Body Language - 02

by - March 07, 2018



Body Language මාතෘකාවේ දෙවන කොටස තමා අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ. අපි අද මේ ලිපියෙන් සිනහව ගැන කතා කරනවා. හරි එහෙනම් මාතෘකාවට යමු අපි.
                      සිනහව, අපි අද කතා කරන්න යන්නේ සිනහව ගැන. සතුට සිනහව කියන වචන දෙක එක සමානව තමා යන්නේ. සතුටින් නම් සිනහ විය යුතුමද? ඔබ සතුටින් නම් සිනහව ඉබේම ඇති වේනව. නමුත් ඔබ සිනහ වෙන සෑම වෙලාවකම ඔබ සතුටින්ද කියන දේ හරියටම කිය නොහැක. ඒ ගැන මේ මාතෘකාව වෙනකොට ඔබටම වැටහෙයි. නමුත් අප අසතුටින් හෝ සිටින විට අප හිතාමතා ඇති කරන සිනහව තුලින් මොලයේ සතුටු කලාප ඇති වන බවත් සතුට ඇති වීමට අදාල කොටස් උද්දීපනය වන බව පර්යේෂණ වලින් පෙන්වාදී ඇත. සිනහවට ලොකු බලයක් තියනව අසතුටින් සිටින ඔබව යම් තරමකින් හෝ සතුටු කිටීමට සිනහවට හැකි වෙනවාත් වගේම සිනහවට සුව කිරීමේ බලයක් ද ඇත. ඔයාලා දැකල ඇති ලංකාවේ නම් මන් දැකලා නෑ නමුත් හිංදි, English films වල මන් දැකල තියනව උදෑසනට ව්‍යායාම කරන අය එකට එකතු වෙලා හයියෙන් හිනාවෙනවා. ගොඩක් වැඩිහිටියන් තමා ඒ දේ කරන්නේ.  සාන්‍යයෙන් මද වශයෙන් හෝ සිනහ වන විට බෙල්ලට උදටයට මුහුණට සහ උරහිස් වලට ව්‍යායාමයක් වෙනවා වගේම රුධිරය පිරිසිදු වෙලා රුධිර සංසරණය දියුණු වෙනවා. ඒ වගේම කැලරි දහනය කරනවා. සිනහව ගැන තවත් මූලික කරුණු කතා කරන්න නම් තියනවා ඉදිරි ලිපි වලි මන් කියන්නම් නැති නම් අද ම්න් කතා කරන්න හිටපු ටික කතා කරන්න බැරි වෙනව.

                         අපි සාමාන්යෙන් තරහව පෙන්වීමට ඇහි බැමි හකුලා නලල රැලි කොට ඇසේ කනිනිකාව විශාල වී රවනව. සතුට පෙන්වන්න මුහුණෙන් සිනහව එලියට එනවා. විද්‍යාඥයන් කිහිපදෙනෙක්ම මුහුණේ පේශීන් ක්‍රියා කරන ආකාරය සිනහව ඇති වෙන ආකාරය ගැන කල පරීක්ෂණය මිනිසුන්ගේ සිනහව තේරුම් ගැනීමට මූලික වෙලා තියනවා. සිනහව තුලින් හුදෙක් සතුට පමනක් නොව මිත්‍රත්වය ද යටහත් බවද විදහා දක්වයි. තොල් වලින්, කම්මුල් වලින් ඇස sසහ එස දෙපසින් මේ සිනහව එලියට දිස් වේ. මෙහිදී අපිට සිනහ වන්නේ බොරුවටද, රැවටීමටද, මිතුරු වීමටද, කතා කිරීමට අකමැති බවද, යන්න වටහා ගත හැකි වෙනවා. කෙනෙකුගේ ස්වාභාවික මෙන්ම සත්‍ය සිනහවේදී ඔහුගේ ඇස් දෙපස රැලි වැටෙනවා. ඒ වගේම කම්මුල් එසවී ඇහිබැමි ටිකක් පහත් වෙනවා. ඒ අගේම ඇහි පිහාට්ටත් ටිකක් පහත් වෙනවා. සිනහ නොවෙන පුද්ගලයා තොල් වලින් පමනක් සිනහ වන බව පෙන්වයි. ඒ වගේම ව්‍යාජ සිනහවේදී ඇස් වටා රැලි වැටීමක් සහ කම්මුල් ඉහලට එසවී ගුලිගැසී ඇති මෙන් දැකිය හැකිය. චර්යාවාදී න්‍යායත් එක්ක බලනකොට අපේ සිනහවත් අපි ඉගෙනගත්තු දෙයක්. අපි ඉපදුන දවසේ සිට අපේ ඇස් දෙකට පෙනෙන අයගේ සිනහ මූණු සහ වැඩියෙන්ම හදුනන තම මවගේ සිනා මූණ තුලින් අපි සිනහව ඉගෙනගන්නවා. ඒ වගේම අපි මවු කුස තුල සිටින විට මවගේ සතුටින් දරුවා අප සිනහව ගැන මූලික කරුණු ඉගෙනගන්නා අතර. සතුට කියන දේ මූලික කරුණුද අප මවු කුස තුලදී ඉගෙන ගනී. සමහරක් පුද්ගලයන් සිනහව කියන දේ දන්නේ නෑ ඇත්තටම එම චර්යාවන්ට හේතු විය හැක්කේ සිනහවේ මූල බීජ දරුවා තුල තැන්පත් නොවීමයි එනම් මවු කුස තුල සිටියදී මව සතුටින් නොසිටීම දරුවා සිනහව ඉගෙන නොගැනීමට හේතු විය හැකිය. අපේ චර්යාවට බලපාන බොහෝ දේවල් අපි ඉගෙන ගන්නේ මවු කුස තුලදීත් එයින් පසුව තිබෙන සංවර්ධන අවදි තුලදීත් ය. (අපි ඒ ගැන ළමා මනෝවිද්‍යාව යටතේ කතා කරමු)

සිනහවේ වර්ග කිහිපයක්ම තියනවා. ඒ අතරින්

  • හාස්‍ය ප්‍රකාශන වන සිනහව
  • උපහාසාත්මකව උපහාසහ ප්‍රකාශනය කරන සිනහව
  • සතුට ප්‍රකාශ කිරීමේදී මුහුණේ ඇතිවන සිනහව
  • යටහත් බව ප්‍රකාශන කරන අනිච්ජානුක සිනහව
  • හිතවත් බව ප්‍රකාශන කරන සිනහව


                          පුද්ගලයන් අපිත් සමඟ සිනහ වන විට සිනහ වන්නේ කුමන අරමුණක් සිත ඇතිවද කියන එක දැනගන්න එක ගොඩක් වැදගත් මිනිසුන් යම් යම් දේවල් වලට රැවටීමට මේ සිනහව ගොඩක් යොදා අන්නවා. එ වගේම බොරුවක් කියනකොට අපි කියන්නේ "හිනා වෙන්නෙ නැතිව බොරුව කියන්න කියල" ඇත්තටම එ දේ තමා වෙන්නේ බොරු කරන බොහෝ දෙනා බොරුව කියන අවස්තාවේ සිනහව පාලනය කරගනී, සිනහව අඩු කරගනී. නැති නම් සමහරුන්ගේ සිනහව මුහුණ තුල ගොඩක් වෙලා රැදී තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙයක් කියන විට අපේ මුහුනේ ඉරියව් මනසේ සිතුවිලි අනුව සැරින් සැරේ වෙනස් එනවා, මද වශයෙන් සිනහ වෙනව, කඩින් කඩ සිනහව නැති වෙනව, එක් විටක සිනහව ඇති වී ක්‍රමයෙන් අඩු වෙමින් යනව ඒ වගේ නොයේකුත් විදිහට අපගේ සිනහව මනසේ සිතුවිලි ඇති වෙමින් වෙනස් වෙන ආකාරයට සැරින් සැවේ සිනහව වෙනස් වෙනස් ආකාරයට මුහුණේ ඇති වෙනව. නමුත් බොරු කියන පුද්ගලයෙක්ගේ සිනහව මුහුණ තුල ටිකක් වැඩි වෙලාවක් රැදී තියෙනවා.  එ වගේම මොළයේ ක්‍රියාකාරීත්වයේ හේතුවක් නිසා බොරු කියන පුද්ගලයෙක් සිනහ නොවී නොසිට සිනහ වීමේදී මුහුණේ දකුණු පැත්තට වඩා වම් පැත්තේ වැඩියෙන් සිනහව ප්‍රකාශනය වෙනවා.

                         බොරු කරන පුද්ගලයෙකු සිනහව පාලනය කරන විට  අපට ඔහුගේ මුහුනේ කම්මුල් ප්‍රදේශයෙන් වගේම ඔහුගේ ඇහේ කලු ඉංගිරියාවේ විශාල වන අතර ඇස් එහෙ මෙහෙ චලනය වන ආකාරයෙන් බොරු කරන පුද්ගලයෙකු හදුනාගත හැකි වෙනව. ඇත්තටම බොරු කරන පුද්ගලයෙකුගේ මනසේ ද ඔහු කරන්නේ බොරුවක් යනුවෙනුත් එය වැරදි දෙයක් යනුවෙනුත් වැරදිකාර හැඟීමක් බොහෝමයක් බොරු කරන පුද්ගලයන් තුල පවති ඒ තුලින් අනිච්ජානුකව ඔහු දන්නේම නැතිව ඇති වෙන ශරීර වෙනස්කම් ඔහු විසින් පාලනය කරන්න යන උත්සහයේදී අපට ඔහු කරන්නේ බොරුවක් යනුවෙන් හදුනා ගැනීමට හැකි වේ.

                        ඇත්ත වශයෙන්ම සිනහවෙන් බොහෝ දෑ කියවෙනවා. එය අපිට හඳුනා ගැනීමට හැකි වෙනවා නම් බොහෝමයක් පුද්ගලයන් අතර ඇති වෙන මතබේද අවම වෙනව සිනහව පමණක් නොව මුලු ශරීරයෙන්න්ම රෝම කූපයේ ඉදලම අපගේ මනසට ඕන ආකාරයට අපව පාලනය කරනව. මනසේ ඇතිවන සිතුවිලි මෙහෙයවනවා. මේ ලිපි පෙළ කියවගෙන යන ඔබට බොහෝ දෑ මිනිසුන් ගැන දැනගැනීමට හැකි වෙනව වගේම ගැටලුවක් නැතිව අනෙකාව හොදින් වටහාගෙන හොද සම්බන්ධතාවයක් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනව. දිගටම අපිත් සමඟ රැදී සිටින්න.

යාලුවනේ ගොඩක් කාලයකින් නේද ලිපියක් ඉදිරිපත් වුනේ ඒකට මන් ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඇත්තටම වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. පුලුවන් පුලුවන් වෙලාවට ටික ටික තමා ලිපියක් ලියන්නේ. හරි එහෙනම් ඊලඟ ලිපියෙන් අපි සිනහව ගැන තව දුරටත් සාකච්ඡා කරමු.

ඔයාගේ යාලුවන්ටත් share කරන්න. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe 
Please invite to your friends our page
Like 
Comment 
Share 

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)