ඉතින් කොහොමද යාලුවනේ අවුරුදු මාසෙත් ඔන්න ඉවරවේගන යන්නේ.. ඔයාලා මේ මාසේ මොනවද කලේ? මේ මාසේ ඔයල ඔයාලගේ ජීවිතයට මොනවදඅලුතින් එකතු කරගත්තෙ... හිතන්න මේ කරුණු ගැන. හරි අපි අද මනෝ විද්‍යාවේ ඉතිහාසය කියන මාතෘකාව ඉවර කරනව. හිතුවට වඩ කොටසක් වැඩි වුනා නමුත් කමක් නෑ ඒ දේ හැමෝටම කියවීමට පහසු වෙන්න ඇති.. කලින් ලිපියෙන් අපි පොඩී ප්‍රවේශයක් ගත්ත. අපි එතන ඉදල අපෙ සාකච්චව අද ආරම්භ කරමු..
ආනුභූතිකවාදී සංකල්පය
බුද්ධිවාදී දාර්ශනික සම්ප්රදාය ප්‍රතික්ෂේප කරමින් 17 වන ශතවර්ෂයේ ආනුභූතිකවාදය නම් නව දාර්ශනික සම්ප්රදායක් ආරම්භ විය. ආනුභූතිකවාදී දාර්ශනිකයන් බුද්ධිවාදී සංකල්පයන් ප්‍රතික්ෂේප කරමින් නව සංකල්පයන් ඉදිරිපත් කලහ. ආනුභූතිකවාදී දාර්ශනිකයන් අතරින් " ජෝන් ලොක්, ජෝර්ජ් බර්ක්ලේ, හියුම්" යන අය සුවිශේෂී වේ.. ඒ අතරින් ආනුභූතිකවාදී සංකල්පයේ ආරම්භක පුරෝගාමියා වන්නේ " ජෝන් ලොක්" ය. මොහු පවසන ආකාරයට මිනිස් බුද්ධිය මිනිසාගේ චින්තනයට පරිබාහිර ව ඉන්ද්රිය අනුභූතිය ආධාරයෙන් ගොඩනැගෙන බවය. ඒ වගේම මිනිසා ගේ උපතින් පසුව ක්‍රමයෙන් ඉන්ද්රියයන්ගේ වර්ධනයත් සමඟ ම ඇති කරගන්න දෙයක් බවය. මිනිස් බුද්ධිය මිනිසාගේ චින්තනය ආධාරයෙන් එනම් සහජ සංකල්ප වශයෙන් බිහි වබත් ඒවා මිනිසා උප්පත්තියෙන්ම උරුම කරගන්නවා ය යන බුද්ධිවාදීන්ගේ මතය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ඔවුන්ගේ මතය ගොඩ නගා ඇත.. කෙසේ නමුත් නූතන යුගයේ මනෝවිද්‍යා පර්යේෂණවලින් තහවුරු වන්නේ මෙම බුද්ධිවාදී සංකල්පය සහ ආනුභූතිකවාදී සංකල්පය යන දෙකම නිවැරදි වන බවය.. එම සංකල්ප දෙකින් මනෝවිද්‍යාව සංවර්ධනය කිරීමට ඉතා විශාල පිටුවහලක වනු ඇතැයි එම පර්යේෂණවලින් තහවුරු වී ඇත..
ජෝන් ලොක් දේකාර්ත්ගේ සහජ සංකල්පවාදය ද ප්‍රතික්ෂේප කලේය. මිනිස් මනස උපතේදී පිරිසිදු පුවරුවකට සමාන වන බවත් එහි කිසිදු සංකල්පයක් නොපවතින බවත් සියලු ඥානයන් ක්‍රමයෙන් ඉන්ද්රිය ප්රත්යක්ෂයෙන් නැතහොත ආනුභූතියෙන් ගොඩ නගා ගන්නා බවත් පැවසුවේ ය.. ඒ වගේම මිනිස් ඥානය ගොඩනැගීම සදහා සංවේදනය සහ ප්රත්යවේක්ෂණය යන මූලාශ්‍ර දෙක ම සම්බන්ධ වන බව ලොක් පෙන්වා දුන්නේ ය. සංවේදනය යනු අපගේ ඉන්ද්රිය ප්රත්යක්ෂය ආධාරයෙන් අවට පරිසරය පිළිබඳව ලබා ගන්නා දැනුමයි.. එනම් ඇස මගින් රූප බැලීම, කනින් ශබ්ද ඇසීම, නාසයෙන් ආඝ්‍රාණය කිරීම, දිවෙන් රස බැලීම සහ සමෙන් ස්පර්ශ ලැබීම මගින් ගොඩනැගෙන ඥානයයි. ප්රත්යසංවේක්ෂනය යනු මනසේ අභ්‍යන්තර ක්‍රියාවලියක් වේ. එහිදී සංවේදනයෙන් ලබාගත් සරල දැනීම විමර්ශනය කිරීමෙන් විශ්ලේෂණය කිරීමෙන් සංස්ලේෂණය කිරීමෙන් ආවර්ජනය කිරීමෙන් සහ සංසන්දනය කිරීමෙන් සංකීර්ණ ඥානය ගොඩනැගීමක් ලෙස ලොක් ගේ අදහසයි. තව දුරටත් ලොක් පවසන ආකාරයට භෞතික ලෝකය මිනිස් ඥානයේ මූලික අවශ්‍යතාවයක් බවත් එම භෞතික ලෝකය ඉන්ද්රිය ප්රත්යක්ෂයට ග්රහනය කරගන්නා විට අප තුළ ගොඩනැගෙන අනුභූතීන් එනම් තේ කෝප්පයක ඇති උණුසුම, අඹ ගෙඩියික ඇති ප්‍රනීත සරය යනාදිය එම භෞතික ලෝකයට අයත් නැත. අනුභූතිය විවිධ පුද්ගලයන්ට විවිධ හැඟීම් ඇති කරන්නේ ඒ හේතුවෙනි. උදාහරණයක් විදිහට පුද්ගලයෙකු අවලස්සනට දකින දෙය තවත් පුද්ගලයෙක් ලස්සනට දැකීම ගත හැකිය.. ලොක්ගේ මෙම අදහස් මනෝවිද්‍යාවේ වර්ධනයට ඉතා සුවිශාල දායකත්වයක් දැක්වූ හ. මුල්ම ගුරුකුල වන වියුහවාදය සහ කාර්යබද්ධවාදය තුලදී මිනිසාගේ මානසික හැසිරීම් සම්බන්ධයෙන් වැඩි දියුණු කිරීමට ලොක්ගේ මෙම අදහස ඉතාමත්ම ප්‍රයෝජනවත් විය..
ලොක්ගෙන් පසුව අපට වැදගත් වන්නේ "ජොර්ජ් බර්ක්ලේ" ය. ඔහු ලොක්ගේ අදහස් වලට සාපේක්ෂව වෙනස් මතයක් ඉදිරිපත් කලේ ය. බර්ක්ලේ පවසන ආකාරයට මිනිස් දැකීම් මුලුමනින් ම මානසික නිෂ්පාදනයක් බවයි ඒ වගේම ලොක් පැවසූ ආකාරයට භෞතික ලෝකය වැදගත් නොවන බවත්, මිනිස් මනසින් පරිබාහිර ස්වාධීන භෞතික ලෝකයක පැවැත්ම ද ප්‍රතිකේෂ්ප කලහ. ඔහු තව දුරටත් පවසන ආකාරයට ලොක් සහ දේකාර්ත් පැවසූ පරිදි අප ජීවත් වන්නේ භෞතික ලෝකයක නොවන බව ප්‍රතික්ෂේප කරමින් අප ජීවත් වන්නේ මිනිස් මනසට සම්බන්ධ සංවේදන ලෝකයක බව බර්ක්ලේ පෙන්වාදී ඇත. දේකාර්ත් ගේ මිනිස් මනස ස්වාධීන ප්රපංචයක් වශයෙන් සලකා අධ්‍යයනය කිරීමේ සංකල්පය බර්ක්ලේ විසින් වැඩිදියුණු කලහ. ඒ වගේම තවත් මනෝවිද්‍යාත්මක සංකල්ප රාශියක් සංවර්ධනය කරමින් මනෝවිද්‍යාවේ උපරිම සුබසිද්ධිය සඳහා බර්ක්ලේ උපරිම දායකත්වයක් දක්වා ඇත.
බර්ක්ලේට පසුව අපට වැදගත් වන්නේ "හියුම්" නම් දාර්ශනිකයා ය. ඔහු බර්ක්ලේගේ ද මතයන් අනුමත කරමින් සහ වර්ධනය කරමින් නව මත ගොඩ නැගූහ. ඔහු පවසන ආකාරයට මනසේ පැවැත්ම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැක්කේ සංජානනය තුළින් පමනක් බවත. ඥානය සහ ස්මෘතිය යනාදි මානසික ක්රියාකාරීත්වයන් පමණක් වන බවත් පැවසුවේය. ඉන්ද්‍රීය උපස්ථිතින් සහ සංකල්ප සම්බන්ධයෙන් ද අදහස් ඉදිරිපත් කලහ.. ඉන්ද්රිය උපස්ඨ්හිතින් යනු ඉන්ද්රිය අනුභූතියෙන් ගොඩනගන සරල සංකල්පයක් බවත් ඒවා මානසික ජීවිතයේ මූලධාතු වන බවත් පැවසුවේය.. හියුම්ගේ අදහස් තුලින්ද මනෝවිද්‍යාවේ දියුණුවට ඉතා සුවිශේෂී දායකත්වයක් ලැබී ඇත..
මෙම කාල වකවානුව තුල එනම් 18 වන සහ 19 වන ශතවර්ෂ අතර කාලය තුල ස්වාභාවික විද්‍යාවන්ගේ සිදු වූ වර්ධනය ද මනෝවිද්‍යාවේ වර්ධනයට බෙහෙවින් දායක විය. චාල්ස් ඩාවින්, හර්බට් ස්පෙන්සර්, ෆ්‍රැන්සිස් ගැල්ටන් වැනි ජීව විද්‍යාඥයන් ඉදිරිපත් කල පරිණාම වාදය හේතුවෙන් මනුෂ්‍ය චර්යාව සහ සත්ව චර්යා පිලිබදව කරුණු රැස් කිරීමට පහසු විය. ඒ වගේම පෝල් බ්‍රෝකා, එඩ්වර්ඩ් හිට්සිග්, තියඩොර් ෆ්රික් වැනි කායික විද්‍යාඥයන් මිනිස් මොළයේ ආකෘතිය සම්බන්ධයෙන් කළ සොයාගැනීම් හේතුවෙන් මිනි චර්යාව සහ චින්තනය කෙරෙහි මොළයේ සිදුවන ක්‍රියාවලිය වටහාගත හැකි විය. ඒ වගේම ජාන, ස්නායු පද්ධතිය, ජෛව රසායන ආදී ක්ෂේත්රවල සිදු කරනු ලැබූ විවිධ සොයාගැනීම් ද මිනිස් චර්යාව හා චින්තනය පිලිබඳ විද්‍යාත්මක ඥානය වර්ධනය කළේ ය..
ඒ ආකාරයට විද්‍යාත්මක ඥානය ගොඩනැගූ වෛද්‍යවරුන් රාශියක් මනෝවිද්‍යාවේ ප්‍රතිකාර අංශය වර්ධනය කිරීම සඳහා දායක විය ඒ අතරින් " එමිල් ක්රෙප්ලින්ට්" ප්‍රධාන ස්ථානයක් හිමිකරගනී.. ඔහු විසින් රචිත " මනෝ වෛද්‍ය විද්‍යාවේ පාඨ ග්‍රන්ථය" නැමැති කෘතිය අසාමන්‍ය මනෝවිද්‍යාවේ ප්‍රථම ක්‍රමවත් විද්‍යාත්මක ග්‍රන්ථය වශයෙන් සලකනු ලැබේ.. මේ ආකාරයට නූතන යුගයේ මනෝවිද්‍යාව විකාශන වෙමින් නූතන මනෝවිද්‍යාව ආරම්භ විය.
මෙතනින් අපගේ මනෝවිද්‍යාවේ ඉතිහාසය නැමැති ලිපි පෙළ අවසන් වෙනව.. නූතන මනෝවිද්‍යාව ආරම්භය සහ සිදු වූ වර්ධනයන්, ගුරුකුලයන් පිලිබඳව ඊලග ලිපි වලින් බලාපොරොත්තු වන්න..
ඔබ ජය!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝