එහි ක්‍රියාකාරීතවයත් දිගටම පවත්වාගෙන යාමට හේතු වන මූලධමය ලෙස මේ ආත්මය හදුන්වා ඇත. ග්‍රීක දාර්ශනිකයන් මේ අපගේ මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධය ගැන විවිධ මත ඉදිරිපත් කොට ඇත..
"ආත්මය දිව්‍යමයයි, අමරණීයයි, තාර්කිකයි, සංයුක්තයි, විසිරී නොයන සුළු වන නමුත් ශරීරය මැරෙණ සුළු, විසිරී යන සුළු වේ."
-සොක්රටීස්-
ඉහත මතයත් සමගින් ඔහු ආත්මයේ ඇති සදාකාල්ක බවත් ශරීරයේ ඇති වෙනස්වන සුළු බවත් පෙන්වාදී ඇත. ඒ වගේම බෞද්ධ දර්ශනයේ එන කර්මය හා සමානව ආත්මය ද සංක්‍රමනය වන බවත් පෙන්වාදී ඇත. අයහපත් ක්‍රියාවන් හට විපාක ලබාදීමට විපාක විදින තැන් වලට යොමු කිරීමට මේ ආත්මය කටයුතු කරන අතර, පූර්වයෙ කල අයහපත් දෑ වලට අනුරූප ව සිරුරේ සිට සෑම දෙයක්ම තීරණය වේ. දුක් විදීමටත්, සැප විදීමටත් හේතුව තමන් විසින් කරන ලද ක්‍රියා පදනම් වන බව ග්‍රීක දාර්ශනිකයන් පෙන්වාදී ඇත.
මිනිස් සිත හුදෙක් හිස් කලයක් නොවේ, එක් එක් ආත්මයන්ගෙන් එකතු කොටගත් දැනුම් ගබඩාවක් වන අතර මිනිසා තුල බුද්ධිය දැනුම සහජයෙන් සැගවී ඇති. ඒවා අධ්‍යාපනය මගින් යලි සිහිපත් කරගැනීමක් සිදු වන බව ග්‍රීක දාර්ශනිකයන් පැහැදිලිකොට ඇත
ආත්මය යනු මනසේ ක්‍රියාකාරීත්වය වන අතර ආත්මය මිනිස් ශරීරයට ඒමට පෙර පරමාදර්ශී ලෝකයක පවතින බව ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝ පෙන්වාදී ඇත, ප්ලේටෝ මනස සහ ආත්මය යන දෙකම එක් දෙයක් බව පැහැදිලි කර ඇත. එමෙන්ම ආත්මය සදාකාලික දෙයක් වන අතර ආත්මය ශරීරයකින් ශරීරයකට සංක්‍රමණය වන බව ප්ලේටෝ විසින් ප්‍රකාශකොට ඇත. හුදෙක් මරණයෙන් ආත්මය අවසාන නොවේ සංසාරය අවසන් වන තුරු ඉපදෙමින් මැරෙමින් මේ ආත්මය සැරිසරයි.
ප්ලේටෝ මිනිස් ආත්මය ලක්ෂණ 3ක් පෙන්වා දී ඇත,
- තර්කන ලක්ෂණය,
- ආධ්‍යාත්මික ලක්ෂණය,
- ආලම්භන ලක්ෂණය,
මේ විශ්වයේ ජීවීන් කාණ්ඩ 3ක් ඇත, මිනිසුන්, සතුන්, ශාඛ. මිනිසුන්ට සිතීමේ සහ අදෘශ්‍යමාන ආත්මයකුත්, සතුන්ට සංවේදනීය ආත්මයකුත්, වෘක්ෂලතා වලට ශාඛ ආත්මයකුත් පවතින් බව අපි කවුරුත් දන්න සුප්‍රකට ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් පෙන්වාදී ඇත. ඔහු ආත්මය අමරණීය හා නිත්‍ය බව තව දුරටත් තහවුරු කරමින් ඔහුගේ අදහස් දක්වා ඇත. මිනිසාගේ ද්‍රව්‍යමය කොටස් මොහොතින් මොහොත වෙනස් වුවද ද්‍රව්‍යමය නොවන කොටස් හෙවත් ආත්මය වෙනස් නොවී නිත්යව පවතීන බවත් මේ මිනිස් ආත්මයේ ඇති සිතීමේ සුවිශේෂී ලක්ෂනය හේතුවෙන් මිනිසා අනිත් සත්වයින්ට වඩා උසස් වන් බව ඇරිස්ටෝටල් විසින් පෙන්වාදී ඇත..
මනස ගැන දාර්ශනික මතයන් තවත් ලිපි කිහිපයකට ඉදිරිපත් කරන්න වෙනවා. මොකද ගොඩක් දේවල් කතා කරන්න තියනවා.. ඊලග ලිපියෙන් මනස මනස ලෙස හැදින්වීමට ආරම්භ කරපු රෙනේ ඩේස්කාටස් ගැනත් එයින් ඉදිරියට මනස ගැන සදහන් වූ කරුණු ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
එහෙනම් ඊලග ලිපියෙන් මුණගැසෙමු....
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author
Dushyantha Samarasinghe
Hi Guys.. වැඩත් එක්ක Blog එකට post එකක් දාන්නත් බැරි වුනා. කට්ටියව මතක් වුනා ඉතින් මොකද ආයේ කට්ටිය දකින්න වෙන්නේ ලබන අවුරුද්දේ නේ...
මේ අවුරුද්ද ඉවරයි නේද යාලුවනේ හැමෝම මේ අවුරුද්දේ දී කරපු වැරදි ගැන හිතලා ඒ වැරදි පාඩමක් කරගෙන ලබන අවුරුද්දේදී නොවෙන්න වග බලාගන්න නේද හදන්නේ.
ඒත් හිතුවත ඔබ මේ අවුරුද්දේ කරපු හොද දේවල් ගැන, සාර්ථක දේවල් ගැන, හිතුවද ටිකක් හිතන්න. ඔබට ලැබුණු දේවල් ගැන සිතන්න ඔබ ඒ දේවල් තියෙද්දී නේද තවත් දේවල් පසු පස දුවන්න ගිහින් හිතට දුක ඇති කරගන්නේ. ඔබට ඇති වුන ප්‍රශ්න ගැන සිතන්න ඔබ ඒවා විසදාගත් ආකාර ගැන සිතන්න, මොනවද ජීවිතේට එකතු කරගත්තේ කියල හිතන්න,
වෛරය, තරහව හමුවේ වාසය කල හැම්මේ සිනහවට සහ ශාන්ත වූ මනසකට පමනයි. නිස්චිත වූ දවසකට පමණක් අලුත් වන්නේ කම්මලි, මෝඩ මිනිසුන් ය. අපි අලුත් වන්නේ සෑම තත්පරයකදී ම ය. දිනයකට සීමා නො වී සෑම දවසක් ම ආරම්භයේ අලුත් සිතුවිලි සහිතව දවස ආරම්භ කරන්න. එහෙනම් ඔබ සැමට සතුට, සිනහව පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තමන්ගේ මනසට මුල් තැන දෙන්න, මුලින් තමන් ගැන විශ්වාස කරන්න, තමන්ව තේරුම් ගන්න,
හෙටින් ආරම්භ වන අලුත් අවුරුද්ද තුල අරමුණු රහිත සියල්ලට නව අරමුණු ඇති කරගෙන ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව ලැබේවා.
ඉතින් කොහොමද යාලුවනේ අලුත් මාසේ පළමු ලිපිය අද අරගෙන ආවා. ටිකක් ප්‍රමාද වුනා අලුත් ලිපිය ලබා දෙන්න. හේතුව වගකීමකින් යුතුව කරුණු තොරතුරු ලබාදෙන්න ඕනේ නිසා. අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. ලිපි කිහිපයකින් ඉදිරිපත් කරන්න වේවි. අපි එහෙන්ම් මාතෘකාව පැත්තට යමු.
කලින් ලිපියකින් අපි කතා කරා අසාමාන්‍ය චර්යා ගැන. කියවපු නැති අය ඒක කියවනවා නම් ගොඩක් හොදයි. ඉතින් මානසික අක්‍රමිකතා වල ඇති බලපෑම් හේතුවෙන් අපගේ චර්යාවට පහර එල්ල කරනවා. එතකොට අපගේ චර්යාවා සාමාන්‍ය චර්යාවකට එහා ගිහින් අසාමාන්‍ය චර්යාවක් බවට පත් වෙනවා. ඉදිරියේදී අපි මාතෘකා යටතේ අසාමාන්‍ය චර්යාවන් ඇතිවිය හැකි මානසික අක්‍රමිකතා ගැන සාකච්ඡා කරනවා.
Paraphilic Disorders
(ලිංගික අපවර්තනය/අපගමනය)
පැරාෆීලියා (Paraphilia) හෙවත් ලිංගික අපවර්තන තත්වය. කායික හා ලිංගික විද්‍යා මහාචාර්යවරයකු වන John Money නැමැත්තා විසින් මෙම වචනය අසාමාන්‍ය මනෝවිද්‍යාවට එකතු කරනලදී. මුලදී මෙය හැදින්වූයේ ලිංගික අපගමනය ලෙසයි. ලිංගික අපගමනය, ලිංගික අපවර්තනය යන නම් වලින් මෙම තත්වයන් හදුන්වයි. අසාමාන්‍ය ලිංගික හැසිරීම නැතහොත් සාමාන්‍ය චර්යාවෙන් එහාට ගොස් ලිංගික චර්යාවක් පැවතීම ලිංගික අපගමනය මගින් විස්තර කෙරේ. නමුත් ලිංගික අවවර්තනය යටතේ ලිංගික කැමැත්තේ ඇති ආබාධ පිලිබඳව විස්තර කෙරේ. වැඩිදුරටත් පැහැදිලි කලොත් ලිංගිකත්වය කියන ආශාව ලබා ගන්න/ තෘප්ත කරගන්න ක්රමයේ ඇති ආබාධ මෙම අක්‍රමිකතා මගින් පැහැදිලි කරයි. මානසික අක්‍රමිකතා ගැන මුලු ලෝකයම පිළිගත් අත්පොත වන අමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය තුලින් ඉදිරිපත් කල DSM ( DIAGNOSTIC AND STATISTICAL MANUAL OF MENTAL DISORDERS) අත්පොත තුල සියලූම මානසික අක්‍රමිකතා සම්පූර්ණයෙන් හදුන්වාදී ඇත. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන ICD 10 (International Classification of Diseases) තුලද මානසික අක්‍රමිකතා 300යකට අධික ප්‍රමාණයක් අර්ත දක්වා ඇත. මේ පොත් දෙක තමා මුලු ලොකයේම මානසික රෝග ගැන සඳහන් වෙලා තියන සහ මුලු ලෝකයම පිළිගන්න පොත් දෙකක් වෙන්නේ... මේ පොත් දෙක ගැන ඉදිරියෙදි වෙනමම ලිපියකින් කතා කරන්නම්. මේ පොත් වල DSM 5 ලෙස නව සංස්කරණය දැනට ඉදිරිපත් වෙලා තියනවා. මේ පොත් දෙක සහ තවත් පොත් කිහිපයක කරුණු එකතු කරගෙන මම අත්දැකීමෙන් ලබාගත් දැනුමත් එකතු කරගෙන මානසික අක්‍රමිකතා ගැන ලිපි ඉදිරිපත් වෙන්නේ. ඕනම කෙනෙක්ට 100% පිළිගැනීමේ හැකියාව වගේම වගකීමකින් යුතුව තමා මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මන් ඒ සඳහා බැඳී සිටිනවා.
මෙම අපගමන තත්වය බහුලවම පිරිමි පාර්ශවය තුල 90වකටත් වැඩියෙන් දකින්න ලැබෙන අතර ගැහැනු පාර්ශවය තුලද ඉතාමත් සුළු වශයෙන් පවතී නමුත් මතුපිටට පැමිණෙන්නේ ඉතාමත් අඩුවෙනි.. මෙහිදී සම්පූර්ණයෙන් සාමාන්‍ය පුද්ගලයෙකු ලිංගික සතුට ලබන ආකාරයෙන් වෙනස්ව ගොස් වෙන වෙන ක්‍රම ඔස්සේ ලිංගිකමය වශයෙන් සතුටක් ලබයි. මෙම තත්වය ඇති පුද්ගලයින්ට සාමාන්‍ය ක්‍රම ඔස්සේ ලිංගික වශයෙන් තෘප්තියක් ලැබීමට නොහැකි වේ. තෘප්තියක් ලැබීමට නම් එම අසාමාන්‍ය ලිංගික උත්තේජනයම අවශ්‍ය වේ. මෙම තත්වය සහිත පුද්ගලයන් කෙසේ හෝ තම ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට උත්සාහා කිරීමෙන් ස්ත්‍රීන් දූෂණය කොට මරා දැමීම, කුඩා දරුවන් දූෂණය කොට මරා දැනීම වුවද සිදු විය හැක (ලංකාවේ මෑතකදී එවැනි පුවත් ගොඩක් අහන්න දකින්න ලැබුණා). එම පුද්ගලයාගෙන් අවට සිටින අයට පමණක් නොව ඔහුටමද ඔහුගේ චර්යාවෙන් හානි සිදු වේ. මෙවැනි චර්යාවක් සහිත පුද්ගලයින්ගේ පවුල් තුල ගැටලු මතු වේ, ඒ වගේම සමාජයේ මිනිසුන්ගෙන් අපවාදයට ද ලක් වේ නීතිමය දඩුවම් ද විදීමට සිදුවේ.
මෙම පැරාෆීලියා තත්වයේ ප්‍රධාන කොටස් 8ක් සහිතයි. ඒ,
මෙම අවශ්‍යතාවන් නැතහොත් ආශාවන් තදබල ලෙස පවතින අතර දිගින් දිගටම පවතී. සතුන් තුලින් සහ වෙනත් උපකරණ තුලින් තෘප්තියක් ලැබීමට දිගින් දිගටම තදබල ආශාවක් මෙම පැරාෆීලියා තත්වයන් ඇති පුද්ගලයන් තුලින් දිස් වේ. මෙම චර්යාවක් බැලූ බැල්මට තිබෙනවා යැයි නිගමනය කරන්නේ නෑ. මෙම චර්යාව අවම වශයෙන් මාස 6කට වඩා වැඩි කාලයක් නොකඩවා තිබීමත් සමඟ එදිනෙදා වැඩකටයුතු වලට ඇතිවෙන බාධා, සමාජයට තම අධ්‍යාපනයට ඇති වෙන බලපෑම් ගැනත් සොයා බලා තීරණය කළ යුතුයි. සමස්ථයක් විදිහට මෙම තත්වයේ රෝග විනිස්චය කිරීම පුද්ගලයාගේ ගතිගුණවල ස්වාභාවට මෙම තත්වය අහිතකර ලෙස බලපා ඇති ආකාරය අනුව තීරණය කෙරේ. මෙම අක්රමිකතාවයෙන් කෙනෙක් පෙලෙණවා නම් අනිවාර්යයෙන් මාස 6කර වැඩි කාලයක් මෙම තත්වය පැවත තමන්ගේ ගතිගුණ වලට සහ චර්යාවට මෙම තත්වයේන් අහිත කර ලෙස බලපෑම් ඇති කොට තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට සහ තමන්ගේ බාහිර සම්බන්ධතා වලට බාධා ඇති කරන්නේ නම් මෙම තත්වය ඇති බව අනුමාන කළ හැකිය. හුදෙක් අනුමානයක් පමනයි. නිස්චිත කල හැක්කේ මනෝවෛද්‍යවරයෙකු හෝ මනෝඋපදේශකයකුට පමණි.
මේ ප්‍රධාන මාතෘකාව යටතේ අපි කතා කරන චර්යාවන් සහිත පුද්ගලයන් දැක නැතිවා විය නොහැක. FaceBook එක තුලත්, අපි ගමන් කරන bus රථයේ,ගෙදර අවට, මෙවැනි චර්යා ඇති පුද්ගලයන් සිටීමට හැක්යී. අපි කතා කරන්න යන්නේ ගැහැනු අයගේ ඇඳුමේ හොරෙන් වැලෙන් අරගෙන යන අය ගැන. ග්‍රීස් යක්කු ගැන, වසාගෙන සිටිය යුතු අවයවයන් පෙන්වමින් සිටින අය ගැන. තදබල ලෙස ලිංගික ආශාවන් ඇතිව ඒවා තෘප්ත කරගැනීමට විවිධාකාර අසාමාන්‍ය ක්‍රම යොදා ගන්න අය ගැන තමා කතා කරන්න යන්නේ. මෙම තත්වයන් ඇති සමහරක් පුද්ගලයන් එයින් මිදීමට උත්සාහ කරයි.
තව දුරටත් ඉදිරි ලිපි වලදී පැහැදිලි කරගත හැකි වේවි. පැරාෆීලියා තත්ව ගැන වෙන වෙනමම අපි සම්පූර්ණයෙන් කතා කරනවා. අපහැදිලි තැන් ඒ ලිපි වලදී පැහැදිලි වේයි. හරි එහෙනම් අදට අපේ මාතෘකාව අවසන්. ඉක්මනින්ම මෙහි අනිත් අක්‍රමිකතා ටිකත් ලබා දෙන්නම්.
මෙම අපගමන තත්වය බහුලවම පිරිමි පාර්ශවය තුල 90වකටත් වැඩියෙන් දකින්න ලැබෙන අතර ගැහැනු පාර්ශවය තුලද ඉතාමත් සුළු වශයෙන් පවතී නමුත් මතුපිටට පැමිණෙන්නේ ඉතාමත් අඩුවෙනි.. මෙහිදී සම්පූර්ණයෙන් සාමාන්‍ය පුද්ගලයෙකු ලිංගික සතුට ලබන ආකාරයෙන් වෙනස්ව ගොස් වෙන වෙන ක්‍රම ඔස්සේ ලිංගිකමය වශයෙන් සතුටක් ලබයි. මෙම තත්වය ඇති පුද්ගලයින්ට සාමාන්‍ය ක්‍රම ඔස්සේ ලිංගික වශයෙන් තෘප්තියක් ලැබීමට නොහැකි වේ. තෘප්තියක් ලැබීමට නම් එම අසාමාන්‍ය ලිංගික උත්තේජනයම අවශ්‍ය වේ. මෙම තත්වය සහිත පුද්ගලයන් කෙසේ හෝ තම ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට උත්සාහා කිරීමෙන් ස්ත්‍රීන් දූෂණය කොට මරා දැමීම, කුඩා දරුවන් දූෂණය කොට මරා දැනීම වුවද සිදු විය හැක (ලංකාවේ මෑතකදී එවැනි පුවත් ගොඩක් අහන්න දකින්න ලැබුණා). එම පුද්ගලයාගෙන් අවට සිටින අයට පමණක් නොව ඔහුටමද ඔහුගේ චර්යාවෙන් හානි සිදු වේ. මෙවැනි චර්යාවක් සහිත පුද්ගලයින්ගේ පවුල් තුල ගැටලු මතු වේ, ඒ වගේම සමාජයේ මිනිසුන්ගෙන් අපවාදයට ද ලක් වේ නීතිමය දඩුවම් ද විදීමට සිදුවේ.
මෙම පැරාෆීලියා තත්වයේ ප්‍රධාන කොටස් 8ක් සහිතයි. ඒ,
- Voyeuristic Disorder (දර්ශන කාමුකත්වය),
- Exhibitionistic Disorder (ප්‍රදර්ශන කාමුකත්වය),
- Frotteuristic Disorder (මර්ජක කාමුකත්වය),
- Sexual Masochism Disorder (ස්වපීඩන කාමුකත්වය),
- Sexual Sadism Disorder (පරපීඩක කාමුකත්වය),
- Pedophilic Disorder (කෞමාර දූෂණය/ දඟර කාමුකත්වය),
- Fetishistic Disorder (අර්චනකාමුකත්වය),
- Transvestic Disorder (ඇඟලුම්මාරුව).
DSM තුල මෙම චර්යා මූලික වශයෙන් කාණ් දෙකකට බෙදා ඇත, පළමු කාණ්ඩය දුක, වේදනා විදවීම් සහිත විකෘතික ක්‍රියාවන් තුලින් ලිංගික වශයෙන් තෘප්තියක් ලබා ගැනීමට කැමති චර්යා අක්‍රමිකතා වේ.
උදා -
Voyeuristic Disorder(දර්ශන කාමුකත්වය),
Exhibitionistic Disorder (ප්‍රදර්ශන කාමුකත්වය),
Frotteuristic Disorder (මර්ජක කාමුකත්වය)
Sexual Masochism Disorder (ස්වපීඩන කාමුකත්වය)
දැවැනි කාණ්ඩය වන්නේ විකෘතික අරමුණු වලව වැඩි කැමත්තක් ඇතිව ඒ තුලින් තෘප්තියක් ලැබාගන්නා චර්යා අක්‍රමිකතා වේ. මෙහිදී ද කොටස් දෙකක් ඇත. වෙනත් පුද්ගලයෙකුගෙ ක්‍රියාවක් තුලින් තමන් තෘප්තියක් ලැබීම (Pedophilic Disorder) සහ වෙනත් දේවල් තුලින් තමන් තෘප්තියක් ලැබීම වේ.
උදා -
Pedophilic Disorder (කෞමාර දූෂණය/ දඟර කාමුකත්වය),
Fetishistic Disorder (අර්චනකාමුකත්වය),
Transvestic Disorder (ඇඟලුම්මාරුව)
Sexual Sadism Disorder (පරපීඩක කාමුකත්වය)
මෙම අවශ්‍යතාවන් නැතහොත් ආශාවන් තදබල ලෙස පවතින අතර දිගින් දිගටම පවතී. සතුන් තුලින් සහ වෙනත් උපකරණ තුලින් තෘප්තියක් ලැබීමට දිගින් දිගටම තදබල ආශාවක් මෙම පැරාෆීලියා තත්වයන් ඇති පුද්ගලයන් තුලින් දිස් වේ. මෙම චර්යාවක් බැලූ බැල්මට තිබෙනවා යැයි නිගමනය කරන්නේ නෑ. මෙම චර්යාව අවම වශයෙන් මාස 6කට වඩා වැඩි කාලයක් නොකඩවා තිබීමත් සමඟ එදිනෙදා වැඩකටයුතු වලට ඇතිවෙන බාධා, සමාජයට තම අධ්‍යාපනයට ඇති වෙන බලපෑම් ගැනත් සොයා බලා තීරණය කළ යුතුයි. සමස්ථයක් විදිහට මෙම තත්වයේ රෝග විනිස්චය කිරීම පුද්ගලයාගේ ගතිගුණවල ස්වාභාවට මෙම තත්වය අහිතකර ලෙස බලපා ඇති ආකාරය අනුව තීරණය කෙරේ. මෙම අක්රමිකතාවයෙන් කෙනෙක් පෙලෙණවා නම් අනිවාර්යයෙන් මාස 6කර වැඩි කාලයක් මෙම තත්වය පැවත තමන්ගේ ගතිගුණ වලට සහ චර්යාවට මෙම තත්වයේන් අහිත කර ලෙස බලපෑම් ඇති කොට තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට සහ තමන්ගේ බාහිර සම්බන්ධතා වලට බාධා ඇති කරන්නේ නම් මෙම තත්වය ඇති බව අනුමාන කළ හැකිය. හුදෙක් අනුමානයක් පමනයි. නිස්චිත කල හැක්කේ මනෝවෛද්‍යවරයෙකු හෝ මනෝඋපදේශකයකුට පමණි.
මේ ප්‍රධාන මාතෘකාව යටතේ අපි කතා කරන චර්යාවන් සහිත පුද්ගලයන් දැක නැතිවා විය නොහැක. FaceBook එක තුලත්, අපි ගමන් කරන bus රථයේ,ගෙදර අවට, මෙවැනි චර්යා ඇති පුද්ගලයන් සිටීමට හැක්යී. අපි කතා කරන්න යන්නේ ගැහැනු අයගේ ඇඳුමේ හොරෙන් වැලෙන් අරගෙන යන අය ගැන. ග්‍රීස් යක්කු ගැන, වසාගෙන සිටිය යුතු අවයවයන් පෙන්වමින් සිටින අය ගැන. තදබල ලෙස ලිංගික ආශාවන් ඇතිව ඒවා තෘප්ත කරගැනීමට විවිධාකාර අසාමාන්‍ය ක්‍රම යොදා ගන්න අය ගැන තමා කතා කරන්න යන්නේ. මෙම තත්වයන් ඇති සමහරක් පුද්ගලයන් එයින් මිදීමට උත්සාහ කරයි.
තව දුරටත් ඉදිරි ලිපි වලදී පැහැදිලි කරගත හැකි වේවි. පැරාෆීලියා තත්ව ගැන වෙන වෙනමම අපි සම්පූර්ණයෙන් කතා කරනවා. අපහැදිලි තැන් ඒ ලිපි වලදී පැහැදිලි වේයි. හරි එහෙනම් අදට අපේ මාතෘකාව අවසන්. ඉක්මනින්ම මෙහි අනිත් අක්‍රමිකතා ටිකත් ලබා දෙන්නම්.
ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author
Dushyantha Samarasinghe














