Q and A ගැටලුවට පිළිතුරු #1

by - March 09, 2018


අපි අද කතා කරන්න යන මාතෘකාව හැමෝටම වැදගත් වෙන මාතෘකාවක්. ඇත්තටම මේ ලිපිය ඉදිරිපත් කරන්න මූලික වුන හේතුවක් තියනවා. මගේ  FB Group එක හරහා ඉදිරිපත් වුන ගැටලුවක් මූලික කරගෙන තමා මේ ලිපිය ලියන්න හිතුනේ. ගැටලුව ඉදිරිපත් කරපු එක්කෙනාට පිළිතුරු ලැබුණත් මට හිතුනා ගැටලු වලට පිළිතුර දෙන්නත් මගේ Blog එකේ ඉඩක් වෙන් කලොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල. ඉතින් ඔයාලට පුලුවන් Comment වලින් FB Group එක තුලින්, The Life Page එකෙන් හෝ පෞද්ගලිකව FB හරහා මට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න. හරි එහෙනම් අද පළමු ගැටලුව ගැන අපි සාකච්ඡා කරමු.

Mama marry karanna yanne lagadi. Godak sathutui wagema bayai tikak. ane mata athdakim thiyana kenek upades tikak denna. life eka sathutin inna

මේක තමා ඇය ඉදිරිපත් කරපු ගැටලුව. අපි කතා කරමු ඒ ගැන.

ආදරය විවාහට පුද්ගලයන් තේරුම් ගැනීම කියන මාතෘකා ඉතාමත් පුලුල් මාතෘකා කතා කරන්න පටන්ගත්තට අවසන් කරන්න අපහසු මාතෘකා වෙනවා. මුලින් අපි අද කතා කරන්න ඉන්න කොටස මාතෘකා කිහිපයකට වෙන් කරගනිමු. මාතෘකා වලට අදාලව අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. ලිපිය ගොඩක් දිග වෙයි නමුත් ගොඩක් වැදගත්.
  • දෙදෙනා තේරුම් ගැනීම
  • ආදරය
  • විවාහ ජීවිතය
  • ගැහැනු පිරිමි ලකුණු පුවරුව

දෙදෙනා තේරුම් ගැනීම -

                                ඉදිරිපත් කල ගැටලු අහලා තිබ්බේ විවාහ ජීවිතේ සතුටින් ඉන්න උපදෙස්. විවාහ ජීවිතය කියන දේ පැත්තකින් තියමු අපි. අපි ඕකෙන් වෙන් කරල ඔය විවාහ වෙන දෙන්නව ගම්මු. අපිට දෙදෙනෙක් පේනවා කාන්තාවක් සහ පිරිමියෙක්. නැති නම් අපි මෙහෙම හිතමු යහලුවන් දෙදෙනෙක්. නෑ ඒත් ඕනේ නෑ අපි හිතමු පුද්ගලයන් දෙදෙනෙක් ගැහැනු පිරිමි කෙසේ හෝ පුද්ගලයන් දෙදෙනෙක්.  පුද්ගලයන් දෙදෙනෙක් අතර හොද සම්බන්ධතාවයක් පවත්වාගන්නේ කොහොමද. කියන දේ ගැන අපි කතා කරමු.

                                පුද්ගලයන් දෙදෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන් පවුල් පසුබිම් දෙකක්, කුඩාකළ සිටම පිරිමි ගැහැනු ලෝක දෙකක් එනම් චර්යා රටාවන් දෙවිදිහකනි. ඒ අනුව ම මානසික තත්වයන් ද දෙවිදිහක් සිතුම් පැතුම් දෙවිදිහක්. මුලින්ම ඔබ අනෙකාත් සමග හොද සම්බන්ධතාවයක් පවත්වාගැනීමට අවැසි නම් ඒ දේ තේරුම් ගන්නම ඕනේ. අනිත් කෙනා තමා විදිහ නොවන බව තේරුම් ගන්න ඕනේ. ( ඇතැම් වෙලාවට තමන් වගේ යැයි දැනෙන්න පුලුවන්)  තමන් කැමති දේ අනෙකා කැමති නොවෙන්න පුලුවන්. නමුත් අනිත් කෙනා කැමති දේට තමන්ට කැමති වෙන්න වෙන අවස්තා බොහෝමයක් ඇති වෙනව අකමැත්තෙන් වුවත්. සම්බන්ධතාවය සතුටින් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔබට එසේ කළයුතු වෙනවා තමන්ගේ ක්‍රියාවක් නිසා අනෙකාගේ හිත රිදවන්න එපා. මන්ද බාහිර හේතුවක් නිසා හිතට ඇතිවන හානිය ගොඩක් බරපතලයි. තමාගේ හිත රිදුනත් අනෙකාගේ හිත නොරිදවා ඉන්න උත්සාහ කරන්න ඒක හොද සම්බන්ධතාවයකට ගොඩක් වැදගත් වේවි. විවාහ ජීවිතයේදී බොහෝමයක් අවස්ථා වලදී තමන් අකමැති වුවත් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කැමති දේ කිරීමට වෙන අවස්ථා බහුලයි. ඒ තුලින් දෙදෙනා අතර ගැටලු අවම කරගෙන හොද සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනව.

                                විවාහ ජීවිතයේදී සතුටින් ඉන්නේ කොහොමද කියන දේ දී. මේ ගැටලුවට වෙනත් අය ඉදිරිපත් කරපු පිළිතුර වලින් කියලා තියෙන්නේ දෙදෙනා හොදින් තේරුම් අරගෙන ඉන්න ඕනේ කියලා. ඇත්තටම බැලුවොත් කාටවත් කාවවත් හොදින් 100%ක් තේරුම් ගන්න බෑ. මන්ද සෑම තත්පරයකම මිනිස් මනස මිනිස් සිතුවිලි චර්යාවන් වෙනස් වෙන හේතුවෙනි. නමුත් යම් තරමකින් හෝ අනෙකාව තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා ඔබට. ඔහු කැමති දේවල් හොදින් දැනගෙන අකමැති දේ නොකර සිටීමටත් කැමති දේ කිරීමටත් උත්සාහ ගත යුතුයි. ආදරයට Points වැඩි වෙන්නේ ඔබ නිතර නිතර කරන අනෙකා කැමති දේ අනුව ය. (Points කියල දෙයක් කිවුවා නේද ඒ ගැනත් ඉස්සරහදී මන් පැහැදිලි කරන්නම්) නිතරම ඔහු අකමැති දේ නොකර කැමති දේ තුලින් ඔහුව සතුටු කිරීමට උත්සාහ කරන්න. අවස්ථාවන්ට අනුව ඒ ඒ වෙලාවන්ට අනුව ඔහුව තේරුම් ගන්න පුලුවන් නම් ගොඩක් වැදගත්. ඒ ඒ වෙලාවේ ඔහුගේ මානසික තත්වය ඔබ තේරුම් ගන්න ඕනේ ඒ අනුව ඔබගේ ප්‍රතිචාරයන් දක්වන්න ඕනේ. අන්න එවිට ඔබ ගැන ඔහුගේ පැහැදීම වැඩි වෙලා ආදරේත් වැඩි වෙනවා ගැටලුවක් ඇති වුන අවස්ථාවක නම් පිරිමියෙක්ට තම භාර්යාව ගෙන් ලැබෙන හොදම පිළිතුර වන්නේ ඒ ගැන අසමින් නැවත නැවතත් අසමින් සිටීම නොව. නිශ්ශබ්දව ඔහුට ඔබගේ ආදරේ දෙන්න ගැටලුව ගැන අහන්න යන්න එපා ඔහුම ඔබට කියනව ටිකකින් ඔබ ඔහුට ආදරේ දෙන්න. පිරිමියෙක් ගැටලුවක් ඇති වූ විට මුලින් නිශ්ශබ්දව ගැටලුව විසදගන්න තනියම උත්සාහ කරනවා. ඒ වෙලාවේ බිරිඳ ගැටලුව ගැන නිතර නිතර ඇසීම ඔහුට කරදරයක් වෙනවා. එවිට ඔබ ගැන Negative Point එකක් එකතු වෙන්න පුලුවන් ඔහුගේ ලකුණු පුවරුවේ. ඔහුම ටිකකින් බිරිඳට ගැටලුව කියනව. එතකල් බිරිඳ කළ යුත්තේ ඉවසීමෙන් නිශ්ශබ්දව ඔහුට ආදරේ දෙන්න.


ආදරය -

                                ආදර සම්බන්ධතාවයකදී මුලින්ම අපි ඉහතින් කතා කළ ආකාරයට ලෝක දෙකක හැදී වැඩෙන දෙදෙනා. වෙනස්ම ආකාරයේ සිතුවිලි දෙවිදිහකින් සමන්විත ගැහැනිය සහ පිරිමියා ඒ වෙනස් බව හේතුවෙන් ම දෙදෙනා එකිනෙකාට ආකර්ශණය වෙනවා. දෙදෙනාම අනෙකාගේ තමන්ට ලැබෙන දේවල් වලට ආකර්ශණය වෙනවා. ඒ ආකාරයට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා පවුල් දෙකේම සහයෝගයෙන් හෝ විවාහ වී අලුත් පවුලක් නිර්මාණය කරනවා. ආදර සම්බන්ධතාවයක් ගැන කතා කරනවිට නිකන්ම දෙදෙනෙක් අතර තියන සම්බන්ධයකට වඩා ඉදිරියට ගිහින් හැගීම් මූලික කරගන්නවා. අමුතුම හැඟීමක්. ඉහතින් කතා කළා වගේ ලෝක දෙකක ජීවත් වූ දෙදෙනාම අනෙකාගෙන් විශේෂ වූ ඒ වෙනස් වූ හැඟීම් බලාපොරොත්තු වෙනවා. දෙදෙනාම දෙදෙනාගෙන්ම බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. ඔබ කාන්තාවක් හෝ පිරිමි කෙනෙක් වේවා අනෙකාගේ සතුට ගැන මුලින්ම හිතන්න ඕනේ. අනෙකාත් ඔබ ගැන එවිට සිතනු ඇත.

                                මුලින් ඔබ ආදරය කරන්න, එවිට ඔබට ආදරය නිසැකව ලැබෙනු ඇත. ( බයිබලයෙන් ලැබුනු කරුණකි) ඇත්තටම ඔබ අනෙකාට ආදරය කරනවා නම් ඔහුට ඔබට කිසිම විදිහකින් වන්චාවක් නොකරයි. බොහෝ විට ආදර සම්බන්ධතාවය ශක්තිමත් ව ඉදිරියට පවත්වාගෙන යාමේදී ඔබට අනෙකාගේ සතුට වෙනුවෙන් තමාගේ සතුට යටපත් කරගැනීමට සිදුවන අවස්ථා ඇති විය හැක්යි. බය වෙන්න එපා ඔබට ලැබෙන ආදරය දෙගුන තෙගුන වෙලා ලැබෙනු ඇත. ඉවසීම ප්‍රගුණ කරගන්න වෙනවා. අවන්ක බව ඔබ ඔහුගේ හිත තුල සාක්ෂි ඇතිව පැලපදියම් කළ යුතුයි.. ඔබ ඔහු හෝ ඇය කෙරෙහි තිබෙන ආදරය නිතරම වචනයෙන් ප්‍රකාශ කරන්න. ආදරෙයි කියල නිතරම කියන්න. ආදරණීයව ආදරය ප්‍රකාශ කරන්න. ආදරේ දැනෙන්න යම් යම් දෑ කරන්න. තමන්ගේ ක්‍රියාවෙන් ආදරය පෙන්වන්න. ඔබගේ ආදරේට පුලුවන් ඔයාලා දෙන්න අතරෙ තියෙන සෑම ප්‍රශ්නයක් ම විසඳුම් දෙන්න. පුලුවන් හැම විටම ආදරෙන් කතා කරන්න, ආදරේ කරන්න. දෙන්නම මේ විදිහට ආදරේ කලොත් කොපමන බැඳීමක් ඇති වෙනවද කියන එක හිතාගන්න බෑ. මේ විදිහට දෙන්නෙක් ආදරේ කරල දෙන්න විවාහ වෙනව. විවාහ ජීවිතේ ගැන තමා ගැටලුවෙනුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලමු ඊලඟ මාතෘකාව.

විවාහ ජීවිතය -

                                මුලින්විම පවුල් දෙකක දෙන්නෙක් ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් මුණ ගැසුනා දෙදෙනාගේම වෙනස්කම් නිසා දෙදෙන එකිනෙකාට ආකර්ශණය වුනා. දෙන්න එන්න එන්න තේරුම් ගත්තා ආදරය කරන්න පටන් ගත්තා දැන් විවාහ ජීවිතයට එළඹෙන්නයි හදන්නේ. විවාහ ජීවිතයක් කියන්නේ මොකක්ද කියල ඇහුවොත් ඔයාල මොකද කියන්නේ?? මන් හිතන්නේ කාටවත් හරියටම මේකයි කියල පිලිතුරක් දෙන්න බෑ. හැමෝම එක් එක් ආකාරයේ මත ඉදිරිපත් කරන එක තමා වෙන්නේ. අපි සමස්ථයක් විදිහට බැලුවොත් සාමාන්යින් පවුලක කියන්නේ මොකක්ද? පවුලක් වෙන්න නම් පවුල් දෙකක් නියෝජිතයන් දෙදෙනෙක් එනම් පවුල් දෙකේ දරුවන් දෙදෙනෙකු  ගැහැනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර විවාහ සම්බන්ධතාවයක් ඇති විය යුතුයි. පවුලක් වීමේ මූලිකම දේ තමා විවාහය. පවුලක මව, පියා, දරුවන් තමා මූලික සාමාජිකයන් වෙන්නේ. දරුවෙක් වැඩි වියට පත් වුනාට පස්සෙ ඔහු විවාහ වීමට මූලික සුදුසුකම් ලබනවා. ඔය විදිහට පවුල් දෙකක් එකතු වෙලා සහයෝගයෙන් තවත් පවුලක් නිර්මාණය කරන්න මූලික පියවර තබනවා. පවුල් දෙකක් කියන්නෙ බොහෝවිට පරිසර තත්වයන් දෙවිදිහක් පවුල් පරිසරය අනුව මානසික තත්වයත් දෙවිදිහක් වෙනවා අපි ඒ ගැන ඉහතින් කතා කරා. ඔය විදිහට දෙදෙනෙක් එකතු වෙලා එක් පවුලක් නිර්මාණය කරනවා. විවාහය කියන්නේ කොලයක අත්සන් කොට ඇති වන දෙයක් පමනක් නොවේ. විවාහය කියන දේ පිටුපස ලොකු බැඳීමක් සම්බන්ධතාවයක් තිබිය යුතුයි. විවාහ ජීවිතයකදී සතුටින් ජීවත් වීමට නම් දෙදෙනා හොදින් තේරුම් අරගෙන තිබීම මූලික වශයෙන් ගොඩක් වැදගත් වෙනවා.

                                අපි ඉහතින්ම කතා කරල තියනවා දෙදෙනා එකිනෙකාට ආකර්ශණය වන්නේ දෙදෙනාගේ තිබෙන වෙනස්කම් හේතුවෙන් කියලා. ඒ කියන්නේ පිරිමියාත තවත් පිරිමියෙකුගෙන් හෝ කිසිවෙකුගෙන් නොලැබෙන දෙයක් ඇයගෙන් ලැබෙන විට සහ කෙල්ලෙක්ට තවත් කෙල්ලෙක්ගෙන් හෝ කාගෙන් හෝ නොලැබෙන දෑ ඔහුගෙන් ලැබෙන විට ඔවුන් දෙදෙන එකිනෙකාට ආකර්ශණය වන්න පටන් ගන්නවා. ඒ ආකර්ශණීයත්වයත් එක්කම ඔවුන්ගේ බැඳීම වැඩිදියුණු වෙනවා. විවාහයෙන් පසුව දෙදෙනාගේම හැම දෙයක් ම දෙදෙනා දැනගන්නවා දෙන්න දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් කියල හිතන්න පටන් ගන්නව. අන්න එතකොට තමා ගැටලු ඇති වෙන්න පටන් ගන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කිවුවොත්. FB වල එහෙම අපි දැකල තියනව බඳින්න කලින් මෙහෙමයි බැන්දට පස්සෙ මෙහෙමයි කියල එක එක post ඒ වගේම සමාජයෙත් අපිට නිතරම වාගේ අහන්න ලැබෙනවා. එහෙම වෙන්න මූලිකම හේතුව මන් හිතන්නේ දෙදෙනා එක්කෙනෙක් යැයි හැඟෙන එකයි. eඑ ඉයන්නේ තමන් මෙහෙම නම් එයත් මෙහෙම විය යුතුයි. තමන්ට හැකියි නම් එයාටත් හැකියී. යනුවෙන් සිතන්න පටන් ගන්නවා. ඔය සිතුවිලි නිසා තමා ගැටලු ඇති වෙන්නේ. මේ ලිපියේ මේ වෙනක්ල් කියවකු කෙනෙක් නම් ම්න් හිතන විදිහට මේ ගැටලුව ඇති වෙන්නේ නෑ. ඔහු හොදට ඒ තත්වය තේරුම් අරගෙන. අනෙකා තමන් වගේ නොවන බව හොදින් වටහාගෙන ඉන්නව කියල මට විශ්වාසයි.

                                ඒ වගේම විවාහ ජීවිතයේ ගැටලු ඇති වන්න තවත් වැදගත්ම හේතුවක් වෙන්නේ බදින්න කලින් නොලැබෙන දේවල් ටිකක් (ටිකක් නම් නෙවේ) බැන්දට පස්සෙ ලැබෙනවා නේ. ඉතින් බොහෝමයක් දෙනා බලාපොරොත්තු වෙන විදිහට ඒ දේවල් ලැබෙන්නේ නැති වුනාම අනෙකා ගැන Negative points එකතු වෙලා ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නව. දැන් හැමෝම හිතන්නේ sex ගැන කිවුව කියල නේද. නෑ ඒක විතරක් නෙවේ ඒකත් ගොඩක් වැදගත් කාරණාවක් තමා නමුත් මන් ඒ දේ විතරක් නෙවේ අදහස් කලේ. හැඟීම් වලින් වගේම ගොඩක් බිරින්දෑවරු තම ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ස්වාමියා දැනගත යුතුයි. එ වගේම ස්වාමියෙක් තම බිරිඳගෙන් බලාපොරොත්තු වන දේවල් බිරිඳ හරිහැටි දැනගත යුතුයි. මේකයි මේකයි කියල මට කියන්න අමාරුයි ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඔබ බිරිඳ නම් ඔබ දැනගත යුතුයි ඔබගේ ස්වාමියා ඔබගෙන් බලාපොරොත්තු වන දෑ උපරිමයෙන් ලබාදීමට, ඒ වගේම ඔබ ස්වාමියා නම් ඔබ දැනගතයුතුයි ඔබගෙන් ඇය බලාපොරොත්තු වන දෑ උපරිමයෙන් ලබාදීමට. විවාහය ආරක්ෂාකර ගැනීමට ඔබට අනෙකාට යටත් වන්නට විය හැකී. එහිදී පිරිමිකම නැතිවෙන්නේ නෑ පවුල තුල සතුට වැඩි වෙන එකයි වෙන්නේ. කාන්තාවටත් කියන්න තියෙන්නෙ තමන්ගේ තත්වයට හානියක් නොවේ එය පවුලේ සතුට සමගිය වෙනුවෙන් එය කළයුතුයි.

මන් හිතුවට වඩා මාතෘක කතා කරගෙන යනකොට කතා කරන්න ගොඩක් දේවල් තියනවා. ඉස්සරහට අපිට තව ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන්න වෙයි වගේ. අපි කතා කරමු ඉදිරියට.

ඔයාලටත් අහන්න දෙයක් තියනවනම් ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න.
FB The Life Group, The Life Page එකෙන් හෝ පහලින් Comment කරල

එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
-Author-
Dushyantha Samarasinghe 
Please invite to your friends our page
Like 
Comment 
Share 

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)